October 9, 2008

තවත් එකම එක වතාවක්


ප්‍රේමය දුර ඈතක
හදවත රිදිලා
සතපන්න කඳුළු
ගංගාවක
දෙනෙත් කකියනතුරු
දෝර ගලන්න
විසකුරු කටු
පයට පෑගෙන්න
රිදෙන්න මට
තවත් එකම එක
වතාවක්

September 9, 2008

සිත් රිදුමක්


මන්දාරම්
වැහි පොද
ලිහිණි සරින්
සයුරු කොනක්
කාක නදක්
සීතල
මද පවනක්
හිරු ගිලිනා
මහ මුහුදක්
සිත් රිදුමක්

August 18, 2008

සිස්ටම් එරර්ලු


මෙන්න හෙන එරර් එකක්.
මොනා කලත් හරි යන්නේ නෑ.
මට දැන් එපා වෙලා තියෙන්නේ...
මොන මගුලක්ද මන්දා..

සිස්ටම් එරර්ලු. මොනවත් විස්තර නෑ..

August 12, 2008

පරණ සෙරෙප්පුවට හුවමාරුවක්


පරණ සෙරෙප්පුවට
හුවමාරුවක්
පෝයදාට
ලොකු පිං කමක්
කර ගත්තොත්
එලොවට වැඩක්
මලක් නොපුදා
බුදුට හොරෙන්
පස්ස දොරින්
ගෙන යන්න හිතක්

August 9, 2008

එන්නම් හනිකට


හීන හැබෑ කරන්නට
ඔබේ සුරත පටලා
ඇවිද යන්නට
පෙම් බස් කියමින්
තුරුළු කරන් සිඹින්නට
එන්නම් හනිකට

July 14, 2008

ඔබටත් උපැස් යුවලක් අවශ්‍යද?





ඔබටත් උපැස් යුවලක් අවශ්‍යද?

June 14, 2008

පිණ


පිණ
පිණ
පිණ

කෝ මේ පිණ ඇත්තටම???

June 11, 2008

සීතල මෝදු වෙලා


සීතල මෝදු වෙලා
හද පතුල ගල් වෙන්න
තව මොහොතයි
දැන්වත් එනවද
මගේ අවසන්
හුස්ම පොද
නවතින්නට කලියෙන්


May 9, 2008

මට කියා දෙන්න


මොර සූරන වැස්සක්
අද වහින්නේ
එක වතුර බිංදුවක්
ඇති ඔළුව පලන්න තරම්
ලොකුයි, සැරයි...
අකුණු ගහන්නේ නෑ
ගොර වන්නේ නෑ
වැස්ස විතරමයි...
ඒ මොකද ඒ...
මට කියා දෙන්න
දන්න කෙනෙක් ඉන්නවනම්
ඒ මොකද ඒ කියලා

May 8, 2008

වාගේ


වැස්ස පටන් අරගෙන
හෝ ගාලා වහිනවා
ආයෙත් වහිනවා

පායන පාටක් නෑ වාගේ
කරන්න තරම් දෙයකුත් නෑ වාගේ
කම්මැලිකමත් ටිකක් වැඩියි වාගේ
නිදියා ගන්නත් බෑ වාගේ
නිදිමතත් නෑ වාගේ

එහෙනම් මොකද කරන්නේ...
වැස්ස දිහා බලාගෙන ඉම්මු නේද

හා එහෙනම්...

April 1, 2008

මම යන්නෙමි.

මම යන්නෙමි.
යන්නටම යන්නෙමි.
කිසිදා නො එන්නෙමි.
ආයෙත් නො එන ලෙසට යන්නෙමි.

මේක බොරුවක් හරිද???
අද දවස දන්නවනේ...

March 9, 2008

කුමරී...


සිහින තුලට
මායා වද්දවා
හී සර විද
සියුම් සිනිඳු
හද පාරවා
පලා ගිය
කුමරී...


February 19, 2008

මගේ පිංතූර ගැහිල්ල


මගේ පිංතූර ගැහිල්ල

February 8, 2008

Not you again

Oh Shit...
Not you again...

ඒක මෙහෙම ලියන්න හිතුනා




හදවත පාරන සොඳුරු හැඟුම්
සිරකරගෙන සිටියා ඇති දැන්
සවනට ලංවී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්..

මෙන්න මේ ගී පද උදේ ඉඳලම මගෙ සිත ඇතුලේ රැව් දෙන්න ගත්තා. කිසිම හේතුවක් නෑ... ඒත් කියැවෙන්නේම මේක.
මගේ හිතට මොකද්දෝ ප්‍රමෝදයක් ලැබිලා වගේ. කියන්න තේරෙන්නේ නෑ. ඒත් අනේ මංදා...
ඒක හින්දා ඒක මෙහෙම ලියන්න හිතුනා.


January 24, 2008

මෙන්න කන්තෝරුව ඇතුලෙදී

අපි හරිම විනෝදයෙන් හිටියා...
නමුත් කියන්න බැරි තරම් පාලුවකුත් තිබ්බා...




January 19, 2008

පට්ට සීතල...


ඇත්තටම පට්ට සීතලයි...

January 16, 2008

අපේ නොර්වේ කන්තෝරුව.

මේ තියෙන්නේ අපේ නොර්වේ කන්තෝරුව.

ඒක තියෙන්නේ ඇස්කර් කියන නගර මධ්‍යයේය.
මේ ඉන්නේ මම.

January 11, 2008

ඊයේ ලංකාවෙන් පිටත් උනා නොර්වේ බලා.

අපි ඊයේ ලංකාවෙන් පිටත් උනා නොර්වේ බලා. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අපි ඉස්සරලාම ආවේ ෆැන්ක්ෆර්ට් ගුවන් තොටුපලට.
9 වැනිදා රෑ තමයි අපි පිටත් උනේ. මේක මගේ පළවෙනි ගුවන් ගමන. හරිම විනෝදජනකයි.
ඔන්න ගුවන් යානය හිමීට ගන්නවා අදාල ගුවන් පතයට හොරෙන් හොරෙන්...
මෙන්න එකපාරම සුන් ගාලා යන්න ගන්නවා...
අම්මෝ ඒක යන වේගේ...
මට බය හිතුනා. ඒවගේ වේගෙකින් ගිහින් නෑ කවදාවත්ම...
එකපාරම ගුවන් යානය පොඩ්ඩක් ඉස්සුනා වගේ දැනුනා..
මෙන්න අපි අහසේ... නියමයි..
කියන්න දුකේ බෑ... මුළු පොළවම හරිම ලස්සනයි.
බල්බ් දැල්විලා... ඔන්න ලංකාව පේන විදි‍යට ගුවන් යානය දෙපැත්තට පද්දලා යන්න ගත්තා ලංකාවට සමු දීලා

January 1, 2008

දුරුත්තේ හීතල



දුරුත්තේ හීතල
මේ අවුරුද්දේත්
ඉන්න බැරි තරමට
ඇඳේ පෙරළි පෙරළි
පොරවපු රෙද්ද අස්සෙන්
පොඩ්ඩක් බලලා
ආයෙත් රිංගන්න
ඇතුළට
දෑස පියාගෙන
නොනිදා ගුලි වෙන්න...
ආසයි
ආයේත්...


2008 ආවා



නව වසරක ආරම්භය
නව ජීවයක් සමග
ජීවන කතර තරණයට
ඔබ සැමට
මගේ සුබ පැතුම්
සයිබර් යායට
එක් කරමි
මෙසේ මගේ ලැබැඳියන්ට
ආදරයෙන්....