Showing posts with label විකාර. Show all posts
Showing posts with label විකාර. Show all posts

December 9, 2022

ෂීථළයි අෆ්ෆා...

 ෂීථළයි අෆ්ෆා...

ඹෝළ ඝළ් වෙළා අඉයෝ........

October 26, 2019

වෙනස් නොවන ලෙස ජීවත් වෙන අපි

අධික කාර්ය්‍ය බහුල ජීවිතයට මොහොතක් නිවාඩු දෙන්න හිතුනා. ඉස්සර තිබ්බ මගේ ෆැෂන් ඒක කෝ කියලා නිකමට බැලුවා. එදා එකට බොක්ක බෙදාගෙන, දුක සැප දෙකටම කර ගහගෙන හිටිය ඒ මිනිස්සු අද කෝ... පිස්සුවෙන් වගේ දුවනවා කියලා හිතුනා..

මේක තමා ඇත්ත කියලා මීට අවුරුදු 2500 ට විතර කලියෙන් අපේ බුදු හාමුදුරුවෝ කියලා තිබ්බට ගණන් ගත්තයැ. තාමත් නෑ. රුක්ක මූල ගතෝවා, ශුන්‍යගාර ගතෝවා කියලා කිව්වේ ඔන්න ඔය කරදරකාර ලෝකෙන් පොඩ්ඩක් එහාට ගිහින් උඹ ගැන පොඩ්ඩක් බලපං කියලානේ. ඇත්ත තමා. චිත්තක්ෂණ එකකින් ඇතිවෙලා නැතිවෙලා යන හිතකුයි, චිත්තක්ෂණ 17කින් ඇතිවෙලා නැතිවෙලා යන රූප ගොඩකුයි අල්ලාගෙන භවයේ ඒ කිව්වේ අකනිටාවේ ඉඳලා නරකාදිය දක්වා පිස්සෙක් වගේ දුවනවා. ඔය අතර තුරේ අටලෝ දහමට යටත්වෙලා අපි පිස්සෝ වගේ එකා පරයා එකා යන්න හදනවා..

අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

March 12, 2018

උදරයා

මිතුරන්ගෙන් වෙන්වීම දුකක් කියලා පොතේ තිබ්බට ඇත්තටම ඒක කොයි වගේද කියලා දැනෙන්නේ ඒ වගේ යාළුවෙක් ගියාම තමයි. මට අදත් එහෙම සීන් එකක් උනා.

මීට අවුරුදු නමයකට විතර ඉස්සර අපේ කොම්පැනියට ආවා කොල්ලෙක්. ඒ කාලේදීම අපි දැක්කා උගේ තියෙන මාර ලස්සන "කොලුගති" ටික.
කොහොමත් අපේ ටීම් එක පට්ටනේ. ලොල්යැ...

අලුත් පරණ බේදයක් නෑ. සෙට් වෙනවනම් කියාපු තැන. ඉතින් මූත් අපිට සෙට් උනා. අනේ කියන්න දුකේ බෑ, කොල්ලා කාලා බීලා ඉන්න ජොලි පොර. (ඔෆිස් වැඩ කොහොමත් සුපිරිම සුපිරිම!)

මට මතකයි මූත් එක්ක අපි කෙලිය පිස්සු. අම්මෝ මතක් වෙනකොටත් ඇඟේ මයිල් ගඟේ නටනවා වෙනවා. හා හා... 

මේකාගේ සරීරේ මහා විසාලයි. දවසක් අපි ෆූල් එකේ ඉන්නකොට මේකා පැන්නේ නැතෑ ජබොස් ගාලා දුවගෙන ඇවිත්. හරියට තල්මහෙක් පැන්නා වගේ. වතුර ඔක්කොම පිටාර ගියා. අර හෝටලේ ෆූල් බෝයි ඇවිල්ලා අඬන්න ගත්තා..
අනේ සර්.. මට කියන්න කොහොමද මේක කලේ කියලා. අපිට පැය ගාණක් යනවා සර් වතුර අස් කරන්න..
සර්ට බැරිද පාට් ටයිම් මේ විදියට වතුර අස කරලා දෙන්න...
හික්ස්.

ඉතින් ඔය විදියට කාලේ ගෙවිලා ගියා. තවත් දවසක් ඔන්න අපි ස්ටෙලා... කට කනේ හරියැ... ඉතින් ඔය අස්සේ අහසේ පියඹ පියඹ හිටිය උකුස්සෙක් අපි හිටපු තැනට කිට්ටුවෙන් ඇවිල්ලා වැහුවා.
මෙන්න මේ පාර මූ කියනවා

"මේ කපුටා හෙන වෙනස් විදියටනේ පියාඹන්නේ. ඒ මදිවට මේකගේ සද්දෙත් හෙන අමුතුයිනේ බං..."

අපිට එතකොටයි තේරුණේ මුගේ ලෙවෙල් එක. අපිට මැරෙන්න හිනා..
ආයෙත් හික්ස්.

අර කිව්වා වගේ මූ හේන පොලිටිකල් ඩයල් එක. මුගේ වයිපරේ හෙන බර බරේ බොනවට. ඉතින් මූ එක ගොඩදාපු හැටි පට්ට. ගේම කියන්නේ වයිපරේත් නීතීඥවරියක් කියහන්කෝ... ඉතින් නීති කතා බොරු. බොරු කියන්න පට්ටම බොරු. එහෙව් තියෙනකොට මූ කිව්වලු වයින් වල තියෙන ප්‍රයෝජන.
ඇත්තනේ..
වයින් හදන්නේ  මිදිවලින්නේ. මිදි නරක දෙයක්ද?
අනික වයින් බිව්වට වෙරි වෙනවද?
වෙරි උනත් කවුරුවත් කියනවද  බෙබා කියලා..
වයින් පොෂ්. කොහොමහරි මෑන්ස් ඇපෲවල් එක ගත්තා වයින් බොන්න.

ඉතින් කාලයා ඇවෑමෙන් වයින් වගේමනේ බියර් එහෙමත්.
අනික බියර් බීලා වෙරි වෙනවද?
වෙරි උනත් බෙබා කියනවද? නෑනේ...
අනික යාළුවන්ගේ බලේටමයි එතන තිබුනේ බියර් විතරමයි.... ඔහොම කොහොම කොහොම හරි බියර් ඇපෲවලුත් ගොඩ.

ඔය අස්සේ උගෙයි මගෙයි වයිපර්ලා සෙට්. දන්නවනේ ඉතින් කතා වෙන්නේ මොනවාද කියලා.. අපේ සායන් ඉවරයි. ඔතනදී තමා බොන සීන් එක හරියටම ගොඩ දාගෙන තියෙන්නේ... ඒ වෙනකොටත් මූ ගේම ගහලා ඉවරයි... හික්ස්.. අන්තිමට ෆුල් ඇපෲවල් බොන්න කෝන්දේසිත් එක්ක. ඕකනේ අප්පා අපිටත් ඕනෑ...
ආයෙත් හික්ස්...

ඉතින් මෙහෙම ලිව්වොත් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. ආයෙත් දවසක ලියන්නම් උගේ තවත් වීරක්‍රියා..
ආ විශේෂයෙන් උගේ උදරය/බඩ ගැන...

June 27, 2017

මෙයද හැබෑම කලාව

පන්හිඳ ගත්තද සියතට
ඇඳුනේ නැත
සිත්තම් සිතූ විලසට
බොඳ කෙරුවා
මුළු පිටුවම
සිත් මඩලේ දෝංකාරය
මැවූ සිහිනදෝ අනාවකට
මතු වූවා
පත් ඉරුවෙන්
නොදැනීම මටත්
මෙයද හැබෑම කලාව
මහා පුරසාරමින් දොඩනා...

September 6, 2016

දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි (හාස්‍ය සහිතයි)


යටගිය දවසක, එක් රාත්‍රියක මා මාගේ අජානේය මෝටර් රථයෙන් ගමනක් යමින් සිටියෙම්හ. හදිසියේම රථයේ ඉන්ධන තත්වය පහල ගිය බව දුට හෙයින්ද එය වහා පිරවිය යුතු හෙයින්ද පිරවුම් හලකට යෑමට සූදානම්වම්හ. ර්‍ර්ට මීට මත්තෙන් පසුම්බිය ගෙන එහි කහවනු තත්වය පිරික්සනු කල්හි එහි මද බව දැන ස්වයංක්‍රීය ටේලර් මහතා සොයා යනු කැමැත්තෙන් ඒදෙසට රිය හැරවම්හ. අදාල තැන පැමිණි කල රියෙන් බට යන්ත්‍රය වෙත නික්ම අදාළ පත ඇතුළු කොට රහස් පද ක්‍රියාත්මක කරම්හ.

බැංකු ජාලයට සාර්ථකව ඇතුළු වූ කල අදාළ මුදල සටහන් කල පසු තහවුරු කිරීම කල පසුවද එක් පණිවුඩක් වන්නේය. "ඔබේ කාඩ් පත අවළංගු කර ඇත." යන්න එය විය. මාගේ දෙනෙත් අදහා ගත නොවන්නේ මන්ද අවළංගු නම් කෙසේ ජාල ගත වූයෙන්ය. කිසියම් සැක කටයුත්තෙක් මෙම ජාලයට රිංගා මාගේ ගිණුමට සැසීමක් කර ඇත්ද, නැතහොත් ස්වයංක්‍රීය ටේලර් මහතාට ද්‍යුතක්වක් කර ඇත්ද යනාදී නෙයෙකුත් අදහස් මනසට ගලනාතුරේ නැවතත් උත්සාහයක යෙදුනෙම්හ. අවසන් ඵලයේ කිසිදු වෙනසක් නොවීය. තුන්වරක් අවසනදී සතුටු නොවූයෙන් වෙනත් ස්වයංක්‍රීය ටේලර් මහතෙක් සොයා යන්නට නීර්ණය වන්නේය. තරමක් හුරුපුරුදු ප්‍රදේශයක වූ එම තැන්හි වූ ස්වයංක්‍රීය ටේලර් මහතාද පෙර සේම මාගේ කාඩ් පතේ අවළංගු භාවය තහවුරු කරන්න වූයෙන් මට කිසි සිතා ගත නොවන්හ. දැන් දැන් ඇත්තේ කහවනු ගැටළුව නොව මාගේ අජානේයා මග නතර වීමෙන් මට අත්වන්නට යන ඉරණම ගැනය. මට මැවී පෙනෙන්නේ වීථියේ එක් කොනක නතර වී හිරු නගිනාතුරු කල්හරිනා මාය.

අහෝ!...

මාගේ පුරාණ පිනකි. වෙනත් බැංකුවකින් මා ගත් රන් පිහියය. ඒ නම් ණය පතය. එයත් රැගෙන මා වහාම ගොස් අජානේයා සවිමත් කොට ගමනාවසානට වම්හ.

ඉදින් ඊට පසු දිනෙක කාඩ්පත සක්‍රිය කරනු වස් අදාළ බැංකුව වෙත පිය මැන අදාළ පත්‍රිකා පුරවා භාරදුන්නේද නව කාඩ්පත නිකුත් කරනුයේ සතියකින් බව දැන්වූයෙන් ඒ ගැන කලකිරීමෙන් ආපසු පියමැන්නේ සතියක් ඉවසාසිටිනු හැර යමක් කල නොහැකි නියාවෙනි. දින කිහිපයකට පසුව නිවසට ලැබුණු ලිපියේ සටහන් වූයේ ඔබේ කාඩ්පත සූදානම්ය, මෙන්න ඔබේ නව රහස් පදය, කරුණාකර අදාළ ශාඛාවෙන් එය ලබා ගන්න යනුවෙනි.

ඒ දුටුසැනෙන් ඉපිළ ගිය සතුටින් යුතුව පසුදා බැංකුව වෙත පිය මැන්නේ යාමට පෙරද දුරකතනයෙන් කාඩ්පත ගැන විමසීමකින් පසුවය. මාගේ වාරය එනතුරා සිට එතැන සිටි නිළධාරිණියට මා පැමිණි කාරණය පැවසුවෙමි. ඇය කාඩ්පත් සමූහයක මගේ කාඩ්පත් සොයන්නට වීය. තත්පර මිනිත්තු ගත වීය. ඇගේ මුහුණ ටිකෙන් ටික අඳුරුවනු දුටු මා විමසූයේ කුමක් වීදැයි යනුවෙනි. ඇය පැවසූයේ කාඩ්පත පැමිණ නැති බවය. නමුත් මට ලිපිය ලැබූ බව පවසා තවත් ටිකක් සොයා බලන්නට කීමි. ඇය තව කාගෙන්දෝ තොරතුරු විමසා තවත් කාඩ් සමූහයක් රැගෙන'විත් එයද පිරික්සන්ට විය.

අහෝ!!!

මාගේ කාලය අපතේ ගිය මිස වෙන කිසිවක් නැත. දැන්ම දැන් මගේ රතු කට්ට පැන හමාරය. ඉතින් මා පියමැන්නේ කළමණාකරු වෙතය. ඔහුට පර භාෂාවෙන් ඇමතීමට ගතිමි. ශ්‍රී ලංකා පුරවරයේ මව්බසට වඩා පර බසට වැඩි ඉඩක් දීමට පුරුදු වී සිටින මිනිසුන් වඩා වැඩි බවත් පර බස දෙසන්නන් ලොකු ඇත්තන්යැයි සිතීමට පුරුදුව සිටින නියාවත් දන්නා බැවින් එසේ කිරීමට සිත්වීය. ඔබේ අකාර්ක්ෂතාවය මාගේ නොසතුටුබාවයත් කණගාටුවත් පල කෙළෙමි. මගේ කිපුණු සිත යන්තම් පහව යන කල්හි ඔහුට මාගේ දුරකතන අංකය දී ආපසු පැමිණියෙමි.

ඉතින් හෝරා දෙකකට පසුව දැනුම් දීමක් වන්නේය. මාගේ කාඩ්පත සූදානම්ය. රැගෙන යන්න ලෙසිනි.
නැවතත් බැංකුව වෙත පියමැන කාඩ්පත රැගෙන ආපසු පැමිණියෙමි.

එතෙකින් කතාව නිමැවන්නේය.

---------------------------


මේක සිද්ධ වුනේ මටමයි. දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි.

1. මගේ කාඩ් එක අවලංගු කරලා මට දන්වන්නේ නැතිව. බැරිද ලියුම් කරදහියක් එවන්න. කෝල් එකක් දෙන්න. වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් මාව ගොඩ ගියා. ඒක තිබ්බේ නැත්නම් තවමත් මම කාර් එක තල්ලු කර කර ඉන්නවා. මල පනින එක සාධාරණ නැද්ද?

2. ඔන්න ලි‍යුම ආවා කාඩ් එක නෑලු. කාඩ් ගහන්නේ එක කස්ටියක්ලු. ලියුම් යවන්නේ තව කස්ටියක්ලු. ඉතින් මට පාන්ද. ඔයවගේ පොඩි සීන් එකක්වත් හරියට සින්ක් කර ගන්න බැරිද මුන්ට තාම. වැඩේ බෙදන එක ඒ ඒ ආයතනට අදාළ කටයුත්තක්. ඒත් එකට වග කියන මැනේජර් කාරයෙකුත් ඉන්න එපැයි. ඒ මනුස්සයා තමන්ගේ රාජකාරිය කොරන හැටි කියලා තමා අපිට පේන්නේ. ආයෙත් මල පනින එක සාධාරණ නැද්ද?

3. කාඩ් ගොඩේ මගේ කාඩ් එක හොයන්න පැය භාගයක් විතර ගියා. ඒත් හම්බ උනේ නෑ. යකෝ මං කියන්නේ, ඕක අකාරාදී පිළිවෙලට තියාගත්තනම් විනාඩියටත් අඩුවෙන් ඒක කරන්න තිබ්බනේ. ඒක ඕනෑ පොඩි එකෙක්ට තේරෙනවා. ඉතින් මෙහෙම හිතන්න උපාධි ගහන්න ඕනෑ නෑ. තමන්ගේ රාජකාරිය ඉක්මනට කරන්න පොඩ්ඩක් හිතන්න විතරයි ඕනෑ. එහෙම උනා නම් ඒ නිළධාරිනියගේත් මගේත් දෙන්නාගේම වෙලාව ඉතුරුයි. මං පැයක් බලන් ඉඳලා නෑ කියලා අහගන්නකොට මල පනින්නේ නැද්ද කියහන්කෝ.

4. මට ආපහු කෝල් කලානේ කාඩ් එක ආවා කියන්න. යකෝ ඒ කතාකරපු නෝනට කට ඇරෙන්නේ නෑ කියහන්කෝ මහත්තයා කියන්න. පොඩ්ඩක් ගරු සරුව කතා කරන්න. අනිත් බැංකු ඔක්කොම වගේ කතා කරන්නේ මිස්ටර් කියලා හරි මහත්තයා කියලා හරි. මට කිව්වේ අන්න ඔයාගේ කාඩ් එක ඇවිල්ලා. ඇවිත් ගන්න. කෝ මුන්ගේ ගරු සරුව. ඉතින් ආයෙත් මල කියන එක අහන්න දෙයක්ද.

5. යකෝ මං බැනලා ආපහු ආවාම පැයකින් කියනවා කාඩ් එක ආවලු. මට නම් සාධාරණ සැකයක් ආවා, කාඩ් එක තිබුණා හොයා ගන්න බැරිව හිටියේ. වැඩකාරයෙක් ඒක හොයලා දුන්නා. පස්සේ මට කෝල් කලා දැන් කාඩ් එක ආවා කියල. එහෙම පුස් හැඟීමක් මට එන්නේ එයාලම කලින් කරපු වැඩ හින්දයි. ඇත්තටම උනේත් කාඩ් එක දැන් ආවානම් ඒත් කරනන් දෙයක් නෑ. මං සැක කරලා ඉවරයි. ඉතින් පාරිභෝගියකාට සලකන් හැටි තමා මේ.

ඉතින් මේ ලියමන කවදාහරි ඔය බැංකුවේ මහත්තයෙක්  කියැව්වොත් මීට පස්සේවත් පාරිභෝගියකා ගැන හිතාවි කියලා හිතෙනවා. නැත්නම් පඩියක් දීලා මැනේජර් පුටුවේ තියන්නේ පුටු රත් කරන්න නෙමෙයි.


මං කියන්නේ ඉබි ගමනේ යන ගමන දැන්වත් නවතලා තරඟකාරී බැංකු ප්‍රවාහයේ ඉස්සරහින් යන්න මීට වඩා පාරිභෝගියකා ගැන හිතන්නේ ඕනෑ. ඔවුන්ගේ පහසුව තකා වැඩ කරන්න ඕනෑ. මීට වැඩිය මේක ගැන කියන්න ඕනෑ නෑ. ඔතැන ඔන්නේ අපිට වඩා ඉගෙන ගත්ත මහත්තුරු නෝනලා. ඉතින් ඔන්න අදට මං නැවතුනා....

September 2, 2016

මට ආයෙත් ලියන්න හිතුනා



කාර්ය්‍ය බහුලවීමත්, අවිවේකී ගතිය වැඩි වීමත්, මගේ "තස්මේනියන් යක්කු" දෙන්නා එක්ක නාඩගන් නැටීමත් යන කරුණු කාරණා හින්දා බොලොග්යට ලියන්නත් බැරිව ගියා. මූණු පොතේ කොහොමත් සක්‍රිය නැති හින්දා අන්තර්ජාලයේ සැරිසැරීම අවම මට්ටමක්යි තිබ්බේ. ආ කියන්න අමතක උනානේ තවත් එකක්.... එදා පරිඝණක තරඟාවලියෙන් පස්සේ පොඩ්ඩක් විතර ඒ ගේමටත් ඇබ්බැහි උනානේ. ඉතින් ලියන්න තිබ්බ වෙලාවත් ඒකට යට උනා. දැන් දැන් ආයේත් ඒ ඇබ්බැහිකමෙනුයි අනිත් කරුණුයි පොඩ්ඩක් සෙටල් හින්දා මොනවා හරි කුරුටු ගාන්න හිතුනා.

මේක නිකන් දැන්වීමක් වගෙයි "මං ආයෙත් එනවා" කියන්නා වාගේ...

August 8, 2016

අපිද ඩොටා 2 ද ගැසුවෙමු


පසුගිය සෙනසුරාදා අපි ගොම්පියුටර් ගේම්ස් තරඟාවලියකට සෙට්වුනෙමු. බොහෝ රාත්‍රියන් ගත වෙන්නේ ගොම්පියුටර් ගේම්ස්වලට බැවින් ඒ සඳහා අපේ වැඩකිඩද පෙන්විය යුතුයැයි සිතා, අපිද සහභාගී විම තීරණය කෙලෙමු.


තරඟාවලිය සූදානම් කලේ ඩයලොග් වෙතිනි.
එහිද "රාජකාරියට වාර්තාකරන්න (Call of Duty)" සහ "පැරන්නන් සුරකින්න (Defense of the Ancients)" ලෙසින් තරඟ දෙකක් විය. සැමදා අපි රාජකාරී කෙරෙනා බැවින් පැරැන්නා සුරකින්නට අපද ලහි ලහියේ ආවුද සකසන්නට වීය.

සුපුරුදු පරිදි තරඟයට සුදුස්සන්(ට වඩා සහභාගී වන්නන් කීවොත් වඩා නිවැරදිය) තේරීම බෙල්ලන්ඟෙන් මුතු සොයන්නා වගේම විය. ඒ කෙසේ වෙතත් එහෙන් මෙහෙන් අවුලාගත් ක්‍රීඩකයෝ 6ක් විය. ඊ ළඟට තිබුණේ පුරුදු පුහුණු වීමය. එහිද කිසි වෙනසක් නැත. වාසිටියේ විභාගයට සූදානම් වන්නා සේම අවසන් සතිය එලැඹෙන තෙක් අපි විවේකයෙන් සිටියෙමු. අවසන් සතිය ලැබූ විගසම පු.. කඩාගත් දිමියන් මෙන් ගිඩි ගිඩි ගා වැඩ කරන්නට වීමු. අවසානයේ කෙසේ හෝ "පැරන්නන් සුරකින්න" යනු කුමක්ද යන්න යාන්තම් තේරුම් ගතිමු. එය සැකැවින් මෙසේය.


ගඟකින් වෙන් වූ කුඩා සිතියමක දෙපිරිසක් වෙසෙත්. ඒ ඒ පිරිසට අයත් වූ ඉතා පැරැණි ගසක් වෙයි. ඒ ගස් සුරකීම ඔවුනොවුන්ගේ එකම අරමුණ වන්නේය. එක් එක් පිරිසේ වීරයන් 5 බැගින් 10 දෙනෙක් වෙති. ඊට අමතර කිසිවෙකුට අවනත නැති සෙබලුන් වරින් වර දෙපිරිසෙන්ම බිහි වී ඔව්නොවුන් ඇන කොටාගෙන මියයති. යම් හෙයකින් ඒ කුඩා සටනට ඉහත කී වීරයන් සහභාගී වීනම් අනෙකාගේ සෙබලුන් ඉතා පහසුවෙන් මරා දැමෙනු ඇත. නමුත් එක් සටනකින් ජය ලැබීම යනු මහා දෙයක් නොවන්නේ ඊළඟ සටනේදී ඔවුන් පරාද වීමට ඇති ඉඩ මහත් බැවිනි. ඒ කෙසේ වෙතත් අවසානයේදී එක් කණ්ඩායමක් අනෙකුන් පරදා එනම් අනෙකාගේ ඉහත කී පැරණි ගස විනාශ කෙරෙන්නේය. මේ යුද්ධයේදී උගුල් ඇටවීම, සැඟවී පහරදීම, උපක්‍රමශීලීව පසුබැසීම අදී නොයෙකුත් උපක්‍රම භාවිතා කිරීමට සිදුවෙන්නේය. කැලයක් මැද ගඟක් අසල සිදුවන යුද්ධය එක අතකින් මනස්කාන්ත නොවන්නේ නොවේ. එහෙයෙකින් ඇබ්බැහිවීමද නිරායාසයෙන්ම සිදුවන්නේය.




මේ ඉන්නේ අපේ වීරයෝ සෙට් එක. තුසිත, සංජිත, උදාර, මම, පමිත්, මයුර 

සතියක දෙකක පුහුණුවෙන් පසුව අපද වීරයන් සේ තරඟාවලියට බැස්සෙමු. පිළිමලුන් පිටුදැකීම යටතේ වූ ක්‍රියාදාමයේ පළමු තරඟයෙන්ම අපට ඉවත්වීමට සිදුවූවත් සහභාගීවීම ඉතා අගනේයයැයි සිතා අප ආපසු නිවෙස්කරා ගියේ මෙවන් තරඟාවලියක සතියක පුහුණුව කිසිසේත්ම ගැලපෙන්නේ නැතිබව මනාව පසක් කරගෙනය. 


July 22, 2015

අංගීකාරය


නිමල් දවසක් සුනිල්ව මුණගැසීමට ගොසින් මෙසේ කියයි.

මචං මගේ පොඩි සම්බන්ධයක් තියෙනවා අර පල්ලියේ පාදිලියගේ ගෑණිත් එක්ක.ඒත් වැඩේ කියන්නේ පාදිලියා ගොඩාක් වෙලාවට ගෑණිත් එක්කමයි බං.
චිකේ බං... ඒක හරි නෑනේ
එහෙම එකක් නෑ බං. උඹට බැරිද පොඩි උදව්වක් කරන්න.
මොකක්ද කියපං. පුළුවන් නම් කරලා දෙන්නම්.
උඹට බැරිද ඉරිද හවසට පැයක් විතර ඌව කතාවට අල්ලගෙන ඉන්න?
අනේ මට බෑ බං.
අනේ මොකක්ද බං.. ප්ලීස්.. එක දවසක්... එකම එක දවසක්..
අනේ මංදා. එහෙනම් එක දවසයි...
එල මචං....


ඔන්න සුනිල් ඉරිදා හවස පල්ලියේදී පාදිලිතුමා එක්ක කතාවට සෙට් උනා. ඉතින් එතුමාව බිසී කරන්න මූ රටේ නැති දේවල් අහනවා. මුළදී වෙනසක් නොදැනුන පාදිලිතුමා හොඳට කතා කර කර හිටියා. එතුමාට තේරුණා මෙතැන මොකක් හරි අවුලක් කියලා. ඉතින් මෙහෙම ඇහුවා.


සුනිල් තව මොනවද දැන් ගන්න තියෙන්නේ. ඇත්තටම මොකද මෙච්චර දේවල් එකපාරටම අහන්න හිතුනේ.

සුනිල්ට ලැජ්ජා හිතුනා. සුනිල් ඇත්තම කිව්වා.

පාදිලිතුමා කතාව අහලා හිනා උනා. සුනිල්ට මාර අප්සෙට්. ඇයි කියලා අහපුවාම පාදිලිතුමා මෙහෙම කියලා පල්ලිය ඇතුළට ගියා.


මගේ නෝනා නැතිවෙලා දැනට අවුරුදු 2ක් වෙනවා සුනිල්....

January 1, 2015

රුම්මි


රුම්මි යනු කාඩ් ක්‍රීඩාවකි. මේ සඳහා ජෝකර් සමග කාඩ් කුට්ටම් දෙකක කාඩ් එනම් කාඩ් 108ක් භාවිතා කෙරෙයි. මේ ක්‍රීඩාව සඳහා අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු අවශ්‍යය වන අතර වයස් සීමාවකින් තොරව ක්‍රීඩා කල හැකිය. කාඩ්පත් ගලපා කෙරෙන රුම්මි හුදෙක් වාසනාම මතම රඳා පවතින ක්‍රීඩාවක්ම නොවේ. අනෙකුත් බොහෝ කාඩ් ක්‍රීඩා මෙන්ම මෙම ක්‍රීඩාවේදීද කාඩ් සම්මත කාඩ් පිළිවෙල භාවිතා කෙරෙයි. එනම් A, K, Q, J, 10, 9, ,8 7, 6, 5, 4, 3, 2 (A) ලෙසය.  A නොහොත් ආසියා රජුට(K) ආසන්නව හෝ 2ට ආසන්නව භාවිතා කිරීමේ නිදහස ඇත. ජෝකර් කාඩ්පත් ඕනෑම කාඩ්පතක් සඳහා භාවිතා කල හැකිය.


ක්‍රීඩාව අවසානයේ තමා අතැති කාඩ් සියල්ල ඉවත් කර ගැනීමෙන් අවම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ජයග්‍රාහකයා වේ. එම නිසා පළමුව කාඩ්වල අගයයන් සලකා බලමු.

  • ජෝකර් සඳහා ලකුණු 50 බැඟින් ද
  • A සඳහා ලකුණු 15 බැඟින් ද
  • K, Q, J සඳහා ලකුණු 10 බැඟින් ද
  • 10, 9, ,8 7, 6, 5, 4, 3, 2 සඳහා ලකුණු 5 බැඟින් ද ලැබේ. 



මෙම ක්‍රීඩාවට ප්‍රධාන මූලධර්ම රටා දෙකක් වෙයි. පළමු මූලධර්ම රටාව "සීරීස්" නොහොත් ශ්‍රේණිය වේ. ශ්‍රේණියක් සඳහා අවම වශයෙන් එකම වර්ගයේ(කලාබර, ඉස්කෝප්ප, රුවිත හෝ හාරත) කාඩ් පත් 4 ක්වත් අනුපිළිවෙලට තිබිය යුතුයි. උදාහරණ ලෙස (5,4,3,2), (J,10,9,8), (A,K,Q,J), (4,3,2,A) වලංගු ශ්‍රේණි වන අතර (3,2,A,K) හෝ (7,6,5,3) අවලංගු ශ්‍රේණි වේ. නමුත් (7,6,5,3) ශ්‍රේණිය (7,6,5,ජෝකර්) ලෙසින් හෝ (6,5,ජෝකර්,3) ලෙසින් වෙනස් කලේ නම් නැවතත් වලංගු රටාවක් සෑදේ.

(ජෝකර්,ජෝකර්,ජෝකර්,ජෝකර්) යන්නද වලංගු ශ්‍රේණියක් වේ. ශ්‍රේණියක් සෑදීමේදී කාඩ්පත් 4 කට වඩා තිබීම ගැටළුවක් නොවේ. එනම් (9,8,7,6,5,4,3,2) යන්න වලංගු ශ්‍රේණියක් වන අතර මෙය (9,8,7,6) සහ (5,4,3,2) ලෙසින් වලංගු ශ්‍රේණි 2ක් ලෙසින් උවද සකසා ගත හැකි වෙයි.



දෙවන මූලධර්ම රටාව "සෙට්" නොහොත් කට්ටලය වේ. කට්ටලයක් සඳහා අවම වශයෙන් එකම වටිනාකමකින් යුතු කාඩ්පත් 3ක්වත් එකම තිබිය යුතුය. මෙහිදී වංසය ගැලපීම නොකෙරෙන අතර අගය පමණක් ගලපනු ලැබේ. උදාහරණ ලෙස (රුවිත 7, හාරත 7, කලාබර 7), (ඉස්කෝප්ප K, හාරත K, හාරත K) වලංගු කට්ටල වන අතර (රුවිත 7, හාරත 7, රුවිත 8) අවලංගු වේ. පෙර සඳහන් කල පරිදි ජෝකර් ඕනෑම කාඩ්පතක් සඳහා ආදේශ කල හැකි බැවින් (ජෝකර්,ජෝකර්,ජෝකර්) යන්න වලංගු කට්ටලයක් වන අතර  (රුවිත 7, හාරත 7, ජෝකර්) යන්නද වලංගු කට්ටලයකි.



ප්‍රධාන මූලධර්ම දෙකේ සංකලන ඇසුරෙන් ක්‍රීඩාව වට 6කින් සමන්විත වෙයි. ඒවා පහත පරිදි වේ.

  • කට්ටල 2යි (3,3)
  • කට්ටල 1යි, ශ්‍රේණි 1යි (3,4)
  • ශ්‍රේණි 2යි (4,4)
  • කට්ටල 3යි (3,3,3)
  • කට්ටල 2යි, ශ්‍රේණි 1යි (3,3,4)
  • කට්ටල 1යි, ශ්‍රේණි 2යි (3,4,4)



ආරම්භයේදී එක් අයෙකුට කාඩ් 11 බැගින් සියළු දෙනාටම කාඩ් බෙදා ඉතුරු කාඩ් අන් අයට නොපෙනන ලෙසින් මුනින් අතට තබනු ලැබේ. තමාට ලැබුණු කාඩ් 11න් එක් කාඩ් පතක් ඉවත් කරමින් තමා සතුව කාඩ් 10ක් තබා ගත් යුතු වෙයි. මෙහිදී මෙම ඉවත් කරන කාඩ්පත හඳුනා ගන්නේ ක්‍රීඩාව කරන වටය අනුවෙනි. පළමු වටයේ ක්‍රීඩා කල යුත්තේ කට්ටල දෙකක් සාදා ගැනීම නිසා වඩාත් අවාසි සහගත කාඩ් පත ඉවත් කිරීම, තමා සතු අනෙකුත් කාඩ් හා සසඳමින් පරිස්සමින් යුතුව කල යුතුවෙයි. මෙසේ ඉවත් කල කාඩ් සියල්ල නොබෙදූ කාඩ් සමගින් මිශ්‍ර කර මැදින් තබයි. දැන් සියළු දෙනා සතුව කාඩ් 10 බැගින් වෙයි.

කාඩ් බෙදූ තැනැත්තාට වම් පසින් සිටින තැනැත්තා මැද ඇති නොබෙදූ කොළ සහිත ගොඩෙන් උඩින්ම ඇති කාඩ් පත රැගෙන ක්‍රීඩාව ආරම්භ කරයි. ඔහු දැන් තමා සතුව කාඩ් 11න් කට්ටල දෙකක් සාදා ගත හැකිදැයි බලයි.



උදාහරණ ලෙස ඔහු සතුව 7,7,7,5,6,4,3,3,2,2 ඇතැයි සිතන්න.
ඔහු අලුතෙන් ගත් කාඩ් පත 9යැයි සිතන්න. දැනටත් ඔහු සතුව එක් කට්ටලයක්(7,7,7) ඇත. තව 3ක් හෝ 2ක් හෝ ජෝකර් කාඩ් පතක් ලැබුනොතින් ඔහුට කාඩ් කට්ටල 2 සාදා ගැනීමට හැකි වෙයි. කට්ටල දෙකම සෑදී නොමැති නිසා "මම හරි" කියමින් කාඩ් කට්ටල දෙක තමා වෙතින් ඉවත් කිරීමට නොහැකි වෙයි. ක්‍රීඩාවේ අරමුණ තමා අතැති කාඩ් සියල්ල ඉවත් කර ගැනීම නිසා හැකි ඉක්මනින් කාඩ් කට්ටල දෙකක් සාදා ගැනීමේ අරමුණින් සහ ඔහුට එක් කාඩ් පතක් ඉවත් කිරීමට සිදුවන බැවින් 5,6,4 හෝ 9 ඉවත් කර අන් අයට පෙනෙන පරිදි වෙනම තබයි.

දැන් අවස්ථාව දෙවැනි තැනැත්තාටය. ඔහුට අවැසි නම් පළමුවැන්නා ඉවත් කල කාඩ් පත ගත හැකිය. ඔහුට එය නූවමනා නම් අන් අයට උවමනාදැයි අසයි. මේ අවස්ථාවේදී අන් අයෙකුට උවමනා කීවේ නම් එම කොළයද තවත් නොබෙදූ කාඩ් ගොඩේ උඩින්ම ඇති කාඩ්වලින් එක් කාඩ් පතක්ද(දඩයක් ලෙසින්) දෙනු ලැබේ. කිසිවෙකුට නූවමනා නම් නොබෙදූ කාඩ් ගොඩේ උඩින්ම ඇති කාඩ්වලින් එක් කාඩ් පත අර ගනියි.

පළමුවැන්නා සේම දෙවැන්නාද කාඩ් කට්ටල දෙකක් සාදා ගත හැකිදැයි බලයි. හැකි නම් "මම හරි" කියමින් එම කාඩ් කට්ටල දෙක අන් අයට පෙනෙන පරිදි ඉදිරියෙන් තබයි. ඔහු සතුව 6,6,6,8,8,8,A,J,Q,3,4 තිබුණේ යැයි සිතන්න. "මම හරි" කියමින් කාඩ් (6,6,6) (8,8,8) ඉදිරියෙන් තබයි. දැන් ඔහු සතුව ඇත්තේ කාඩ් 4ක් පමණි. ඔහුට පළමු වැන්නා කලා සේම තවත් එක් කාඩ් පතක් ඉවත් කිරීමට පුළුවන. එසේ ඉවත් කරන කාඩ් පත පළමු ක්‍රීඩකයා ඉවත් කල කාඩ්පත(9) උඩින් තබයි. දැන් ඔහු සතුව ඇත්තේ කාඩ් 3ක් පමණි. ඔහුට තවත් කට්ටල සෑදීමට නොහැක. අත ඉතිරිව ඇති කාඩ් ඉවත් කිරීමට අන් ක්‍රීඩකයන් කට්ටල සාදන තුරු සිටීමට සිදු වෙයි. වෙනත් ක්‍රීඩකයන් කාඩ් කට්ටල සෑදූ විට තමා අත ඇති කාඩ් ගැලපෙන කට්ටලය මතින් තැබිය හැකි වෙයි.

උදාහරණ ලෙසින් තුන්වන ක්‍රීඩකයා ක්‍රීඩ කරන අවස්ථාවේදී දෙවැන්නා (6,6,6) (8,8,8) කට්ටල සාදා ඇති නිසා තමා අත 6ක් හෝ 8ක් තිබුණේ වී නම් එම කාඩ් අදාල කට්ටල මතින් තැබිය හැකි වෙයි. නමුත් මෙසේ කිරීමට පළමුව තුන්වැන්නාට කට්ටල දෙකක් සාදා තිබිය යුතු වෙයි. එසේ නොමැති අවස්ථාවේ තමා සතුව 6 හො 8 තිබුනාට කිසිවක් කල නොහැක. මෙසේ ක්‍රීඩාව කරන අතරේ එක් ක්‍රීඩකයෙක් තම අත ඇති සියළුම කාඩ් ඉවත් කල විට පළමු වටය අවසන් වේ.  "පළමු වටය" යනුවෙන් අදහස් කරනුයේ කට්ටල 2ක් සෑදීම වටයයි.

දැන් අනෙකුත් ක්‍රීඩකයන්ගේ අත ඉතිරි කාඩ්වල ලකුණු ගණනය කර සටහන් කර ගනු ලැබේ.



නැවත දෙවන වටය සඳහා එනම් කට්ටල 1යි, ශ්‍රේණි 1ක් සෑදීමේ වටයට කාඩ් 11 බෙදයි. කාඩ් බෙදීම සිදු කරන්නේ ඉහත වටයේදී පළමු කාඩ් පත ක්‍රීඩා කල ක්‍රීඩකයාය. පෙරසේම එක් කාඩ් පතක් ඉවත් කර කාඩ් 10 සාදා ගනියි. කාඩ් බෙදූ තැනැත්තාගේ වම් පස පුදගලයා කාඩ් පතක් ගෙන අදාල කාඩ් රටාව ඇත්දැයි බලයි. නැත්නම් එක් කාඩ්පතක් ඉවත් කරයි... මෙම වටයේදී ශ්‍රේණියක් ඇති බැවින් තමා සතුව ඇති අදාල කාඩ් අනුපිළිවෙලට තැබිය හැකි වෙයි. එසේ කිරීමට තමාද එක් ශ්‍රේණියක් හා කට්ටලයක් සාදා තිබිය යුතුයි. පෙර පරිදිම එක් ක්‍රීඩකයෙක් තම අතේ සියළුම කාඩ් ඉවත් කර ගත් පසු මේ වටය නවතා අන් අයගේ ඉතිරි කාඩ්වල වටිනාකම් ගණනය කර පෙර ලබාගත් ලකුණුවලටම එක් කරයි.



මෙලෙස මුල් වට 5ම ක්‍රීඩා කෙරෙයි. අවසාන වටය තරමක් විශේෂ වටයක් වෙයි. මෙම වටයේදී තමාට ලැබුණු කාඩ් 11 භාවිතයට ගැනෙයි. අන් වටවලදී කල පළමුව කාඩ් පතක් ඉවත් කිරීම සිදු නොකරයි. තවත් විශේෂත්වය වන්නේ නොබෙදූ ගොඩෙන් ගන්නා කාඩ් පතද ඇතුළුව රටාව ගැලපිය යුතු වෙයි. උදාහරණ ලෙස  (A,A,A),(3,4,5,6),(8,9,10,J) කාඩ් සතුව ඇතැයි සිතන්න. දැන් කට්ටල එකක් හා ශ්‍රේණි 2ක් සෑදී ඇත. නමුත් පළමුව ඔහු නව කොළයක් ගත යුතු වෙයි. යම් හෙයකින් එය ඕනෑම A හෝ අදාල වංසයේ 2,7,Q හෝ ජෝකර් හෝ නොවුනහොත් ඔහුගේ රටාව බිඳ වැටෙනු ඇත. එවිට "මම හරි" යනුවෙන් කාඩ් ඉවත් කල නොහැකි වෙයි. එම නිසා අවසන් වටය බොහෝ විට වාසනාව හා උපාය මත රඳා පවතී.

මෙසේ අවසන් වටයෙන් පසුව මුළු ලකුණු අඩුම තැනැත්තා ජය ලබයි.




August 17, 2014

හෙළුවෙන් වනන්නේ බලාගෙනයි

මේ පහුගිය දවසක මගේ යාළුවෙක් සෙට් උනා කාලෙකින්. ඉස්කෝලේ කාලේ ඉඳලා මගේ හෙණ ෆෙඬා. කොහෙදෝ ගිහින් එන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යන්න හිතුනලු. ඉතින් කාලෙකින් සෙට් වෙච්ච හින්දා පොඩි අඩියක් දාගෙනම අපි දෙන්නා රාත්‍රිය පහන් කෙරුවා. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ගොඩාක් දේවල් වෙලා. මං කැම්පස් ගියා. ඌ මොකද්ද කෝස් එකක් කෙරුවා. ඊට පස්සේ තව කෝස් එකක් කෙරුවා. අන්තිමට මොන මගුලක් කෙරුවද දන්නේ නෑ ඒත් මෑන්ස්ට ජයයි කියලා මං දැනගෙන හිටියා.

ඉස්සර අපේ හිටියා පොඩි සෙට් එකක්, සෙට් උනාම හෙණ පඬිවරු වෙනවා. කාගේ හරි සිංදුවක් හරි, කියමනක් හරි අල්ලගෙන ඉතින් පතුරු ගහනවා. පතුරු ගහනවා කිව්වේ ඒකේ අරුත මොකක්ද, මෙහෙම කිව්වේ මොකද, ඇයි ඒක මෙහෙම නොකියන්නේ, මෙහෙම කිව්වනම් වඩාත් නිවැරදියි නේද වගේ ලොකු කතාවක්. අපි සිරාවට කතාව කරන්නේ. නෝ ජෝක්ස්.. දැන් නම් හිතෙනවා මොන තරම් අපි කෙප්ප ඇදබාලා තියෙනවද කියලා. හිනාත් යනවා... අපි දෙන්නා පදමට රත් වෙනකොට අපිටත් නොදැනීම ඒ අතීතයට අපි දෙන්නම ගිහිල්ලා ඉවරයි...

මචං උඹට මතකද පොල්පිත්තී?
මොකෝ බං ඒකි අමතක... මට තාම මතකයි ඒකි මට ගස්සපු හැටි. මම කිව්වා..
ඒ අර උඹ ලියපු නිසැඳස හින්දා නේද?
ඔව් ඔව්.. ඒකි කොහොමත් මාත් එක්ක වලිනේ බං
හැබැයි පස්සේ ඒකි පට්ට චාටර් උනා නේද? ඇසෙම්බ්ලියෙත් කිව්වනේ..
ඔව් බං. ඒකෙන් පස්සේ මගේ මූණවත් බලුවේ නෑ බං...

ඔහොම දිගටම අපි දෙන්න ඉස්කෝලේ කාලේ වෙච්ච අකරතැබ්බයක් මතක් කලා. කතාව කිව්වොත් මෙහෙමයි. අපි හිටියේ මැක්ස් පන්තියෙනේ. ඉතින් සයන්ස්කාරයෝ (අපි නං කිව්වේ සංස්කාරයෝ කියලා) එක්ක හැමදාම වලි. මැත සර්ලා මැක්සා. උගන්වන වෙලාවට සිරා, අනිත් වෙලාවට ෆන් එකේ ඉන්නවා. ඒකට බයෝ මැඩම්ලා.. හෆ්ෆා.. මතක් වෙනකොටත් මයිල්-කිලෝමීටර් ඔක්කොම කෙලින් වෙනවා. ඒකට හරියන්න බයෝ කාරයෝ ටික. අර මැඩම්ලා මොනවද කියන්නේ ඉස් මුදුනෙන් පිළි අරගෙන දුම් අල්ලාගෙන ඉන්නවා.  ඉතින් හැමදාම අපේ වලිය. කෂේරුකාවක් නැති හෝමෝ සේපියන්ස් කියලා බයිට් එක පටන් ගන්නේ. මේ අතර පොල්පිත්තක් සේ කෙසඟ සිරුරක් ඇති හැමෝටම සැරදාන මැඩම් කෙනෙක් හිටියා. මට නම මතක නෑ. අපි ඔක්කොමලා කිව්වේ පොල්පිත්තී කියලා. එයා පින්සිපල්ගෙන් පටන් අරගෙන සික්කා දක්වා හැමෝටම දෙස් දෙවොල් තියෙනවා. කට ඇරියොත් ඉවරයි. අනේ මේ අතරේ හිටියා දෙවිවරු වගේ ටීචර්ලත්.

ඉතින් අපි ඔය අවකලණය, අනුකලණය වගේ වචන දාලා බයෝ කරන එවුන් බය කරනවා. අනේ උනුත් බය වෙනවනේ. ඉතින් අපේ තිබ්බා බොටනිකල් ගාර්ඩන් කියලා එකක්. ඒකේ තිබ්බා ටිකක් හැදිච්ච ගස් දෙක තුනක්. ඉස්කෝලේ ඇරුනාම අපේ මැත එකේ හිටිය සෙට් එක ඕවට නගිනව, සිංදු කියනවා පොඩි ෆන් එකක් ගන්නවා. බයෝ එකේ එවුන් එන්නේ නෑ පැත්ත පලාතේ බයිට් කරන හින්දා. දවසක් අපි මෙහෙම හවස ඉන්නකොට අරයා අවනේ. එයාට මල. නිකම්ම මල පැන්නා. අපිට බැනලා එලවන්න ගත්තා. අපි "පොත්පිත්තී වගේ රණ්ඩු කරන්නේ...."  කියලා සිංදු කෑල්ලක් දාගෙන හිමීට මාරු උනා. මේක ඇහිච්ච අරයට තවත් මල. පහුවදාම එයාගේ සෙට් එක අරගෙන ඇවිල්ල අර ගස් ටික කප්ප්ලා දැම්මා. අපරාදේ.. අපිව කපන්න බැරි කමටට කොහෙදෝ ඒක කලේ.

මම ඒ කාලේ ඉඳලම නිසඳැස් ලියනවා. වෙනදා වගේම මං එකක් ලියලා දැම්මා බිත්ති පුවත් පතේ හැබයි මේ ගැන නෙමෙයි. මෙන්න දවස් දෙක තුනකට පස්සේ එකපාරම අංශභාර ආවා. මට නෙලාගෙන නෙලාගෙන ගියා. පන්තියම අන්දුන් කුන්දුන්... මං ගුටි කන ගමන් අහනවා ඇයි ගන්නේ කියලා. තෝ දන්නේ නෑ කිය කිය මට තලනවා.. මම දැක්කා අරයා ඉන්නවා පැත්තක, ඉතින් තේරුනා මේක එයාගේ ගේම් එකක් කියලා. පස්සේ මං ගිහින් පිංසිපල්ට විස්තරේ කිව්වා. මාත් එක්කම ගිහින් බැලුවා ඒ කියන නිසඳැස. අනේ බලලා කිව්වේ මෙන්න මෙච්චරයි.

"හෙළුවෙන් වනන්නේ බලාගෙනයි කොල්ලෝ."


පස්සේ මං කල්පනා කරලා බලනකොට තේරුනා මං ලියපු එක, එක් එක් කෙනාට තමන්ගේ කෝණයෙන් බලලා තොප්පි දාගන්න පුලුවන් බව. පොල්පිත්තී තොප්පිය දාගත්තා විතරක් නෙමෙයි, අංශභාරවත් කඩේ යවලා එයාටත් තොප්පිය දම්මවලා තමා මට ගැස්සෙව්වේ.

අනේ ඒ වෙලාවේ මට හිතුනේ ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහියෙන් කියවිය යුතුයි කියලායි. ඒත් මේක අරුම පුදුම ලෝකයක් හින්දා එහෙම වෙන්නේ නෑ. ලියන්නා කිසේ ලීවත් කියවන්නා තමන්ට උවමනා පරිදි කියවා බලා වාසි ලබා ගන්නවා. විශේෂයෙන් වාණිජ ලෝකේ, තිබෙන තරඟය හරහා මේක මහත් සේ කැපී පෙනෙන්න තියෙනවා. තමන්ට රිසි දේ ලබා ගැනීමට නොහැකිනම් අන් අය එය ගැනීමෙන් වැලැක්වීම පිනිස මේ අකටයුතුකම් කෙරෙනවා. ඉතින් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා සමාජයක ඉහළ පෙල තාන්ත්‍රිකයින් කිසිවක් නොසොයා ඇසූ සැනින් ක්‍රියා නොකටයුතු කාලයක්. නැත්නම් මං වගේම ඔබට පහළින් මහත් පිරිසක් නොකල, නොසිතූ දේ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා. මේ ගැන අපි දෙන්නා තවත් කතා කලා.

මේකයි මචං... ඒදා අංශභාර අරක ගැන හොයන්නෙත් නැතුව නෙලන්න ගත්තේ අපේ ඉතිහාසේ කේස්නේ. අපි බං කී සැරයක් එහා පැත්තේ  පන්සලෙන් කුරුම්ඹා කඩලා මාට්ටුද?
ගුටිකෙලි කීයකට මාට්ටුද? අපේ සෙට් එක කොහොමත් විසේකාර එවුන් කියලා හංවඩු වැදිලනේ බං තිබ්බේ. අවස්ථාව ආවා. අපිට බඩු.
බලපං එදා පිනා උඹට කෙලියද? නෑනේ...

ඔන්න ඔය විදියට අපි දෙන්න ඒ කතාව සෑහෙන්න වෙලාවක් කතා කලා.  මදුරුවෝ තල තලා, දුම් දාගෙන ඉන්නකොට මහ රෑ වෙලා. ඉතින් කුස්සියට ගිහින් තිබ්බ දෙයක් බෙදාගෙන ගිලබාලා සාලෙට වෙලා හිමීට නිදා ගත්තා, මොකෝ පොඩි එවුන් දෙන්නා ඇහැරුනොත් ඉතින් ඉවර තමානේ...
අන්තිමට නින්ද යනකොට මටත් හිතුනේ හෙලුව කොච්චර බලගතුද කියලා.


June 9, 2014

මස්ටකයා


යටගිය දසව නෝර්වේ පුරවරයේ වසන කල්හි එක් ශ්වේත වර්ණක කතක් බාරේ කාරිය කෙරෙමින් කල් ගත කරන එක් සැඳෑ සමයක ඇගේ ආරධනාව පරිදි මාත් තවත් එක් වන්දි බට්ටයෙකුත් ඇගේ වාසභවනට වන්නේ ශ්වේත වර්නයෙත් යුත් පුෂ්ප ගොන්නක්ද අතැතිවය. එසේ ගිය කල්හි පර සිරිත් අනුව සැර බාල කරන ලද බීම සංග්‍රහයකින් අප උන්මාද වන්නට වූ අටියෙන් ප්‍රීතිය වඩ වඩාත් වැඩි කරනු වස් කලින් සැකසූ මස්ටකයා සහිත අපරදිග ආකාරයටම සැකසූ ආහාර ඵලකය අපහට රස බලනු වස් නිදහස් කරනුයේ අප කන් දෙකන්ව යන පරිද්දෙනි. හනිකට ක්‍රියාත්මක වූ වන්දි බට්ටයාණෝ ස්වංක්‍රීය තිරගන්වනය ක්‍රියාත්මක කරමින් දසුන් ගන්නා ලද්දෙන් පසුව පැමිණි කාල හොරාවෙන් අපද මස්ටක ආහාරය රස කෙරෙමින් බුදින්නට වූයෙම්හ. මද පමණින් ක්ෂාර පමණක් එක් කෙරෙමින් මනාව සැකසූ ආහර පිණ්ඩය අවසනදී ඔවුන්ට සමුදී යලිත් අපේ ගුල වෙතට පැමිණියේ නැවත් දිනයකදී මෙවන් මස්ටක ආහාරයක් ලැබේවායි සිතින් පතමින්ය. එකී ආහාර ඵලකයේ රුවක් මෙසේ සටහන් කරනුයේ ඒ කාන්තාවට කරන අනුග්‍රහයක් බැවින්මය.

June 3, 2014

පිරෙව්වොත් හපනා

පිරෙව්වොත් හපනා
දවසක් ඉන්නකොට මේසේ උඩ තිබිච්ච කොළ කෑල්ලක මෙහෙම කොටු ටිකක් ඇඳලා අරවා මෙවා කොරනකොට නිකම්ම වගේ මෙහෙම එකක් ඇඳුනානේ.

බලන්න ඒක පුරවන්න පුලුවන්ද කියලා ඔයාලටත්



March 5, 2014

අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා

යටගිය දිනෙක මහා ඇදුරු ගුත්තිල, අකුරු කෙරැවූ කෙළෙහි ගුණ නොමදන්නා මූසිලයන් වන් එක් රුවැති එහෙත් තමා සන්තකයේ කිසිත් නොමැති බව නොමදත් ළඳක් හා කවි කෙලියෙහි පරතෙරට පැමිණි සිටි එක් දිළිඳු සංකට අඟ පසකින් යුතු නොවූ කෙසඟ සිරුරින් යුත් යාචකයෙකු හා අතර කෙරුණු සංවාදය අවසන් කිරීමට යෙදුනු මොහොතේ තමාගේ තරම දැනුම අමතක කොටැ යාචකයාගේ හසල දැනුමද අවතක්සේරු කරැමින් ඔහුගේ අවලස්සන ගැන මැසිවිලි තනන්නට වූයේන් හේ මෙසේ පද අහුලමින් අවවාදයේ පිහිටනාසේ කියන්නට වියැ.




පිහිටුවා නිසි ගණ නිසි අයුරින් කියත් පද
කිව්වොත් කවක් සිදුවෙයි එහි අරුත් මැද
සෙත් කවි මෙන්ම වස් කවියත් වියත් ලද
ගෙනඑයි ඉසුරු පහ කරමින් විපත් අද

යම් වරදක් දුටු සැනකින් නොකිපී සිටිනු
කෝපය නැසුම අරඹන තුරු ඉවසා සිටිනු
නුරුසන එකා හට නම් මේ බස නොදෙනු
ලෙසටයි මෙමට ඉගෙනුම එදවස කෙරුනු

කරනට විපත් ලොල් වී යම් කවි පතෙකින්
හරිහැටි ඇඳින ගැබ් අරුතත් මන් සිතෙකින්
කරපන් අදොෂ නිසි ලෙසකින් ගණ තබමින්
එපා කරන්නට පිළිවදන් වස් කවියෙන්

යටගිය දිනෙක කල කරුණක් නිසාවෙන්
විය හැකි අනර්ථ අඟපසටත් මනාවෙන්
කිසිවෙට ප්‍රහසන එපා විහිඟුම් සිනාවෙන්
නොදැන කරන පව පලදෙයි අනාවෙන්

අබරණ ගෙනෙයි සැමවිට මන කැලඹීම
සුන්දර නොමැති කතකට වෙයි ගැලපීම
විලවුන් ගෙනෙයි සැමවිට සිත සැනසීම
පුසුඹ නොමැති කතකට වෙයි ගැලපීම

පමණ නොදැන මිනිසුන් වෙත බැල්ම දමා
අරඹනු එපා වාද කෙරුම නොකර කමා
සිතුවත් දිනිය හැකියැයි මුළු වෙරම දමා
අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා




August 23, 2013

මූණු පොතයි අසනීපවීමයි


මූණු පොතයි අසනීපවීමයි යන දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්දැයි කිසිවෙක් ඔබය කියන්නට පිළිවන. මෙය ඒ සබැදෙන කෙටි ලිපියකි.

අනෝමා බලන්නකෝ. මගේ පොඩි එකාගේ පින්තූර ටික මම ෆේස් බුක් එකට දැම්මා. ඔන්න ලින්ක් එක. ඔයත් බලන්නකෝ...
ෂා.. මාර ලස්සනයි අනේ.. හරිම ස්වීට්...
කෝ බලන්න, කෝ බලන්න අනේ තුෂාරී මටත් ලින්ක් එක එවන්නකෝ...
ආ ඉන්න. මං එවන්නම්...
අනේ.. හරී ෂෝක්.. තාත්තා වගේමයි.. බලන්නකෝ පුංචි නහය... ෂා....
මං මේක යවන්නම්කෝ මගේ හස්බන්ඩ්ටත්....

ඔන්න ඉතින් ඔය මාස 3ක්වත් නැති පොඩි එකාව මූණු පොතට රිංගවනවා. මුළු ඔෆීසියේම එවුන්ට ලින්ක් එකත් දෙනවා. මේල් ලිස්ට් එකේ ඉන්න හැම එකාටමත් යවනවා. ඒ මදිවට පබ්ලික් පාරකුත් දානවා. ඕනෑ එකයි නැති එකයි හැම එකාම හූල්ල හූල්ල පින්තූර බලන්න ගන්නවා. සමහර එවුන් ඉතින් ඇස්වලින්
විතරක් නෙමෙයි වෙන වෙන ඒවයිනුත් පින්තූර බලනවා. දවස් දෙක තුනකට පස්සේ ඔන්න ආයෙත් තුෂාරි ඔෆිස් එනවා මෙහෙම කියාගෙන...

අනේ අනෝමා බලන්නකෝ අපේ පොඩ්ඩට සනීප නෑනේ... කිරි බොන්නෙත් නෑ.
ආ.. එහෙමද? ඒ මොකද එක පාරම..
අනේ මන්දා...
අනෝමා ඔය එක එකාගේ ඇස්වහ වැදිලා වෙන්න ඇති අනේ.. ඔයා ෆේස් බුක් එකෙත් දැම්මනේ.. හැම එකාම හූල්ල හූල්ල බලන්න ඇති...
ආ... ඇත්ත තමයි... මං වගේ මෝඩියෙක්... අදම ඔව්වා අයින් කරන්න ඕනෑ..


ඔන්න ඉතින් මූණු පොතට බනින්න ගන්නවා.. හොය හොය මකන්න ගන්නවා. හරිම කරදරයක් කර ගන්නවා. මං දන්නේ නෑ ළමයා අසනීප උනේ මූණු පොතේ දාපු හින්දද කියලා. ඒත් මමත් ඒක නම් පොඩ්ඩක් විතර අත්විදලා තියෙනවා. කොල්ලගේ පින්තූරයක් මූණු පොතේ දැම්මා නම් පහුවදාට බඩු. අඩුම ගානේ හෙම්බිරිස්සාවක්වත් හැදිලා ඇති. මේ දෙක අතර සම්බන්න්දතාවය අන්න්‍යෝය වශයෙන් බහිෂ්කරද කියලා මම දන්නේ නෑ. ඒත් මූණු පොතට පොඩි එවුන්ගේ පින්තූර දැම්ම ගමන් වැඩේ පත්තු වෙනවා කියලා නම මටත් හිතෙනවා. ඉතින් මේක බොරුවක් මිත්‍යාවක් වෙන්න පුලුවන්. ඒත් එහෙම වුනත් ඒ බොරුව පිළිඅරගෙන පින්තූර දාන එක නැවැත්තුවා අඩුම ගානේ මාස 6ක්වත් වෙනකම්. මම විතරක් නෙමෙයි තවත් කිහිප දෙනෙක්ම මේ කතාව කියපු හින්දා මට හිතුනා අකුරු කරලා බලන්න. සමහරු මේකට බනින්නත් පුලුවන්. ඒත් මම නම් හිතන්නේ මූණු පොතයි (පොඩි එවුන්) අසනීපවීමයි අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලායි.


July 16, 2013

"මහා කෙලි" ජාතකය

යටගිය දවස බරණැස්නුවර නොව කොළොම්තොට අපේ ඔෆීසියේ ගැන්සිය සැනෙකෙලි කෙලින්න්ට දිනයක් යොදා ගත්හ. මහා බෝසතාණෝ සිතන්නේ යමක් වීද, එය ඒ ආකාරයෙන්ම ඉටුවන්නාක් මෙන් වෙල්පෙයාර් එකේ බුවාලා යමක් සිතීද එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන්නට වූහ.

මෙදා පොටේ මහා පිටිය සරසන්නට කෙල මහා කෝටියක් පිරිස එතැයි අපද ඔද වැඩී ගිය මෙත්තාවෙන් කුකුලාද රැගෙනම පිටයට බටහ. අපගේ මහා පුණ්‍යකර්මයක් හේතුකොටගෙන උදෑසනම කිසිදු බුවෙක් පිටිය සැකසීමට උත්සුක නොවූ සෙයක් වන්නට වූහ. පෙරදා කල සැකසුම් ඒ පරිද්දෙන්ම ඉටුවන්නේද කෙසේද'යත් කියතොත්, පෙරදා බෙදූ මහා තෛලයේ බිංදුවකද අගයක් නොවන්නට මෙන් එකිනෙකා එතැන මෙතැන කුඩා ගම්සබා තනමින් කාලය බුදිමින් වන්නට වූහ. කාලය සුළුවූයෙන් හනි හනිකට එක් කරගත් පිරිසෙන් අඩක් රැගෙන වහ වහා නිවාස අලංකරනයේ යෙදෙන්නට වූයෙන් අලස බව අපෙන් මිදෙන්නට වූහ.

මහා පිටිය අලංකරණයට ඔෆීසියේ ගැන්සිය සිව් අයුරෙන් යුත් කල්ලි ගතවූහ. එක් එක් කල්ලිය වෙත එකිනෙකට වෙනස් වූ ප්‍රකෘත්තියන් නොහොත් තේමාවන් වන්නට වූහ.

මහා වෘත්තාන්තය එක්තරා ලෝහමය ද්‍රව්‍යයයකින් සැදුනු මනඃකල්පිත යකඩ පුටුවක පරම අයිතිය උදෙසා කෙරන්නාවූ මහා ලේ වැගිරීම්, වංචා කිරීම්, රැවටීම් අලලා ලියැවුණු මනඃකල්පිතයක් විය. ග්‍රන්ථයන් සතකින් යුතුවූ මේ මහා කතාවේ තවමත් අවසන් වී ඇත්තේ ග්‍රන්ථ පහක් පමණක් බවත් එයිනිදු තුනක් දැනටමත් චිත්‍රපටියට නැගී අවසන් බවත් තතු දන්නා "සීනා" වැනි පණ්ඩිතයෝ පවසත්. මේ අතරැම ගත්කතුද තවමත් හරිහැටි නොදන්නා කතාවේ අවසානය මෙසේ වන්නේයැයි පූර්ව නිගමනවලට බට පිරිසකුත් අප අතරම ගැවස ගත්හ. ඒ කෙසේ වූවද අපේ කෙලියට එයින් අපගමනයක් නොවන්නා මෙන් මහා උත්සවයට පිරිස මහා උනන්දුවෙන් කටයුතු සැලසුම් වන්නේය.

එකෙක් පරයා තවැකෙක් පුටුව සොරා ගනිතැයි මහා බියෙන් වෙව්ලා ලහි ලහීයේ තම තම හැකි පමණින් වෙර යොදා යුධ කටයුතුවල නිරතුරු වූහ. සරඹ කණ්ඩායමක් සැදීම එක්තරා අංගයක් වූයෙන් තම පිරිසේ අභිලාසය ඇත්තෝ සොයමින් එතැන මෙතැන කරගැසූ මූලිකයන් මහාමාරුවෙන් පිරිස සොයා කුඩා ව්‍යායාම පද්දතියක් සකසා ගත්හ. සැමදා ඉර මුදුන් යාමයේ මෙකී පිරිස ලාහට ගෙම්බන් එක් රැස් කරන්නාක් මෙන් එක් කොට හැකි පමණින් පුරුදු පුහුණු කරන්නට වූහ. ඇතමෙක් ඇඟ සැරසිලි ගැන වෙහෙසුනාහ. තවෙකෙක් ආවුද ආම්පන්න ගැන වෙහෙසුනාහ. බොහෝමයක් මුන්ට මොන්ගල්යැයි කියමින් එතැන මෙතැන කාලය කමින් ජීවත්වූහ.

සිතේ දහිරිය නිසාවෙන්ම අවසන් දින කෙසේ හෝ අටවා ගත් දර කැබලි සමගින් යුධ පිටියට බට සොල්දාදුවෝ කිසි බියෙකින් තොරව සටනට වන්නේ පිටිය පිරාවට තිබූ හිස් බව නිසාවෙන්යැයි තවෙකෙක් සිතන්නටවුහ. සැමදා මෙන්ම මෙදාට පුරුදු සුපුරුදු මූණු එකිනෙකා පසසමින් සමගියෙන් යුතුව මදු පානය කරමින් තම යුධ කටයුතුවල නිරතවන්නට වූහ. සමහරෙක් සිරස්වසද, සමහරෙක් තිරස්වද තවත් සමහරෙක් අඩ සිහියෙන් යුතුව කෙලෙමින් කාලය විකන්නට වූහ. අවසානයේ සියල්ලෝම සතුටින් නිවෙස්බලා ඇදෙන්නට වූයෙන් "මහා කෙලි" ජාතකය මෙසේ අවසන් වන්නට විය.

May 7, 2013

කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?


නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..

ම්.. ම්... ඔය තියෙන්නේ නියමෙට...

පැත්ත බලනකොට ආලෝකයේ වේගයෙන් මූණ හරවන්න ඕනෑ. නැත්නම් කෙලින් වෙච්ච් එකේ ආතල් එකක් නෑනේ.. ඔව්, නෑ, බෑ වචනයක් ගානේ ඔලුව වන වනා කතා කරන්න ඕනෑ... එතකොට කට්ටිය එක්ක බොරුවට හරි හිනා වෙන්න ඕනෑ. දන්න අඳුරන අය එක්ක කතාව අඩු කරන්න ඕනෑ. බොරුවට ගාණ උස්සන්න ඕනෑ. එතකොටනේ අගේ තියෙන්නේ. ආ අමතක උනානේ... හොඳට සද්දේ ඇහෙන සපත්තු දෙකක් ගන්නත් ඕනෑ.. කස්ටියම බලයි මගේ දිහා. එතකොට යනවා තවත් හයියෙන්...


කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?

October 22, 2012

Image By 1G



 

බඩ වාගේම තට්ටෙත් යහමට තියෙනා
පිනකට වගේ තොප්පියකින් එය වැහෙනා
කවුද අඩෝ වරෙව් කෙලින් චන්ඩී කියනා
බැලූ සැරෙන් එක්වරටම පෙනිලා කැපෙනා

'මොකක් කිව්වා' කියමින් ආයෙත් අසනා
පින්තූරයක් දැක්කොත් යන්තම්වත් වටිනා
අරශොප් මේ ශොප් එක් කරමින් සොඳිනා
කෙල කරවයි නිල් සරමක් ඇඳ සිටිනා

ක්‍රීඩා ඇමතිකම හින්දා කෙල වෙන්නා
කතාවලට වැඩි වැඩියෙන් දුක් වෙන්නා
කාටවුනත් තේරෙන්නැති ගැට පෙන්නා
zසීනා හිමීටම එතැනින් පැන ගන්නා

දැක්කොත් ඉතින් පොල් පැලයක් හොඳින් වැඩී
ඉන්නට බෑනේ මේකගේ ඒ කකුල් දෙකම කසී
දණ්ඩ වගේමයි කෙරුවාවත් ඒ හැටිම නිසී
කැරම් විතරමයි බෝල ගැහිලිනම් ඒ හැටිම බැරී

බෝතලයක් ඇතුලේ  ලොව ගැබ් වෙන්නා
වැටෙනකම්ම ගහලා රජ කබරය වෙන්නා
බල්ලා වුනත් කම් නැත හාදුම දෙන්නා
තව මොහොතක් ආතල් එක ගනිමින්නා

අලුත් නාන ඇඳුමක් මම අරගත්තා
අලුතෙන්මයි කස්ටියටම පෙන්වමිනා
පිහිය අතේ රා කලයක් අනෙකතිනා
අද පෙන්වමි වැඩ කිඩ නිසි මම ලෙසිනා

අනිත් එවුන් ඕනෑ එකක් කර ගත්තෙන්
මම දෙන්නම් රා කලේට සිත් මත්තෙන්
කස්සා පෙන්නෙනේ කලේට පොඩ්ඩක් අස්සෙන්
තව පොඩ්ඩෙන් ඒකත් නොපෙනී යත්තෙන්

හරි හරි  ඔක්කොමලා මොකද සද්ද
මං නැති තැන උඹලා මේ ලූලා වෙද්ද
චන්ඩි බන්ඩි කරනා ඔය පුස් සද්ද
කියමින් ජැකියා පැන්නා උස්සන් රෙද්ද

 

October 5, 2012

කොල්ලෙකුත් ඉඳලා




ශ්‍රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.
සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්‍රගණයක් ලබා දෙන්න.
ඔය අස්සේ සමහරු සින්දු, කවි, කතා, විඩීයෝ එහෙමත් කරනවනේ. මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්.

මාර වැඩේ කියන්නේ මම මේ විඩීයෝ එක කීප සැරයක්ම බැලුවා. ඒ විඩීයෝ එකේ කොල්ලෙක් ඉන්නවා කියලා දැක්කේ තප්පර 50ක් විතර ගියාට පස්සේ, අර කොල්ලා බෝලයක් දාන තැනක් එන්නේ... ඊට පස්සේ ආයෙත් නැති වෙනවා... මාර සීන් එකනේ....
සමහරු කොල්ලව දැකලම නෑ...
හික්ස්...

එකක් කියන්න ඕනේ... කෙල්ලගේ නැටිල්ල නම් කියලා වැඩක් නෑ... මාර ඇක්ටිව්, එනජිටික් විදියට නටනවා...
කොල්ලට එච්චර ෆිට්නස් නැද්ද කොහෙද කැපිල පේන්න නටන්න තරම්...

අනේ මන්දා...

August 7, 2012

ගූගල් එකේ සෙල්ලමක් අද

මේක සරල වැඩක්.

යන්න මේ සබැඳුමට.


https://www.google.lk/

ගූගල් ඩොට් කොම්(www.google.com) නෙමෙයි. ඩොට් එල් කේ හරිද?

දැන් සෙල්ලම් පටන් ගන්න. ඇරෝ කී (Arrow Keys) මරුවෙන් මාරුවට ඔබමින් වේගය වැඩි කරන්න.
sස්පේස් බා (Space Bar Key) එකෙන් පනින්න කඩුල්ලට උඩින්....

ඔන්න මම තප්පර 13න් ගියා. පුලුවන්ද ඊට වඩා අඩුවෙන් දුවන්න?


.