මේ කියන්න හදන්නේ අපි හදපු එක නාටකයක් ගැන. හීනා යන්නයි හැදුවේ. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා. මට නම් හිනා ගියේ නැ. හික්ස්...
ස්ථානය එක් දුම්රිය නැවතුමක්... එම නැවතුමේ ඉන්නවා තරමක වයසක අන්කල් බුවෙක්. බුවා බලාගෙන ඉන්නේ තමන්ගේ අණ්ඩපාල පුතා එනකන්. මේ අතර තවත් කිහිපදෙනෙක් ඉන්නවා ඩුමරිය එනක්න්. දන්නවනේ ලංකාවේ කෝච්චිනේ. හරියට තප්පරේට එනවා යනවා. ඒ හින්දා කස්ටියම බලාගෙන ඉන්නවා.... ඔය අතරේ පුතා දුවගෙන එනවා හති දාගෙන....
පුතා: හා ආ.. හා ආ...
පියා: කොහෙද යකෝ මේ ගාල කඩාගෙන දුවන්නේ... හරියට නිකන් බූල් හැලිච්ච බැල්ලියක් පස්සෙන් එළවනවා වගේනේ උඹ දුවන්නේ.
පුතා: තාත්තා දන්නේ නැනේ.. ඇද මං මාර වැඩක් කලානේ...
පියා: ඒ මොකද්ද බං ඒ... උඹ කරපු මාර වැඩේ..
පුතා: අද මං... බස් එකේ එන්නේ නැතුව බස් එක පස්සේන් දුවගෙන දුවගෙන ආවා. දැන් ඉතින් මට රුපියල් 20ක්ම ඉතුරුයි... හික්ස්...
පියා: අනේ මෝඩයා...
පුතා: ඇයි තාත්තේ... රුපියල් 20ක් ඉතුරු කරන එක මෝඩ වැඩක්ද? ඉතින් මම මේ බැලුම් බෝලෙකුත් ගත්තනේ... මේ බැලන්නකෝ ඇනේ ඒක ලස්සනයි...
පියා: නැ නැ.. බං... මං මෝඩයා කිව්වේ රුපියල් 20 ඉතුරු කර ගත්ත එකට නෙමෙයි. උඹට තිබ්බේ ත්‍රී වීල් එකක් පස්සේ එලවන්න.
එහෙම උනා නම් උඹට රුපියල් 200ක්ම ඉතුරු කර ගන්න තිබ්බනේ... අනේ...
පුතා: හැබැටම.. තාත්තගේ මොලේ තමා මොලේ... ඇලේ දාන්න වටින මොලේ...
පියා: ඒකනේ උඹලගේ අම්මට නැනේ අගේ මගේ මොලේ... ඒක නෙමෙයි කොල්ලෝ... අද කෝච්චිය පරක්කුනේ...
පුතා: ඒක හැමදාම පරක්කුනේ තත්තේ...
කෝච්චිය පැමිණෙන ශබ්ද්දට පසුබිමෙන් ඇසෙයි... ඒ සමගම කෝච්චියේ ගාඩ්, තොප්පියක් හිස පැලඳ, විසිල් ඒකක් අතින් ගෙන අත් දිගට හැඳ අයෙක් කෝච්චියේ ආකාරය දක්වමින් පැමිණේ...
පුතා: එනවා එනවා...
පියා: කවුද බං.
පුතා: මැණිකේ එනවා.. මැණිකේ එනවා...
ගාඩ්: නගින්න නගින්න... අපි කඳු අස්සෙන් යනවා.. ගල් අස්සෙන් යනවා... කඳු උඩින් යනවා. ගල් උඩින් යනවා. නගින්න නගින්න.. ඉක්මන් කරන්න... ඒ මහත්තයා... මහත්තයාගේ එක නග්ග ගන්නකෝ... මොකද ඔය බලාගෙන ඉන්නේ...
පියා: මොකක් කිව්ව... මගේ එක නග්ග ගන්න.. (තරහෙන් යුතුව පියා පවසයී)
ගාඩ්: නැ නැ. ඔය මහත්තයගේ පොඩි එක නග්ග ගන්නකෝ...
පියා: මොකක් පොඩි එක... (තවත් තරහෙන් අසයී)
ගාඩ්: නැ නැ.. ඔය මහත්තයේ පොඩි එකා.. පොඩි එකා... ඒකාව නග්ග ගන්නකෝ... ඉක්මන් කරන්න...
පියා: ආ.. මගේ පොඩි එකා.. ඒක මිසක්...
සැවොම කෝච්චියට ගොඩ වෙයි... පසුබිමෙන් දුම්රිය පිටත් වෙන ශබ්දය ඇසෙයි..
ගාඩ්: ගන්න ගන්න.. හරි හරි... අපි කඳු අස්සෙන් යනවා.. ගල් අස්සෙන් යනවා... කඳු උඩින් යනවා. ගල් උඩින් යනවා. නගින්න නගින්න..
කෝච්චි පෙට්ටියට නැගගත් පිය පුතු දෙපලට දෙපැත්තෙන් එක් තරුණ යුවලක් සිටියි. තරුණයා දිගු ඩෙනිම් කලිසමක් සහ ටී-ෂර්ටයක් හැඳ අව් කණ්ණාඩිය පැලැඳ ජැන්ඩියට සිටි අතර කෙල්ලන් ලොල් බවක් මුහුණෙන් දිස්වන්නට විය. තරුණිය තරමක ලජ්ජාශීලී බවක් සහිතව පොත් මිටියක්ද අතින් රැගෙන සිටි අතර එම තරුණයා සහ තරුණිය එකිනෙකා අඳුනන බවක් දිස්වන්නට විය. මේ අතර අර තරුණයාට එම තරුණිය අසලට යැමේ අවශ්‍යතාවක් ඇති වී පියාට මෙසේ කියන්නට විය.
ජන්තු: අංකල් පොඩ්ඩක් එහාට වෙන්නකෝ..
පියා: අංකල්... කවුද බොල උඹේ අංකල්...
පුතා: මේ අපේ තාත්තට අංකල් කියන්නෙපා හරිද?...
ජන්තු: ආ.. නැ නැ.. මේ අය්යේ පොඩ්ඩාක් එහාට වෙනවද?
පියා: ආන්න එහෙම එනවා හරිද?...
ජන්තු: ආ සූකිරී... කොහොමද මගේ සූකිරී කැටේ...
සූකිරි: ආ ජන්තූ.. කොහොමද.... (ඇය කතා කරන්නේ ඇදලා පැදලාය)
ජන්තූ: ඔයා අර අරහේ ගිහිල්ලා එන ගමන්ද? සූකුරි: කොර කොරහෙද අනේ...
ජන්තු: අර අරහේ.. ගඟ අද්දර. මම දැක්කා ඔයා අරයත් එක්ක එහේ ඉඳලා එනවා
සූකිරි: ආ ඔව් ඔව්.. ඔයා මාව දැක්කද? (විස්මයෙන් සහ ලජ්ජාවෙන් යුතුව)
ජන්තු: මම විතරක් නෙමෙයි එතන හිටිය සෙට් එකම දැක්කා ඔයා එනවා අරයා එක්ක කිචි බිචිය දාගෙන... මේ ඒක නෙමෙයි.. ඔයට මතකද අර පෛතගරසය කියපු කතාව...
සූකිරි: කවුද අනේ පෛතගරසය කියන්නේ?
ජන්තු: අනේ අර අපේ ගණිතය, මට ඒකව පේන්න බැ.
සූකිරි: අනේ අපේ සක්විති රාජපක්ෂ සර්.... මං හරී... කැමතියි එයාට
ජන්තු: ඒ බව පේනවා ඇඹරෙන හැටි දැක්කාම... මැන්ස් නියමෙට තෙල් බෙදනවා... කියලා වැඩක් නැ. මේ ඒක නෙමෙයි... මතකද මිනිහ කිව්ව අර දෙක එළියට ගන්න කියපු එක...
සූකිරි: අනේ මට මතක නැනේ...
ජන්තු: අනේ අර දෙක දෙක.. කාටත් පොදු දෙක... පොදු සාධක දෙක.
සූකිරි: ආ... මතකයි... මතකයි...
ජන්තු: සර් කියපු ගමන් මම ගත්ත දෙක එළියට. උඩ දෙකයි යට දෙකයි කපලා දැම්ම සුටස් ගාලා...
සූකිරි: අම්මෝ... ඔයා හරි දරුණුයිනේ...අපි නම් එක ස්ටෙප් එකකට එක වැඩයි කලේ
ජන්තු: ඔව් ඉතින් ඔයාලට අපිට වගේ සට සට ගාල වැඩ බැනේ....
සූකිරි: ඔයා හරි බ්‍රයිට් කේස් එකක්නේ. ඔයා මට කැමැතිද?
ජන්තූ: මොකක් කිව්වේ...
සූකිරි: ඔයා මට කැමැතිද?
ජන්තු: ඇත්තමට... I got totally Encapsulated. And dinosaurs are going on the Highway. Baa, baa, black sheep,Have you any wool? Yes sir, yes sir, Three bags full. Twinkle, twinkle, little star, How I wonder what you are.
සූකිරි: අම්මෝ.. ඔයට කඩ්ඩත් පුලුවන්නේ.. ඒ උනාට මං නම් කැමති සංගීතයට.
ජන්තු: මාත් කැමති සංගීතයට. මං වැඩියෙන්ම කැමති රාගයට. පුදුම ආසාවක්නේ තියෙන්නේ...
සූකිරි: මං ආසයි බට නලා පිඹින්න..
ජන්තු: අම්මෝ.... බට නලා පිඹින්න එපා.. ගැණු ළමයින්ගේ බඩ එනවා....
එනපොට හොඳ නැති බව දුටු පියා තරහෙන් පිපිරි පිපිරි ජන්තුට බනින්නට විය...
පියා: මොනවද අයිසේ මේ කියන කතා. බට නලා පිඹින්න.. බඩ එනවා.. මේ ළමයි ඉන්න තැනක කියන කතාද ඕවා... පළයව් දෙන්නම මෙතනින්... ආවා මෙතන නලා පිඹින්න... පුම්ඹනවා තොගේ නලාව....
පුතා: ඒ කොහොමද තාත්තේ බට නලා පිම්ඹාම බඩ එන්නේ....
පියා: දැම්ම ඒක උඹට තේරෙන්නේ නැ කොල්ලෝ...
පුතා: තාත්තේ බැලුම්බෝල පිම්ඹාමත් බඩ එනවද?
පියා: නැ නැ.. බැලුම් පිම්ඹුවේ නැත්තම් තමා පුතේ බඩ එන්නේ.. ඒක හින්දා දිගටම පුම්බාපන්...
පුතා: අර කවුද තාත්තේ අර එන්නේ...
අත් දිග කමිසයක් හා කලිසමක් හැඳි කඩවසම් තරුණයෙක් එහා කෝච්චි පෙට්ටියේ සිට පැමිණේ. ඔහුගේ ටයි පටියක්ද පැළඳ සිටිඅ අතර ලැප්ටොප් බැගයක් කරේ දවටාගෙන කිසියම් දෙයක් විකුණන අයුරක් දිස්වන්නට විය. කෙසේ නමුත් ඔහු පොහොසත් වෙළෙන්ඳෙක් බව පෙනෙන්නට විය.
*********************
මතු බැඳේ...
*********************