Showing posts with label අපේ පුතා. Show all posts
Showing posts with label අපේ පුතා. Show all posts
October 18, 2016
අදට තුනයි හයයි නමයයි
අපි බැඳලා අදට අවුරුදු 9ක් වෙනවානේ. මාර සීන් එක. කාලය ගත වෙනවා කියන්නේ හිතා ගන්නවත් බැරි වේගයෙන්. මට හිතෙන්නේම ඉස්සර කාලේ තත්පරේකට තිබ්බ කාලය, දැන් තත්පරේකට තියෙන කාලයට වඩා ලොකු වෙන්න ඇති කියලාමයි. උදේ වැඩ පටන් අරගෙන පොඩ්ඩක් එහේ මෙහේ බලනකොට දවල් වෙලා ඔන්න. දවල්ට කාලා හරියට හුස්සමක් ගන්නකොට වැඩ ඇරෙන වෙලාව ඇවිල්ලා. ගෙදර ගිහින් රෑට කාල ටී.වී. එක දාන්න හදනකොටම ඔන්න මහ රෑ 12 වෙලා. ඉතින් නිදාගන්නවා ඇරෙන්න වෙන මක්ක කරන්නද.
මීට අවුරුදු 10 විතර ඉස්සර දවසකට ගොඩාක් වැඩ කලා හිතෙන වාරගාන නම් ඉහේ කෙස් ගානටත් වඩා වැඩියි. අනේ මන්දා මොනා වෙලාද කියලා. විශේෂයෙන් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක. බුදු අම්මෝ! සිකුරාදා වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් නිදාගත්තාම, සෙනසුරාදා ඉරිදා දවස් දෙකම එක රෑ නින්දෙන්ම ඉවර වෙනවද මන්දා. මොකෝ ඇහැරෙනකොටම සඳුදා වෙලානේ. මේක මාර කෙලියක්නේ. ඉතින් බලහල්ලකෝ ඒකෙත් අරුමේ.
ඒක නෙමෙයි, අද කතාවේ 9, 6, 3 ඉලක්කම් තුනයිනේ. 9 කියන්නේ බැඳලා අවුරුදු නමයයි කියන එක. හය කියන්නේ අපේ ලොක්කගේ වයස. එතකොට තුන වෙන්නේ පොඩි එකාගේ වයස වෙන්න එපැයි.
මේ තියෙන්නේ පරණ ලියමනක්. "අපේ පුතා මෙළොව එළිය දකී"
ආ කියන්න අමතක උනානේ. අද අපේ පොඩි උන්ගේ සීයාගේ උපන්දිනේ. ඔන්න එයාටත් සුබ පැතුම් එක කලා. කාගේ මොන උත්සවේ ආවත් උන් දෙන්නා අහනවා මට මොනවද තෑගි තියෙන්නේ කියලා. බලහන්කෝ ඒකෙත් හැටි. උන්ගේ උපන්දිනේටත් උන්ට තෑගි. අපේ උපන්දිනේටත් උන්ට තෑගි.
කතාව කෙටියි. අද වැඩ ගොඩයි. අරුන් දෙන්නා එක්ක කොහේ හරි යන්න ඕනෑ. රැජිණටත් ස්පෙෂල් සම්තින් දෙන්න ඕනෑනේ. හවස පන්සල් යන්නත් එපැයි. ඉතින් එහෙනම් ඕං මං ගියා.
March 11, 2016
කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...
ලියන්න උනේ නෑ කාලෙකින්. වැඩ වැඩිද, නැත්නම් වැඩ කලමණාකරනය නැතිද, කොහොමහරි අන්තිමට උනේ ලියන්න බැරි උන එක තමා..
පහුගිය 6 වැනිදාට අපේ පොඩි එකාගේ තුනත් ඉවර උනානේ. ඉතින් දැන් ඌත් ලොකු එකෙක්.. කරන්නේම චන්ඩි වැඩ තමා. අද ලිපියට උගේ වැඩක් දාන්න හිතුනා..
අපේ ලොක්කා මලයට හෙන ආදරෙයි. අපි මල්ලිට සැර කරනවට නැත්නම් ගහනවට කැමති නෑ. දවසක් මං අහගෙන මෙහෙම කියනවා.
"මට පේන්න බැරි ඔය අත්තම්මගේ කෑගැහිල්ල තමා... මල්ලි තාම පොඩිනේ... එයාට බෑනේ තවම ඔව්ව කරන්න......"
මං හිතන්නේ රැජිණගේ අම්මා මොකක් හරි කියන්න ඇති මල්ලියට, ඉතින් අයියා ඒක ඩිෆෙන්ඩ් කරන්න හදන්න ඇති... බ්ලා.. බ්ලා...බ්ලා....
ඒත් අයියට මල පැන්නම දෙනවා ඩිග් ඩිද්... ගාලා, හැබැයි ගහන්නේ කොට්ටයක් හේත්තු කරලා. එතකොට රිදෙන්නේ ටිකයිනේ... ඒකටත් හිනා කාලා මැරෙනවා. ( ආදරෙයි + සැරයි )
අයියගේ තියෙනව පරණ පිංතූර පොතක් බැකෝ එහෙම තියෙන. ඒක දෙන්නේ නෑ මලයට ඉරලා දායි කියලා. දැනටමත් ඒකේ පිටු ගොඩක් ඉරිලා තියෙන්නේ ගන්න දෙයක් නෑ... ඒත් අයියා ඒක දෙන්නේ නෑ.
දවසක් මේ පොත තිබ්බා මේසයක් උඩ. අයියා පේන්න හිටියේ නෑ. මලයා සටස් ගාලා පුටුවක් ගෙනාවා නැග්ගා මේසයට. පොත අතට ගත්තා විතරයි අයියා ආවා.. මල කෙලියයි... ඔන්න අයියා එනවා නාලාසිරි ඇතා වගේ කෑගහගෙන... මම එලියේ ඉඳන් සිද්ධිය බලාගෙන...
මල්ලි දැන ගත්තා වැඩේ කේස් කියලා බුග් දාලා පොත විසි කලා බිමට... දැන් පොත අතේ නෑනේ, ඉතින් ගහන්න බෑ.. අයියා ගියා යන්න නිකන් පුස් වෙඩිල්ල වගේ උනේ වැඩේ..
මලයා වැඩේ අතඇරියේ නෑ... මූට කරන්න පුලුවන් දේකුත් නෑනේ.. කලිසම පාත් කලා... චූ කලා පොතට.... ඊට පස්සේ හිමීට බැහැලා ගියා මේසෙන් මුකුත් දන්නේ නෑ වගේ..
මට මැරෙන්න හිනා...
කරපු වැඩේ මම දැක්කේ නෑ වගේ හිටියා. මොකද අනුමත කරන්න බෑ, ඒත් මගේ හිතේ පොඩි සතුටකුත් නැතිවම නෙමෙයි.. තමන්ට පුළුවන් ලෙවෙල් එකෙන් රිටන් එක දුන්නේ.. කලේ මහා කුපාඩි වැඩේ ඒත් මගේ විදියටනම් ඒක කොළු වැඩක්...
මට මතක විදියට රැජිණ අවිල්ල දෙකක් දෙසුවද කොහොද කරපු වැඩේට..
ඒත් මම පස්සේ කිව්ව ඔව්වා ඔය කාලේ නැතිව කවද කරන්න කියලා...
කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...
March 13, 2013
දෙදරූ පියෙක් වූ වගයි
මම දෙදරූ පියෙක් වූ වග මෙයින් දන්වා සිටිමි. අපේ බිඟු කුමාරයාට සෙල්ලම් කිරීම පිනිස තවත් එක් බිඟු කුමාරයෙක් අප මීවදයට එක් වූ වගත් අපේ දඟයා ඉතා ආසාවෙන් නව කුමාරා සමග සිටිනා බවත් තවදුරටත් දන්වා සිටිමි. තවමත් නමක් ස්ථිර කර නොමැති අතර ඒ සඳහා නම් කැඳවනු ලැබේ. හැකියාව ඇති නැති කාටත් ඒ සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසන තීරණය රැජිණ විසින් ගනු ලබයි.
උපන් දිනය: 2013-03-06
February 23, 2012
මෙයාව මතකද
අපේ පුතාගේ පළමු වීඩියෝ පටය
මෙන්න මේ වීඩියෝ එකේ ඉන්නවා ඩොකෙක්.අපේ පුතා සීසර් කරලනේ ගත්තේ. ඒ ඔපරේෂන් එක කලේ දොස්තර ලෙනදොර කියලා කෙනෙක්. ඒ කාලෙත් අපි ගියාම ඩොකා හම්බ වෙන්න එයා මොකද්ද මැෂිමක් ගැන හැමදාම මගෙන් අහනවා. ලීවර් සිස්ටම් ගැන පෙෂර් හැන්ඩ්ලින් වගේ මකැනිකල් ඉන්ජිනේරින් දේවල්. මොකද මැන්ස් දැන්ගෙන හිටියා මම ඉන්ජෙක් කියලා. මැන්ස්ගේ අලුත් අයිටම් එකකට මොකද්ද කැල්ලක් ලේත් කර ගන්න තැනක් එහෙම මගේ ඇහුවා. කොහොම හරි අන්තිමට බබා හම්බුනාට පස්සේත් ඉඳලා හිටලා කෝල් එකක් එහෙම දුන්නා. පස්සේ පස්සේ ඉතින් ඒකත් නැ.
මෙන්න බොලේ ඉරිදා පත්තරේ බලනකොට පුරුදු මූණක් තිබ්බා මහින්ද මාමා එක්ක ඉන්නවා. අප්පට සිරි. ලෙනදොර මාමා ඉන්නවා තැගි උත්සවේ. 2010 අවුරුද්දේ හොඳම නව නිමැවුම්කරු සඳහා තැග්ග දිනාගෙන. මොකද්ද මන්දා සැත්කම්වල දී පටක ඈත්කිරීම සඳහා වඩාත් දියුණු උපකරණයක් හදලා. මං හිතන්නේ මේ අර මගෙනුත් අහ අහ හිටපු ගැජට් එක වෙන්න ඇති. කොහොම උනත් ඔන්න මැන්ස්ට මගෙනුත් සුබ පැතුම්
http://sundaytimes.lk/120205/BusinessTimes/bt33.html
http://www.slcog.lk/news/news2.php
වැඩි දුර මෙතැනින් කියවන්න.
January 6, 2012
උතුරනවෝ...
අපේ පුතන්ඩියා දැන් හරිම චන්ඩියා වෙලානේ. දැන් වයසත් අවුරුදු 1 හමාරක් වෙලා හින්දා ලොකු වැඩ තමා කරන්නේ. දවල් වරුවේ ඉන්නේ රැජිණගේ පියා එහෙම නැත්නම් මගේ මාමණ්ඩියා එක්ක තමා. පුතන්ඩියා හරිම කැමතියි සීයා එක්ක ඉන්න. මොකද අපි කරන්න ඉඩ දෙන්නේ නැති ගොඩාක් එව්වා සීය එක්ක කරන්න පුළුවන්නේ. අපේ ගෙදරට එන්නේ නගරසභාවේ වතුර නෙමෙයි. වත්තේ ළිඳෙන් ටැංකියට එන් කූල් වතුර. ඉතින් ගොඩාක් වෙලාවට වතුර ගහන වැඩේ කෙරෙන්නේ සීයයි පුතයි. ඉතින් වහලේ උඩ තියෙන ටැංකිය පිරෙන්නම අපි වතුර ගහනවා. මෙහෙම වතුර ගහනකොට පුතා කියනවා සීයට වඩා ගන්න කියලා. ඔන්න බලාගෙන ඉන්නවා වතුර උතුරනකල්. ඊට පස්සේ සීයා කියනවා..
උතුරනවෝ...
කියලා. ඉතින් පුතා කියනවා
දුවමූ... දුවමූ...
කියලා. ඉතින් දෙන්නා එක්ක දුවලා ගිහින් ස්විච් එක වහනවා. ඉතින් මේක මාර ෆන් වැඩේ පුතාට. දවසක් පුතා මාර වැඩක් කරා. අපේ එළියේ තියෙන පඩිපෙළට නැගලා චූ කරන ගමන් කියනවලූ
උතුරනවෝ... උතුරනවෝ...
කියලා...
සීයට මාර හිනා...
අපිටත් හිනා...
ඔන්න අපේ චන්ඩියාගේ වැඩ....
උතුරනවෝ...
කියලා. ඉතින් පුතා කියනවා
දුවමූ... දුවමූ...
කියලා. ඉතින් දෙන්නා එක්ක දුවලා ගිහින් ස්විච් එක වහනවා. ඉතින් මේක මාර ෆන් වැඩේ පුතාට. දවසක් පුතා මාර වැඩක් කරා. අපේ එළියේ තියෙන පඩිපෙළට නැගලා චූ කරන ගමන් කියනවලූ
උතුරනවෝ... උතුරනවෝ...
කියලා...
සීයට මාර හිනා...
අපිටත් හිනා...
ඔන්න අපේ චන්ඩියාගේ වැඩ....
October 18, 2011
බැඳලා අවුරුදු 4යි
අදට (ඔක්තෝම්බර් 18ට) අපි කසාද බැඳලා අවුරුදු 4ක් වෙනවා. හප්පේ කාලය යන වේගය. පහු ගිය හැම සංවත්සරයක්ම පොඩියට හරි සමරන්න අපි දෙන්නා අමතක කලේ නැ. ඒත් මේ අවුරුද්දේ අපි දෙන්නා දෙතැනකනේ. ඉතින් අපි දෙන්නට වෙනදා වගේ එකට ඉඳගෙන මොනවාහරි කාලා පොඩි සින්දුවක් එහෙම කියලා පොඩ්ඩක් නටලා සමරන්න බැරි වෙනවනේ. මේ සංවත්සරේ අපි දෙන්නාට අමතරව තවත් චන්ඩියෙකුත් ඉන්නවනේ. ඉතින් මේක විශේෂ එකක්ම තමා. ආපු ගමන් සමරමු. තව සති දෙකයිනේ....
චන්ඩි බන්ඩියත් එක්ක
පොඩ්ඩක් හුරතල් වෙලා
ඔයාගේ අතින් හදපු
සුපුරුදු තේ එකත් රැගෙන
අපේ සඳළු තලේට වෙලා
අහසේ පායලා තියෙන
තරු කැට ගනින්න
හිමින් හිමින් හොරෙන් හොරෙන්
කළුවරේම
එහා මෙහා ගත වෙලනා
මද නලට හොරා
ඔයාගේ සිනිඳු දෙනෙත්
සිප ගන්න දෙතොල්
රස විඳින්න
සරසවියේ ගෙවුනු සුන්දර
මතකයන් එකතු කරමින්
පෙලින් පෙලිට ගලපා
සුන්දර කතා කියමින්
ඉන්නාවිට බඳවටේ
අත දමා තදින් වෙලාගන්න
අතීතයේ ආවර්ජනාවන්
තුළින් අනාවකට
පියමන් තනන්න
අද බැරි උනත් හෙටක්
තියේවී
රෝස ඇහිරූ
මල්තුහින ඉහිරුනු...
ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් ඉන්නම් සිතට ලංවී
චන්ඩි බන්ඩියත් එක්ක
පොඩ්ඩක් හුරතල් වෙලා
ඔයාගේ අතින් හදපු
සුපුරුදු තේ එකත් රැගෙන
අපේ සඳළු තලේට වෙලා
අහසේ පායලා තියෙනතරු කැට ගනින්න
හිමින් හිමින් හොරෙන් හොරෙන්
කළුවරේම
එහා මෙහා ගත වෙලනා
මද නලට හොරා
ඔයාගේ සිනිඳු දෙනෙත්
සිප ගන්න දෙතොල්
රස විඳින්න
සරසවියේ ගෙවුනු සුන්දර
මතකයන් එකතු කරමින්
පෙලින් පෙලිට ගලපා
සුන්දර කතා කියමින්
ඉන්නාවිට බඳවටේ
අත දමා තදින් වෙලාගන්න
අතීතයේ ආවර්ජනාවන්
තුළින් අනාවකට
පියමන් තනන්න
අද බැරි උනත් හෙටක්
තියේවී
රෝස ඇහිරූ
මල්තුහින ඉහිරුනු...
ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් ඉන්නම් සිතට ලංවී
February 17, 2011
මාස 9දී දණ ගාන්නේ මෙන්න මෙහෙමයි.
මේ ඉන්නේ අපේ පුතා. අහම්බෙන් වගේ කැමරාවට සෙට් උනේ. දැන් මාස 9යි.
මාව දැක්ක ගමන් දුවගෙන නෙමෙයි දණ ගාගෙන එනවා.
December 2, 2010
November 3, 2010
August 19, 2010
අපේ එකාගේ තුන ඉවරයි
මළ කෙළියයි නේද? අපේ එකාගේ තුන ඉවරයි!!! තුන ඉවරනම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ. දැන් නියම කාලේ...
හික්ස්... කාලෙකින් බ්ලොග් ලියන්නත් බැරි උනා. ඉතින් ඔන්න කොහොම කොහොමහරි වචන ටිකක් අහුලාගත්තා වෙලාවකුත් එක්ක මොනවාහරි කුරුටුගාන්න හිතාගෙන... එහෙනම් ලියමුකො බලන්න...
ඔන්න අපේ කොල්ලාට දැන් තුනකුත් (මාස ) ඉවර උනානේ. කාලය යන වේගේ... ඉතින් ඔය ගමේ විදියට කරන්න තියෙන චාරිත්ර වාරිත්ර එහෙම කළා. දන්නවනේ ඉස්සරලාම පුතන්ඩියා ගෙදර එක්කගෙන එන්න කලියෙන් ගේ ඔක්කොම සුද්ද කරලා කහ වතුර ඉහලා සුවඳ දුම් අල්ලලා.... ඔය වගේ වැඩ සෙට් එකක්ම කරන්න තිබුණා. සමහර පළාත්වල නම් ඔය මොකවත් නෑ.. මෙන්න ඉපදුනා. මෙන්න ගෙදර... හරිම සිම්පල් ප්ලෑන් එකක්.... ඒත් අපේ අම්මලා, නැන්දම්මලා හා කිරිඅම්මලා ටිකක් අරවට බරයි. මමත් ඒ කිව්ව සමහර දේවලට 100%ක් එකඟයි.
ඔයන්න ඉතින් කිරිකැටියා ගෙදර ගෙනාවා විතරයි අර කඩමණ්ඩියේ හිටිය කාන්තා පිරිසක් ආවනේ සුටුස් ගාලා... දන්නවනේ ඉතින් ගමේදී හොරෙන් කිඹුහුමක්වත් යවන්න බෑනේ... හැබැයි අපේ නැන්දම්ම දුන්නා එල කවර් එකක්... පුතාව අල්ලන්නවත් දුන්නේ නෑ. උඩින් බලලා යන්න කිව්වා... මොකද කියලා දන්නවනේ... විෂබීජ කඳු, සාගර, හික්ස්...
ඔන්න ඉතින් පුතාව ඉස්සරලාම වතුර නාවන දවස ආවා. මෙන්න අමුතු ගැජට් වැඩක් කරනවා. දන්නවාද පිණිදිය පනම් අයින් කරනවා කියන සිද්ධිය. මම නම් එදා තමා දැන ගත්තේ. පුතාට ලෙඩ රෝගාදියෙන් පිහිට ආරස්සාව දෙන්න කියලා සතරවරම් දෙවිවරුන්ට බාර වෙනවා. ඊට පස්සේ ඒ වෙනුවෙන් කාසි වගයක් වෙන් කරනවා පඬුරු විදියට. රන් තැඹිලි ගහකින් ගත්ත වේලිච්ච පොල් ගෙදියකින් අතින්ම හදාගත්තු පොල් තෙල් ටිකකුත් ගන්නවා. ඒ පොල්තෙල්වලට තවත් රසකාරක කිහිපයක් දානවා, කරපිංචා වගේ සුවඳ එන්න. ඔන්න ඔය විදියට හදා ගත්තු විශේෂ තැඹිලි තෙලට අර දෙවියන්ට වෙන් කරපු කාසි දානවා. පස්සේ කිරි අම්මා කෙනෙක් බුදුන් වැඳලා එහෙම දෙවියන්නට කන්නලව්වක් කරනවා පුතාව ලෙඩ රෝගවලින් ආරස්ස කරලා දෙන්න කියලා. එහෙම කරලා අර තැඹිලි තෙලෙන් පොඩ්ඩක් අරගෙන් ඔලුවේ ගානවා. දැන් තියෙන්නේ නාවන වෙලාව. මේකට සමහරු වෙලාවකුත් බලනවා. අපිනම් බැලුවේ නෑ. දවල් 12ට කලින් හොඳට ඉර පායපු වෙලාවක් තෝරා ගන්නවා . ඉතින් කලින් හදාගත්තු පොල්කටුවක් අරගෙන, දන්නවනේ පොල් ගෙඩියේ උඩ බෑයක් අරගෙන හිලක් හදලා එහෙම ගන්න එක, ඔන්න නාවන්න ගන්නවා. මේ අතරේ කිරි අම්මා කවියකුත් කියනවා. පළවෙනි වතුර පාරටනම් පුතා එක පාරම ගැස්සිලා යනවා. ඊට පස්සේ ගොඩ. ටිකක් උණු වතුර නිසා පුතා ඒකට කැමතියි. ඔන්න ඉන්නවා ෆුල් ආතල් එකේ. ඉතින් නාවන පොල්කටු ගාන ගනින්නත් ඕනෑ. ඉස්සරලාම 50ක් නෑව්වා. පස්සේ පස්සේ ඒක වැඩි කරනවා. ඔන්න ඔහොම තමයි පුතා නාන්න ගත්තේ...
කියන්න අමතක උනානේ. වතුරෙන් ගත්ත ගමන් දුන්නා හූව ගේම දෙකක් වෙන්න. අම්මෝ... බය හිතෙනවා.. දුකත් හිතෙනවා... සීතලට මොර දෙනකොට....
ඉතින් ඔන්න ඔය විදියට ටික දවසක් ගියා. මෙන්න ඉතින් ඉන්ජෙක්ෂන් කෝස් එක පටන් ගත්තනේ... අම්මෝ... මට දුක..ක හිතුනා. පව් අනේ.. හෙක්සා කියලා මගුලක් විද්දා... පුතා ඇඩුවා... ඒ විස්තරේ පස්සේ ලියන්නම්කෝ..
අදට මේ ඇතිවගෙයි...
ඕන් මං ගියා...
June 17, 2010
අමයුරු රස මේයැයි අප සිතන්නේ
පුංචි පුතා ගිය මාසේ උපන්නේ
නිවස පුරා කිරි සුවඳයි දැනෙන්නේ
අපි දෙන්නා පුතු සමගින් සිටින්නේ
රන් කැටි පුතු හරියට එය නොදන්නේ
බඩගිනි කලට නෑ කිසිවක් සිතන්නේ
දෙකක් වෙන්න මහ හයියෙන් හඬන්නේ
ඒ හඬුමට හනිකට කිරි එරෙන්නේ
සොබා දහමෙ අරුමය මේ කියන්නේ
බඩ පිරුනම මොකවත් නෑ කරන්නේ
පැය දෙක තුන එක පාරම නිදන්නේ
නිදන සිරිය අපි දෙන්නම විඳින්නේ
අමයුරු රස මේයැයි අප සිතන්නේ
හොරෙන් හොරෙන් මා දෙස ඈ බලන්නේ
ආඩමබරකමයි එතන තියෙන්නේ
කිසි වෙනසක් නෑ ඇය මට කරන්නේ
මේක තමා ආදරයයි සිතෙන්නේ
June 3, 2010
අපේ පුතාගේ පළමු වීඩියෝ පටය
මෙන්න තියෙනවා අපේ පුතා මෙළොවට ආපු විදිය දැක්වෙන වීඩියෝ පටය.
මේක සමහරුන්ට බලන්න අමාරු වෙන්න පුළුවන්.
ඒක හින්දා පරිස්සමින් බලන්න.
ඔන්න බලලා මට බනින්න එපා ඔන්න...
මගේ නැන්දම්මානම් කිසි ගේමක් නැතුව මේක බලනවා.
සමහර ගෑණූ ළමයි නම් පොඩ්ඩක් බය වෙනවා.
http://www.youtube.com/watch?v=2JohvMmg7Dg
http://www.youtube.com/watch?v=j4pXhoMz8sk
මේ දවස්වල බිඟුලන්තයේ ප්රවෘත්ති අංශය තරමක් අවිවේකී නිසා අලුත් ආරංචි ප්රමාද බව කරුණාවෙන් සලකන්න.
මේක සමහරුන්ට බලන්න අමාරු වෙන්න පුළුවන්.
ඒක හින්දා පරිස්සමින් බලන්න.
ඔන්න බලලා මට බනින්න එපා ඔන්න...
http://www.youtube.com/watch?v=2JohvMmg7Dg
http://www.youtube.com/watch?v=j4pXhoMz8sk
මේ දවස්වල බිඟුලන්තයේ ප්රවෘත්ති අංශය තරමක් අවිවේකී නිසා අලුත් ආරංචි ප්රමාද බව කරුණාවෙන් සලකන්න.
May 23, 2010
අපේ පුතා මෙළොව එළිය දුටු හැටි
මේ ඉන්නේ 17 වැනිදා උදේ, ඉස්පිරිතාලේ යන්න මොහොතකට කලියෙන්...
එයා ගොඩාක් සතුටෙන් කියලා මට හිතුනා...
මෙන්න පුතා අම්මගේ බඩෙන් එළියට එන වෙලාව. තාම පෙකෙනි වැල කපලත් නෑ...
තාමත් අම්මගෙන් තමා ඔක්කොම දේවල්...
මෙන්න අපේ ලොකු දොස්තර මහත්තයා. මෙයා තමා පුතාව එළියට ගත්තේ.
මෙයාගේ නම Dr. S. J. B. ලෙනදොර.
මෙන්න පුතා අම්මගෙන් වෙන කරලා...
මේ ඉන්නේ අපේ එක වෙද නෝනා කෙනෙක්. ඉපදුනාට පස්සේ පුතාව උස්සගෙන දුවන්න හිතාගෙන ඉන්නේ මෙයා ළඟට තම...
මෙයාගේ නම Dr. රෝහිනී ප්රේමරත්න
මෙයාගේ නම Dr. රෝහිනී ප්රේමරත්න
අම්මගේ ප්රථම හාදුව... අඬ අඬා හිටිය පුතා එක පාරම සද්ද නැවැත්තුවා.
ආ තව එක දොස්තර නෝනා කෙනෙක් අඩුයි මෙතන. දොස්තර රන්මලී කියලා.
ශල්යාගාරයේ හිටියේ එයා. මගේ කැමරාවේ නෑනේ.
May 20, 2010
අපේ පුතා මෙළොව එළිය දකී
අපේ පුතා මෙළොව එළිය දකී
දිනය: 2010-05-17
මේ ඉන්නේ අපේ පුතා. වැඩිය මුකුත් ලියන්න නම් බෑ.
දැන් තියෙන්නේ පුතාට නමක් හොයන එකයි. ඔන්න සයිබරේ ඉන්න නැන්දලාට, මාමාලාට, අයියලාට, අක්කලාට, ආච්චිලාට, සීයලාට මෙකී නොකී සියළුදෙනාට පොඩි නෙමෙයි ලොකු වැඩක් තියෙනවා.
මෙන්න අකුරු
ස ර ල ව ශ ෂ හ ළ
කු ස ග ජ
අඃ අං
කෝ බලන්න කස්ටිය පුතාට නමක් කියන්න දැන්....
Subscribe to:
Posts (Atom)












