May 16, 2010

ලිස්සන ගහක්ද මංදා

බක් මහේ අසිරිය තවම ඉවර වී නොමැත. ඊයේ එනම් මැයි 15 වැනිදා මම මගේ රෝද දෙක පදවමින් සිටියෙමි

.


ආහා!!! ...

මෙන්න තවත් එක් බක් මහ උළෙලක්. මොහොතක් මගේ රෝද දෙක නවතා බැලීමි. අමුතුම තාලේ සෙල්ලමකි. මෙය කුමක්දැයි අසල සිටි අයෙකුගෙන් විමසූ විට කීවේ එය ලිස්සන ගහක් කියාය. නමුත් අප බොහෝ දෙනා දැක තිබෙනුයේ කෙලින් සිටවූ ලිස්සන ගස්ය. නමුත් මෙය හරහට සිටවූ එකකි.

එහි ග්‍රීස් තවරා නොතිබූ නමුදු එහි ගමන් කිරීම අසීරු බව ඔබට පහතින් දැක්වෙන පිංතූර වලින් මොනවට පැහැදිළි වේද..







මෙහි අවසානයට යනවිට පුවක් ගහ වඩ වඩාත් පැද්දෙන බැවින් මෙය අසීරු බව සිතා ගට හැකිය. මා එතන ගතකල  මිනිත්තු කිහිපයේදී නම් කිසිවකු ගමන් අවසානයට නොකළේය.

23 comments:

  1. අමුතු ලිස්සන ගහක්. උපන්තේකට අහල නෑනෙ මේ වගේ එකක්. හැබැයි ඒකත් හරි විනෝදයි වගේ නේද?

    ReplyDelete
  2. ඕකට ලිස්සන ගහ කියන එක හරි මදි නේද ?

    නරකද “පැද්දෙන ගහේ යාම” කිව්වොත් ?

    ReplyDelete
  3. ලිස්සන ගහේ තිරස්ව යාම????

    ReplyDelete
  4. ඕක මමත් දැක්ක ඔය තියෙන තැන හොඳා මම දැක්කෙ පහලි කුඹුරක් තියෙන තැනක්...එතනදි වැටෙන කෙනා අඩු නැතිව මඩ නානව...

    ReplyDelete
  5. කොහොම හරි කට්ටියට නාගෙනම යන්න පුලුවන්.

    ReplyDelete
  6. මමත මීට කලින් ඔහොම ලිස්සන ගස් නම් දැකල නෑ. බිඟූට පින් සිද්ද වෙන්න ඒකත් දැක්කනෙ. ඒක නෙමේ බිඟූ සහෝ ගොඩ දවසකින් ඇයි ලිව්වෙ නැත්තෙ.

    ReplyDelete
  7. මම හරිම අමාරුවෙන් තමා මේ වගේ පොඩි වෙලාවකට හරි සයිබරයට ගොඩ වෙන්නේ. දන්නවනේ මේ දවස්වල හරිම අවිවේකයි. නිතරම බිරිඳට එක එක ජාතියේ කැක්කුම් අමාරු හැදෙනවා. දැන් ටිකකට කලියෙනුත් පොඩි පහේ කොන්දේ කැක්කුමක් ඇල්ලුවා.
    අපි ඉස්පිරිතාලේ දුවන්නයි හැදුවේ....
    යාන්තම් ගොඩ ගියා...

    ඒ හින්දා අම්මෝ....

    /බිඟුවා...!

    ReplyDelete
  8. " පැද්දෙන ගහේ ලිස්සන් යාම " කියලා කිව්වොත් මොකෝ ?

    ReplyDelete
  9. ඒක තමයි වැඩිය දකින්න නොහිටියේ, ඒත් කාලෙකින් හරි; හොඳ පෝස්ට් එකක්. මමත් මෙහෙම එකක් දැක්කමයි.

    ReplyDelete
  10. මොන දේ ලියන්න ආවේ නැත්ත කමක් නෑ රැජින හොදට බලා ගන්න බිගූ.....තෙරුවන් සරණයි රැජිනට !

    ReplyDelete
  11. නාගන්නෙ නැතුව වැඩක් කරන්න පුළුවන් කස්ටියට හොඳ අවස්ථාවක්...

    ReplyDelete
  12. අනිවා නැමක්....තියෙන්නේ.....

    පැද්දෙන ගහේ ඇවිදිම.....

    ReplyDelete
  13. පට්ට පදිරි.......... ගහදිගෙ වතුරට....... හික්zzzz කොහොම ගියත් අන්තිමට හැමෝම වැටෙන්නෙ එකම වතුරටනෙ........ මේකත් ඉතින් සිරාම ගහක්තමා. එළපෝස්ට් එක බිඟුවා සහෝ........

    ReplyDelete
  14. මෙහෙම එකක් දැක්කාමයි. රැජිනව හොඳට බලගන්න අයියේ...

    ReplyDelete
  15. මමත් මේ දැක්කමයි! හරි ෂෝක්!!

    මොකක් හරි මම නොදන්න දෙයක් තියෙනව වගේ... කොහොම වුනත් රැජිනව මම දන්නෙ නැහැ.. නමුත් සුභ පතනවා පතන පැතුමන් එලෙසින්ම ඉටු වෙන්නට!

    ReplyDelete
  16. කෝක එල ගේම් එක. හැබැයි එක ___ තලා ගන්නේ නැතුව කලොත් තමා හොඳ :P :P

    ReplyDelete
  17. කලින් කොමෙන්ටුවෙ හිස්තැනට එන්නෙ අස්ථි වලට සහ බීජ වලට කියන සි0හල නම.....ඔන්න මම(කොලේ ) ඉස්සුව කැමති අයට බලාගන්න...

    ReplyDelete
  18. මමත් මේ දැක්කමයි... හික්ස්...

    ReplyDelete
  19. මරු මරු පැද්දෙන ලිස්සන ගහ...

    ReplyDelete
  20. මේ අනේ ඇත්තටම එන්න වෙලාවක් නැහැ කියලා මේ ලියලත් ගිහිංනේ.
    ඇත්තටමයි මේවා නොලිව්වට කමක් නැහැ දැන් රැජිනව බලාගන්න හොඳට
    ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි....!!!!

    ReplyDelete
  21. මචන්, පොඩි ආරන්චියක් ආවා. අපෙන් සුබ පැතුම්, :)

    ReplyDelete
  22. සතුටුදායක ආරංචියක් ආවා...
    ඔන්න උණුසුම්ම සුබ පැතුම් මගෙන්..

    ReplyDelete
  23. පැද්දෙන ගහ දැක්කෙ මම ගොඩක් පරක්කු වෙලා, අර කිව්ව වගේ (අස්ථි වලට හා බීජ වලට කියන සිංහල නම ) තලෙනවට රක්ෂණය කරලද දන්නෙ නෑ නේද?.. හික්ස්......
    ඔබ පිය පදවිය ලබන්න තව දින කීපයයි නේද තියෙන්නෙ. මගේ සුබ පැතුම්.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!