December 31, 2011

December 23, 2011

සීක්‍රට් සැන්ටා

සීක්‍රට් සැන්ටා කියන වැඩසටහන ගැන මට පොඩි අදහසක් ආවා. දැනට මේ වැඩසටහන කිහිප ආකරයකින් සිදුවෙනවා. පොඩි විස්තරයක් ලිව්වොත් මෙහෙමයි වෙන්නේ.

මේකට සම්බන්ධවෙන අයගේ නම් ටික තුන්ඩු ටිකක ලියලා මිශ්‍ර කරලා එක එක්කෙනාට ගන්න කියනවා. තමන්ගේම එක ලැබුනොත් ඒක ආයෙත් දාලා වෙනත් එකක් ගන්නවා. දැන් තමන්ට හම්බ වෙච්ච එක් කෙනා තමන්ගේ සැන්ටා. ඔයා එයාට තෑග්ගක් දෙනවා ජනවාරි 1 වෙනිදාට. ඒ විදියට හැමෝම තමන්ගේ සැන්ටාට තෑග්ගක් දෙනවා. මෙතනදී ඔක්කෝටම ජනවාරි පළවෙනිදා තෑග්ගක් හමබ වෙනවා.

මේක ක්‍රම කිහිපයකට සිද්ද වෙනවා. ගොඩාක් අය කරන්නේ උදෙන්ම ඇවිල්ලා තෑසි ටික කාටත් හොරෙන් එක තැනක තියෙනවා. හැමෝම එතැන තියන්නේ හොරෙන්. ඉතින් මේ විදියට කලාම කවුරුවත් දන්නේ නෑ තමන්ට තෑග්ග හම්බ උනේ කාගෙන්ද කියන්න. ඒක හින්දා තමා මේකට සීක්‍රට් සැන්ටා කියන්නේ. නමුත් සමහර අයනම් තෑග්ග දෙන්නේ මූණටම. එතන සීක්‍රට් වෙන්නේ ජනවාරි පළවෙනිදා වෙනකම් විතරයි. එදාට අහුවෙනවා. මට නම් ඒකේ කිසි ගතියක් නැ. පස්සේ දුන්න කෙනා හොයා ගන්න එක තමා ආසම වැඩේ. ඒක හින්දා මේක හොරෙන් දෙන එකට තමා මම කැමති. තවත් සමහරු තමන් කැමති මෙන්න මේකටයි කියලා කොහේහරි ලියලා තියෙනවා. ඉතින් ඒක හොයාගෙන ඒකම දෙන්න පුළුවන් නම් මරුම තමා. නමුත් ඉල්ලලා තෑගි ගන්න එකට නම් මම කැමති නෑ. මම කැමති හොරෙන්ම මගේ සැන්ටා කැමති, එයාට උවමනා දෙයක් එයාටත් හොරෙන් දෙන්නයි. පස්සේ කාලෙක එයා මව හොයාගත්තාම මාරම සතුටුයි. නැතුව මට මේක දෙන්න කියලා, ඒක නොලැබුණාම හිත රිදවාගනන්වත්, වටිනාමක අඩු එකක් දුන්නා කියලා දුක් වෙන්නවත් නෙමෙයි. මේ නීති රීති දාගෙන බලෙන් තෑගි ඉල්ලන වැඩේ ජාතියක් හැටියට පිළිගන්න බෑ. තමන් තමන්ට නිහතමානීව මේ වැඩේට සම්බන්ධද වෙනවානම් මේක සාර්ථකව සිදුවෙනවා. මම පොඩි තෑග්ගක් දීලා ලොකු එකක් බලාපොරොත්තු වෙනකොට තමා අවුල එන්නේ.

තමන්හේ යාළුවෙක් වෙනුවෙන් පැය කිහිපයක් වෙන් කරන්න බැරි නම් ඒ පුද්ගලයා සැබැවින්ම යාළුවෙක් නොවේ යන්න මාගේ මතයයි. මේ අතරම අපි එකිනෙකාගේ ආර්ථික තත්වයත් හිතන්න ඕනෑ. ඉතින් සමහරු කියනවා අපි ඔක්කොමලා මේ පාර රුපියල් 2000ක අවමයක් තියාගමු කියලා. ඒක නම එච්චර හොඳ වැඩක් නෙමෙයි. තෑග්ගක වටිනාකම තියෙන්නේ මුදලේ නෙමෙයි. මුදලට වහල් වෙන්න එපා. ජනවාරි පළවෙනිදාට මූණ ඇඹුල් කරගන්නවාට වැඩිය හොඳයි මේක නොකර ඉන්න එක.

ඉතින් මේ ඔක්කොම ලියන්නේ සමහරු හොඳහිත දියුණු වෙන්න කියලා මේක පටන් අරගෙන අන්තිමට වදයක් කර ගන්නවා. මේකේ නියම අරමුණ,  අර්ථය පස්සට දාලා වෙනම එකකට යොමුවෙනවා. ඉතින් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. වඩා වැදගත් අවංකව නිහතමානීව කටයුතු කිරීමයි.

December 8, 2011

අරක මේක...


අප්පට සිරි කීව්වලු.


අන්න අරූගේ අරක මෙන්න මේකා, මේකාගේ අරකට දාලා.
ඒකෙන් අරූගේ අරක මෙව්ව වෙලා.
ඒක මෙව්ව වෙච්ච හින්දා අරූ අනිත් එක අරකිට දීලා.
ඒකි ඒක ඒකිගේ අරක අස්සේ දාලා. ඒකෙන් ඒකිගේ එක මෙව්ව වෙලා
අරූගේ එක බේරිලා. කැඩිච්ච ඒකිගේ ඒක හදන්න අනිකගේ අරකට ගෙනියලා.
ඒකෙන් ඕක හදන්න දැන් පරක්කු වැඩියි කියලා මේකට එවලා.
මේකලා ඒකට අරවා මේවා කරලා දැන් මේකට හොඳටම මෙව්වා වෙලා.
ඉතින් අන්තිමට,
අරූගේ අරකත් නැ.
මේකිගේ මේකත් නැ.

.

December 2, 2011

නිතර සලිතවන සිත් පහන් මල

මදහස පෑව'මුත් නුඹේ
මුවකමල සිහියට ගෙනෙයි
සැඟවුණු රහස
පවසන තෙපුල් වදනින් නොව
ඉඟියෙන් සිහින් සරින්
කිති කවයි, සියොත්කැල
ගයන ඒ සුරල් නාද සේ
ගගණ ඇතිරූ සුසිනිදු
කිරි කැටි කෝමල පියාපත්
කලඹවයි සොම්නසින්
නිතර සලිතවන
සිත් පහන් මල