මෙම සිද්ධිය මා දන්නා එක්තරා මිතුරියකට සිදු වූවකි. ඇය පාසල් යන සමයේ සිංහල භාෂාව සඳහා ලකුණු 0ක් ලබාගෙන වාර්ථාවක්ද පිහිටවූ තැනැත්තියකි. තමන්ගේ ජාතියඩ සිංහලව තිබියදී පවා ලකුණු 0ක් ලබා ගැනීම තුළ කිසියම් සැඟවුණු සාහිත්‍යම රසාස්වාදයක් තිබේයැයි මා සිත් සන්තානයේ හටගත් කුකුස සංසිඳනු වස් සිදු වූ සංවාදයක අවසන් නිගමනයක් මෙසේ අකුරු කරන්නයට වීමි.
නමින් ඇය මධුමතී වූවාය. නමට සරිලන පරිදි මධුමතින් වෙරි නොවූවත් ඇගේ යම් යම් කටයුතු එසේ නොවූවාම නොවේ. ඒ කෙසේ වෙතත් ඇගේ සිංහල ගුරුවරිය නම් තරමක් සැරපරුෂ තැනැත්තියක් වූවාය. වහා කිපෙන සුළු වූ ඇය එක් දිනෙක වාර විභාගයේදී සියළු ළමුන් සඳහා වහා නියෝගයක් පැන වූවාය. එනම්:
අද ප්‍රශ්ණ පත්‍රයේ 10 වැනි ප්‍රශ්ණය වැරැද්දුවොත් ලකුණු 0යි. හොඳට කල්පනා කරලා ලියන්න. ඔන්න ආයෙත් කියන්නේ නෑ. තේරුණාද?...
මේ ආකාරයෙන් ඇගේ විධානය මුළු ශාලාව පුරා රැවු දෙන්නට විය. ඒ ගැන මොහොතක් නොසිතූ මධූ කිසිවක් නොසලකා පිළිතුරු ලියන්නට විය. පිළිතුරු ලිවීමෙන් පසුව බොහෝ සතුටෙන් පිළිතුරු පත්‍රය ගුරුතුමියට භාරදී යන්නට විය. වාරයේ ලකුණු නිකුත් කරන ලදී. අහා!!! පුදුමයකි. පසුව සිංහල සඳහා ලකුණු 0ක් ලැබීම ගැන ඇය ගුරුවරියගෙන් විමසූ කල්හි ඇයගේ පිළිතුරු පත්‍රය ඇයට පෙන්වන්නට විය. එමෙන්ම එදා කියූ කතාවද මතක් කර දෙන්නය විය. එදා නම් ඇයට මධු පානය කරන්නට සිත් වන්නට ඇත.
එහි වූ ප්‍රශ්ණය නම් මෙයයි.
ඔබ යන්නේ බහු වචනය කුමක්ද?
ඔබේ පිළිතුර කුමක්ද?
ඔබත් ලකුණු 0වේ කෙනෙක්ද?
පිළිතුර : ඔබ