December 20, 2021

ඔබ හිතන්නේ මිනීමරුවා කවුද?

 මේක පරණ පෝස්ටුවක්. ඔන්න ඔහේ දැම්මා. ටිකක් ප්‍රසිද්ධ සීන් එකකුත් එක්ක.

එක්තරා උසස් පාසලේ විද්යා ගුරුවරයා අධ්යයන වර්ෂයේ පළමු දිනයේ ඝාතනය කර ඇත. පොලිසිය සැකකරුවන් පාසලේ සාමාජිකයන් හතර දෙනෙකුට සැක කරයි -

උයන්පල්ලා, පුහුණුකරු, ගණිත ගුරුවරයා සහ විදුහල්පති.

කෙසේ වෙතත්, ඔවුන් සියල්ලන්ටම නිදහසට කාරණා ඇත:

 

උයන්පල්ලා පවසන්නේ ඔහු පඳුරු කපන බවයි

 පුහුණුකරු පවසන්නේ ඔහු පැසිපන්දු ක්රීඩා කළ බවයි

ගණිත ගුරුවරයා පවසන්නේ ඔහු වසර මැද පරීක්ෂණයක් පවත්වන බවයි

විදුහල්පතිතුමා කියනවා රැස්වීමක හිටියා කියලා

අපරාධය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට අපහසුවක් නොවීය

ඔබ හිතන්නේ මිනීමරුවා කවුද?

August 21, 2021

කෝ මා....

මේ ළඟදී මට පරණ යාළුවෙක් කතා කලා. ගොඩාක් කාලෙකට පස්සේ තමා සෙට් උනේ. සෙට් උනා කිව්වට මොකද මනෝභාවයෙන් තමා. සිම්පල් කිව්වොත් කෝල් එකකින් තමා. ඉතින් ඉස්සරලාම කෝවිඩ් සීන් එක තමා කතා කලේ. ඊට පස්සේ ඔය අනිත් ගොසිප් ටිකත් කතා කරලා එහෙම ඇහුවා මගේ බොල්ග් කලාව ගැන. ඇත්තටම කිව්වොත් ඒක බල්ලට ගිහින්... මං කිව්ව මචං ඒක ලියපු කාලයක් මතක නෑ... කියලා

මගේ යාළුවා මෙහෙම කිව්වා.. 

මචං කවදාවත් උඹ කවුද කියන එක උඹේ මනසින් ගැලවෙන්න දෙන්න එපා. ටික කාලයක් එහෙම වෙලා තිබ්බොත් උඹට උඹවම නැති වෙනවා බං. ඔරිජිනල් උඹ කවුද කියලා මතක තියා ගනින්. උඹේ පැෂන් එක වෙනස් කර ගන්න එපා. සමාජය උඹට වෙන එකෙක් වෙන්න කියයි.. ඒත් බලපං උඹට ඇත්තටම වෙනස් වෙන්න ඕනෑද කියලා......


මෙහෙම හෙන තෙලක් දීගෙන ගියා... ටික වෙලාවක් අහගෙන හිටිය මමත් පොඩ්ඩක් හිතලා බැලුවා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා.   

කොරෝනා බලපෑම හින්දා අපි ඔක්කොමලා වෙනස් වෙලා කියලා මටත් හිතුනා.

මිනිස්සු විතරක් නෙමෙයි, සත්තු ගහකොළ ඔක්කොටම ඒක බලපාලා කියලා හිතුනා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට පොඩ්ඩක් විතර ජීවිතය කියන්නේ මොකද්ද කියලාත් මතක් කරලා දුන්නා කියලත් හිතෙනවා. 


ඉස්සර නිවුස් බලනකොට අදත් මෙච්චර මැරිලා. අන්න අරූ කොරොනා තියාගෙන කොන්ඩෙ කපන්න ගිහින්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නෑ... ඔයවගේ කතා කියපු අය ගොඩාක් දැන් පොඩ්ඩක් හිතලා බලලා කතා කරනවා. මොකද බලපුවාම ඒයාලගේ ළඟම අයටත් කොරෝනා හැදිලා... 


ඉස්සර නිවුස් බලනකොට අදත් මෙච්චර මැරිලා. අන්න අරූ කොරොනා තියාගෙන කොන්ඩෙ කපන්න ගිහින්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නෑ... ඔයවගේ කතා කියපු අය ගොඩාක් දැන් පොඩ්ඩක් හිතලා බලලා කතා කරනවා. මොකද බලපුවාම ඒයාලගේ ළඟම අයටත් කොරෝනා හැදිලා... 


මේක තමා බුදු හාමුදුරුවෝ සරලව කියලා තියෙන්නෙත්.

බැදීමට සමානුපාතිකව වේදනාව වෙනස් වේ කියලා....


සමහරු නම් කියනවා මට හැදුනත් කමක් නෑ මගේ අම්මට හැදෙන්නේ නැතුව, මගේ දරුවට හැදෙන්නේ නැතිව කියලා.. ඒත් ඒක ඇත්තම නේමේ... තමන් මැරෙන්න තියෙන බය හරියට ඇත්තටම හිතා ගන්න බැරි තරම ලොකුයි. ඒක දැනෙන්නේ නැති තරම්, දැන ගන්න තරම්වත් අපිට හිතාගන්න බෑ. එච්චර ලොකුයි. අපිට හිතාගන්න පුලුවන් ඔය කියනවා වගේ දරුවාගේ වේදනාව වගේ එව්ව තමා. ඒකයි අපි එහෙම කියන්නේ කියලා මට හිතුනා. හිතලා බලන්න කාරණාවක් තියෙනවා ඒකේ.


ආයෙත් කතාවට ආවොත්, ඉතින් මං හිතුවා මාව පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මං ආස දේවල් ටිකක් කරන්න හිතුනා. ඒ හින්දා පොඩ්ඩක් ආයෙත් කුරුටු ගාන්නත් හිතුනා. අදට ඉවරයි. පරිස්සමින් ඉන්න හොඳේ... .


December 31, 2020

වසරක් ගෙවුනා නොදැනීම

 වසරක් ගෙවුනා නොදැනීම

කාලය පියඹා යන අපූරුව

සිතන්නට කාලය එළඹ ඇත

අතීතය ගැනත් අනාවක ගැනත්

එකවිට

කාලය ගෙවී යන අපූරුව

අපට අපවත් අමතක කරමින්ම... 

November 10, 2019

මොහොතක් ඉඩ දෙන්න

නිල්ල නෙලන ආකාසේ
ඈත දුර පියඹා යන්නට
පුළුන් වලා අස්සෙන්
සීතල ගත තවරා
මොහොතක් ඉඩ දෙන්න
මටත් මගේ සිතටත්
මගේ පාඩුවේ...