December 27, 2013

මටත් ඩෙංගු හැදුනා

2013 අවුරුද්දත් ඉවර වේගෙන එන්නේ. ආපහු හැරිලා බලනකොට මොනවද කලේ කියලත් හිතෙනවා. හැබැයි මොන මොනවාහරි කොරගෙන නැතුවත් නෙමෙයි කියලත් හිතෙනවා. ඒ මොක උනත් බ්ලොග් කෙරුවාව නම් බල්ලට ගියා කියලයි හිතෙන්නේ. පේනවනේ  ආර්ටිකල් ලියන රේට් එකත් අම්බානක බැහැලා. ලියන්න දේවල් නම් නැතුවාම නෙමෙයි. වෙලාව හරස් උනා කියලා කිව්වොත් ටිකක් හරි. ඒ වගේම උනන්දුවත් ටික ටික බැහැලා ගිහිල්ලා. අවුරුද්ද අන්තිමට හරි මොනවා හරි කුරුටු ගාන ඕනෑ කියලා හිතුනු හින්දා ලියන්න ගත්තා. ම්...ම්...ම්... මොනවද අප්පේ ලියන්නේ... හරි.

අහා දැන් මේග පොඩ්ඩා ටිකක් ලොකුයි. ඒකට දැන් මාස 9ක් විතර වෙලානේ. උඩු ඇන්දේ දත් 4කුයි යට ඇන්දේ 2යි ඇවිල්ලා මාර කරදරේ. වඩා ගත්ත ගමන් උරපත්ත පලු යන්න හපනවා "හිටු මම හොද වැඩක් කරන්නම්" කියන්න වගේ. බඩගාන්නත් පුලුවන්. මොකඛරි අල්ලාගෙන යන්නතම් නැගිටින්න පුලුවන්. ඒත් ආයේ වාඩි වෙන්න නම් බෑ. එකපාරම අතාරින එක තමා කරන්නේ. සමහර වෙලාවට ඔලුව බිම ඇනෙන්නේ. කවුරුවත් දැක්කේ නැත්නම් අවුලක් නෑ. කවුරුහරි මොනවත් කිව්වොත් දෙක වෙන්න මොර දෙනවා. දන්නවනේ පොඩි එවුන්ගේ මැජික් වැඩ. ලොක්කා දැන් ලොක්කෙක් වෙලා ඉන්නේ. කොම්පුටරේ වැඩ ගිඩි ගිඩි ගාලා. ආසම වැඩේ පේන්ට් එකට. ආසම පාට නිල් වෙලා තියෙන්නේ. ඕනෑම වස්තුවක් නිල් කොරන්න තමා හදන්නේ. පාට පෙට්ටියක් ගත්තත් නිල් පාට තමා උස්සන්නේ. දුන්නේ නැත්නම් වලිම තමා.

ඔය අස්සේ මටත් ඩෙන්ගු හැදුනා. නවලෝක ඉස්පිරිතාලේ දවස් 8ක් උන්න. එකපාරම ඉවසන්න බැරි තරම් කොන්දේ අමරුවක් ආවා ඉරිදා රෑ පාන්දර 2.30ට විතර. පෙනඩෝල්වලට උණ බැස්සේ නෑ. 104 විතර නැගලා. ඉන්න බෑ. ඉඅවසන්න බෑ. මොකවත් මතක නෑ. බැරිම තැන දුනීල කියලා මගේ යාලුවෙක්ට කතා කරලා ඉස්පිරිතාලේ ගියා. මෑන්ස් ඩෙන්ගු ස්පෙෂල් කරලා තියෙන්නේ. කොහොමහරි ඩෙන්ගු ඇන්ටිජන් කියන එක පොසි කියලා ඇඩ්මිට් වෙන්න කිව්වා. මොනා කරන්ඩද? නැවතුනා. ඒ වේලාවේ 170 ට බැහැලා තිබ්බේ පට්ටිකා. ඔන්න හිමින් හිමින් ඒක බහින්න ගත්තා අන්තිමේදී 55ට ම බැස්සා. ඩොකාට හොරෙන් අර සිංහල බේතකුත් බිව්වා. ඒකෙනුත් මොනාහරි සහනයක් වෙයි කියලා. කන්න බොන්න මොනවත් බෑ. නින්ද යන්නෙත් නෑ. මොන වෙඩිමක්ද කියලා හිතුනා. ඒ මදිවට අහල පහල ඉන්න අයට බනිනවා හිටු කියලා. උණ විකාරෙන් හිටියේ දවස් දෙක තුනක්ම. බරත් බහින්න ගත්තා. කොහොමහරි අන්තිමට 8වෙනිදා වෙනකොට පට්ටිකා 120ට නැගලා ටිකට් කපලා ගෙඩර ආවා. එනකොටත් කාර් එකේම කලාන්තේ හැදුනා. අනේ මන්දා. ගෙදර ඇවිල්ලා නිදිම තමා. මොකවත් කරන්න බෑ. යන්තම් දවස් ගාණකට පස්සේ ඔෆීසියට ගොඩ බැස්සා. දැන්නම් යන්තම් ශේප්. ඒත් ඇගේ අමාරුව තියෙනවා. මහන්සි ගතිය එනවා. තව කාලයක් යයි ඕක ගොඩ යන්න. ඔන්න ඔහොමයි මට කෙල උනේ.

දැන් ඉතින් දැහැමින් සෙමින් කාලය ගත කරනවා. පූළුවන් වෙලාවක් මොනා හරි කුරුටු ගාන්න එන්නම්. එතකල් ආයුබෝවන්!!!


ඒ වගේම ලබන්නා වූ 2014 ඉතාමත් සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කොරනවා ඔන්න. 

ජය!!!