May 17, 2014

මෙන්න හොක්කට මැහුම් දැම්මාම

ආසවටයි මම නැග්ගේ පුංචි බයිසිකලේට
හිතුනේ නෑනේ වැටෙයි කියලා...
වෙනදා වැටෙනකොට
කොහේ ඉඳලාද මංදා
තාත්තා ළඟට ඇවිල්ලා හරියට නිකන්
වැටෙනකල් බලාගෙන හිටියා වගේ
ඒත් අද තාත්තා නැති ඇහිල්ලේ මට වෙච්ච දේ..
මැහුමකුත් දාන්න උනානේ...
තාත්තා කොච්චර නම් මං දිහා
බලාගෙන ඉන්නවද කියලා
මගේ පුංචි හිතටත් දැන් දැන්
පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා...

May 9, 2014

කන්න යනකොට නිකමට හිතුනා

කලින් ගියාම බඩගිනි නෑ
වෙලාවට ගියාම තැනක් නෑ
පරක්කු උනාම කෑම නෑ

ඉතින් කොහොමද කන්නේ