December 9, 2014

හද පැලී මි'යැන්නට මත්තෙන්...

යාන්තමට හෝ දකින්නට ඔබේ රුව
නෙත් පොපියා සිටි'මුත්
සැගව ගොසින්ය කාටත් හොරා
දැවටෙන්නට සිත්දරා උණුසුමට නෙත් පියා
වෙලා ගන්නට නොහකි'මුත් ඔබේ ගත
නික්ම ගොසින්ය කාටත් හොරා
සියොතුන්ද සැඟව ගොසින්ය
නිමක්නැති ගඟනපුරා තනිකමයි හද රැඳුන
කියන්නට සිත් නොවන
දකින්නට රිසි නොවන
හනික පිය නගනු මැන
හද පැලී මි'යැන්නට මත්තෙන්...