February 28, 2010

මාරිතු 0 වැනිදා

මාර්තු පළමු වැනිදාට කලින් හා පෙබරවාරි අවසාන දිනට පසුව එළඹෙන දිනය මාරිතු 0 වැනිදා වේ.

මෙම දිනය මක්‍රෝසොෆ්ට් එක්සෙල් වැනි සමහර පරිඝණක වැඩසටහන් වලදී අධික අවුරුද්දකදී ඇතිවන ගැටළුව විසදීමට යොදා ගනී.

එමෙන්ම ජෞතිෂ්‍ය කටයුතුවලදී ද යොදාගෙන ඇති බව පෙනේ.

February 25, 2010

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

සමස්ථ ඡන්ද ප්‍රතිඵලය: රසට ඉවීම


පිරිමි පක්ෂය       -  76 (64%)                                                     
ගැහැණු පක්ෂය   - 42 (36%)  

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව : 128
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව : 118 (92.18%)
වලංගු ඡන්ද සංඛ්‍යාව : 118
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව : 0

මෙවර 92% වඩා වැඩි පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කළ අතර වැඩි ඡන්ද 37ක් ලබාගෙන පිරිමි පක්ෂ‍ය විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත්තේය.

වැඩි විස්තර මෙතනින් ගන්න: http://www.99polls.com/poll_112205



විශේෂ ස්තුතිය:
සියළුම ඡන්ද දායකයින්ට හා (http://www.99polls.com/) සමාගමට
99polls.com



සැ: යු:

මෙම මැතිවරණය  ඉතා සාමකාමී මැතිවරණයක් බව විදෙස් නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ඡන්ද මංකොල්ලකෑම්, තර්ජන ගර්ජන ආදී කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් සිදු නොවූ බවද ඔවුන් තව දුරටත් පැහැදිළි කළහ.

මෙම මැතිවරණය 01/22/2010 දින දී (සති 4 පෙර ) ආරම්භ වී අද රාත්‍රී (02/25/2010) 8ට අවසන් විය.


නිගමනය:
වඩාත් රසට ඉවීම කරන්නේ පිරිමින්ය. 


පරහට තියෙන්නේ:
අද සමාජයේ කෑම උයන්නන්ගෙන් බහුතරය කාන්තාවන්ය.


සාකච්ඡාවට:
ගැහැණු  පිරිමින්ට නිසි තැන නොදෙනවාද?
පිරිමි  හිතාමතාම එය මග හරිනවාද?



February 18, 2010

ඔබේ විෂාදය

සෑම උදෑසනකම
ඔබේ විෂාදය
තබන්න ඔබේ
ගේට්ටුවෙන් පිටත,
එතනයි තැන
කැලිකසල
එකතු කරන්නන්
සොයා බලන...

February 17, 2010

සිසුවිය සිය කැමැත්තෙන් මෙය සිදු වෙන්නට බැරිද?

පිරිමි ළමයි (මේ උන්ට ළමයි කියන්න බෑ ) 8 දෙනෙක් එකතු වෙලා එක ගැහැනු ළමයෙක්ව දූෂණය කරලා කියලා පුවතක් මට මේ ළඟදී අහන්න ලැබුණා. අද මම ඒක ගැන මගේ අදහස් ලියන්නයි හැදුවේ.


එක සිසුවියක්, සිසුන් 8 දෙනෙක් විසින් දූෂණය කර ජංගම දුරකතන මගින් වීඩියෝ කර, සංයුක්ත තැටි වල ගබඩා කර, විකිණූ බව එහි සඳහන් විය. අවසානයේදී සිසුවියගේ පියා අතටද ඒ තැටියක් ලැබුන බවද පියා විදුහල්පති ඉදිරියේ කරුණු කිව්වද ඉන් පලක් නොවී පොලීසියේ සහය පැතූ බවද දැන් සිසුන් රක්ෂණ බන්ධනාගාර බවද එම පුවතින් තවදුරටත් කියැවින.

නමුත් මෙහිලා සලකා බැලිය යුතු කරුණක් මම දුටුවෙමි.

අද බොහෝ දෙනා කතා කරන්නේ ගැහැනියගේ කිසිදු වරදක් නැත, වරද ඇත්තේ පිරිමි තුළමය යන තැන සිටන්ය. බොහෝ පත්තර හා රූපවාහිනී නාලිකා ඔස්සේ විස්තර කෙරුනේ ඇයව දූෂණය කළ බවක්ය. සියළුම වැරදි පිරිමි තුලට පටවා ගැහැනු සුද්ද කරන්නට විය.තවත් සමහරු මෙය නොදරුවන්ගේ කොලොප්පමක් ලෙසද අර්ථ දක්වන්නට විය. කෙසේ නමුත් අවසානයේදී මෙහි වරද පිරිමි සිසුන් වෙත පැටවෙන්නට විය.

මා මෙහිදී ඉස්මතු කරන්නට යන්නේ හරි වැරැද්ද කාගේද යන්න නොව, විමසිය යුතු කරුණක් ගැනය.

මෙම සිසුවිය සිය කැමැත්තෙන් මෙය සිදු වෙන්නට බැරිද?
- මේ සඳහා අර කියන සංයුක්ත තැටිය බැලිය යුතුය. එමගින් ඉතා පහසුවෙන් එය සොයා ගත හැකි වනු ඇත.

පාසල් ගියා හෝ නොගියා හෝ ඇයද එක් කාන්තාවකි. පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ආශාවන් ඇතිවේ. පිරිමි මෙන්ම කාන්තාවෝද එම ආශා ඉටු කර ගැනීමට කැමැත්තෙන් සිටිති. එම නිසා මෙවන් සිදුවීමකදී සියළු වැරදි එක් පාර්ශවයකට පටවා නිහඩව සිටීම කිසිසේත්ම පිළි ගත නොහැක.

සමහර විට ඇය හිතා මතාම පිරිමි ළමුන් පොළඹවා ගත්තා විය හැකිය. කැකෑරෙන තරුණ හදවත් ඉතාම කුඩා දෙයකින් පවා ඇවිස්සිය හැකි බව ගැහැනු මෙන්ම පිරිමිද හොඳාකාරම දනිති. එම නිසා නොකලයුතු උසුළු විසුළු කරමින් නොපෙන්විය යුතු තැන් උලුප්පවා පෙන්වමින් නොයෙකුත් අඟර දඟර දමමින් සිටින කෙල්ලකුට ඉතා පහසුවෙන් කොල්ලෙකු වසඟයට ගැනීම එතරම් කාර්යයක් නොවන බව නොරහසකි.

මෙහි කියැවෙන පිරිමි ළමුන් 8 දෙනා හිටිහැටියේ මෙම කාර්යය කලා විය නොහැක. ඔවුන් සංවිධානය විය යුතුය. ඇය යන එන තැන්, වේලාවන්, කවුරුන් සමගද, ඇය රැගෙන යා යුතු තැන, කවුරුන් විසින් කුමක් කළ යුතුද, මුදල්.... මේ ආදී දහසක් දෑ කළ යුතුය. එම නිසා මෙම සිද්ධිය එක පැයකින් සිදු වූවක් ලෙස සැලකීමට අසීරුය. එලෙසම මේ කියනා සිසූවියද මේ සම්බන්ධව ඉතා කුඩා හෝ දෙයක් දැන් සිටියා විය හැකිය. සමහරවිට ඇය මොවුන්ව බොහෝ සෙයින් විශ්වාස කල නිසා එය අමතක කළා ද විය හැක.

නමුත් කෙල්ලක වශයෙන් පිරිමින් අතර සිටිනා විට තමාගේ ආරක්ෂාව ගැන තමාම සිතිය යුතුය. පිරිමි ළමුන් 8 දෙනෙක් කොහේ හෝ යාමට කතා කරන විට ඒ ගැන කිසිත් නොකියාම ඔවුන් සමග යෑම මා කිසිසේත්ම අනුමත කරන්නේ නැත.


නමුත් මෙම සිසුවිය මෙවන් දෙයක් සිදු වූ විට එය සඟවා තබා ගැනීම එතරම්ම සාධාරණ දෙයක් ලෙස මම නොදකිමි.
මේ පිළිබඳව වැඩිහිටියන්ට පැවසිය යුතුද?
සඟවා තබා ගත යුතුද?

මෙහිදී මා දකිනා අනිත් කරුණ නම් පි‍යා අතට මෙම සංයුක්ත තැටි ලැබුණ කාරණාවය. මෙය පියාට රිදවීමට කලා විය හැකිය. එලෙසම පියා ඊට ඇබ්බැහි වූ අයකු වන්නටද පිළිවන.

කෙලෙස හෝ මා මෙහිදී උත්සාහ කලේ පිරිමි ළමුන් වෙනුවෙන් පෙනී හිටීම නොවේ. මාධ්‍ය එක පැත්තක් පමණක් උලුප්පා වෙන්වන කල්හි පාඨකයන් වන අප විමසිලිමත් විය යුතු බවය. නැත්නම් අප පඹයන් සේ කියවන දෑ දකින දෑ සැබෑයැයි සිතා කටයුතු කරනු ඇත.

ඔබේ සංවාදයට මෙය විවෘතය.

ඔබේ ඇසින් මෙය කියන්න....

පිංතූරය

February 10, 2010

වැප්ට පිළිතුරු:

වසේ හරිය ඉවර කරලා
ර්ෂාවෙන් පිරුණු
දාහරිත වනාන්තර ගැන
තන්දර කිය කිය ඉන්න කොට

දෙඤ්ඤං බැටේ කියලා කියපු අය, මේක නියම
ලවම කියලා කියපු අයත් එක්කා සෙට් වෙලා
ල්පනා  කර කර

වැලිකතරේ ඉන්න කොට
නිෂ්කගේ දින පොත අහම්බෙන් හම්බ වෙලා

පේ අහස
ද බිඳි සර..
සන්තයේ පිනි බින්දු කියන ලිපි බල බල
වි රජදහනට යන කොට

වීඩියෝ ඕපදූපකාරයා ඕක දැකලා

නිදහස් සිතුවිලිවලට
කර රජදහනක කොහෙද ඉඩක්
විමසමු.. විමසුම.. විමසුම අපි මේකත් කියලා ඔන්න
Yala National Park, Sri Lankaට එකට එක්ක ගියාලූ.

අකුණ

විදුවත් පලා
වියත් දැල පුරාවට
පබර කර තර දහරා
දෙරණ සිඹින කළ
කණෙරුන් මතට වන්
කෙසරිඳු නගන ගර්ජනා
වදන් මග අහුරා
මොහොතක්
සතිය විකල් කළ
අයුරු දැනේ කිම...!



පිංතූරය

February 7, 2010

කියනු රිසියෙමි

ඔබ
සරල සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
එකම එක
තාත්වික මූලයක්
බව දනිමි.
ඔබ වර්ග සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
මූල දෙකක්
බවද දනිමි.

එනමුදු ඔබ
බහුපද සමීකරණයක්
බව
කියනු රිසියෙමි.

හුදෙක් මාගේ
ප්‍රයත්නයන්
අවකලනය වන කල්හි
නුඹේ සිතිවිලි
අනුකලනය
වනු දුටිමි.

මා සරල රේඛාවක්
වන කල්හි
ඔබ පරාවලයක වී
කිසිදා එක් නොවනා
අනන්ත‍යට
යන බව කියමි.

February 6, 2010

මොකද හිතෙන්නේ...?

මම අද පිළියන්දල NSB බැංකුවට ගියෙමි. එහි ඇති ATM යන්තරේ මෙවන් දැන්වීමක් විය. 
එහි කුඩා සංස්කරණයක්ස දුටුවෙමි මෙලෙස. 

මට නම් හිනා ගියා...
මොකද  හිතෙන්නේ...?




වාස්තු විද්‍යාව - 3: ඉඩමේ හැඩය, පිහිටීම හා පස

අද වාස්තුතුලින් ලියන්න හදන්නේ ඉඩම් සම්බන්ධවයි.  ඉඩමේ හැඩය, ඉඩමේ පිහිටීම හා ඉඩමේ පස ගැන අපි අද කතා කරමු. මෙහිදී මා ඉඩමේ හැඩය පිළිබඳව වැඩිපුර ලියන්නට සූදානම්ය. නමුත් මෙහි එන සියළු කරුණු තෘප්ත කරමින් ඉඩමක් සෙවීම යම් අවස්ථාවකදී අසීරු විය හැකි බවත් මතක තබා ගත යුතුය.

ඉඩමේ හැඩය කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.
  • ත්‍රිකෝණ හැඩය නොවිය යුතුය
  • එල්(L) හැඩය නොවිය යුතුය
  • කූඤ්ඤ්යක හැඩය නොවිය යුතුය
  • ආයුධයක හැඩය නොවිය යුතුය
  • බිත්තරක් වැනි රවුම් හෝ විවිධාකාර හැඩයක් නොවිය යුතුය
  • හීනි දිග පටියක හැඩය නොවිය යුතුය
  • මුළුවල හැඩය අංශක 90 හෝ කිට්ටු අහයක් විය යුතුය
පහතින් දැක්වෙන රූ සටහන් මේ පිළිබඳව වැඩිදුර විස්තරයක් ඔබට ගෙන දෙනු ඇත.



අපි දැන් බලමු ඉඩමේ පිහිටීම ගැන. එය මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.
ඉඩමේ ජලය දකුණේ සිට උතුරට ගලන්නේ නම් ඉතා සුභය. එනම් ඉඩමේ දකුණ උස්ව ද උතුර පහත්ව ද තිබිය යුතුය. මෙහිලා බටහිර උස්වද නැගෙනහිර පහත්ව ද තිබීම වඩා වැදගත් ලෙස දැක්වේ,

  • උතුර නැගෙනහිර උස්ව පවතින විට මුදල් හානිය, අලාභ හා පිරිමින්ට අයහපත්ය.
  • ගිණිකොණ පහත් වීම නිසා සෞඛ්‍ය අපහසුතා, ගිණි උවදුරු ඇතිවිය හැකිය.
  • දකුණ පහත් වීම නිසා රෝග හා ආයුෂ අඩු වීම විය හැකිය.
  • නිරිත පහත් වීම නිසා අනව්‍යය වියදම්, සොර සතුරු බිය, රෝග ඇතිවිය හැකිය.
  • බටහිර පහත් වීම නිසා අසතුට, මුදල් හානි, පිරිමින්ට හානි ඇතිවිය හැකිය.
  • වයඹ පහත් වීම නිසා මානසික ආතතිය, මුදල් හානි ඇතිවිය හැකිය.
  • මධ්‍ය පහත් වීම නිසා මානසික අසහනය හා රෝග ඇතිවිය හැකිය.


අපි දැන් බලමු ඉඩමේ පස පිළිබඳව. මේ පිළිබඳව පවසන කල රතු හා කහ පැහැති බොරළු මිශ්‍ර පස ඉතා යෝග්‍ය බව පවසා ඇත. මෙහි යම් ඇත්තක් තිබෙන බව මමද විශ්වාස කරමි. මෙමන් පසක කිසිවිට ගිලා බැහීමක් සිදුවන්නේ නැත. නමුත් කළු පැහැති පස් ඉක්මනින් දිරාපත්වී පසේ යම් යම් සිදුරු ඇති විය හැකිය. එසේම වැලි සහිත පස් ඇති ඉඩම් ද යෝග්‍ය නොවන බව සැලකිය යුතුය.

කෙසේ නමුත් මෙහි එන සියළු කරුණු තෘප්ත කරමින් නිවාස සඳහා ඉඩම් සෙවීම අමාරු කාර්යයක් බව මම ද දනිමි. නමුත් මෙහි එන යම් යම් කරුණු සිථි රඳවා සිටීම යම් අවස්ථාවක ඔබට යම් උදව්වක් වනු ඇතයි සිතමි.

February 5, 2010

අලුත් වෙනසක් - blogspot

දැන් අපිට පිටුත් එක් කරන්න පුළුවන්.
මම අද දැක්කේ මේ වෙනස.
ඔබත් දැක්කාද?