May 23, 2010

අපේ පුතා මෙළොව එළිය දුටු හැටි


මේ ඉන්නේ 17 වැනිදා උදේ, ඉස්පිරිතාලේ යන්න මොහොතකට කලියෙන්...
එයා ගොඩාක් සතුටෙන් කියලා මට හිතුනා...




මෙන්න පුතා අම්මගේ බඩෙන් එළියට එන වෙලාව. තාම පෙකෙනි වැල කපලත් නෑ... 
තාමත් අම්මගෙන් තමා ඔක්කොම දේවල්...





මෙන්න අපේ ලොකු දොස්තර මහත්තයා. මෙයා තමා පුතාව එළියට ගත්තේ. 
මෙයාගේ නම Dr. S. J. B. ලෙනදොර.




මෙන්න පුතා අම්මගෙන් වෙන කරලා...





මේ ඉන්නේ අපේ එක වෙද නෝනා කෙනෙක්. ඉපදුනාට පස්සේ පුතාව උස්සගෙන දුවන්න හිතාගෙන ඉන්නේ මෙයා ළඟට තම...
මෙයාගේ නම Dr. රෝහිනී ප්‍රේමරත්න





අම්මගේ ප්‍රථම හාදුව... අඬ අඬා හිටිය පුතා එක පාරම සද්ද නැවැත්තුවා.
















ආ තව එක දොස්තර නෝනා කෙනෙක් අඩුයි මෙතන. දොස්තර රන්මලී කියලා.
ශල්‍යාගාරයේ හිටියේ එයා. මගේ කැමරාවේ නෑනේ.

70 comments:

  1. දරැ සෙනෙහස දැනෙන්නේ තමටන්ටත් දරැවෙක් ලැබුණාම... බලන්න මෙ හැමදේම තුලින් අපේ ජිවිතය පුදුමාකර විදිටය ගෙවෙන්නේ...බිගුවා මගේ සුභ පැතුමි....ඔබ ‍තිදෙනාටම...

    ReplyDelete
  2. බිගූ,

    ඔයා අපට දුන්නේ අමුතුම අත්දැකීමක්. ඒක වචනවලින් කියන්න බෑ. සමහර විට මේ කොළු පැටියා එනකම් ඔයාලා වගේම අපිත් බලාගෙන උන්නා කිව්වොත් හරි. ඉතින් හැමදේම හොඳින් සිද්ධ උනානෙ. දැන් ඉතින් ඔයාට වගකීම් ගොඩායි. දැන් තාත්තා කෙනෙක්.
    ඔය සතුට හැමදාම රැදේවා......!

    දළදා හාමුදුරුවනේ පිහිටයි !

    ReplyDelete
  3. ආ...කියන්න අමතක උනා.....අර " කුරුල්ලව " දැක්කෝ........ :D :D

    ReplyDelete
  4. @Tera@®,
    ඒක නම් ඇත්ත මචං. පුදුමාකාර වෙනස්වීමක් වෙනස් හැඟීමක් හිත දෙකක් කරනවා. මාරයි...

    @දිල්,
    හා හා...
    මෙන්න කුරුල්ලා ඉන්නවා...
    මට ඒක අමතක උනානේ.. හනේ දිලෝ....

    ReplyDelete
  5. "පුතාගේ ප්‍රථම හාදුව.
    අඬ අඬා හිටිය අම්මා එක පාරම සද්ද නැවැත්තුවා"

    කියලා නෙවෙයිද වෙන්න ඕනෙ :D

    ReplyDelete
  6. @chanaka,
    හා හා.. එහෙමත් ලියන්න පුළුවන් මකර පැටියෝ. දැන් උඹට පැටියා කියනන් වෙනවනේ, මොකද උඹ සෙල්ලම් කරන්න එනවා කිව්වනේ පුතා එක්ක... හික්ස්...

    ReplyDelete
  7. තඩියට හිටියට මම තවම පැටියා තමයි.
    තව ටිකක් ලොකු වෙද්දෙන්කො මල්ලි බබා
    ඊට පස්සෙ මම එන්නම් සෙල්ලම් කරන්න

    ReplyDelete
  8. හරි ශෝක්...මගේ පොඩි එකා උඹේ එකාට වඩා මාස 2 ක් වැඩිමල්

    ReplyDelete
  9. හරි හරි..
    එහෙනම් මං පුතාට කියන්නම්කෝ
    "ඔන්න දැම්ම පුතේ ඔයාට යාළුවෙක් ඉන්නවා සෙල්ලම් කරන්න..." කියලා.
    හික්ස්...
    කියන්න බැරි උනා. උඹේ පූස් එකතුවට පිංතූරයක් හම්බ උනා. පස්සෙ දෙන්නම්...

    ReplyDelete
  10. @යසේ,
    ෂා නියමයිනේ...
    එහෙනම් දාමු පාටියක්...

    ReplyDelete
  11. අනේ බිඟු අයියේ ඔයා නම් ෂෝයි. අපිට ඒ ෆොටො ටිකත් බලාන අරන් ඇවිත්.
    දෙවෙනි පින්තූරෙ දැක්කම මට ටිකක් බයක් ආවා. මීට කලින් ටීවි එකකවත් බලල නැහැනේ මං ඉතින්.......

    කොහොම උනත් ඔන්න බිඟු රාජධානියේ මං කිව්ව උවෑ උවෑ සංගීතයෙන් පිරි සතුට උතුරනව අපිටත් දකින්න ඕනි.......

    මේ අච්චර අලි මකරයියත් මල්ලි බබා කියන එකේ මාත් මල්ලි බබා කියනව ඔන්න. නමක් දැම්මද?????

    බිඟු රාජධානියටම තෙරුවන් සරණයි....!!!!

    ReplyDelete
  12. අනේ හා පැටික්කියේ තාම නමක් නෑ දැම්මේ..
    ඔයාලා නම් 100ක් විතර දීලනේ.. අපි හොල්මන් වෙලා ඉන්නේ...

    ඒකට කාරි නෑ.. ඔයත් එහෙනම් මල්ලීම කියන්නකෝ...

    ReplyDelete
  13. බිගු අයියේ.......

    පොඩි එකානම් ශොයි.....වඩාගන්න හිතයි..........
    ජිවිතේට මාරම අත්දැකිමක්......ඔයා එකතුකලේ....

    තුන්දෙනාටම තෙරුවන් සරන්යි........

    මෙදවස්වල වැස්සනේ පැටියාව පරිස්සම් කරන්න්වෙයි...සිතලයිනේ.........

    ReplyDelete
  14. දිල් අක්කා කිව්වා වගේ අපිත් ඔයාලා දෙන්නා වගේ මේ චුටි පැටියා එනකම් බලාගෙන හිටියා... ආරංචිය දැනගත්ත මොහොතේ දැනුන සතුට විස්තර කරන්න වචන නෑ අයියේ. ඔයාලාගේ සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රර්ථනා කරනවා, තෙරුවන් සරණයි තුන්දෙනාටම

    ReplyDelete
  15. හනේ සෝයි අනේ.......... මාත්මේ දැක්කමයි ලංකවෙන් ඔයවගෙ පොටෝටිකක්. නියමයි බිඟු සහෝ...... ඔයාල තුන්දෙනාටම ජේසු පිහිටයි, බුදුසරණයි සියළුදෙවි ආරක්ෂාවයි. ඇස්වහක් කටවහක් නෑ සෝක් බිඟුපැටියෙක් :D

    ඔයගොල්ලො තුන්දෙනාටම සුභ..............

    ReplyDelete
  16. බිඟු අයියට බොහොම ස්තූතියි මෙහෙම අත්දැමක් ගෙනආවට.
    මල්ලි බබාටයි, අම්මටයි, තාත්තටයි තෙරුවන් සරණ පතමි !

    ReplyDelete
  17. bigu wachana naehae... wachana walin baehae.. mama yanawaa..

    thun dhenaa ta theruwan saranayi....!

    ReplyDelete
  18. අසව් අසව් , බිඟු රාජ්‍යයේ අපේ පුංචි බිඟු පැංචා එලිය දු‍ටුවා !!! ; බිඟු රජුගේ සහ ‍රැජිණගේ අහිංසක සතුටට බිඟුලන්තයේ ජනතාවගේ බලවත් සතුට ~

    ReplyDelete
  19. අම්මයි පුතයි ලස්සනට ඉන්නවා. මොකද තාත්තට පුතා එක්ක ෆොටෝ එකක් ගන්න බැරි වුනේ. අපරාදේ.

    තාම ළමයාව අල්ලන්න හොඳ නැත්නම් ළඟින් ඉදන් හරි ෆොටෝ එකක් ගත්තා නම් මේ එකතුව සම්පූර්ණයි. දැන් ඉතින් පහුවෙලා හරි ෆොටෝ එකක් ගන්නකෝ අයියා.

    පුංචි බිඟු පැටියා ඇතුළු ඔබ දෙදෙනාටත් පවුලේ සැමටත් උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !!!!

    ReplyDelete
  20. @ඉලංදාරියා,
    ඉතින් ආව නම් වඩාගන්න දෙනවනේ.. අනික ඔයා හරි.. මේ දවස්වල සීතල හරිම තදයි. ඒක හින්දා පරිස්සම් 200% කරන්න වෙලා...

    @හසී ,
    ඔව් ඔව්.. මම දන්නවා ඔයාලත් ආසාවෙන් හිටියා කියන්න. ඒකනේ මේ අමාරුවෙන් හරි සයිබරයට ගොඩ වෙන්නේ...

    @ජේ.ඩී,
    ආ... එල එල...
    ස්තුති වේවා...

    @තර්ඩ් මෑන්,
    එතකොට බිඟු අයියා, උගේ පුතා බිඟු මලයා..
    හරි හරි...

    @රවා,
    ඒ මොකෝ ඒ යන්නේ.. මේ දවස්වල වැඩිය සද්ද නෑ නේද?
    මොකද ආදර හුටපටයක්වත්ද?

    @හිඟන්නා,
    එල එල..
    මීට පස්සේ බිඟු ලන්තයේ අණ බෙර කරු ලෙස ඔබව පත් කර ගන්නෙමු.

    ReplyDelete
  21. තාත්තා එච්චර ලස්ස්න හසියෝ බං පිංතූර ගන්න තරම්.
    හික්ස්.. (එතකොට පිංතූරේ ගන්න කවුද?)

    මේ එක නෙමෙයි මෙච්චර මේ හසියෝ හින්දා අපිට කේස්.
    වහාම නම් මාරු කර ගනිල්ලා...

    ReplyDelete
  22. බිඟු අයියේ ඔයාට දැන් ඉස්සරට වඩා වගකිම වැඩියි.එක නිසා අන්තර්ජාලය පාවිච්චි කිරිම සීමා කරන්න....

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. බිගු පොඩ්ඩා මල්ලි වෙන්නේ නෑ කාගෙවත්,පොඩ්ඩා බිගු පුතා,,,මෙතන ඉන්න සේරම ඉබ්බන්ටත් වඩා වයස උන්,,,සේරම නැන්දලා,මාමලා පොඩ්ඩගේ

    ReplyDelete
  25. සතර වරම් දෙවි මහරද
    සතර වටින් ඇවිදින්
    පිරිත් පැන ඉසිති පුතුනේ
    පුවක් මල් කිණිත්තෙන්...

    පළා පෙති බැදන් ගෙළවට
    හංස පියාපත් සළමින
    නුබේ පා යටින් සදකඩපහණ පායලා...
    බ්රහස්පතී තාරකාව
    මුදු වී සරත් නුඹ ගැබ
    ස්වර්ණමාලී මහ සෑ අග
    කොත් පලන්දලා...

    කලා වැව් දියේ උත්පළ
    නෙලාගෙන ඇඟිළි පොකුරට
    අප්සරාවියන් ලෙන් දොර බලා ඉන්නවා...
    වලාහක දෙවිඳු ඉසිවර ඇසින්
    බල බලා පුතු දෙස
    ඉසුරුමුණි විහාරය ලඟ
    අන්න ඉන්නවා..

    ReplyDelete
  26. මගේ සුභ පැතුම්!
    ඇත්තෙන්ම දරු උපතක් දැකීම, ජීවිතය දිහා වෙනස්ම ආකාරයකට බැලීමට තුඩු දෙන හේතුවක්. ඒ උපන් දරුවා තමන්ගේම වීම ඊටත් එහාට වගකීමක් පැටවෙන අත්දැකීමක්.
    තවමත් බබාගෙ පළවැනි ඇඬීම හිතෙන් මැකිල නෑ නේද?

    ReplyDelete
  27. මේ ඉස්සෙල්ල කියන්න අමතක උනා..... බිඟු රැජින අක්කත් හරිම ලස්සනයි.......

    ReplyDelete
  28. බිඟුවෝ,,,,
    දැක්කම ඇස් වලට කඳුලු ආවා..
    මේ සුන්දර බිඟු පවුලට දලඳා සමිඳු පිහිටයි....
    පුංචි බිඟු පැටියට රත්නත්‍රයේ සරණයි...

    දැන් ඉතින් අප්පොච්චියෙක් නොවැ... සා සා ආඩම්බර ඇති නොවෙද ඔයාට??

    ඇස් වහක් කටවහක් නෑ... මේ සං‍තෝසය සයිබර් අවකාශයේ අපි ඔක්කොම එක්ක බෙදා ගත්තට ඔයාට ස්තූතියි,,,,

    ReplyDelete
  29. to දිල්

    අපෝ ඔය චූටි කුරුල්ලව දැකල ඔහොම කෑගහනවනම් ලොකු කුරුල්ලෙක් දැක්කොත් මොනවා කර ගනියිද?

    ReplyDelete
  30. උනුසුම් සුභ පැතුම්...
    බ්ලොග් ලියන කියවන අපි හැමෝටම ඔය දුන්න වෙනස්ම වෙනස් අත්දැකීමට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  31. @HIM_unLich,
    ඒක නම් ඇත්ත තමා. මේක නිකන් අබින් කෑවා වගේ වෙලා.

    @ItalyDilan,
    හ හා... ඉබ්බන්ටත් වැඩිය වයසයි... සිරා කතාව

    @මින්දද,
    එල මින්දද එල

    @භාග දොස්තර (Half Doctor)
    ඒක මං හිතන්නේ තව සෑහෙන කාලයක් මතක තියෙයි.

    @හා පැටික්කි
    මම කියන්නම්කෝ රැජිණ අක්කට

    @ජීවිතේමල්
    හරි හරි...
    මේවා ඔයාලා එක්ක බෙදා නොගෙන වෙන කා එක්ක බෙදා ගන්නද ඈ...

    Anee,
    හික්ස්...

    @ප්‍රියන්ත
    ඔයාත් මේ ළඟදී මේ අත්දැකීම ලැබුවනේ..
    ඉතින් ව්න කියන්න දෙයක් නෑනේ

    ReplyDelete
  32. බිගුවා අයියේ සුභ පැතුම්

    ReplyDelete
  33. මගේ උණුසුම සුභ පැතුම්!!!
    බිඟු අයියාගේ නෝන මහත්තයටයි බිඟු අයියගේ ආදරණීය පුත්‍ර රත්නයටයි බිඟු අයියටයි හදවතින්ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
    මේ වගේ තමන්ගේ පෞද්ගලික ජිවීතය පිළිබඳ ලිපියක් අපි දායි ද කියලා හිතන්න අමාරුයි අයියේ. ඒත් අයියා අපිව අයියාගේ පවුලේ කෙනෙක් වගේ හිතපු හින්දයි අයියා මේ වගේ ලිපියක් අපි වෙනුවෙන් ඉදිරිපත් කලේ. අයියාගේ ඕනම දේකට අපි ඉන්නවා. බොහෝම ස්තූතියි. තුන් දෙනාටම දෙවි පිහිටයි.
    [[[ බිඟු රැජිනගෙයි බිඟු කුමාරයගෙයි බිඟු අයියගෙයි ඇස්වහ කටවහ දුරු වේවා!!! තු: තු: තු: ]]]

    ReplyDelete
  34. මම එක සැරයකුත් කිවුවා වගේ ඉතින් දැනුත් කියන්නේ වෙල් ඩන් කියලා තමා.. එළ කොලු පැංචා...

    තිසරණ සරණයි...

    ජය

    ReplyDelete
  35. කිරි පෙන රළ
    කිරි කවඩි අරන්
    රන් වන් වෙරළ හිඳී
    පුතු එනවා බලන්

    ගල්මල් අඩවියෙන් සුබ පැතුම්!

    පුංචි දූලා පුතාලා වෙනුවෙන් අපේ සොබාදහම සුරකිමු!
    ලස්සන ගල්මල් පිරි අපේ කොරල්පර සම්පත් සුරැකේවා!

    ReplyDelete
  36. බිඟුවෝ මමත් එනවා ‍ඔන්න පොඩ්ඩා එක්ක සෙල්ලන් කරන්න.. හැබැයි මේච්චර දවසක් ඔයාට "බිඟුවා සහෝ" කියලා කිවුවාට මීට පස්සේ "බිඟුවා මාමා" කියන්නයි වෙන්නේ...

    ReplyDelete
  37. @ ළමයා -

    ආ උඹ බබා... හික් හික්

    ReplyDelete
  38. නියමයි...දැන් අපේ බිගුව අයියා තාත්තෙක් වෙලා.....බිගුව අයියගෙ ගේ චූටි මල්ලියා හරී ශෝයිනෙ
    අයියට මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  39. තිදෙනාටම තෙරුවන් සරණයි෴

    ReplyDelete
  40. බිඟු රැජිනයි, බිඟු පුත්‍රයයි සනීපෙන් ඉන්නව නේද...

    තෙරුවන් සරණයි තුන්දෙනාටම

    - ​සෝරෝ

    ReplyDelete
  41. සුභ පැතුම්...

    ආ මාත් කුරුල්ලව දැක්කා නෙව..
    ඒත් කෝ බිගු පැටියාට තටු..

    @දිල්..
    ඇදගෙන නෑවා නේද..හිහ්..හිහ්..

    ReplyDelete
  42. මගෙත සුභපෑතුම්, ගෙදර හිටියෙ නැ, ඒකයි දකින්න පරක්කු උනේ, මමත් මේ අත්දෑකීම ලෑබුව අවුරුදු තුනකට විතර කලින්, හරිම සුන්දරයි නේද, මට ඒ දවස් මතක් උනා, ඔබ සෑමට බුදුසරණයි

    ReplyDelete
  43. කුරුළු පැටියෙක්. :D මගෙන් සුභ පැතුම් අයියේ. මේ පොඩි එකා හැමෝගෙම මල්ලි වෙලා නෙ. මගෙත් මල්ලි වෙන්ටැ. වෙලාවක් තිබ්බොත් අපි එන්නම්කො කොලු පැටිය එක්ක සෙල්ලම් කොරන්න.

    තුන් දෙනාටන නිරෝගී යහපත් සුභ අනාගතයක්. බුදු සරණයි....!

    ReplyDelete
  44. බිඟුලන්තයේ සතුට දෝරෙ ගලන නිසා තමයි මේ පැත්ත දෙගොඩ තලා යන්නෙ... මං ඉස්සිස්සෙලාම බිඟුලන්තයට ගොඩ වෙද්දි හය වෙනි මාසෙද කොහෙද... අනේ මේ බිඟු කුමරා උපදිනකම් අපිත් සයිබර් අවකාශයේ බලා හිටියා නොවැ.. හරිම උණුසුම් අත්දැකීමක් ... අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි!!!!

    බිඟු, බිඟු රැජින සහ බිඟු ලන්තයේ ඔටුන්න හිමි කුමරුට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි!!!

    ReplyDelete
  45. අර අම්මගෙන් වෙන් වෙච්ච ගමන් පින්තූරෙ ඉන්නෙ හරියට ආලෝකය ගැන මළ පැනලා වගේ..

    ReplyDelete
  46. ammage palaweni haduwa nam harima hagimbarai :)

    ReplyDelete
  47. මෙන්න අපේ දිල් එනවලු චූටි කුරුල්ල එක්ක සෙල්ලම් කරන්න

    ReplyDelete
  48. මගෙනුත් සුබ පැතුම්

    තිදෙනාටම තෙරුවන් සරණයි

    ReplyDelete
  49. @නදුන්,
    හරි හරි..

    @යූ.එස්.
    ඒකනේ මලයා. අපි ඔක්කොම එකම සයිබර් යායක කට්ටියනේ.
    (ඔක්කොම බිඟුලන්ත වැසියෝ... හික්ස්...)

    @වැම්පයර්,
    මාත් එහෙනම් ආයෙත් එල කිව්වා...

    @ගල්මල්,
    හරි හරි එහෙම කරමු.

    @ළමයා,
    හා හා...
    මම් කියන්නකෝ පුතාට සයිබරයේ ළමයා එනවා කියලත් සෙල්ලම් කරන්න.

    @හසිත ජයසූරිය,
    බිගුව අයියගෙ ගේ චූටි මල්ලියා ????
    හික්ස්....
    වෙන අය මොනවා හිතයිද දන්නේ නෑ බං ....

    @පසන්,
    තුති!

    @සෝරෝ,
    ඉන්නව ඉන්නවා...
    පුතා කැමතිවෙයි උඹේ අස්සය පදින්න...
    දෙනවද???

    @මාරයා,
    අරකට ස්තුතියි මචං.
    දිලා නාලා වගේ මට පේන්නේ...
    අර කිවා වගේ කෝ උගේ තටු....

    ReplyDelete
  50. @ලස්සන ලංකා,
    මම දැකලා තියෙනවා දුවගේ පිංතූර...
    ඒත් බැලුවා කෝ කියලා මම.


    @සුදු මහත්තයා,
    ඔව් ඔව්...
    මල්ලි තමා....
    වරෙන් වරෙන් සෙල්ලම් කරන්න...
    හික්ස්...

    @පුර සඳ,
    හනේ... ඔයාට තාම බබාලා නැද්ද? (හික්ස්... මං හිතුවෙ 5,6ක් ඇති කියලා)
    මට මතකයි ඔයා ඉස්සරලාම බිඟුලන්තෙට ගොඩ වැදුන කාලේ..
    ඔයාගේ බ්ලොග් එකේ කොමෙන්ටු දාන්න බැරි කාලේ...
    ඔයා කියන්නා වගේ පුතා කෑගැහුවා දෙකක් වෙන්න....
    අම්මා ගාව තිබ්බා විතරයි සද්ද නෑ...

    @කවි ද මන්දා,
    ම්... මටත් එහෙමම හිතෙනවා...
    ඒ වෙලාවේ මට ආසාවේ බෑ...
    අම්මට පුංචි කඳුළකුත් ආවා...

    @ඇනී..
    මෙයා හරියට දිල් හා කුරුල්ලා ගැන කතා කරනවා නේද?
    ඔයාටත් කුරුල්ලෙක්ද ඉන්නෙ?
    පිංතූරයක් එව්වොත් දාන්නම් කස්ටියට පේන්න...
    හික්ස්...

    @යසිත්,
    තුති!

    ReplyDelete
  51. හපොයි මේක දැනුයි දැක්කේ. මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියේ. මාර අත්දැකීම නේද ? මට නම් කවදාවත් ඒ අත්දැකීම විඳින්න බැරිවෙයි. ලේ චුට්ටක් දැක්කත් මට කලන්තේ දානවනෙ

    ReplyDelete
  52. @තරිඳු,
    එහෙනම් ඉතින් වෙන කෙනෙක්ට තමා වීඩියෝ කරන්න වෙන්නේ.

    ReplyDelete
  53. @බිඟුවා -
    හී හී පද්දවන්නම්කො ඔයා කියනවනම්...
    හැබැයි ඔන්න ඔයාවත් පද්දවන්න කියල අඬන්න නම් බැ හරිද...

    හික්ස්...

    :Z

    -සෝරෝ

    ReplyDelete
  54. එහෙම බෑ....
    මාත් එනවා පුතා එක්ක. එයා වැටුනොත් එහෙම...

    ReplyDelete
  55. සුභ පැතුම නව දෙමාපියන් දෙපලට

    ReplyDelete
  56. හුරේ....

    ඔන්න මට ආරාධනා තියෙනව එන්න කියලා. මම වැඩ ඉවර උන ගමන්ම එන්නම්කෝ මල්ලි එක්ක සෙල්ලම් කොරන්න. හැබැයි ඔන්න තාත්තව ගන්නෙ නෑ අපේ සෙල්ලම් වලට

    ReplyDelete
  57. සුභ පැතුම් බිඟු අයියේ...දැන් ඉතින් හොඳ නමක් හෙව්වොත් හොඳා....

    ReplyDelete
  58. අඩේ දැන් නෙවැ දැක්කෙ..මාත් එනවා මල්ලි බබා එක්ක සෙල්ලම් කොරන්න :-D එකා මගෙ කන කඩාවිද දන්නැ :D සොක් කුලූ..
    අසාවේ බෑ බිගු අයියෙ...!

    ReplyDelete
  59. @මධූ,
    ස්තුතියි,

    @සුදු මහත්තයා,
    හා.. හා...
    මම නෑවිදින් ඉන්නම්කෝ... ඒත් උඹේ වැඩ කවදා ඉවර වේවිද දන්නේ නෑ නේද?
    හික්ස්...

    @ක්‍රිශාන්,
    ඒක තමා කලින් ලිපියෙන් පොඩි උත්සාහ පාරක් දැම්මේ...
    තාම ඉවර නෑ...

    @බනී,
    ඒක නම් කියන්න බෑ ඔන්න...
    කොල්ලා දඟයා...
    මේ දවස්වල දෙක වෙන්න කෑ දෙනවා..
    ඔන්න කණ කඩාගෙන මට මුකුත් කියනවා නෙමෙයි හරියැ?

    ReplyDelete
  60. අපොයි දැන් හැමෝටම සෙල්ලම් කරන්න ඕනෙ වෙලා.
    මේ මේ මමයි ඉස්සෙල්ලම මල්ලි බබත් එක්ක සෙල්ලම් කරන්න එනව කිවුවෙ.

    ඒක නෙවෙයි උපන් වෙලාව, අක්ශාංශ,දේශාංශ රාජ්‍ය රහසක්ද ?

    ReplyDelete
  61. කොයි අර පූස් පින්තූරෙ.

    ReplyDelete
  62. බිඟුවා...!
    මගේ සුභ පැතුම් ............!

    ReplyDelete
  63. අනේ හරිම ෂෝයි..... අපිට මෙහෙම සතුටු හිතෙනවා නම් අයියට කොයිතරම් සතුටු ඇතිද?
    පුංචි පැංච‍ට නමක් තිබ්බද?
    තුන් දෙනාටම තෙරුවණ් සරණයි!!!!

    ReplyDelete
  64. සුභ පැතුම් බිගු අයියා...! අද යි දැක්කේ..මම තාම අලුත් මෙහෙට..

    ReplyDelete
  65. මගෙනුත් සුබ පැතුම් බිගුවා අයියේ..චූටි බිගු බබා ෂෝයි.
    ඔයාල හැමෝම හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා...!!!!

    ReplyDelete
  66. අප්පා.... මම පරක්කු වෙලනෙ දැක්කේ. මෙන්න මගෙනුත් සුබ පැතුම් බිඟු පවුලට එකතුවුන බිඟු පැටියා වෙනුවෙන්... !!!

    ReplyDelete
  67. හැබැයි කෙලුපැටියත් උඹ වගේම පොරක් වෙයිද දන්නෙ නෑ....

    ReplyDelete
  68. මම කියන්න හිටපු දේවල හැමෝම දාලනේ.
    මුලු ජීවිතේම අපිත් එක්ක බෙදා හදා ගන්න උඹට තියෙන්නෙ පුදුම හයියක්. ජයවේවා !!!

    ReplyDelete
  69. @මකරා,
    ඒකනේ දැන් ඔක්කොමලා සෙල්ලම් කරන්න හදන්නේ....
    පූසා පස්සේ එවන්නම්.
    අරවා රහසිගතයි.

    @හොඳහිත,
    හරි හරි. ස්තුතියි.

    @පුංචිසමනළී,
    තිබ්බා තිබ්බා, තෙහස් කියලා

    @තේජී,
    නවකයින්ටත් බිඟුලන්තයේ දොරටු ඇරිලා තියෙන්නේ...

    ReplyDelete
  70. @සොදුරු සිතැත්තී,
    ස්තුතියි!

    @චමිල,
    ස්තුතියි!

    @තිසර,
    අනේ කොල්ලා මං වගේ උනොත් උඹලට ඉන්න වෙන්නේ නෑ ඔන්න...

    @මහසෙන්,
    ආ.. අපි එක පවුලට කස්ටියනේ...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!