May 10, 2010

පඤ්චාංගය (මිනි මැරතන් - 2010)



පඤ්චාංගය යනු අංග පහක් යන්නයි. උදාහරණයක් ලෙසට ගසක පඤ්චාංගය ලෙස කොළ, පොතු, මුල්, මල් හා ගෙඩි අර්ථ දැක්විය හැකිය. නමුත් අද මා කියන්නට යන්නේ ජ්‍යොතිෂයේ පඤ්චාංගය දිනය ගැනයි.

එනම් 

  1. දිනය,
  2. නැකත,
  3. තිථිය,
  4. යෝගය හා
  5. කරණය වේ.

එමෙන්ම දින 7 ක්, නැකත් 27 ක්,  තිථි 15 ක් , යෝග 27 ක්  හා කරණ 11 ක් ඇති බව මෙහි සඳහන් කළ යුතු වේ.

දිනයෙන් ආයු වර්ධනයද,  නැකතින් පව් දුරු කිරීමද, තිථියෙන් ශ්‍රියාවද, යෝගයෙන් නිරෝගී බවද, කරණයෙන් කාර්යය සිද්ධියද අර්ථ දැක්වේයැයි පොත පතෙහි සඳහන් වේ.




පඤ්චාංගය - දිනය


අපි මුලින්ම දන්නා කියනා දිනය ගැන බලමු.
එහිදී අප සාමාන්‍ය භාවිතයේ එන දින හතම වෙන වෙන නම් වලින් හැඳින්වේ.



සාමාන්‍ය භාවිතයේදීජ්‍යොතිෂයේදී
ඉරිදාරවි දින
සඳුදාචන්ද්‍ර දින
අඟහරුවාදාකුජ දින
බදාදාබුද දින
බ්‍රහස්පතින්දාගුරු දින
සිකුරාදාකිවි දින
සෙනසුරාදාශනි දින


එමෙන්ම ඉරිදාට ශිව ද, සඳුදාට දුර්ගාද (පාර්වතී),  අඟහරුවාදාට ස්කන්ධ කුමාරයාද, බදාදාට විෂ්ණු ද,
බ්‍රහස්පතින්දාට මහා බ්‍රහ්මයාද, සිකුරාදාට ශ්‍රී කාන්තාවද සෙනසුරාදාට යමද අධිපතියන් ලෙස කියැවේ. 

පඤ්චාංගය - නැකත

ජ්‍යොතිෂයේ නැකත් 27 ගැන සඳහන් වේ.
ඒ පිළිබඳව කෙටිම කෙටි අදහසක් දීමට මෙලෙස අකුරු කර තබන්නට උත්සුක උනෙමි.

ඒවා මෙලෙස දැක්විය හැකිය.
  1. අස්විද 
  2. බෙරණ 
  3. කැති 
  4. රෙහෙණ 
  5. මුවසිරිස 
  6. අද 
  7. පුනාවස 
  8. පුස 
  9. අස්ලිය 
  10. මා 
  11. පුවපල් 
  12. උත්‍රපල් 
  13. හත 
  14. සිත 
  15. සා 
  16. විසා 
  17. අනුර 
  18. දෙට 
  19. මුල 
  20. පුවසල 
  21. උත්‍රසල 
  22. සුවන 
  23. දෙනට 
  24. සියාවස 
  25. පුවපුටුප 
  26. උත්‍රපුටුප 
  27. රේවතී
මේ හැර අභිජිත් නම් නැකතක් ඇති අතර එය වැඩිපුර භාවිතා නොවන බව කියැවේ.


ඒ ඒ නැකතට අධිපති ග්‍රහයෙක් සිටිනා බව පොත පතෙහි සඳහන් වේ. එලෙසම නැකතකට අදාලව ගණ, යෝනි, වෘක්ෂ, පක්ෂි, ලිංගාදී කරුණු 10 වේ. පොරොන්දම් බැලීමේදී මෙමා කරුණු යොදා ගන්නවා ඇත.

කැති තුරුපල් තුරුසල ඉරුට සවිය ය
රෙහෙණ හත සුවණ දසවරුස සඳුට ය
මුවරිස් සිත දෙනට සත් අවුරුදු කුජ ය
අද සා සියාවස රාහුට අට ලොස ය

පුනවසි විසා පුවපුටු ගුරුට සොලොස ය
පුෂ නුර උත්‍රපුටුපා ශනි දස නම ය
අස්ලිය දෙට රේවතී බුධ සතලොස ය
මා මුල අස්විද කේතුට සතක් වී ය

පුවපල් ගුණය පුවසල බෙරණ නැකත ය
විස්සක් වරුස සිකුරා හට නියම වි ය
මෙකී මේ දශා මේ ලෙසට ගැන තී ය
උපන් නැකත දැන මෙලෙසින් දසාසො ය


පඤ්චාංගය - තිථිය

තිථිය යනු චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එක් දිනයකි. නමුත් පෙර කී පරිදි තිථි 15 පමණක් වේ. එයින් කියැවෙන්නේ මාසයකට එකම තිථිය දෙවරක් යෙදෙන බවය. එය සැබෑවකි. නමුත් මෙය සිදු වන්නේ පුර පක්ෂයට 15 ක් හා අව පක්ෂයට 15 ක් ලෙසය. පුර පක්ෂය යනු සඳු පිරීගෙන එන කාලයයි. අමාවක දිනයෙන් පටන් ගෙන පුර පසළොස්වක දිනය දක්වා පුර පක්ෂය වේ. අව පක්ෂය යනු පසළොස්වක දින සිට අමාවක දින දක්වා කාලයයි.

තිථි 15 මෙසේ දැක්විය හැකිය.
  1. පෑලවිය 
  2. දියවක 
  3. තියවක 
  4. ජලවක 
  5. විසේනිය 
  6. සැටවක 
  7. සතවක 
  8. අටවක 
  9. නවවක 
  10. දසවක 
  11. එකොළොස්වක 
  12. දෙළොස්වක 
  13. තෙළෙස්වක 
  14. තුදුස්වක 
  15. පසළොස්වක (අමාවක)

පඤ්චාංගය - යෝගය

මෙහිලා යෝග 27 ක් ගැන සඳහන වන අතර මේ යොඉග කුමක් සඳහා යොදා ගන්නේදැයි මම නොදනිමි. නමුත් පඤ්චාංගයේ එක ඇංගයක් බවින් එහි අඩංගු දෑ පිළිඹද අසටහනක් තැබීමට සිතුවෙමි.

එම 27 මෙසේය.
  1. විශ්කමභ 
  2. ප්‍රීති 
  3. ආයුෂ්මන් 
  4. සෞභාග්‍ය 
  5. ශෝභන 
  6. අතිගණ්ඩ 
  7. සුකර්ම 
  8. ධෘති 
  9. ශුල 
  10. ගණ්ඩ 
  11. වෘද්ධි 
  12. ධෘව 
  13. ව්‍යාඝාත 
  14. හර්ෂණ 
  15. වජ්‍ර 
  16. සිද්ධි 
  17. ව්‍යතිපාත 
  18. වාරියන් 
  19. පරිඝ 
  20. ශිව 
  21. සිද්ධ 
  22. සාධ්‍ය 
  23. ශුභ 
  24. ශුබ්‍ර 
  25. බ්‍රහ්ම 
  26. මාහේන්ද්‍ර 
  27. වෛධෘති

පඤ්චාංගය - කරණය

කරණය යනු අප ඉහතදී කී තිථියේ භාගයකි. මේවා කොටස් දෙකකි. ඒවා නම් චර කරණ හා තිර කරණ වේ.

චර කරණ 7 
  1. බව 
  2. බාලව 
  3. කෞලව 
  4. තෛතිල 
  5. ගරජ 
  6. වනිජ 
  7. විෂ්ටි

තිර  කරණ 7 
  1. ශකුණ 
  2. වතුස්පාද 
  3. නාග 
  4. කිංස්තුංග 


කරණ 11 ක් සියල්ල දැක්විය හැකි බව ඉහතදී මා විසින් සඳහන් කරන ලදී. ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන  ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ. ඒ වෙනුවෙන් කියැවුනු කවි කිහිපයක් මෙලෙස දක්වමි.


එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
ජලවක කුකුළු පස එළු කරණ
සත ගව අට සිංහ නව සුකර කරණ
දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ

එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ
පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

අට්වක ඌරු දියවක ගජ කරණවණු
තියවක කුකුළු ජලවක දිවි කරණවණු
පස එළු කරණ සැටවක ගජ කරණවණු
සතවක සිංහ අටවක සුකරයි දණු

නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ
තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ
අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ


7 comments:

  1. මෙම ලිපිය මිනි මැරතන් වලදී ලියැවුණ් ලිපි පෙළක එකතුවක් බව කරුණාවෙන් සලකන්න. :D

    ReplyDelete
  2. හුග දවසකින්...එල ලිපිය නොදන්න දෙවල්...බොහොම්යිනේ මම..........

    ReplyDelete
  3. මේකා නොදන්න දෙයක් නැහැ නෙව

    ReplyDelete
  4. @දයියා,
    අනේ එහෙම නෑ බං.
    හැම දේම පුළු පුළුවන් විදියට ඉගෙන ගන්නවා...

    @ඉලංදාරියා,
    ඔව් කොල්ලෝ...
    කාලය තමා...

    /බිඟුවා...!

    ReplyDelete
  5. බැයිද බිඟුවො කේන්දරේ එහෙම බලව ගන්න

    ReplyDelete
  6. @ගයාන්,
    ඒකට නම් මාරයා ඉන්නේ...
    මිනිහ දස්සයා....
    වැඩේ ෂුවර්....

    /බිඟුවා...!

    ReplyDelete
  7. උත්සාය ෙහාඳයි...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!