January 24, 2008

මෙන්න කන්තෝරුව ඇතුලෙදී

අපි හරිම විනෝදයෙන් හිටියා...
නමුත් කියන්න බැරි තරම් පාලුවකුත් තිබ්බා...




January 19, 2008

පට්ට සීතල...


ඇත්තටම පට්ට සීතලයි...

January 16, 2008

අපේ නොර්වේ කන්තෝරුව.

මේ තියෙන්නේ අපේ නොර්වේ කන්තෝරුව.

ඒක තියෙන්නේ ඇස්කර් කියන නගර මධ්‍යයේය.
මේ ඉන්නේ මම.

January 11, 2008

ඊයේ ලංකාවෙන් පිටත් උනා නොර්වේ බලා.

අපි ඊයේ ලංකාවෙන් පිටත් උනා නොර්වේ බලා. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අපි ඉස්සරලාම ආවේ ෆැන්ක්ෆර්ට් ගුවන් තොටුපලට.
9 වැනිදා රෑ තමයි අපි පිටත් උනේ. මේක මගේ පළවෙනි ගුවන් ගමන. හරිම විනෝදජනකයි.
ඔන්න ගුවන් යානය හිමීට ගන්නවා අදාල ගුවන් පතයට හොරෙන් හොරෙන්...
මෙන්න එකපාරම සුන් ගාලා යන්න ගන්නවා...
අම්මෝ ඒක යන වේගේ...
මට බය හිතුනා. ඒවගේ වේගෙකින් ගිහින් නෑ කවදාවත්ම...
එකපාරම ගුවන් යානය පොඩ්ඩක් ඉස්සුනා වගේ දැනුනා..
මෙන්න අපි අහසේ... නියමයි..
කියන්න දුකේ බෑ... මුළු පොළවම හරිම ලස්සනයි.
බල්බ් දැල්විලා... ඔන්න ලංකාව පේන විදි‍යට ගුවන් යානය දෙපැත්තට පද්දලා යන්න ගත්තා ලංකාවට සමු දීලා

January 1, 2008

දුරුත්තේ හීතල



දුරුත්තේ හීතල
මේ අවුරුද්දේත්
ඉන්න බැරි තරමට
ඇඳේ පෙරළි පෙරළි
පොරවපු රෙද්ද අස්සෙන්
පොඩ්ඩක් බලලා
ආයෙත් රිංගන්න
ඇතුළට
දෑස පියාගෙන
නොනිදා ගුලි වෙන්න...
ආසයි
ආයේත්...


2008 ආවා



නව වසරක ආරම්භය
නව ජීවයක් සමග
ජීවන කතර තරණයට
ඔබ සැමට
මගේ සුබ පැතුම්
සයිබර් යායට
එක් කරමි
මෙසේ මගේ ලැබැඳියන්ට
ආදරයෙන්....