May 10, 2010

බිඟුලන්තය (මිනි මැරතන් - 2010)


බිඟුලන්තය - මුහුදු තීරය

ඔන්න එකෝමත් එක කාලෙක මහා සාගරය මැද තිබුණා දූපතක්. ඒකට හැමෝම කිව්වේ බිඟුලන්තයකියලා. වෙරළ වටේ සිප්පි කටු පිරිලා හරිම ලස්සනයි. අතරින් පතර කොරල් ගල මල් එහෙමත් තිබුණා. දූපතක් හින්දා වටේම මත්ස්‍ය සම්පතත් සපිරුණ එකක් වුනා. හැන්දෑවට ඉරගල වැටෙන ඇහිල්ලට හරිම ලස්සනයි. රන්වන් පාට හිරු කිරණ මුහුදත් අහසත් යා කරන මායිමේ වැටිලා කියන්න ආසාවේ බෑ. ඒ වගේමයි උදේට තියෙන මුහුදු රැල්ල. හරිම දිග රැළි සුදු පාටට වෙරළ සිපගෙන ආපසු යන හැටි පැය ගාණක් වුනත් බලාගෙන ඉන්න පුළුවන් තරම සුන්දරයි. කොරල් අස්සට අව්ව වැටිලා එක එක පටින් දිළිසෙනවා. එක මුහුදු තීරයක්ම මේ කොරල් වලටම වෙන් වුනු එකක් විදියටයි සැලකුනේ. මේ අස්සේ පාට පාට පුංචි මාලු එහාට මෙහාට පීනලා ගියේ හරිම විනෝදයෙන්. මේ පුංචි මාළුවොත් දැනගෙන හිටියා මේ තීරයේ ලස්සන.

මහ මුහුදේ තට්ට තනිව මෙය පිහිටන්නේ
කවුරුත් මෙය හරිම අගේ කියා කියන්නේ
දූපතක් ලෙසට හරිම වටී සැවෙමො සිතන්නේ
බිඟුලන්තය කියා එයට නමක් හැදෙන්නේ

ලස්සන මේ රට වටේට මහ මුහුද තියෙන්න
වෙරළේ දිගේ තියෙන සිරිය එය පහදන්නේ
සිප්පි කටුවලින්ම පුංචි වෙරළ පිරෙන්නේ
මෙය දුටු කා කාගෙත් සිත් පිනවන්නේ

කොරල් පරයි ගල් මලුයි ගැවස තියෙන්නේ
පාට පාට පුංචි මාළු අතර සිටින්නේ
ලොකු මාළුන් මෙතනට එන්නෙම නෑ සිතෙන්නේ
පුංචි මාළු කිසි බයකින් තොරව ඉඳින්නේ

හැන්දෑවට ඉර දෙයියෝ යන්නට යන්නේ
අහස මුහුද එක් වන තැන එය සිදුවෙන්නේ
රන්වන් පැහැ අහස් තලේ පාටම ගන්නේ
හිරු දෙයියන් නැති හින්දද ඔබ දුක් වෙන්නේ

බිඟුලන්තය - දිය ඇල්ල

බිඟුලන්තය මැද්දේ තරමක ලොකු කඳු ගැටයක් තිබ්බා. මේකෙන් පුංචි දොල පාරක් පටන් අරගෙන හිමීට ගලාගෙන ගියා. මේ දිය උල්පත කවදාවත්ම සිඳුනේ නෑ. අවුරුද්ද මුලුල්ලේම වතුර ගලන්න තරම් මෙයාට හයිය හත්තිය තිබුණා. තද නියඟයක් ආව කාලෙකදී පවා මේ දිය උල්පත සිඳුනේ නෑ. පුංචිම පුංචි දිය සිරාවක් හරි ඒකෙන් මතුවෙලා ගලා යන්න තරම් වුනා. මේ දිය පහරට මගදී තවත් පොඩි දිය පහරවල් එකතු වෙලා තරමක ලොකු ගඟක් විදියට තමා මුහුදට එක වුනේ. මේ ගඟ අර කන්ඳෙන් පහලට වැටෙන එක තැනක පොඩි දිය ඇල්ලක් හදවමින් තිබුනා. මෙතන හරිම ලස්සන තැනක් වුනා. අඩි 30ක් විතර උසට වැටෙන මේ දි ඇල්ලෙන් ඒ ප්‍රදේශයටම පුදුම ලස්සනක් ගෙන දෙමින් තිබුණා. දිය ඇල්ලේ ගුමු ගුමුවයි පරිසරයේ විහඟ නදයි ඒ පැත්තම සුර විමනක් බවට කරන්න තරම් සමත් උනා.




බිඟුලන්තය මැදිවෙන්නට කඳු ගැටයක් ඇත්තේ
ඒ කන්දෙන් දොළ පාරක් හටගෙන ඇත්තේ
කවදාවත් නොසිඳෙන බව කවුරුත් දත්තේ
එකම එක බිඳක්වත් එහි ගැවසී ගත්තේ

ඈ දැන් ලොකු වෙලාය ගංඟාවක් වෙන්නේ
ඇගේ තරුණ කාලේදීම ඈ දරඳඩු වන්නේ
ගලක් දැක්කොතින් පනින්නටයි හිත දෙන්නේ
එහෙම කලාමයි ඔය දිය ඇලි ඇති වෙන්නේ

අඩි ගාණක් උඩ ඉඳලා බිමට පනින්නේ
කිසි ගාණක් නැතුව වගේ අපිට පේන්නේ
කොහොමවුනත් හරිම හැඩයි කැපිල පේන්නේ
අපි පැන්නොත් ඔහොම නොවෙයි පෙනිල කැපෙන්නේ

විහඟ නදයි ගුමු ගුමුවයි රසය මවන්නේ
සීතල පිණි බිංඳු ටිකත් එකතුම වෙන්නේ
සුදු කැටියට පෙණ බුබුලුයි මෙන්න නගින්නේ
කියන්න බැරි අසිරියකුයි ඉන් ඇති වෙන්නේ

බිඟුලන්තය - කැලය

බිඟුලන්තයේ එක් පැත්තකට වෙන්න පොඩි කැලයක් තිබුණා. මේ කැලය අලි කොටි වගේ නපුරු සත්තුගෙන් ගහන ප්‍රදේශයක් උනා. ඒ වගේම හාවුන්, ගෝනුන්, මුවන් වැනි අහිංසකයින්ද අඩු නැතුවම හිටියා. හැබැයි මේ කැලේ රජෙක් කියලා සිංහයෙක්නම් හිටිය් නෑ. මේ වනේ මැද්දෙන් අර ඉස්සරලා කියපු ගඟ ගලන්නට වූයෙන් සතුන්ට වතුරෙන් නම් කිසි අඩුපාඩුවක් වුනේ නෑ. ඒ වගේම මේ කැලයේ තැනින් තැන පොඩි දිය කඩිති තිබුණා. ඒවා අර අහිංසක මුව පොව්වන්ට දරුණු කොටින්ගෙන් ආරක්ෂාවෙලා තමන්ගේ පිපාසය සංසිඳවාගන්න කදිම තෝතැන්නක් වෙලා තිබුණා. මේ දිය කඩිති අසල ලොකු පහේ කිඹුල් රාලලාත් අව්ව තපින්නා සේ දෑස් පියාගෙන සිටියේ ගොදුරක් දැහැගැනීමට නොවේමයි කියලා කියන්න බෑ. අවස්ථාව ආව ගමන් ඔවුන් ක්‍රියාත්මක වෙලා තමන්ගේ බඩ ගොස්තරය පුරවාගන්නා බවත් මේ හිටිය අහිංසකයින් දැනගෙන හිටියා. ඒ හින්දා හැමෝම පරිස්සමින් තමා ජීවත් වුනේ. පිඹුරා, නයා, පොළඟා වගේ බඩගාගෙන යන අයත් කීප දෙනෙක්මත් මේ කැලයේ එක් පැත්තක් අයිති කරගෙන හිටියා.




ලොකු පොඩි ගස් එකතු වෙල එක කැලයක් තියෙනා
මල් පළතුරු හැම අත්තක පිරිලා තියෙනා
කුරුල්ලන්ට ගී ගයන්න තුරු මුදුනින් සරනා
සුරපුර වන් මෙවන් තැනක් කොහිදැයි සිතෙනා

කුරුළු කැදලි අතු අග එක එක සැදෙනා
ටික දොහකින් ඒවායින් ගී හඬ ඇසෙනා
කුරුළු පැටව් දෙමා පියන් සතුටින් සිටිනා
සොඳුරු දසුන් කාගෙත් මන දොල පිනනා

පුංචි පැටව් බේරා ගන්න කැදැල්ලේ සිටිනා
දෙමාපියන් සෑම විටම අවදිව ඉන්නා
උකුසු රජා මේ කිසිවක් ගනනට නොගෙනා
පුංචි පැටව් එක කටටම ගිලගෙන යන්නා

උකුස්සාට නොපෙනෙන්නට කූඩුව තනනා
කුරුළු මවක් සිතා සිටී අනතුරු නොවෙනා
ගැරඬි ආදී උරගයින්ගේ උෂ්ණය දැනෙනා
අනේ අපිට මොන සරණක් හදවත කියනා


බිඟුලන්තය - සිවුපාවෝ


නපුරු රුදුරු කොටියන් ගැවසී ගත්තේ
මහ විශාල අලියන් හැම තැන ඇත්තේ
මීට නපුරු වලසුන් නම් මෙහි නැත්තේ
හරිම දරුණු අය නම් පිරිලා ඇත්තේ


දරුණු අයට විතරක් නොව මේ කැලය
මුව පොව්වන් හා පැටවුන් එක රැලය
සිත් සේ දුවන්න්ට එහෙ මෙහෙ නලිය
රැදුනේ මේ තුරු අතරයි රඟ කෙලිය


කැලේ රජා කියනා සිංහ බොලන්නේ
නපුරු නෑලු බඩ පිරුනම කියන්නේ
කෙසර තියෙන අය හරි අඩුවෙන්නේ
කිසිම එකෙක් හිටියේ මේ පෙදෙසෙන්නේ


තැන තැන තියෙන දිය කඩිතී හරිම අගෙයි
කැලේ අයට පිපාසයට සුවය ගෙනෙයි
කිඹුල් රාළ මේ අසලම තපස් රකියි
අවස්ථාව ආව ගමන් සීලේ කැඩෙයි




බිඟුලන්තය - කැලය (IV) - උරගයෝ





පිඹුරා නම් අහිංසකයි කියන්නේ
එයා නෑනේ එලවාලා හපන්නේ
වෙලාගත්තොතින් මේ අහන්නේ
ඇට කුඩුවෙලයි ඌ මැරෙන්නේ

නයා නෑලූ බොරුවට ඔය පුප්පන්නේ
පුප්පනකොට පෙනේ හොඳට පේන්නේ
දෂ්ඨ කලොත් වැඩි වෙලා නෑ ඉඳින්නේ
ඌට ගහල පොල්ල වරද නොගන්නේ

පොළඟා නම් මග රැකලා ඉඳින්නේ
දැක්ක ගමන් එලවන්නට හදන්නේ
වලිගේ කොටා කියලත් අර කියන්නේ
වල් ඌරට පුදුම බයක් තියෙන්නේ

මෙකී නොකී බොහෝ උරග සිටින්නේ
හැම එකාම දෂ්ඨ නොකර සිටින්නේ
දෂ්ඨ කලත් නිසරු බයක් නොගන්නේ
විසකුරු අය කිහිප දෙනයි සිටින්නේ


මතු බැඳේ...


23 comments:

  1. මෙම ලිපිය මිනි මැරතන් වලදී ලියැවුණ් ලිපි පෙළක එකතුවක් බව කරුණාවෙන් සලකන්න. :D

    ReplyDelete
  2. අම්මෝ..... දැක්කත් සතුටුයි. කොහේද අප්පේ මෙච්චර කල් හැංගිලා උන්නේ. මන් ඔන්න ඔයාගෙ බයිසිකල් කලෙක්සන් එකට තව බයිසිකලේකුත් දුන්නා.

    ReplyDelete
  3. මොකදෑ මේ තැන් තැන් වල දාපුව එකතු කරල පිලිවෙලක් වෙන්නේ..... රැජින අක්ක ගෙදර හැඩි වෙලා කියලවත් කිව්වද????????
    මේ ඊලඟ අපේ බබා ලිපියට දවස් හරියාගෙන නේද එන්නේ.......

    ReplyDelete
  4. මම මේ අහන්න හැදුවා විතරයි. අනම් මනම් නෙමේ...එන්න ඉන්න අපේ බිගු පැටියා ගැන ලියන්න.

    ReplyDelete
  5. හප්පේද කියන්නේ මොකො මේ කරන්නේ..අනේ මේ දැන් ඕවා එකතු කරන එක නවත්තලා පුංචි බිඟුවා ගැන ලියන්න ගත්තොත් හොදයි බිඟු අයියේ.............

    ReplyDelete
  6. මොකද මේ පිලිවෙලක් වෙන්නේ..............

    ReplyDelete
  7. කෝ ඉතින් මෙ කතාවෙ බිගුස් ඇන්ඩ් බිගු රැජිනස්..

    ReplyDelete
  8. බිඟු... ඇත්තට කොහොමද එන්න ඉන්න බිඟු පැටියා..? දැන් ඉතිං රැජින ළඟට වෙලා එයත් දින ගැන ගැන ඇත්තෙ..

    ReplyDelete
  9. කොහොමත් වෙසක් කාලෙට මේ වගේ කතා අහන්න ලැබෙනව. බිඟුව තොරණ් වල විරිඳු කියල තියෙනව වගේ.

    ReplyDelete
  10. කෝ බිඟු ලන්තයේ මේ පාරත් මම නෑ..... හරිම අසාධාරණයි....

    ReplyDelete
  11. බිඟු ඔයාට කවි කියන්න එහෙම අදහසක් නැද්ද?

    ReplyDelete
  12. @අනුරාධ,
    කෝ කෝ...
    මම දැක්කේ නෑනේ...
    කොහෙද තියෙන්නේ....???

    @හා පැටික්කි,
    ඒකනේ...
    ඉක්මනට පිළිවෙලක් වෙන්න කියලා බැලුවා...
    තව දින කිහිපයයි...

    @දිල්,
    ම්ම්....
    ලියන්නත් ඕනෑ... බලමුකෝ....
    වෙලාව හරහට ගිහින්නේ....

    @මම,
    මං බැලුවේ මේකත් පොඩ්ඩක් පිළිවෙලක් කරලම ලියන්න කියලා....

    @ඉලංදාරියා,
    අනේ මන්දා...
    ආයේත් තරුණ වෙලාද කොහෙද?



    /බිඟුවා...!

    ReplyDelete
  13. @මාරයා,
    ඒ කෑල්ල ලියන්න කලියෙන් කතාව ඉවර උනානේ..
    මැරතන් එක දුවපු පාර කොට නිසා ඒක කලින්ම ඉවර උනා.
    ඊ ළඟ එකේදී ඉතුරු කෑල්ල ලියන්නම්...
    හික්ස්...

    @පුර සඳ,
    අපෝ ඔව්,
    තව දින 10ක් විතර තියෙන්නේ...
    මට මොකද්ද අලුත් ගැඟීමක් එක වෙලා කියලා හිතෙනවා...

    @``` Outsider```
    හික්ස්...
    පොඩි පොඩි විරිදු කියලත් නැතුවම නෙමේ ඔන්න....


    @හසී,
    ආ...
    මේ ඉන්නේ ඇවිල්ලා...
    කොහෙද යකෝ හිටියේ....
    ඊළඟ කොටසෙදී අනිවා දාන්නම්...

    @ඉසිම්බුව,
    බලමුකෝ...
    මම ඇත්ත කවි මඩු 2ක නම් කවි කියලා තියෙනවා...
    ඒවා නම් බර වැඩ...
    හෙන කැපිලි යන්නේ....
    බෙල්ලම ගහලා යනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  14. කුරුළු කැදලි අතු අග එක එක සැදෙනා
    ටික දොහකින් ඒවායින් ගී හඬ ඇසෙනා
    කුරුළු පැටව් දෙමා පියන් සතුටින් සිටිනා
    සොඳුරු දසුන් කාගෙත් මන දොල පිනනා

    I like this :D

    ReplyDelete
  15. මරු මරු බිගුව අයියෙ

    ReplyDelete
  16. http://ananthayata.blogspot.com/2010/05/blog-post_06.html

    ඕන් ගිහින් බලන්න.

    ReplyDelete
  17. අවතාරේ තිබ්බ ව්දිහමයි

    ReplyDelete
  18. @හසිත,
    හි හී.. මේක සුරංගනා කතාවක්නේ....

    @අනුරාධ,
    මම දැක්කා...
    මරු මරු...
    ඒත් ලංකාවේ නෙමෙයි නේද?

    @යසේල,
    අම්මෝ....
    අවතාර.... මම හරිම බයයි....
    හික්ස්....

    /බිඟුවා...!

    ReplyDelete
  19. බිගූට තියන ප්‍රතිචාර අප්පේ......
    මෙයාව පේන්න නැත්තෙ බිගු රැජිණ ලඟටම වලා ඉන්නව වගේ, හික්ස්...
    ආ... තව එකක්, බවලත් අයගෙ ප්‍රතිචාර වැඩියි.
    බවලත් අය බලවත්නෙ... ඒකද දන්නෙ නෑ නේද?

    ReplyDelete
  20. මට මේක මඟඇරිලා නේ!ඔන්න මාත් ආවා...කෝ මේ හැමෝම බලන් ඉන්න "බිගු පැටියා" ගැන ලිපිය??ඉක්මනට ලියන්ඩෝ.....

    ReplyDelete
  21. ලස්සන කවි ටික බිඟු අයියේ

    ReplyDelete
  22. ෂා අයියගේ මරු පරිසරදැක්මක් නේ තියන්නේ , ඈ හැබැටම අයියේ ඉපදෙන්න ඉන්න බ්ඟු පැංචා / පැංචි ගැන ලියන්න අදහසක් නැද්ද ?? :P

    ReplyDelete
  23. කාලෙකට පස්සෙ පොඩි නිදහසක් හම්ඹුනා. උඹේ ටික තමයි ඉස්සෙල්ලම කියවන්න ගත්තෙ. එළ එළ ඔහොම යං....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!