May 9, 2008

මට කියා දෙන්න


මොර සූරන වැස්සක්
අද වහින්නේ
එක වතුර බිංදුවක්
ඇති ඔළුව පලන්න තරම්
ලොකුයි, සැරයි...
අකුණු ගහන්නේ නෑ
ගොර වන්නේ නෑ
වැස්ස විතරමයි...
ඒ මොකද ඒ...
මට කියා දෙන්න
දන්න කෙනෙක් ඉන්නවනම්
ඒ මොකද ඒ කියලා

May 8, 2008

වාගේ


වැස්ස පටන් අරගෙන
හෝ ගාලා වහිනවා
ආයෙත් වහිනවා

පායන පාටක් නෑ වාගේ
කරන්න තරම් දෙයකුත් නෑ වාගේ
කම්මැලිකමත් ටිකක් වැඩියි වාගේ
නිදියා ගන්නත් බෑ වාගේ
නිදිමතත් නෑ වාගේ

එහෙනම් මොකද කරන්නේ...
වැස්ස දිහා බලාගෙන ඉම්මු නේද

හා එහෙනම්...