Showing posts with label හිනා හිනා. Show all posts
Showing posts with label හිනා හිනා. Show all posts

July 27, 2024

ක්‍රීඩා උත්සවයේ වගතුග - 1

එක කිරුළක් වෙනුවෙන් සටන් වදින්නා වූ කණ්ඩායම් සතරක් වෙත්. 

ඒ සඳහාම සංවිධානය කරන්නා වූ වෙන් වෙන් ඉසව්වන්ගෙන් පළමු අභියෝගය, අද දින එක් තීරණාත්මක සටනක් ලෙසින් මෙසේ අවසන් විය. ඒ සඳහා රැය දවල් නොබලා, කූසීත නොවී, මනා සිහියෙන් සිට මහත් කැපවීමෙන් නොයෙක් ආකරයෙන් පුහුණු පුරුදු වූ අපගේ සහෘද සිංහ කැල, අවිවාදයකින්  තොරවම අගය කළ යුතු වන්නේය. ඒ අතරම තිරය පිටුපස සිට නන් අයුරින් දිරිදුන් අපගේම සිංහ සහෘදයනි, මෙය ඔබගේම ජයග්‍රහණයයි. ඔබ නොසිටින තැන අපගේ ජයග්‍රහණයද නොසිටින්නේය. (හො.ම.ත.ග.යු.)

  

මෙය අප ලද පළමු ජයග්‍රහණයක් මෙන්ම අනෙක් සිගාලයන්ගේ සිත් නන් අයුරින්  සත්ත්‍රාසයට ලක් කිරීමක් යැයි පැවසූවොත් වැරදි නොමයැයි මට සිතේ. එසේම එම සිගාලයන් නෙයෙක් ආකරයෙන් අපගේ සමගිය බිඳිනටත්, අප දුර්වල කිරීමටත් පිඹුරුපත් අදිනවා සිකුරුමයි. අප ඒ සඳහා මනාව සූදානම් විය යුතු වන්නේය. ඒ සඳහා ඔබ සැමගේ ම නොමසුරු දායකත්වය ම අවැසි බව පුන පුනා කිව යුතු වන්නේය. 


අප ලද ජය වෙනකෙකු වෙත දෙන්නට ඔබ සූදානම්ද?




සැ.‍යු: මෙම ලියැමන හුදෙක් මගේ ක්‍රීඩා උත්සවයේ මිතුරන් උදෙසා ලියැවූවක් බවත් කිසිවෙකු රිද්දන අයුරින් කුරුටු ගෑවක් නොවන බව කරුණාවෙන් සලකන්න. 


September 6, 2016

දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි (හාස්‍ය සහිතයි)


යටගිය දවසක, එක් රාත්‍රියක මා මාගේ අජානේය මෝටර් රථයෙන් ගමනක් යමින් සිටියෙම්හ. හදිසියේම රථයේ ඉන්ධන තත්වය පහල ගිය බව දුට හෙයින්ද එය වහා පිරවිය යුතු හෙයින්ද පිරවුම් හලකට යෑමට සූදානම්වම්හ. ර්‍ර්ට මීට මත්තෙන් පසුම්බිය ගෙන එහි කහවනු තත්වය පිරික්සනු කල්හි එහි මද බව දැන ස්වයංක්‍රීය ටේලර් මහතා සොයා යනු කැමැත්තෙන් ඒදෙසට රිය හැරවම්හ. අදාල තැන පැමිණි කල රියෙන් බට යන්ත්‍රය වෙත නික්ම අදාළ පත ඇතුළු කොට රහස් පද ක්‍රියාත්මක කරම්හ.

බැංකු ජාලයට සාර්ථකව ඇතුළු වූ කල අදාළ මුදල සටහන් කල පසු තහවුරු කිරීම කල පසුවද එක් පණිවුඩක් වන්නේය. "ඔබේ කාඩ් පත අවළංගු කර ඇත." යන්න එය විය. මාගේ දෙනෙත් අදහා ගත නොවන්නේ මන්ද අවළංගු නම් කෙසේ ජාල ගත වූයෙන්ය. කිසියම් සැක කටයුත්තෙක් මෙම ජාලයට රිංගා මාගේ ගිණුමට සැසීමක් කර ඇත්ද, නැතහොත් ස්වයංක්‍රීය ටේලර් මහතාට ද්‍යුතක්වක් කර ඇත්ද යනාදී නෙයෙකුත් අදහස් මනසට ගලනාතුරේ නැවතත් උත්සාහයක යෙදුනෙම්හ. අවසන් ඵලයේ කිසිදු වෙනසක් නොවීය. තුන්වරක් අවසනදී සතුටු නොවූයෙන් වෙනත් ස්වයංක්‍රීය ටේලර් මහතෙක් සොයා යන්නට නීර්ණය වන්නේය. තරමක් හුරුපුරුදු ප්‍රදේශයක වූ එම තැන්හි වූ ස්වයංක්‍රීය ටේලර් මහතාද පෙර සේම මාගේ කාඩ් පතේ අවළංගු භාවය තහවුරු කරන්න වූයෙන් මට කිසි සිතා ගත නොවන්හ. දැන් දැන් ඇත්තේ කහවනු ගැටළුව නොව මාගේ අජානේයා මග නතර වීමෙන් මට අත්වන්නට යන ඉරණම ගැනය. මට මැවී පෙනෙන්නේ වීථියේ එක් කොනක නතර වී හිරු නගිනාතුරු කල්හරිනා මාය.

අහෝ!...

මාගේ පුරාණ පිනකි. වෙනත් බැංකුවකින් මා ගත් රන් පිහියය. ඒ නම් ණය පතය. එයත් රැගෙන මා වහාම ගොස් අජානේයා සවිමත් කොට ගමනාවසානට වම්හ.

ඉදින් ඊට පසු දිනෙක කාඩ්පත සක්‍රිය කරනු වස් අදාළ බැංකුව වෙත පිය මැන අදාළ පත්‍රිකා පුරවා භාරදුන්නේද නව කාඩ්පත නිකුත් කරනුයේ සතියකින් බව දැන්වූයෙන් ඒ ගැන කලකිරීමෙන් ආපසු පියමැන්නේ සතියක් ඉවසාසිටිනු හැර යමක් කල නොහැකි නියාවෙනි. දින කිහිපයකට පසුව නිවසට ලැබුණු ලිපියේ සටහන් වූයේ ඔබේ කාඩ්පත සූදානම්ය, මෙන්න ඔබේ නව රහස් පදය, කරුණාකර අදාළ ශාඛාවෙන් එය ලබා ගන්න යනුවෙනි.

ඒ දුටුසැනෙන් ඉපිළ ගිය සතුටින් යුතුව පසුදා බැංකුව වෙත පිය මැන්නේ යාමට පෙරද දුරකතනයෙන් කාඩ්පත ගැන විමසීමකින් පසුවය. මාගේ වාරය එනතුරා සිට එතැන සිටි නිළධාරිණියට මා පැමිණි කාරණය පැවසුවෙමි. ඇය කාඩ්පත් සමූහයක මගේ කාඩ්පත් සොයන්නට වීය. තත්පර මිනිත්තු ගත වීය. ඇගේ මුහුණ ටිකෙන් ටික අඳුරුවනු දුටු මා විමසූයේ කුමක් වීදැයි යනුවෙනි. ඇය පැවසූයේ කාඩ්පත පැමිණ නැති බවය. නමුත් මට ලිපිය ලැබූ බව පවසා තවත් ටිකක් සොයා බලන්නට කීමි. ඇය තව කාගෙන්දෝ තොරතුරු විමසා තවත් කාඩ් සමූහයක් රැගෙන'විත් එයද පිරික්සන්ට විය.

අහෝ!!!

මාගේ කාලය අපතේ ගිය මිස වෙන කිසිවක් නැත. දැන්ම දැන් මගේ රතු කට්ට පැන හමාරය. ඉතින් මා පියමැන්නේ කළමණාකරු වෙතය. ඔහුට පර භාෂාවෙන් ඇමතීමට ගතිමි. ශ්‍රී ලංකා පුරවරයේ මව්බසට වඩා පර බසට වැඩි ඉඩක් දීමට පුරුදු වී සිටින මිනිසුන් වඩා වැඩි බවත් පර බස දෙසන්නන් ලොකු ඇත්තන්යැයි සිතීමට පුරුදුව සිටින නියාවත් දන්නා බැවින් එසේ කිරීමට සිත්වීය. ඔබේ අකාර්ක්ෂතාවය මාගේ නොසතුටුබාවයත් කණගාටුවත් පල කෙළෙමි. මගේ කිපුණු සිත යන්තම් පහව යන කල්හි ඔහුට මාගේ දුරකතන අංකය දී ආපසු පැමිණියෙමි.

ඉතින් හෝරා දෙකකට පසුව දැනුම් දීමක් වන්නේය. මාගේ කාඩ්පත සූදානම්ය. රැගෙන යන්න ලෙසිනි.
නැවතත් බැංකුව වෙත පියමැන කාඩ්පත රැගෙන ආපසු පැමිණියෙමි.

එතෙකින් කතාව නිමැවන්නේය.

---------------------------


මේක සිද්ධ වුනේ මටමයි. දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි.

1. මගේ කාඩ් එක අවලංගු කරලා මට දන්වන්නේ නැතිව. බැරිද ලියුම් කරදහියක් එවන්න. කෝල් එකක් දෙන්න. වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් මාව ගොඩ ගියා. ඒක තිබ්බේ නැත්නම් තවමත් මම කාර් එක තල්ලු කර කර ඉන්නවා. මල පනින එක සාධාරණ නැද්ද?

2. ඔන්න ලි‍යුම ආවා කාඩ් එක නෑලු. කාඩ් ගහන්නේ එක කස්ටියක්ලු. ලියුම් යවන්නේ තව කස්ටියක්ලු. ඉතින් මට පාන්ද. ඔයවගේ පොඩි සීන් එකක්වත් හරියට සින්ක් කර ගන්න බැරිද මුන්ට තාම. වැඩේ බෙදන එක ඒ ඒ ආයතනට අදාළ කටයුත්තක්. ඒත් එකට වග කියන මැනේජර් කාරයෙකුත් ඉන්න එපැයි. ඒ මනුස්සයා තමන්ගේ රාජකාරිය කොරන හැටි කියලා තමා අපිට පේන්නේ. ආයෙත් මල පනින එක සාධාරණ නැද්ද?

3. කාඩ් ගොඩේ මගේ කාඩ් එක හොයන්න පැය භාගයක් විතර ගියා. ඒත් හම්බ උනේ නෑ. යකෝ මං කියන්නේ, ඕක අකාරාදී පිළිවෙලට තියාගත්තනම් විනාඩියටත් අඩුවෙන් ඒක කරන්න තිබ්බනේ. ඒක ඕනෑ පොඩි එකෙක්ට තේරෙනවා. ඉතින් මෙහෙම හිතන්න උපාධි ගහන්න ඕනෑ නෑ. තමන්ගේ රාජකාරිය ඉක්මනට කරන්න පොඩ්ඩක් හිතන්න විතරයි ඕනෑ. එහෙම උනා නම් ඒ නිළධාරිනියගේත් මගේත් දෙන්නාගේම වෙලාව ඉතුරුයි. මං පැයක් බලන් ඉඳලා නෑ කියලා අහගන්නකොට මල පනින්නේ නැද්ද කියහන්කෝ.

4. මට ආපහු කෝල් කලානේ කාඩ් එක ආවා කියන්න. යකෝ ඒ කතාකරපු නෝනට කට ඇරෙන්නේ නෑ කියහන්කෝ මහත්තයා කියන්න. පොඩ්ඩක් ගරු සරුව කතා කරන්න. අනිත් බැංකු ඔක්කොම වගේ කතා කරන්නේ මිස්ටර් කියලා හරි මහත්තයා කියලා හරි. මට කිව්වේ අන්න ඔයාගේ කාඩ් එක ඇවිල්ලා. ඇවිත් ගන්න. කෝ මුන්ගේ ගරු සරුව. ඉතින් ආයෙත් මල කියන එක අහන්න දෙයක්ද.

5. යකෝ මං බැනලා ආපහු ආවාම පැයකින් කියනවා කාඩ් එක ආවලු. මට නම් සාධාරණ සැකයක් ආවා, කාඩ් එක තිබුණා හොයා ගන්න බැරිව හිටියේ. වැඩකාරයෙක් ඒක හොයලා දුන්නා. පස්සේ මට කෝල් කලා දැන් කාඩ් එක ආවා කියල. එහෙම පුස් හැඟීමක් මට එන්නේ එයාලම කලින් කරපු වැඩ හින්දයි. ඇත්තටම උනේත් කාඩ් එක දැන් ආවානම් ඒත් කරනන් දෙයක් නෑ. මං සැක කරලා ඉවරයි. ඉතින් පාරිභෝගියකාට සලකන් හැටි තමා මේ.

ඉතින් මේ ලියමන කවදාහරි ඔය බැංකුවේ මහත්තයෙක්  කියැව්වොත් මීට පස්සේවත් පාරිභෝගියකා ගැන හිතාවි කියලා හිතෙනවා. නැත්නම් පඩියක් දීලා මැනේජර් පුටුවේ තියන්නේ පුටු රත් කරන්න නෙමෙයි.


මං කියන්නේ ඉබි ගමනේ යන ගමන දැන්වත් නවතලා තරඟකාරී බැංකු ප්‍රවාහයේ ඉස්සරහින් යන්න මීට වඩා පාරිභෝගියකා ගැන හිතන්නේ ඕනෑ. ඔවුන්ගේ පහසුව තකා වැඩ කරන්න ඕනෑ. මීට වැඩිය මේක ගැන කියන්න ඕනෑ නෑ. ඔතැන ඔන්නේ අපිට වඩා ඉගෙන ගත්ත මහත්තුරු නෝනලා. ඉතින් ඔන්න අදට මං නැවතුනා....

August 8, 2016

අපිද ඩොටා 2 ද ගැසුවෙමු


පසුගිය සෙනසුරාදා අපි ගොම්පියුටර් ගේම්ස් තරඟාවලියකට සෙට්වුනෙමු. බොහෝ රාත්‍රියන් ගත වෙන්නේ ගොම්පියුටර් ගේම්ස්වලට බැවින් ඒ සඳහා අපේ වැඩකිඩද පෙන්විය යුතුයැයි සිතා, අපිද සහභාගී විම තීරණය කෙලෙමු.


තරඟාවලිය සූදානම් කලේ ඩයලොග් වෙතිනි.
එහිද "රාජකාරියට වාර්තාකරන්න (Call of Duty)" සහ "පැරන්නන් සුරකින්න (Defense of the Ancients)" ලෙසින් තරඟ දෙකක් විය. සැමදා අපි රාජකාරී කෙරෙනා බැවින් පැරැන්නා සුරකින්නට අපද ලහි ලහියේ ආවුද සකසන්නට වීය.

සුපුරුදු පරිදි තරඟයට සුදුස්සන්(ට වඩා සහභාගී වන්නන් කීවොත් වඩා නිවැරදිය) තේරීම බෙල්ලන්ඟෙන් මුතු සොයන්නා වගේම විය. ඒ කෙසේ වෙතත් එහෙන් මෙහෙන් අවුලාගත් ක්‍රීඩකයෝ 6ක් විය. ඊ ළඟට තිබුණේ පුරුදු පුහුණු වීමය. එහිද කිසි වෙනසක් නැත. වාසිටියේ විභාගයට සූදානම් වන්නා සේම අවසන් සතිය එලැඹෙන තෙක් අපි විවේකයෙන් සිටියෙමු. අවසන් සතිය ලැබූ විගසම පු.. කඩාගත් දිමියන් මෙන් ගිඩි ගිඩි ගා වැඩ කරන්නට වීමු. අවසානයේ කෙසේ හෝ "පැරන්නන් සුරකින්න" යනු කුමක්ද යන්න යාන්තම් තේරුම් ගතිමු. එය සැකැවින් මෙසේය.


ගඟකින් වෙන් වූ කුඩා සිතියමක දෙපිරිසක් වෙසෙත්. ඒ ඒ පිරිසට අයත් වූ ඉතා පැරැණි ගසක් වෙයි. ඒ ගස් සුරකීම ඔවුනොවුන්ගේ එකම අරමුණ වන්නේය. එක් එක් පිරිසේ වීරයන් 5 බැගින් 10 දෙනෙක් වෙති. ඊට අමතර කිසිවෙකුට අවනත නැති සෙබලුන් වරින් වර දෙපිරිසෙන්ම බිහි වී ඔව්නොවුන් ඇන කොටාගෙන මියයති. යම් හෙයකින් ඒ කුඩා සටනට ඉහත කී වීරයන් සහභාගී වීනම් අනෙකාගේ සෙබලුන් ඉතා පහසුවෙන් මරා දැමෙනු ඇත. නමුත් එක් සටනකින් ජය ලැබීම යනු මහා දෙයක් නොවන්නේ ඊළඟ සටනේදී ඔවුන් පරාද වීමට ඇති ඉඩ මහත් බැවිනි. ඒ කෙසේ වෙතත් අවසානයේදී එක් කණ්ඩායමක් අනෙකුන් පරදා එනම් අනෙකාගේ ඉහත කී පැරණි ගස විනාශ කෙරෙන්නේය. මේ යුද්ධයේදී උගුල් ඇටවීම, සැඟවී පහරදීම, උපක්‍රමශීලීව පසුබැසීම අදී නොයෙකුත් උපක්‍රම භාවිතා කිරීමට සිදුවෙන්නේය. කැලයක් මැද ගඟක් අසල සිදුවන යුද්ධය එක අතකින් මනස්කාන්ත නොවන්නේ නොවේ. එහෙයෙකින් ඇබ්බැහිවීමද නිරායාසයෙන්ම සිදුවන්නේය.




මේ ඉන්නේ අපේ වීරයෝ සෙට් එක. තුසිත, සංජිත, උදාර, මම, පමිත්, මයුර 

සතියක දෙකක පුහුණුවෙන් පසුව අපද වීරයන් සේ තරඟාවලියට බැස්සෙමු. පිළිමලුන් පිටුදැකීම යටතේ වූ ක්‍රියාදාමයේ පළමු තරඟයෙන්ම අපට ඉවත්වීමට සිදුවූවත් සහභාගීවීම ඉතා අගනේයයැයි සිතා අප ආපසු නිවෙස්කරා ගියේ මෙවන් තරඟාවලියක සතියක පුහුණුව කිසිසේත්ම ගැලපෙන්නේ නැතිබව මනාව පසක් කරගෙනය. 


September 21, 2015

සොරා කවුරුන්ද ?


ජපන් නැවක් අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබිණි. නාන්නට සිතුණු කපිතාන්වරයා සිය රෝලෙක්ස් අත් ඔරලෝසුවත් රන් බ්රේස්ලටයත් ගලවා තබා නාන කාමරයට ගියේ . ආපසු පැමිණි විට, ඔහු ගේ වටිනා දේ අතුරුදහන් වී තිබිණි.
හේ තෙමේ සිය සේවක මඬුල්ලෙන් පස් දෙනකු පිළිබඳ සැක කෙළේ . ඔවුනට අඬ ගැසූ හෙතෙම ගෙවුණු විනාඩි 15 ඇතුළත එකිනෙකා කළ දේ විමසා සිටියේ
ඔවුන් ගේ පිළිතුරු මෙ සේ විය -
01. ප්රංශ ජාතික කෝකියා - (අතෙහි මස් කපන පිහියක් විය.) '' උයන්න මස් ගන්න ගිහින් මං හිටියේ ශීත කරණ කාමරේ."
02. ජර්මන් ජාතික ඉංජිනේරුවා - (අතෙහි යම් උපකරණ වගයක් විය.) මම ඇන්ජිමේ වැඩක් කර-කර හිටියයේ."
03. බංග්ලාදේශි යාත්රිකයා - (හිස් අතිනි). මම හිටියේ කුඹ ගහ මුදුනේ, වැරදිලා උඩු-යටිකුරු අතට හයි කරලා තිබුණ කොඩිය හරි අතට හයි කරන්න ගිහිල්ලා."
04. ඇමෙරිකා ජාතික රේඩියෝ නිලධරයා - (හිස් අතිනි). ''මම හිටියේ සමාගමට පණිවුඩයක් යවමින්, අපි දවස් දෙකකින්, කියන්නෙ සිකුරාදා උදේ පැය 1100, වරායට එන බව දන්වලා.''
05. ඉන්දීය නාවුක නිලධරයා - (හිස් අතිනි). ''රෑ මුරය පටන් ගන්න කලින් මම පොඩි නින්දක් ගහගෙන හිටියා."

සියලු දෙනාට සවන් දුන් කපිතාන්වරයා සොරා කවුරුන් දැයි සොයා-ගති. කෙසේ , සොරා කවුරුන් ?


(මූණු පොතේ තිබුණ එකක්)

July 22, 2015

අංගීකාරය


නිමල් දවසක් සුනිල්ව මුණගැසීමට ගොසින් මෙසේ කියයි.

මචං මගේ පොඩි සම්බන්ධයක් තියෙනවා අර පල්ලියේ පාදිලියගේ ගෑණිත් එක්ක.ඒත් වැඩේ කියන්නේ පාදිලියා ගොඩාක් වෙලාවට ගෑණිත් එක්කමයි බං.
චිකේ බං... ඒක හරි නෑනේ
එහෙම එකක් නෑ බං. උඹට බැරිද පොඩි උදව්වක් කරන්න.
මොකක්ද කියපං. පුළුවන් නම් කරලා දෙන්නම්.
උඹට බැරිද ඉරිද හවසට පැයක් විතර ඌව කතාවට අල්ලගෙන ඉන්න?
අනේ මට බෑ බං.
අනේ මොකක්ද බං.. ප්ලීස්.. එක දවසක්... එකම එක දවසක්..
අනේ මංදා. එහෙනම් එක දවසයි...
එල මචං....


ඔන්න සුනිල් ඉරිදා හවස පල්ලියේදී පාදිලිතුමා එක්ක කතාවට සෙට් උනා. ඉතින් එතුමාව බිසී කරන්න මූ රටේ නැති දේවල් අහනවා. මුළදී වෙනසක් නොදැනුන පාදිලිතුමා හොඳට කතා කර කර හිටියා. එතුමාට තේරුණා මෙතැන මොකක් හරි අවුලක් කියලා. ඉතින් මෙහෙම ඇහුවා.


සුනිල් තව මොනවද දැන් ගන්න තියෙන්නේ. ඇත්තටම මොකද මෙච්චර දේවල් එකපාරටම අහන්න හිතුනේ.

සුනිල්ට ලැජ්ජා හිතුනා. සුනිල් ඇත්තම කිව්වා.

පාදිලිතුමා කතාව අහලා හිනා උනා. සුනිල්ට මාර අප්සෙට්. ඇයි කියලා අහපුවාම පාදිලිතුමා මෙහෙම කියලා පල්ලිය ඇතුළට ගියා.


මගේ නෝනා නැතිවෙලා දැනට අවුරුදු 2ක් වෙනවා සුනිල්....

May 9, 2014

කන්න යනකොට නිකමට හිතුනා

කලින් ගියාම බඩගිනි නෑ
වෙලාවට ගියාම තැනක් නෑ
පරක්කු උනාම කෑම නෑ

ඉතින් කොහොමද කන්නේ

July 16, 2013

"මහා කෙලි" ජාතකය

යටගිය දවස බරණැස්නුවර නොව කොළොම්තොට අපේ ඔෆීසියේ ගැන්සිය සැනෙකෙලි කෙලින්න්ට දිනයක් යොදා ගත්හ. මහා බෝසතාණෝ සිතන්නේ යමක් වීද, එය ඒ ආකාරයෙන්ම ඉටුවන්නාක් මෙන් වෙල්පෙයාර් එකේ බුවාලා යමක් සිතීද එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන්නට වූහ.

මෙදා පොටේ මහා පිටිය සරසන්නට කෙල මහා කෝටියක් පිරිස එතැයි අපද ඔද වැඩී ගිය මෙත්තාවෙන් කුකුලාද රැගෙනම පිටයට බටහ. අපගේ මහා පුණ්‍යකර්මයක් හේතුකොටගෙන උදෑසනම කිසිදු බුවෙක් පිටිය සැකසීමට උත්සුක නොවූ සෙයක් වන්නට වූහ. පෙරදා කල සැකසුම් ඒ පරිද්දෙන්ම ඉටුවන්නේද කෙසේද'යත් කියතොත්, පෙරදා බෙදූ මහා තෛලයේ බිංදුවකද අගයක් නොවන්නට මෙන් එකිනෙකා එතැන මෙතැන කුඩා ගම්සබා තනමින් කාලය බුදිමින් වන්නට වූහ. කාලය සුළුවූයෙන් හනි හනිකට එක් කරගත් පිරිසෙන් අඩක් රැගෙන වහ වහා නිවාස අලංකරනයේ යෙදෙන්නට වූයෙන් අලස බව අපෙන් මිදෙන්නට වූහ.

මහා පිටිය අලංකරණයට ඔෆීසියේ ගැන්සිය සිව් අයුරෙන් යුත් කල්ලි ගතවූහ. එක් එක් කල්ලිය වෙත එකිනෙකට වෙනස් වූ ප්‍රකෘත්තියන් නොහොත් තේමාවන් වන්නට වූහ.

මහා වෘත්තාන්තය එක්තරා ලෝහමය ද්‍රව්‍යයයකින් සැදුනු මනඃකල්පිත යකඩ පුටුවක පරම අයිතිය උදෙසා කෙරන්නාවූ මහා ලේ වැගිරීම්, වංචා කිරීම්, රැවටීම් අලලා ලියැවුණු මනඃකල්පිතයක් විය. ග්‍රන්ථයන් සතකින් යුතුවූ මේ මහා කතාවේ තවමත් අවසන් වී ඇත්තේ ග්‍රන්ථ පහක් පමණක් බවත් එයිනිදු තුනක් දැනටමත් චිත්‍රපටියට නැගී අවසන් බවත් තතු දන්නා "සීනා" වැනි පණ්ඩිතයෝ පවසත්. මේ අතරැම ගත්කතුද තවමත් හරිහැටි නොදන්නා කතාවේ අවසානය මෙසේ වන්නේයැයි පූර්ව නිගමනවලට බට පිරිසකුත් අප අතරම ගැවස ගත්හ. ඒ කෙසේ වූවද අපේ කෙලියට එයින් අපගමනයක් නොවන්නා මෙන් මහා උත්සවයට පිරිස මහා උනන්දුවෙන් කටයුතු සැලසුම් වන්නේය.

එකෙක් පරයා තවැකෙක් පුටුව සොරා ගනිතැයි මහා බියෙන් වෙව්ලා ලහි ලහීයේ තම තම හැකි පමණින් වෙර යොදා යුධ කටයුතුවල නිරතුරු වූහ. සරඹ කණ්ඩායමක් සැදීම එක්තරා අංගයක් වූයෙන් තම පිරිසේ අභිලාසය ඇත්තෝ සොයමින් එතැන මෙතැන කරගැසූ මූලිකයන් මහාමාරුවෙන් පිරිස සොයා කුඩා ව්‍යායාම පද්දතියක් සකසා ගත්හ. සැමදා ඉර මුදුන් යාමයේ මෙකී පිරිස ලාහට ගෙම්බන් එක් රැස් කරන්නාක් මෙන් එක් කොට හැකි පමණින් පුරුදු පුහුණු කරන්නට වූහ. ඇතමෙක් ඇඟ සැරසිලි ගැන වෙහෙසුනාහ. තවෙකෙක් ආවුද ආම්පන්න ගැන වෙහෙසුනාහ. බොහෝමයක් මුන්ට මොන්ගල්යැයි කියමින් එතැන මෙතැන කාලය කමින් ජීවත්වූහ.

සිතේ දහිරිය නිසාවෙන්ම අවසන් දින කෙසේ හෝ අටවා ගත් දර කැබලි සමගින් යුධ පිටියට බට සොල්දාදුවෝ කිසි බියෙකින් තොරව සටනට වන්නේ පිටිය පිරාවට තිබූ හිස් බව නිසාවෙන්යැයි තවෙකෙක් සිතන්නටවුහ. සැමදා මෙන්ම මෙදාට පුරුදු සුපුරුදු මූණු එකිනෙකා පසසමින් සමගියෙන් යුතුව මදු පානය කරමින් තම යුධ කටයුතුවල නිරතවන්නට වූහ. සමහරෙක් සිරස්වසද, සමහරෙක් තිරස්වද තවත් සමහරෙක් අඩ සිහියෙන් යුතුව කෙලෙමින් කාලය විකන්නට වූහ. අවසානයේ සියල්ලෝම සතුටින් නිවෙස්බලා ඇදෙන්නට වූයෙන් "මහා කෙලි" ජාතකය මෙසේ අවසන් වන්නට විය.

May 7, 2013

කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?


නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..

ම්.. ම්... ඔය තියෙන්නේ නියමෙට...

පැත්ත බලනකොට ආලෝකයේ වේගයෙන් මූණ හරවන්න ඕනෑ. නැත්නම් කෙලින් වෙච්ච් එකේ ආතල් එකක් නෑනේ.. ඔව්, නෑ, බෑ වචනයක් ගානේ ඔලුව වන වනා කතා කරන්න ඕනෑ... එතකොට කට්ටිය එක්ක බොරුවට හරි හිනා වෙන්න ඕනෑ. දන්න අඳුරන අය එක්ක කතාව අඩු කරන්න ඕනෑ. බොරුවට ගාණ උස්සන්න ඕනෑ. එතකොටනේ අගේ තියෙන්නේ. ආ අමතක උනානේ... හොඳට සද්දේ ඇහෙන සපත්තු දෙකක් ගන්නත් ඕනෑ.. කස්ටියම බලයි මගේ දිහා. එතකොට යනවා තවත් හයියෙන්...


කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?

March 28, 2013

සීයාගේ ස්වයංක්‍රීය පිළිතුරුදීමේ යන්ත්‍රය



හලෝ ආයුබෝවන්. සමාවන්න. මේ මොහොතේ අප නිවසේ නොසිටී. කරුණාකර ඔබේ පණිවුඩය බීප් නාදයට පසුව සඳහන් කරන්න.

බීප්.. ප්....ප්....

ඔබ අපේ දරුවෙක්නම් අංක එක(1) ඔබන්න. දැන් ඔබ පවුලේ කීවෙනියාද යන්න දැක්වීම සඳහා එකේ සිට පහ දක්වා ඇති අංකවලින් ඔබේ අංකය ඔබන්න. මීළඟට මතු දැක්වෙන මනාපයන් තෝරා ගන්න.

අප ඔබේ දරුවන් සමග සිටීමට අවැසි නම් අංක 2 ඔබන්න.
ගමනක් යාමට අපගේ මෝටර් රථය අවැසි නම් අංක 3 ඔබන්න.
ඔබේ රෙදි සෝදා වේලා ගැනීමට අවැසි නම් අංක 4 ඔබන්න.
ඔබේ දරුවන් අපේ ගෙදර අද රාත්‍රිය නැවැත්වීමට අවැසි නම් අංක 5 ඔබන්න.
අප ඔබේ දරුවන් පාසැලින් ගෙදරට ඇරලීමට අවැසි නම් අංක 6 ඔබන්න.
අප අද රාත්‍රී ආහාරය සූදානම් කිරීමට අවැසි නම් අංක 7 ඔබන්න.
අප කෑම සකසා ඔබේ නිවසට ගෙනත් දීමට අවැසි නම් අංක 8 ඔබන්න.
ඔබට කිසියම් මුදල් ප්‍රමාණයක් අවැසි නම් අංක 9 ඔබන්න.

අපට රාත්‍රී ආහරයට ආරාධනා කිරීමට හෝ චිත්‍රපටයක් නැරඹීමට යාමට ආරාධනා කිරීමට නම් දැන් කතා කිරීම ආරම්භ කරන්න.
අපි දැන් අසා සිටින්නෙමු....

November 8, 2012

මල්ලියෙක්ද? නංගියෙක්ද?



අම්මා පුතාගෙන් මෙසේ අසයි...

පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද?
නංගි කෙනෙක්ද?

නෑ... මට ඕනෑ අයිය කෙනෙක්....

ඉතින් ගෙනල්ලා දීපංකෝ....

October 22, 2012

Image By 1G



 

බඩ වාගේම තට්ටෙත් යහමට තියෙනා
පිනකට වගේ තොප්පියකින් එය වැහෙනා
කවුද අඩෝ වරෙව් කෙලින් චන්ඩී කියනා
බැලූ සැරෙන් එක්වරටම පෙනිලා කැපෙනා

'මොකක් කිව්වා' කියමින් ආයෙත් අසනා
පින්තූරයක් දැක්කොත් යන්තම්වත් වටිනා
අරශොප් මේ ශොප් එක් කරමින් සොඳිනා
කෙල කරවයි නිල් සරමක් ඇඳ සිටිනා

ක්‍රීඩා ඇමතිකම හින්දා කෙල වෙන්නා
කතාවලට වැඩි වැඩියෙන් දුක් වෙන්නා
කාටවුනත් තේරෙන්නැති ගැට පෙන්නා
zසීනා හිමීටම එතැනින් පැන ගන්නා

දැක්කොත් ඉතින් පොල් පැලයක් හොඳින් වැඩී
ඉන්නට බෑනේ මේකගේ ඒ කකුල් දෙකම කසී
දණ්ඩ වගේමයි කෙරුවාවත් ඒ හැටිම නිසී
කැරම් විතරමයි බෝල ගැහිලිනම් ඒ හැටිම බැරී

බෝතලයක් ඇතුලේ  ලොව ගැබ් වෙන්නා
වැටෙනකම්ම ගහලා රජ කබරය වෙන්නා
බල්ලා වුනත් කම් නැත හාදුම දෙන්නා
තව මොහොතක් ආතල් එක ගනිමින්නා

අලුත් නාන ඇඳුමක් මම අරගත්තා
අලුතෙන්මයි කස්ටියටම පෙන්වමිනා
පිහිය අතේ රා කලයක් අනෙකතිනා
අද පෙන්වමි වැඩ කිඩ නිසි මම ලෙසිනා

අනිත් එවුන් ඕනෑ එකක් කර ගත්තෙන්
මම දෙන්නම් රා කලේට සිත් මත්තෙන්
කස්සා පෙන්නෙනේ කලේට පොඩ්ඩක් අස්සෙන්
තව පොඩ්ඩෙන් ඒකත් නොපෙනී යත්තෙන්

හරි හරි  ඔක්කොමලා මොකද සද්ද
මං නැති තැන උඹලා මේ ලූලා වෙද්ද
චන්ඩි බන්ඩි කරනා ඔය පුස් සද්ද
කියමින් ජැකියා පැන්නා උස්සන් රෙද්ද

 

October 5, 2012

කොල්ලෙකුත් ඉඳලා




ශ්‍රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.
සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්‍රගණයක් ලබා දෙන්න.
ඔය අස්සේ සමහරු සින්දු, කවි, කතා, විඩීයෝ එහෙමත් කරනවනේ. මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්.

මාර වැඩේ කියන්නේ මම මේ විඩීයෝ එක කීප සැරයක්ම බැලුවා. ඒ විඩීයෝ එකේ කොල්ලෙක් ඉන්නවා කියලා දැක්කේ තප්පර 50ක් විතර ගියාට පස්සේ, අර කොල්ලා බෝලයක් දාන තැනක් එන්නේ... ඊට පස්සේ ආයෙත් නැති වෙනවා... මාර සීන් එකනේ....
සමහරු කොල්ලව දැකලම නෑ...
හික්ස්...

එකක් කියන්න ඕනේ... කෙල්ලගේ නැටිල්ල නම් කියලා වැඩක් නෑ... මාර ඇක්ටිව්, එනජිටික් විදියට නටනවා...
කොල්ලට එච්චර ෆිට්නස් නැද්ද කොහෙද කැපිල පේන්න නටන්න තරම්...

අනේ මන්දා...

September 14, 2012

ඔබ යන්නේ බහු වචනය කුමක්ද?


Image from Here
මෙම සිද්ධිය මා දන්නා එක්තරා මිතුරියකට සිදු වූවකි. ඇය පාසල් යන සමයේ සිංහල භාෂාව සඳහා ලකුණු 0ක් ලබාගෙන වාර්ථාවක්ද පිහිටවූ තැනැත්තියකි. තමන්ගේ ජාතියඩ සිංහලව තිබියදී පවා ලකුණු 0ක් ලබා ගැනීම තුළ කිසියම් සැඟවුණු සාහිත්‍යම රසාස්වාදයක් තිබේයැයි මා සිත් සන්තානයේ හටගත් කුකුස සංසිඳනු වස් සිදු වූ සංවාදයක අවසන් නිගමනයක් මෙසේ අකුරු කරන්නයට වීමි.

නමින් ඇය මධුමතී වූවාය. නමට සරිලන පරිදි මධුමතින් වෙරි නොවූවත් ඇගේ යම් යම් කටයුතු එසේ නොවූවාම නොවේ. ඒ කෙසේ වෙතත් ඇගේ සිංහල ගුරුවරිය නම් තරමක් සැරපරුෂ තැනැත්තියක් වූවාය. වහා කිපෙන සුළු වූ ඇය එක් දිනෙක වාර විභාගයේදී සියළු ළමුන් සඳහා වහා නියෝගයක් පැන වූවාය. එනම්:

අද ප්‍රශ්ණ පත්‍රයේ 10 වැනි ප්‍රශ්ණය වැරැද්දුවොත් ලකුණු 0යි. හොඳට කල්පනා කරලා ලියන්න. ඔන්න ආයෙත් කියන්නේ නෑ. තේරුණාද?...

මේ ආකාරයෙන් ඇගේ විධානය මුළු ශාලාව පුරා රැවු දෙන්නට විය. ඒ ගැන මොහොතක් නොසිතූ මධූ කිසිවක් නොසලකා පිළිතුරු ලියන්නට විය. පිළිතුරු ලිවීමෙන් පසුව බොහෝ සතුටෙන් පිළිතුරු පත්‍රය ගුරුතුමියට භාරදී යන්නට විය. වාරයේ ලකුණු නිකුත් කරන ලදී. අහා!!! පුදුමයකි. පසුව සිංහල සඳහා ලකුණු 0ක් ලැබීම ගැන ඇය ගුරුවරියගෙන් විමසූ කල්හි ඇයගේ පිළිතුරු  පත්‍රය ඇයට පෙන්වන්නට විය. එමෙන්ම එදා කියූ කතාවද මතක් කර දෙන්නය විය. එදා නම් ඇයට මධු පානය කරන්නට සිත් වන්නට ඇත.

එහි වූ ප්‍රශ්ණය නම් මෙයයි.

ඔබ යන්නේ බහු වචනය කුමක්ද?


ඔබේ පිළිතුර කුමක්ද?
ඔබත් ලකුණු 0වේ කෙනෙක්ද?



පිළිතුර : ඔබ 

July 19, 2012

ෆූල් බෝයි

සඳුදා පටන් ක්ලෝරීන් එක් කරන්නේ
පුලුවන් අයත් ඒ හින්දයි නො එන්නේ
අනිත් දිනවලත් මමමයි මෙහි රැඳෙන්නේ
ෆූල් බෝයි කියලයි මට කියන්නේ

ආවා දිනේ ස්විමින් ගේම් එක තියෙනා
හෝ ගාලා කට්ටිය මෙතැනට පිරුනා
හැකි පමණින් දස්කම් පෙන්වමි හිතුනා
ඒ හින්දා උඩ පැන පැන කස්ටිය ඇදුනා

වෙල්පෙයර් එකට නෙයෙකුත් මැසිවිලි නැගුනා
අපිට ඉඩක් නැතුවාමයි කවුරුත් කියනා
එන පොට නොහොඳ බව ඔවුනට දැනුනා
හනිකට දින එක දෙක නම් වෙන් කෙරුනා

ගිණි ගත්තෝ සඳුදා එක් රැක් වෙන්නා
එහෙන් මෙහෙන් වැඩ දමමින් උන්නා
වටෙන් ගොඩෙන් වැඩ බැරි බව තේරෙන්නා
හිමින් හිමින් මෙගොඩින් ගොඩටම යන්නා

පස්කරුවෝ පසුදා හවසම එන්නා
පස්වැඩ මිසක් වතුරේ වැඩ නොමදන්නා
හැකි තරමින් එහෙන් මෙහෙන් වැඩ පෙන්නා
කින්ඩි නොවී කරුවලේම ගෙදරට යන්නා

දින දෙකකින් සුළං කරුවෝ පියඹන්නා
වතුර මොකද සුළඟ මොකද කියමින්නා
පොඩ්ඩ පොඩ්ඩ සද්දය නම් අඩු වෙන්නා
රෑ වෙනකොට කකුල් දෙකෙන් පියඹන්නා

ඔන්න බොලේ ජලකරුවන් එක් වෙන්නා
වැඩ පෙන්වන්නට කාලයමයි කියමින්නා
කියූ පරිදි උඩින් යටින් වැඩ පෙන්නා
ලෙවෙත් නොමැති ආතල් එක මට දෙන්නා

සියල්ලෝම එක සිතකින් ජය පතලා
තර්ස්ටනේ ෆූලය වෙත පිය නගලා
ලකුණ ලකුණ එක කරමින් සිටලා
ජල කරුවෝ දිනුවලු එය හිටු කියලා

එදා ඉඳලා කිසිම කෙනෙක් මේ පැත්තෙන්
ආවේ නෑනේ මං මැරුණා වත් ද බලන්
ඇස් දෙක රිදෙනවා මග ඉඳල බලන්
එන්නේ නැද්ද ආයෙත් මේ පැත්තේ බොලන්



May 23, 2012

අලුත්ම BMW එක

එක්තරා පුදගලයෙක් නවතම ස්වයංක්‍රීය BMW X8 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ස්වයංක්‍රීයව ගියර් මාරුවන නිසා ඔහුට බොහෝ පහසුවෙන් මෝටර් රථය පදවාගෙන යා හැකි විය. මෙසේ පැදවිය හැකි වූයේ දහවල් කාලයේදී පමණි. රාත්‍රියේදී මෝටර් රථය එකදු අඩියක්වත් පදවා ගැනීමට නොහැකි වීම ගැන ඔහු බොහෝ දුක් වී සිටියේය. අවසානයේදී ඔහු වාහනය මිළදී ගත් සමාගමට මේ ගැන දැනුම් දුන්නේය. එම සමාගම විසින් කාර්මික ශිල්පියෙක් එවන ලද්දේය. ඔහු වාහනය පිරික්සීමෙන් අනතුරුව මෙසේ විමසීය.

සර්, ඔබ වාහනය පදවාගෙන යනවිට නිවැරදි ගියරය භාවිතා කරනවාද?

අනේ මෝඩයෝ... උඹ හිතන්නේ මම මැට්ටෙක් කියලාද, මම D එක දවල්ටයි N එක රෑටයි කියලා දන්නවා යකෝ...


February 15, 2012

ඉතා අමාරු කටයුතු 2ක්

කිසිවෙකුට මුදුන්පත් කර ගැනීමට ඉතා අමාරු කටයුතු 2ක් පහතින් දැක්වේ.

  • 1. ඔබේ අදහස් වෙනස් අයෙකුගේ මනසෙහි රෝපණය කිරීම 
  • 2. වෙනත් අයෙකුගේ මුදල ඔබේ පසුම්බියේ දමා ගැනීම 

පළමුවැන්නය සාර්ථකව ඉටු කරන්නා ගුරුවරයා ලෙසින් හැඳින්වේ.
දෙවැන්න සාර්ථකව ඉටු කරන්නා ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වේ.


මේ දෙකම සාර්ථකව ඉටු කරන්නා බිරිය ලෙසින් හැඳින්වේ. 
මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ.


 ඊයකින් උපුටන ලදී..

January 6, 2012

උතුරනවෝ...

අපේ පුතන්ඩියා දැන් හරිම චන්ඩියා වෙලානේ. දැන් වයසත් අවුරුදු 1 හමාරක් වෙලා හින්දා ලොකු වැඩ තමා කරන්නේ. දවල් වරුවේ ඉන්නේ රැජිණගේ පියා එහෙම නැත්නම් මගේ මාමණ්ඩියා එක්ක තමා. පුතන්ඩියා හරිම කැමතියි සීයා එක්ක ඉන්න. මොකද අපි කරන්න ඉඩ දෙන්නේ නැති ගොඩාක් එව්වා සීය එක්ක කරන්න පුළුවන්නේ. අපේ ගෙදරට එන්නේ නගරසභාවේ වතුර නෙමෙයි. වත්තේ ළිඳෙන් ටැංකියට එන් කූල් වතුර. ඉතින් ගොඩාක් වෙලාවට වතුර ගහන වැඩේ කෙරෙන්නේ සීයයි පුතයි. ඉතින් වහලේ උඩ තියෙන ටැංකිය පිරෙන්නම අපි වතුර ගහනවා. මෙහෙම වතුර ගහනකොට පුතා කියනවා සීයට වඩා ගන්න කියලා. ඔන්න බලාගෙන ඉන්නවා වතුර උතුරනකල්. ඊට පස්සේ සීයා කියනවා..
උතුරනවෝ...
කියලා. ඉතින් පුතා කියනවා 
දුවමූ... දුවමූ...
කියලා. ඉතින් දෙන්නා එක්ක දුවලා ගිහින් ස්විච් එක වහනවා. ඉතින් මේක මාර ෆන් වැඩේ පුතාට. දවසක් පුතා මාර වැඩක් කරා. අපේ එළියේ තියෙන පඩිපෙළට නැගලා චූ කරන ගමන් කියනවලූ

උතුරනවෝ... උතුරනවෝ... 

කියලා...
සීයට මාර හිනා...
අපිටත් හිනා...
ඔන්න අපේ චන්ඩියාගේ වැඩ....

May 5, 2011

son සුන්

මේ කියන්න හදන්නේ අපි හදපු එක නාටකයක් ගැන. හීනා යන්නයි හැදුවේ. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා. මට නම් හිනා ගියේ නැ. හික්ස්...

ස්ථානය එක් දුම්රිය නැවතුමක්... එම නැවතුමේ ඉන්නවා තරමක වයසක අන්කල් බුවෙක්. බුවා බලාගෙන ඉන්නේ තමන්ගේ අණ්ඩපාල පුතා එනකන්. මේ අතර තවත් කිහිපදෙනෙක් ඉන්නවා ඩුමරිය එනක්න්. දන්නවනේ ලංකාවේ කෝච්චිනේ. හරියට තප්පරේට එනවා යනවා. ඒ හින්දා කස්ටියම බලාගෙන ඉන්නවා.... ඔය අතරේ පුතා දුවගෙන එනවා හති දාගෙන....

පුතා: හා ආ.. හා ආ...
පියා: කොහෙද යකෝ මේ ගාල කඩාගෙන දුවන්නේ... හරියට නිකන් බූල් හැලිච්ච බැල්ලියක් පස්සෙන් එළවනවා වගේනේ උඹ දුවන්නේ.
පුතා: තාත්තා දන්නේ නැනේ.. ඇද මං මාර වැඩක් කලානේ...
පියා: ඒ මොකද්ද බං ඒ... උඹ කරපු මාර වැඩේ.. පුතා: අද මං... බස් එකේ එන්නේ නැතුව බස් එක පස්සේන් දුවගෙන දුවගෙන ආවා. දැන් ඉතින් මට රුපියල් 20ක්ම ඉතුරුයි... හික්ස්...
පියා: අනේ මෝඩයා...
පුතා: ඇයි තාත්තේ... රුපියල් 20ක් ඉතුරු කරන එක මෝඩ වැඩක්ද? ඉතින් මම මේ බැලුම් බෝලෙකුත් ගත්තනේ... මේ බැලන්නකෝ ඇනේ ඒක ලස්සනයි...
පියා: නැ නැ.. බං... මං මෝඩයා කිව්වේ රුපියල් 20 ඉතුරු කර ගත්ත එකට නෙමෙයි. උඹට තිබ්බේ ත්‍රී වීල් එකක් පස්සේ එලවන්න.
එහෙම උනා නම් උඹට රුපියල් 200ක්ම ඉතුරු කර ගන්න තිබ්බනේ... අනේ...
පුතා: හැබැටම.. තාත්තගේ මොලේ තමා මොලේ... ඇලේ දාන්න වටින මොලේ...
පියා: ඒකනේ උඹලගේ අම්මට නැනේ අගේ මගේ මොලේ... ඒක නෙමෙයි කොල්ලෝ... අද කෝච්චිය පරක්කුනේ...
පුතා: ඒක හැමදාම පරක්කුනේ තත්තේ... කෝච්චිය පැමිණෙන ශබ්ද්දට පසුබිමෙන් ඇසෙයි... ඒ සමගම කෝච්චියේ ගාඩ්, තොප්පියක් හිස පැලඳ, විසිල් ඒකක් අතින් ගෙන අත් දිගට හැඳ අයෙක් කෝච්චියේ ආකාරය දක්වමින් පැමිණේ...


පුතා: එනවා එනවා...
පියා: කවුද බං.
පුතා: මැණිකේ එනවා.. මැණිකේ එනවා...
ගාඩ්: නගින්න නගින්න... අපි කඳු අස්සෙන් යනවා.. ගල් අස්සෙන් යනවා... කඳු උඩින් යනවා. ගල් උඩින් යනවා. නගින්න නගින්න.. ඉක්මන් කරන්න... ඒ මහත්තයා... මහත්තයාගේ එක නග්ග ගන්නකෝ... මොකද ඔය බලාගෙන ඉන්නේ...
පියා: මොකක් කිව්ව... මගේ එක නග්ග ගන්න.. (තරහෙන් යුතුව පියා පවසයී)
ගාඩ්: නැ නැ. ඔය මහත්තයගේ පොඩි එක නග්ග ගන්නකෝ...
පියා: මොකක් පොඩි එක... (තවත් තරහෙන් අසයී)
ගාඩ්: නැ නැ.. ඔය මහත්තයේ පොඩි එකා.. පොඩි එකා... ඒකාව නග්ග ගන්නකෝ... ඉක්මන් කරන්න...
පියා: ආ.. මගේ පොඩි එකා.. ඒක මිසක්...


සැවොම කෝච්චියට ගොඩ වෙයි... පසුබිමෙන් දුම්රිය පිටත් වෙන ශබ්දය ඇසෙයි..

ගාඩ්: ගන්න ගන්න.. හරි හරි... අපි කඳු අස්සෙන් යනවා.. ගල් අස්සෙන් යනවා... කඳු උඩින් යනවා. ගල් උඩින් යනවා. නගින්න නගින්න..


කෝච්චි පෙට්ටියට නැගගත් පිය පුතු දෙපලට දෙපැත්තෙන් එක් තරුණ යුවලක් සිටියි. තරුණයා දිගු ඩෙනිම් කලිසමක් සහ ටී-ෂර්ටයක් හැඳ අව් කණ්ණාඩිය පැලැඳ ජැන්ඩියට සිටි අතර කෙල්ලන් ලොල් බවක් මුහුණෙන් දිස්වන්නට විය. තරුණිය තරමක ලජ්ජාශීලී බවක් සහිතව පොත් මිටියක්ද අතින් රැගෙන සිටි අතර එම තරුණයා සහ තරුණිය එකිනෙකා අඳුනන බවක් දිස්වන්නට විය. මේ අතර අර තරුණයාට එම තරුණිය අසලට යැමේ අවශ්‍යතාවක් ඇති වී පියාට මෙසේ කියන්නට විය.

ජන්තු: අංකල් පොඩ්ඩක් එහාට වෙන්නකෝ..
පියා: අංකල්... කවුද බොල උඹේ අංකල්...
පුතා: මේ අපේ තාත්තට අංකල් කියන්නෙපා හරිද?...
ජන්තු: ආ.. නැ නැ.. මේ අය්යේ පොඩ්ඩාක් එහාට වෙනවද?
පියා: ආන්න එහෙම එනවා හරිද?...
ජන්තු: ආ සූකිරී... කොහොමද මගේ සූකිරී කැටේ...
සූකිරි: ආ ජන්තූ.. කොහොමද.... (ඇය කතා කරන්නේ ඇදලා පැදලාය)
ජන්තූ: ඔයා අර අරහේ ගිහිල්ලා එන ගමන්ද? සූකුරි: කොර කොරහෙද අනේ...
ජන්තු: අර අරහේ.. ගඟ අද්දර. මම දැක්කා ඔයා අරයත් එක්ක එහේ ඉඳලා එනවා
සූකිරි: ආ ඔව් ඔව්.. ඔයා මාව දැක්කද? (විස්මයෙන් සහ ලජ්ජාවෙන් යුතුව)
ජන්තු: මම විතරක් නෙමෙයි එතන හිටිය සෙට් එකම දැක්කා ඔයා එනවා අරයා එක්ක කිචි බිචිය දාගෙන... මේ ඒක නෙමෙයි.. ඔයට මතකද අර පෛතගරසය කියපු කතාව...
සූකිරි: කවුද අනේ පෛතගරසය කියන්නේ?
ජන්තු: අනේ අර අපේ ගණිතය, මට ඒකව පේන්න බැ.
සූකිරි: අනේ අපේ සක්විති රාජපක්ෂ සර්.... මං හරී... කැමතියි එයාට
ජන්තු: ඒ බව පේනවා ඇඹරෙන හැටි දැක්කාම... මැන්ස් නියමෙට තෙල් බෙදනවා... කියලා වැඩක් නැ. මේ ඒක නෙමෙයි... මතකද මිනිහ කිව්ව අර දෙක එළියට ගන්න කියපු එක...
සූකිරි: අනේ මට මතක නැනේ...
ජන්තු: අනේ අර දෙක දෙක.. කාටත් පොදු දෙක... පොදු සාධක දෙක.
සූකිරි: ආ... මතකයි... මතකයි...
ජන්තු: සර් කියපු ගමන් මම ගත්ත දෙක එළියට. උඩ දෙකයි යට දෙකයි කපලා දැම්ම සුටස් ගාලා...
සූකිරි: අම්මෝ... ඔයා හරි දරුණුයිනේ...අපි නම් එක ස්ටෙප් එකකට එක වැඩයි කලේ
ජන්තු: ඔව් ඉතින් ඔයාලට අපිට වගේ සට සට ගාල වැඩ බැනේ....
සූකිරි: ඔයා හරි බ්‍රයිට් කේස් එකක්නේ. ඔයා මට කැමැතිද?
ජන්තූ: මොකක් කිව්වේ...
සූකිරි: ඔයා මට කැමැතිද?
ජන්තු: ඇත්තමට...  I got totally Encapsulated. And dinosaurs are going on the Highway. Baa, baa, black sheep,Have you any wool? Yes sir, yes sir, Three bags full. Twinkle, twinkle, little star, How I wonder what you are.
සූකිරි: අම්මෝ.. ඔයට කඩ්ඩත් පුලුවන්නේ.. ඒ උනාට මං නම් කැමති සංගීතයට.
ජන්තු: මාත් කැමති සංගීතයට. මං වැඩියෙන්ම කැමති රාගයට. පුදුම ආසාවක්නේ තියෙන්නේ...
සූකිරි: මං ආසයි බට නලා පිඹින්න..
ජන්තු: අම්මෝ.... බට නලා පිඹින්න එපා.. ගැණු ළමයින්ගේ බඩ එනවා....

එනපොට හොඳ නැති බව දුටු පියා තරහෙන් පිපිරි පිපිරි ජන්තුට බනින්නට විය...

පියා: මොනවද අයිසේ මේ කියන කතා. බට නලා පිඹින්න.. බඩ එනවා.. මේ ළමයි ඉන්න තැනක කියන කතාද ඕවා... පළයව් දෙන්නම මෙතනින්... ආවා මෙතන නලා පිඹින්න... පුම්ඹනවා තොගේ නලාව....
පුතා: ඒ කොහොමද තාත්තේ බට නලා පිම්ඹාම බඩ එන්නේ....
පියා: දැම්ම ඒක උඹට තේරෙන්නේ නැ කොල්ලෝ...
පුතා: තාත්තේ බැලුම්බෝල පිම්ඹාමත් බඩ එනවද?
පියා: නැ නැ.. බැලුම් පිම්ඹුවේ නැත්තම් තමා පුතේ බඩ එන්නේ.. ඒක හින්දා දිගටම පුම්බාපන්...
පුතා: අර කවුද තාත්තේ අර එන්නේ...

අත් දිග කමිසයක් හා කලිසමක් හැඳි කඩවසම් තරුණයෙක් එහා කෝච්චි පෙට්ටියේ සිට පැමිණේ. ඔහුගේ ටයි පටියක්ද පැළඳ සිටිඅ අතර ලැප්ටොප් බැගයක් කරේ දවටාගෙන කිසියම් දෙයක් විකුණන අයුරක් දිස්වන්නට විය. කෙසේ නමුත් ඔහු පොහොසත් වෙළෙන්ඳෙක් බව පෙනෙන්නට විය.

*********************
 මතු බැඳේ...
*********************

January 22, 2011

මොනා උනත් මගින් 42 ක් ගනින්

මෙම බස්වල යන්නේ කලාතුරකින්නේ. ඉතින් මේ පහු ගිය සතියේ ගියා බස් එකක. අනේ මම දැක්කා මෙන්න මේක. බස් එක පිරෙන්න සෙනඟ හිටියත් මගින් 42ක් ගන්නවාලු. තව පොඩ්ඩක් හරි ඉඩ තිබ්බොත් තවත් 21ක් පටවා ගන්නවා කියලාත් ලියලා තිබ්බා. මට බයත් හිතුනා. ඒත් මට සීට් එකක් සෙට් වෙච්ච හින්දා හිත හදාගෙන ගියා. මේකා ඇත්තටම මගින් 42ක් විතර දා ගත්තනේ. මං හිතුවේ ඒක අකුරු මාරු වෙලා කියලා. එහෙම නැ... කොන්දා සමහන් බොනවනේ...

හික්ස්...

January 9, 2011

ආවේ නම් 10ට ගනින්න බැරි විදියට

මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.

ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියලා. මම කිව්වා ඒක නම් බෑ. අඩුම ගානේ 6 ටවත් දාන්න කියලා. ඔහොම කොහොම හරි මම 6 ට ගියා. මම ඇත්තම කියන්නම්, මට ඒ පොත හරිම ලේසියි. කරන්න කියලා දෙයක් නෑ. මම පන්සල ගියේ ඉරිදා උදේට සෙල්ලම කරන්න තියෙන ආසාවට මිසක් ඉගෙන ගන්න නෙමෙයි.

දවසක් අපි මොකක් හරි ලොකු බුලක් කෙලලා හාමුදුරුවන්ට මල පැන්නා. අපිව ගෙන්නලා දෙහි කපන්න ගත්තා එකසිය ගාණට. පස්සේ ඇහුවා කවුද පටන් ගත්තේ කියලා. මම වීරයානේ. එක පාරම "මම" කියලා කිව්වා. දැන් ආයෙත් හාමුදුරුවන්ට මල.

"මේකා පන්සලට ආවේ නිකන් 10ට ගනිනන් බෑ වාගේ.. ඒක ට දැන්..."

මේක කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික පුරවලා දැම්මා මෙහෙම.

"දැන් 11ට පුළුවන්..."

එතන හිටිය සමහර ගුරුවරුන්ට නම් හිනාත් ගියා. සමහරු නම් කිව්වා තියෙන පණ්ඩිතකම කියලත්. කොහොම උනත් ඒක හෙන ගොන් වැඩක් කියලා නම් මට පස්සේ තේරුම් ගියා. ඒ කාලේ මගේ වීරකම කියලා මම හිතාගෙන හිටියා. ඒක ඇත්තටම වීරමක නෙමෙයි, තියෙන මෝඩකම!!!




ඔන්න ඔයවගේ වීර කමක් කොරන්න ගිහින් ඉස්කෝලෙන්නම් එකසිය ගානක කාලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් ඒකත් අකුරු කරන්නම්කෝ...