Showing posts with label දැන්වීම්. Show all posts
Showing posts with label දැන්වීම්. Show all posts
October 18, 2016
අදට තුනයි හයයි නමයයි
අපි බැඳලා අදට අවුරුදු 9ක් වෙනවානේ. මාර සීන් එක. කාලය ගත වෙනවා කියන්නේ හිතා ගන්නවත් බැරි වේගයෙන්. මට හිතෙන්නේම ඉස්සර කාලේ තත්පරේකට තිබ්බ කාලය, දැන් තත්පරේකට තියෙන කාලයට වඩා ලොකු වෙන්න ඇති කියලාමයි. උදේ වැඩ පටන් අරගෙන පොඩ්ඩක් එහේ මෙහේ බලනකොට දවල් වෙලා ඔන්න. දවල්ට කාලා හරියට හුස්සමක් ගන්නකොට වැඩ ඇරෙන වෙලාව ඇවිල්ලා. ගෙදර ගිහින් රෑට කාල ටී.වී. එක දාන්න හදනකොටම ඔන්න මහ රෑ 12 වෙලා. ඉතින් නිදාගන්නවා ඇරෙන්න වෙන මක්ක කරන්නද.
මීට අවුරුදු 10 විතර ඉස්සර දවසකට ගොඩාක් වැඩ කලා හිතෙන වාරගාන නම් ඉහේ කෙස් ගානටත් වඩා වැඩියි. අනේ මන්දා මොනා වෙලාද කියලා. විශේෂයෙන් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක. බුදු අම්මෝ! සිකුරාදා වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් නිදාගත්තාම, සෙනසුරාදා ඉරිදා දවස් දෙකම එක රෑ නින්දෙන්ම ඉවර වෙනවද මන්දා. මොකෝ ඇහැරෙනකොටම සඳුදා වෙලානේ. මේක මාර කෙලියක්නේ. ඉතින් බලහල්ලකෝ ඒකෙත් අරුමේ.
ඒක නෙමෙයි, අද කතාවේ 9, 6, 3 ඉලක්කම් තුනයිනේ. 9 කියන්නේ බැඳලා අවුරුදු නමයයි කියන එක. හය කියන්නේ අපේ ලොක්කගේ වයස. එතකොට තුන වෙන්නේ පොඩි එකාගේ වයස වෙන්න එපැයි.
මේ තියෙන්නේ පරණ ලියමනක්. "අපේ පුතා මෙළොව එළිය දකී"
ආ කියන්න අමතක උනානේ. අද අපේ පොඩි උන්ගේ සීයාගේ උපන්දිනේ. ඔන්න එයාටත් සුබ පැතුම් එක කලා. කාගේ මොන උත්සවේ ආවත් උන් දෙන්නා අහනවා මට මොනවද තෑගි තියෙන්නේ කියලා. බලහන්කෝ ඒකෙත් හැටි. උන්ගේ උපන්දිනේටත් උන්ට තෑගි. අපේ උපන්දිනේටත් උන්ට තෑගි.
කතාව කෙටියි. අද වැඩ ගොඩයි. අරුන් දෙන්නා එක්ක කොහේ හරි යන්න ඕනෑ. රැජිණටත් ස්පෙෂල් සම්තින් දෙන්න ඕනෑනේ. හවස පන්සල් යන්නත් එපැයි. ඉතින් එහෙනම් ඕං මං ගියා.
September 6, 2016
දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි (හාස්ය සහිතයි)
යටගිය දවසක, එක් රාත්රියක මා මාගේ අජානේය මෝටර් රථයෙන් ගමනක් යමින් සිටියෙම්හ. හදිසියේම රථයේ ඉන්ධන තත්වය පහල ගිය බව දුට හෙයින්ද එය වහා පිරවිය යුතු හෙයින්ද පිරවුම් හලකට යෑමට සූදානම්වම්හ. ර්ර්ට මීට මත්තෙන් පසුම්බිය ගෙන එහි කහවනු තත්වය පිරික්සනු කල්හි එහි මද බව දැන ස්වයංක්රීය ටේලර් මහතා සොයා යනු කැමැත්තෙන් ඒදෙසට රිය හැරවම්හ. අදාල තැන පැමිණි කල රියෙන් බට යන්ත්රය වෙත නික්ම අදාළ පත ඇතුළු කොට රහස් පද ක්රියාත්මක කරම්හ.
බැංකු ජාලයට සාර්ථකව ඇතුළු වූ කල අදාළ මුදල සටහන් කල පසු තහවුරු කිරීම කල පසුවද එක් පණිවුඩක් වන්නේය. "ඔබේ කාඩ් පත අවළංගු කර ඇත." යන්න එය විය. මාගේ දෙනෙත් අදහා ගත නොවන්නේ මන්ද අවළංගු නම් කෙසේ ජාල ගත වූයෙන්ය. කිසියම් සැක කටයුත්තෙක් මෙම ජාලයට රිංගා මාගේ ගිණුමට සැසීමක් කර ඇත්ද, නැතහොත් ස්වයංක්රීය ටේලර් මහතාට ද්යුතක්වක් කර ඇත්ද යනාදී නෙයෙකුත් අදහස් මනසට ගලනාතුරේ නැවතත් උත්සාහයක යෙදුනෙම්හ. අවසන් ඵලයේ කිසිදු වෙනසක් නොවීය. තුන්වරක් අවසනදී සතුටු නොවූයෙන් වෙනත් ස්වයංක්රීය ටේලර් මහතෙක් සොයා යන්නට නීර්ණය වන්නේය. තරමක් හුරුපුරුදු ප්රදේශයක වූ එම තැන්හි වූ ස්වයංක්රීය ටේලර් මහතාද පෙර සේම මාගේ කාඩ් පතේ අවළංගු භාවය තහවුරු කරන්න වූයෙන් මට කිසි සිතා ගත නොවන්හ. දැන් දැන් ඇත්තේ කහවනු ගැටළුව නොව මාගේ අජානේයා මග නතර වීමෙන් මට අත්වන්නට යන ඉරණම ගැනය. මට මැවී පෙනෙන්නේ වීථියේ එක් කොනක නතර වී හිරු නගිනාතුරු කල්හරිනා මාය.
අහෝ!...
මාගේ පුරාණ පිනකි. වෙනත් බැංකුවකින් මා ගත් රන් පිහියය. ඒ නම් ණය පතය. එයත් රැගෙන මා වහාම ගොස් අජානේයා සවිමත් කොට ගමනාවසානට වම්හ.
ඉදින් ඊට පසු දිනෙක කාඩ්පත සක්රිය කරනු වස් අදාළ බැංකුව වෙත පිය මැන අදාළ පත්රිකා පුරවා භාරදුන්නේද නව කාඩ්පත නිකුත් කරනුයේ සතියකින් බව දැන්වූයෙන් ඒ ගැන කලකිරීමෙන් ආපසු පියමැන්නේ සතියක් ඉවසාසිටිනු හැර යමක් කල නොහැකි නියාවෙනි. දින කිහිපයකට පසුව නිවසට ලැබුණු ලිපියේ සටහන් වූයේ ඔබේ කාඩ්පත සූදානම්ය, මෙන්න ඔබේ නව රහස් පදය, කරුණාකර අදාළ ශාඛාවෙන් එය ලබා ගන්න යනුවෙනි.
ඒ දුටුසැනෙන් ඉපිළ ගිය සතුටින් යුතුව පසුදා බැංකුව වෙත පිය මැන්නේ යාමට පෙරද දුරකතනයෙන් කාඩ්පත ගැන විමසීමකින් පසුවය. මාගේ වාරය එනතුරා සිට එතැන සිටි නිළධාරිණියට මා පැමිණි කාරණය පැවසුවෙමි. ඇය කාඩ්පත් සමූහයක මගේ කාඩ්පත් සොයන්නට වීය. තත්පර මිනිත්තු ගත වීය. ඇගේ මුහුණ ටිකෙන් ටික අඳුරුවනු දුටු මා විමසූයේ කුමක් වීදැයි යනුවෙනි. ඇය පැවසූයේ කාඩ්පත පැමිණ නැති බවය. නමුත් මට ලිපිය ලැබූ බව පවසා තවත් ටිකක් සොයා බලන්නට කීමි. ඇය තව කාගෙන්දෝ තොරතුරු විමසා තවත් කාඩ් සමූහයක් රැගෙන'විත් එයද පිරික්සන්ට විය.
අහෝ!!!
මාගේ කාලය අපතේ ගිය මිස වෙන කිසිවක් නැත. දැන්ම දැන් මගේ රතු කට්ට පැන හමාරය. ඉතින් මා පියමැන්නේ කළමණාකරු වෙතය. ඔහුට පර භාෂාවෙන් ඇමතීමට ගතිමි. ශ්රී ලංකා පුරවරයේ මව්බසට වඩා පර බසට වැඩි ඉඩක් දීමට පුරුදු වී සිටින මිනිසුන් වඩා වැඩි බවත් පර බස දෙසන්නන් ලොකු ඇත්තන්යැයි සිතීමට පුරුදුව සිටින නියාවත් දන්නා බැවින් එසේ කිරීමට සිත්වීය. ඔබේ අකාර්ක්ෂතාවය මාගේ නොසතුටුබාවයත් කණගාටුවත් පල කෙළෙමි. මගේ කිපුණු සිත යන්තම් පහව යන කල්හි ඔහුට මාගේ දුරකතන අංකය දී ආපසු පැමිණියෙමි.
ඉතින් හෝරා දෙකකට පසුව දැනුම් දීමක් වන්නේය. මාගේ කාඩ්පත සූදානම්ය. රැගෙන යන්න ලෙසිනි.
නැවතත් බැංකුව වෙත පියමැන කාඩ්පත රැගෙන ආපසු පැමිණියෙමි.
එතෙකින් කතාව නිමැවන්නේය.
---------------------------
මේක සිද්ධ වුනේ මටමයි. දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි.
1. මගේ කාඩ් එක අවලංගු කරලා මට දන්වන්නේ නැතිව. බැරිද ලියුම් කරදහියක් එවන්න. කෝල් එකක් දෙන්න. වෙලාවට ක්රෙඩිට් කාඩ් එකෙන් මාව ගොඩ ගියා. ඒක තිබ්බේ නැත්නම් තවමත් මම කාර් එක තල්ලු කර කර ඉන්නවා. මල පනින එක සාධාරණ නැද්ද?
2. ඔන්න ලියුම ආවා කාඩ් එක නෑලු. කාඩ් ගහන්නේ එක කස්ටියක්ලු. ලියුම් යවන්නේ තව කස්ටියක්ලු. ඉතින් මට පාන්ද. ඔයවගේ පොඩි සීන් එකක්වත් හරියට සින්ක් කර ගන්න බැරිද මුන්ට තාම. වැඩේ බෙදන එක ඒ ඒ ආයතනට අදාළ කටයුත්තක්. ඒත් එකට වග කියන මැනේජර් කාරයෙකුත් ඉන්න එපැයි. ඒ මනුස්සයා තමන්ගේ රාජකාරිය කොරන හැටි කියලා තමා අපිට පේන්නේ. ආයෙත් මල පනින එක සාධාරණ නැද්ද?
3. කාඩ් ගොඩේ මගේ කාඩ් එක හොයන්න පැය භාගයක් විතර ගියා. ඒත් හම්බ උනේ නෑ. යකෝ මං කියන්නේ, ඕක අකාරාදී පිළිවෙලට තියාගත්තනම් විනාඩියටත් අඩුවෙන් ඒක කරන්න තිබ්බනේ. ඒක ඕනෑ පොඩි එකෙක්ට තේරෙනවා. ඉතින් මෙහෙම හිතන්න උපාධි ගහන්න ඕනෑ නෑ. තමන්ගේ රාජකාරිය ඉක්මනට කරන්න පොඩ්ඩක් හිතන්න විතරයි ඕනෑ. එහෙම උනා නම් ඒ නිළධාරිනියගේත් මගේත් දෙන්නාගේම වෙලාව ඉතුරුයි. මං පැයක් බලන් ඉඳලා නෑ කියලා අහගන්නකොට මල පනින්නේ නැද්ද කියහන්කෝ.
4. මට ආපහු කෝල් කලානේ කාඩ් එක ආවා කියන්න. යකෝ ඒ කතාකරපු නෝනට කට ඇරෙන්නේ නෑ කියහන්කෝ මහත්තයා කියන්න. පොඩ්ඩක් ගරු සරුව කතා කරන්න. අනිත් බැංකු ඔක්කොම වගේ කතා කරන්නේ මිස්ටර් කියලා හරි මහත්තයා කියලා හරි. මට කිව්වේ අන්න ඔයාගේ කාඩ් එක ඇවිල්ලා. ඇවිත් ගන්න. කෝ මුන්ගේ ගරු සරුව. ඉතින් ආයෙත් මල කියන එක අහන්න දෙයක්ද.
5. යකෝ මං බැනලා ආපහු ආවාම පැයකින් කියනවා කාඩ් එක ආවලු. මට නම් සාධාරණ සැකයක් ආවා, කාඩ් එක තිබුණා හොයා ගන්න බැරිව හිටියේ. වැඩකාරයෙක් ඒක හොයලා දුන්නා. පස්සේ මට කෝල් කලා දැන් කාඩ් එක ආවා කියල. එහෙම පුස් හැඟීමක් මට එන්නේ එයාලම කලින් කරපු වැඩ හින්දයි. ඇත්තටම උනේත් කාඩ් එක දැන් ආවානම් ඒත් කරනන් දෙයක් නෑ. මං සැක කරලා ඉවරයි. ඉතින් පාරිභෝගියකාට සලකන් හැටි තමා මේ.
ඉතින් මේ ලියමන කවදාහරි ඔය බැංකුවේ මහත්තයෙක් කියැව්වොත් මීට පස්සේවත් පාරිභෝගියකා ගැන හිතාවි කියලා හිතෙනවා. නැත්නම් පඩියක් දීලා මැනේජර් පුටුවේ තියන්නේ පුටු රත් කරන්න නෙමෙයි.
මං කියන්නේ ඉබි ගමනේ යන ගමන දැන්වත් නවතලා තරඟකාරී බැංකු ප්රවාහයේ ඉස්සරහින් යන්න මීට වඩා පාරිභෝගියකා ගැන හිතන්නේ ඕනෑ. ඔවුන්ගේ පහසුව තකා වැඩ කරන්න ඕනෑ. මීට වැඩිය මේක ගැන කියන්න ඕනෑ නෑ. ඔතැන ඔන්නේ අපිට වඩා ඉගෙන ගත්ත මහත්තුරු නෝනලා. ඉතින් ඔන්න අදට මං නැවතුනා....
August 8, 2016
අපිද ඩොටා 2 ද ගැසුවෙමු
පසුගිය සෙනසුරාදා අපි ගොම්පියුටර් ගේම්ස් තරඟාවලියකට සෙට්වුනෙමු. බොහෝ රාත්රියන් ගත වෙන්නේ ගොම්පියුටර් ගේම්ස්වලට බැවින් ඒ සඳහා අපේ වැඩකිඩද පෙන්විය යුතුයැයි සිතා, අපිද සහභාගී විම තීරණය කෙලෙමු.
තරඟාවලිය සූදානම් කලේ ඩයලොග් වෙතිනි.
එහිද "රාජකාරියට වාර්තාකරන්න (Call of Duty)" සහ "පැරන්නන් සුරකින්න (Defense of the Ancients)" ලෙසින් තරඟ දෙකක් විය. සැමදා අපි රාජකාරී කෙරෙනා බැවින් පැරැන්නා සුරකින්නට අපද ලහි ලහියේ ආවුද සකසන්නට වීය.
සුපුරුදු පරිදි තරඟයට සුදුස්සන්(ට වඩා සහභාගී වන්නන් කීවොත් වඩා නිවැරදිය) තේරීම බෙල්ලන්ඟෙන් මුතු සොයන්නා වගේම විය. ඒ කෙසේ වෙතත් එහෙන් මෙහෙන් අවුලාගත් ක්රීඩකයෝ 6ක් විය. ඊ ළඟට තිබුණේ පුරුදු පුහුණු වීමය. එහිද කිසි වෙනසක් නැත. වාසිටියේ විභාගයට සූදානම් වන්නා සේම අවසන් සතිය එලැඹෙන තෙක් අපි විවේකයෙන් සිටියෙමු. අවසන් සතිය ලැබූ විගසම පු.. කඩාගත් දිමියන් මෙන් ගිඩි ගිඩි ගා වැඩ කරන්නට වීමු. අවසානයේ කෙසේ හෝ "පැරන්නන් සුරකින්න" යනු කුමක්ද යන්න යාන්තම් තේරුම් ගතිමු. එය සැකැවින් මෙසේය.
ගඟකින් වෙන් වූ කුඩා සිතියමක දෙපිරිසක් වෙසෙත්. ඒ ඒ පිරිසට අයත් වූ ඉතා පැරැණි ගසක් වෙයි. ඒ ගස් සුරකීම ඔවුනොවුන්ගේ එකම අරමුණ වන්නේය. එක් එක් පිරිසේ වීරයන් 5 බැගින් 10 දෙනෙක් වෙති. ඊට අමතර කිසිවෙකුට අවනත නැති සෙබලුන් වරින් වර දෙපිරිසෙන්ම බිහි වී ඔව්නොවුන් ඇන කොටාගෙන මියයති. යම් හෙයකින් ඒ කුඩා සටනට ඉහත කී වීරයන් සහභාගී වීනම් අනෙකාගේ සෙබලුන් ඉතා පහසුවෙන් මරා දැමෙනු ඇත. නමුත් එක් සටනකින් ජය ලැබීම යනු මහා දෙයක් නොවන්නේ ඊළඟ සටනේදී ඔවුන් පරාද වීමට ඇති ඉඩ මහත් බැවිනි. ඒ කෙසේ වෙතත් අවසානයේදී එක් කණ්ඩායමක් අනෙකුන් පරදා එනම් අනෙකාගේ ඉහත කී පැරණි ගස විනාශ කෙරෙන්නේය. මේ යුද්ධයේදී උගුල් ඇටවීම, සැඟවී පහරදීම, උපක්රමශීලීව පසුබැසීම අදී නොයෙකුත් උපක්රම භාවිතා කිරීමට සිදුවෙන්නේය. කැලයක් මැද ගඟක් අසල සිදුවන යුද්ධය එක අතකින් මනස්කාන්ත නොවන්නේ නොවේ. එහෙයෙකින් ඇබ්බැහිවීමද නිරායාසයෙන්ම සිදුවන්නේය.
මේ ඉන්නේ අපේ වීරයෝ සෙට් එක. තුසිත, සංජිත, උදාර, මම, පමිත්, මයුර
සතියක දෙකක පුහුණුවෙන් පසුව අපද වීරයන් සේ තරඟාවලියට බැස්සෙමු. පිළිමලුන් පිටුදැකීම යටතේ වූ ක්රියාදාමයේ පළමු තරඟයෙන්ම අපට ඉවත්වීමට සිදුවූවත් සහභාගීවීම ඉතා අගනේයයැයි සිතා අප ආපසු නිවෙස්කරා ගියේ මෙවන් තරඟාවලියක සතියක පුහුණුව කිසිසේත්ම ගැලපෙන්නේ නැතිබව මනාව පසක් කරගෙනය.
January 25, 2015
යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද
පොඩිපහේ ගණිත ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.
ඔයාට දෙනවා දොඩන් ගෙඩි 1000 හේ බාස්කට් 3ක්. ඒ කියන්නේ දොඩන් ගෙඩි 3000ක්. මේවා අරගෙන යන්න ගමනක් තියෙනවා සැතැපුම් 1000ක් දුරක්. අපි කියමුකෝ ගාල්ලේ ඉඳලා යාපනේට කියලා.
ඉතින් මේ යන ගමනේදී යාපනේ පැත්තට යන හැම සැතැපුමකදීම එක දොඩම් ගෙඩියක් බද්දක් විදියට ගෙවන්න වෙනවා. ඔයාට දෙනවා ලොරියක් මේවා අරගෙන යන්න හැබැයි වැඩේ කියන්නේ මේ ලොරියට දාන්න පුලුවන් එක පාරකට එක බාස්කට් එකයි.
ඉතින් මං අහන්නේ ඔයාට යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද කියලා. එක ගෙඩියක්වත් ගෙනියගන්න බැරි උනා නම් දුක් වෙන්න එපා ඔන්න.
December 27, 2013
මටත් ඩෙංගු හැදුනා
2013 අවුරුද්දත් ඉවර වේගෙන එන්නේ. ආපහු හැරිලා බලනකොට මොනවද කලේ කියලත් හිතෙනවා. හැබැයි මොන මොනවාහරි කොරගෙන නැතුවත් නෙමෙයි කියලත් හිතෙනවා. ඒ මොක උනත් බ්ලොග් කෙරුවාව නම් බල්ලට ගියා කියලයි හිතෙන්නේ. පේනවනේ ආර්ටිකල් ලියන රේට් එකත් අම්බානක බැහැලා. ලියන්න දේවල් නම් නැතුවාම නෙමෙයි. වෙලාව හරස් උනා කියලා කිව්වොත් ටිකක් හරි. ඒ වගේම උනන්දුවත් ටික ටික බැහැලා ගිහිල්ලා. අවුරුද්ද අන්තිමට හරි මොනවා හරි කුරුටු ගාන ඕනෑ කියලා හිතුනු හින්දා ලියන්න ගත්තා. ම්...ම්...ම්... මොනවද අප්පේ ලියන්නේ... හරි.
අහා දැන් මේග පොඩ්ඩා ටිකක් ලොකුයි. ඒකට දැන් මාස 9ක් විතර වෙලානේ. උඩු ඇන්දේ දත් 4කුයි යට ඇන්දේ 2යි ඇවිල්ලා මාර කරදරේ. වඩා ගත්ත ගමන් උරපත්ත පලු යන්න හපනවා "හිටු මම හොද වැඩක් කරන්නම්" කියන්න වගේ. බඩගාන්නත් පුලුවන්. මොකඛරි අල්ලාගෙන යන්නතම් නැගිටින්න පුලුවන්. ඒත් ආයේ වාඩි වෙන්න නම් බෑ. එකපාරම අතාරින එක තමා කරන්නේ. සමහර වෙලාවට ඔලුව බිම ඇනෙන්නේ. කවුරුවත් දැක්කේ නැත්නම් අවුලක් නෑ. කවුරුහරි මොනවත් කිව්වොත් දෙක වෙන්න මොර දෙනවා. දන්නවනේ පොඩි එවුන්ගේ මැජික් වැඩ. ලොක්කා දැන් ලොක්කෙක් වෙලා ඉන්නේ. කොම්පුටරේ වැඩ ගිඩි ගිඩි ගාලා. ආසම වැඩේ පේන්ට් එකට. ආසම පාට නිල් වෙලා තියෙන්නේ. ඕනෑම වස්තුවක් නිල් කොරන්න තමා හදන්නේ. පාට පෙට්ටියක් ගත්තත් නිල් පාට තමා උස්සන්නේ. දුන්නේ නැත්නම් වලිම තමා.
ඔය අස්සේ මටත් ඩෙන්ගු හැදුනා. නවලෝක ඉස්පිරිතාලේ දවස් 8ක් උන්න. එකපාරම ඉවසන්න බැරි තරම් කොන්දේ අමරුවක් ආවා ඉරිදා රෑ පාන්දර 2.30ට විතර. පෙනඩෝල්වලට උණ බැස්සේ නෑ. 104 විතර නැගලා. ඉන්න බෑ. ඉඅවසන්න බෑ. මොකවත් මතක නෑ. බැරිම තැන දුනීල කියලා මගේ යාලුවෙක්ට කතා කරලා ඉස්පිරිතාලේ ගියා. මෑන්ස් ඩෙන්ගු ස්පෙෂල් කරලා තියෙන්නේ. කොහොමහරි ඩෙන්ගු ඇන්ටිජන් කියන එක පොසි කියලා ඇඩ්මිට් වෙන්න කිව්වා. මොනා කරන්ඩද? නැවතුනා. ඒ වේලාවේ 170 ට බැහැලා තිබ්බේ පට්ටිකා. ඔන්න හිමින් හිමින් ඒක බහින්න ගත්තා අන්තිමේදී 55ට ම බැස්සා. ඩොකාට හොරෙන් අර සිංහල බේතකුත් බිව්වා. ඒකෙනුත් මොනාහරි සහනයක් වෙයි කියලා. කන්න බොන්න මොනවත් බෑ. නින්ද යන්නෙත් නෑ. මොන වෙඩිමක්ද කියලා හිතුනා. ඒ මදිවට අහල පහල ඉන්න අයට බනිනවා හිටු කියලා. උණ විකාරෙන් හිටියේ දවස් දෙක තුනක්ම. බරත් බහින්න ගත්තා. කොහොමහරි අන්තිමට 8වෙනිදා වෙනකොට පට්ටිකා 120ට නැගලා ටිකට් කපලා ගෙඩර ආවා. එනකොටත් කාර් එකේම කලාන්තේ හැදුනා. අනේ මන්දා. ගෙදර ඇවිල්ලා නිදිම තමා. මොකවත් කරන්න බෑ. යන්තම් දවස් ගාණකට පස්සේ ඔෆීසියට ගොඩ බැස්සා. දැන්නම් යන්තම් ශේප්. ඒත් ඇගේ අමාරුව තියෙනවා. මහන්සි ගතිය එනවා. තව කාලයක් යයි ඕක ගොඩ යන්න. ඔන්න ඔහොමයි මට කෙල උනේ.
දැන් ඉතින් දැහැමින් සෙමින් කාලය ගත කරනවා. පූළුවන් වෙලාවක් මොනා හරි කුරුටු ගාන්න එන්නම්. එතකල් ආයුබෝවන්!!!
ඒ වගේම ලබන්නා වූ 2014 ඉතාමත් සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා බොක්කෙන්ම ප්රාර්ථනා කොරනවා ඔන්න.
ජය!!!

May 7, 2013
කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?
නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..
ම්.. ම්... ඔය තියෙන්නේ නියමෙට...
පැත්ත බලනකොට ආලෝකයේ වේගයෙන් මූණ හරවන්න ඕනෑ. නැත්නම් කෙලින් වෙච්ච් එකේ ආතල් එකක් නෑනේ.. ඔව්, නෑ, බෑ වචනයක් ගානේ ඔලුව වන වනා කතා කරන්න ඕනෑ... එතකොට කට්ටිය එක්ක බොරුවට හරි හිනා වෙන්න ඕනෑ. දන්න අඳුරන අය එක්ක කතාව අඩු කරන්න ඕනෑ. බොරුවට ගාණ උස්සන්න ඕනෑ. එතකොටනේ අගේ තියෙන්නේ. ආ අමතක උනානේ... හොඳට සද්දේ ඇහෙන සපත්තු දෙකක් ගන්නත් ඕනෑ.. කස්ටියම බලයි මගේ දිහා. එතකොට යනවා තවත් හයියෙන්...
කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?
January 4, 2013
ලිංගික අධ්යාපනය ගැන ළමුන් දැනුවත් කල යුතුය
මෙම විඩීයෝ පටය අප සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේය. අවුරුදු 6ත් 8ත් අතර කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග එක් වී කරන්නාවූ මෙම සංවාදය ලිංගිකත්වය යන්න කුමක්ද යන්න හා අපයෝජනය යන්න කුමක්ද යන්න ඉතා සරල බසින් විස්තර කෙරේ. මෙහි ප්රධාන කරුණු 3ක් ගැන සඳහන් වේ.
1. ශරීරයේ කිසිවෙක් ස්පර්ශ නොකල යුතු ස්ථාන 3ක් වේ. එනම් පපුව, තට්ටම් හා කකුල් අතර ප්රදේශය වේ. මේ කාරණාව ඔබේ දරුවාටත් තේරුම් කර දෙන්න
2. කිසිවෙක් මෙම ප්රදේශයන් ස්පර්ශ කලේ නම් වහාම කෑ ගහන්න. (මොකද කරන්නේ... එපා... ආදී වශයෙන් ඒ බව දරුවාට කියා දෙන්න)
3. වහාම ඔබේ විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙත දැනුම් දෙන්න. විශ්වාසවන්ත පුද්ගලයන් කවුරුද කියා අඳුන්වා දෙන්න. මව, පියා, ඔවුන් නොමැති අවස්ථාවේදී ඊළඟට විශ්වාසවන්ත පුද්ගලයා ආදී වශයෙන් කියා දෙන්න.
මෙම පාඩම ඔබේ දරුවා සමාජයේ සිදු වන අපයෝජනයන්ගෙන් බේරා ගනී. අදම මෙය අරඹන්න. වඩා වැඩදායි දරුවන් බිහි කරන්නට ඔබේ දරුවාට මේ පාඩම් කියාදී ඔබත් සහය දක්වන්න.
October 22, 2012
Image By 1G
බඩ වාගේම තට්ටෙත් යහමට තියෙනා
පිනකට වගේ තොප්පියකින් එය වැහෙනා
කවුද අඩෝ වරෙව් කෙලින් චන්ඩී කියනා
බැලූ සැරෙන් එක්වරටම පෙනිලා කැපෙනා
'මොකක් කිව්වා' කියමින් ආයෙත් අසනා
පින්තූරයක් දැක්කොත් යන්තම්වත් වටිනා
අරශොප් මේ ශොප් එක් කරමින් සොඳිනා
කෙල කරවයි නිල් සරමක් ඇඳ සිටිනා
ක්රීඩා ඇමතිකම හින්දා කෙල වෙන්නා
කතාවලට වැඩි වැඩියෙන් දුක් වෙන්නා
කාටවුනත් තේරෙන්නැති ගැට පෙන්නා
zසීනා හිමීටම එතැනින් පැන ගන්නා
දැක්කොත් ඉතින් පොල් පැලයක් හොඳින් වැඩී
ඉන්නට බෑනේ මේකගේ ඒ කකුල් දෙකම කසී
දණ්ඩ වගේමයි කෙරුවාවත් ඒ හැටිම නිසී
කැරම් විතරමයි බෝල ගැහිලිනම් ඒ හැටිම බැරී
බෝතලයක් ඇතුලේ ලොව ගැබ් වෙන්නා
වැටෙනකම්ම ගහලා රජ කබරය වෙන්නා
බල්ලා වුනත් කම් නැත හාදුම දෙන්නා
තව මොහොතක් ආතල් එක ගනිමින්නා
අලුත් නාන ඇඳුමක් මම අරගත්තා
අලුතෙන්මයි කස්ටියටම පෙන්වමිනා
පිහිය අතේ රා කලයක් අනෙකතිනා
අද පෙන්වමි වැඩ කිඩ නිසි මම ලෙසිනා
අනිත් එවුන් ඕනෑ එකක් කර ගත්තෙන්
මම දෙන්නම් රා කලේට සිත් මත්තෙන්
කස්සා පෙන්නෙනේ කලේට පොඩ්ඩක් අස්සෙන්
තව පොඩ්ඩෙන් ඒකත් නොපෙනී යත්තෙන්
හරි හරි ඔක්කොමලා මොකද සද්ද
මං නැති තැන උඹලා මේ ලූලා වෙද්ද
චන්ඩි බන්ඩි කරනා ඔය පුස් සද්ද
කියමින් ජැකියා පැන්නා උස්සන් රෙද්ද
October 5, 2012
කොල්ලෙකුත් ඉඳලා
ශ්රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.
සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්රගණයක් ලබා දෙන්න.
ඔය අස්සේ සමහරු සින්දු, කවි, කතා, විඩීයෝ එහෙමත් කරනවනේ. මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්.
ඔය අස්සේ සමහරු සින්දු, කවි, කතා, විඩීයෝ එහෙමත් කරනවනේ. මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්.
මාර වැඩේ කියන්නේ මම මේ විඩීයෝ එක කීප සැරයක්ම බැලුවා. ඒ විඩීයෝ එකේ කොල්ලෙක් ඉන්නවා කියලා දැක්කේ තප්පර 50ක් විතර ගියාට පස්සේ, අර කොල්ලා බෝලයක් දාන තැනක් එන්නේ... ඊට පස්සේ ආයෙත් නැති වෙනවා... මාර සීන් එකනේ....
සමහරු කොල්ලව දැකලම නෑ...
හික්ස්...
එකක් කියන්න ඕනේ... කෙල්ලගේ නැටිල්ල නම් කියලා වැඩක් නෑ... මාර ඇක්ටිව්, එනජිටික් විදියට නටනවා...
කොල්ලට එච්චර ෆිට්නස් නැද්ද කොහෙද කැපිල පේන්න නටන්න තරම්...
අනේ මන්දා...
මී පැණි වර්ග:
දැන්වීම්,
යන එන ගමන්,
විකාර,
විචාරය,
හිනා හිනා
May 8, 2012
ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima)
ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima) යනු නිදහස් බවුසර පාදක වූ සද්දන්ත බහු ක්රීඩක සත්ය-කාල යුද්ධෝපක්රමය ක්රීඩාවකි. ඔය බර වචන නැතිව කිව්වොත් නොමිලේ ඉන්ටනෙට් එකේ ගොඩාක් අයට සෙල්ලම් කරන්න පුලුවන් ස්ට්රැටජික් කොම්පියුටර් ගේම් එකක්. වැදගත්ම දේ නොමිලේ. අනික තමා ගොඩාක් අය එක්ක සෙට් වෙලා ගහන්න තියෙන්නේ. Age of Empire වගේ එකක්. මේක සෙල්ලම් කරන්න ඕනෑ වෙන්නේ අන්ත්රජාල පහසුකමයි වෙබ් බ්රවුසරයකුයි විතරමයි. ඉතින් මේ දෙකම නිකම් අපේ ඇස් දෙක වගේනේ. කොහේ හරි කොම්පියුටරක් ඔන් එකේ තියෙනවා දැක්කොත් ඉතින් Google කියලා ගහල බලනවා නෙට් තියෙනවද කියලා.
එහෙනම් මෙන්න www.lordofultima.com ලින්ක් එක. දැන් තියෙන්නේ ගිණුමක් හදාගෙන ලොග් වෙන්නයි. log වෙලා අලුත් ගේමක් පටන් ගන්නකොට ලෝකයක්(World) තෝරාගන්න කියලා. දැනට මෙකේ ලෝක 70ක් විතර තියෙනවා. world1, world2, world3... කියලා ඒවා නම් කරලා තියෙන්නේ. මතක ඇතුව අලුත්ම ලෝකයට ඇතුල් වෙන්න. පරණ ලෝකවල ඉන්නේ ලෝකයෝ. ඒ කියන්නේ අත්දැකීම් ගොඩාක් තියෙන අය. වලි වැඩියි. අලුතෙන් ආපු එකෙකුට කුඩු වෙන්න ගහයි. ඒක හින්දා අලුත්ම ලෝකයකට ඇතුල් වෙන්න. කැමති ලෝක ගණනක එප පාර සෙල්ලම් කරන්නත් පුළුවන්. නමුත් එක ලෝකයක ඉන්නවානම් දිනන්න පුලුවන්.
ගේම දිනන්න නම් ඔයාට ලෝඩ් ඔෆ් අල්ටිමා වෙන්න වෙනවා. ඒ කියන්නේ level 10යේ palaces 8ක් හදන්න වෙනවා ජාති 8කින්. ඒක තනියම කරන්න අමාරු වැඩක්. ඒක හින්දා කස්ටිය සෙට් වෙලා තමා කරන්නේ. ටීම් එකකට සෙට් වෙන්න වෙනවා. එක alliance එකකට ඉන්න පුලුවන් උපරිමය 100යි. ඒ හින්දා හොඳම සෙට් එකකට සෙට් වෙන්න වෙනවා. ඉතින් අනිවා අනිත් එවුන් මාලිගා හදනකොට වලිය පටන ගන්නවා. හෙන ගේමක් දීලා තමා බේරා ගන්න වෙන්නේ. මේ දකුණු පැත්තේ තියෙන්නේ එක නගරයක ඇතුලේ පිහිටීමක්. දර, ගල්, යකඩ සහ රත්තරං තමා මූලික සම්පත් වෙන්නේ. නගර එක එක හදාගෙන තමන්ගේ බලය වැඩි කරගෙන ගේම ගෙනියන්නේ තියෙන්නේ. මම මේකේ ලෝක 26යේ (World 26) ගේම ගහලා දිනුවා. පට්ට ආතල්. දවස් ගාණක් ගහන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මම දවස් 216ක් ගහුවා. හැමදාම ගහන්න ඕනෑත් නෑ. මුලදී ටිකක් අමාරුයි. පස්සේ පස්සේ ගේම පට්ට ලේසියි. දැන් ගහන්නේ world_69 යේ. අලුත් අය ගොඩාක් ඉන්නේ. ඔහේ ෆන් එකේ ගහනවා. playersලා 500ක් විතර ඉන්නවා. ගේම් එක ගැන තව විස්තර තවත් ලියමනකින් ලියන්නම්. ඒක ලියන්නම ආස හිතෙන ගේම එකක්.
April 26, 2012
වේලාවට කාර්යාලය හැර යන්න
වේලාවට කාර්යාලය හැර යන්න
නැත්නම් කාර්යාලය ඔබව හැර යනු ඇත.
ඔබ නියමිත වේලාවට කාර්යාලය හැර යාමට පුරුදු විය යුතුය. මෙසේ නොවන අවස්ථාවන්හිදී ඔබේ කාර්යක්ෂමතාවය අඩු වේ. ඔබට සවස 5ට ඔබේ කටයුතු නිම කිරීමට යුතුව ඇතැයි සිතන්න. ඔබේ දුම්රිය තවත් මිනිත්තු කිහිපයකින් වේදිකාවෙන් පිටත් වනු ඇත. එම දුම්රිය අතපසුවුවහොත් තවත් පැය ගණනකින් ඔබේ ගමන ප්රමාද වනු ඇත. මේ සියල්ල ඔබේ යටි සිතේ ක්රියාත්මක වෙයි. එම නිසා ඔබට නියමිත කටයුතු වහා නිම කළ යුතු වෙයි. මේ නිසා ස්වංක්රීයව ඔබේ ක්රියාශීලීබව වැඩි වේ. අවසන් මොහොත වන තුරු සිටීමට තරම් සිත් නොදේ. ඔබේ නියමිත වෙලාවට පිටත්වීමට පුරුදු වී සිටිනා විට ඔබට අදාල කටයුතු හැකි ඉක්මනින් කරන්නට ඔබ උත්සාහ ගන්නේය. ඔබට නියමිත වේලාවක් නොමැතිහිදී හවස තව පැක ඉඳලා කරනවායැයි හැඟීම ඔබේම ඔබේ මනසට ඇතුළ් වනු ඇත. ඊට පසුව ඔබේ කඩිසරබව ඉබේම ඔබ වෙතින් පලා යනු ඇත. ඔබේ කාර්යක්ෂමතාවය ඉබේම අඩුවනු ඇත. සැබැවින්ම සවස රැඳිය යුතු වේලාවකදී පවා නියමිත කාර්යක්ෂමතාවය නොලැබෙනු ඇත. එම නිසා ඔබ දුර්වලයෙක් ලෙසින් වෙනත් අයෙක් දකින්නට ඉඩ නැතුවාවම නොවේ
රජකාරී එසේත් නැත්නම් අදාළ වැඩ කිසිදාක අවසන් නොවේ. අදට වැඩ අවසන් වූවද හෙට සඳහා නව වැඩ ලැබෙනු ඇත. සියළුම වැඩ අද අවසන් කිරීමට තැත් කිරීම මෝඩ ක්රියාවකි. එම නිසා වැඩ අවසන සියළු වැඩ අවසන් කිරීමට උත්සාහ නොගන්න. සියළු වැඩ අවසන් නොවන්නේය. ඔබ හෙට අවසන් කල යුතු අද වැඩ ඔබ විසින් ඔබම හෙට කරාවි. ඔබට යම් හෙයකින් කිසිවක් කර ගන්නට බැරි තරම් අසනීප වුවහොත් හෝ රැකියාවෙන් ඉවත් වුවහොත් ඔබේ තනතුරට පත්වුනු තැනැත්තා ඔබ නැත්වූ තැන් සිට ඉතිරියට කටයුතු කරනා බව සිහියට ගන්න. එමනිසා සියළුම වැඩ අද නිම කරන්නට උත්සුක නොවන්න.
ජීවිතය යනු උදේ පාන්දරින් කාර්යාලයට පැමිණීම, රාත්රියට නිවසට ගොස් නිදා ගැනීම නොවේ. බොහෝදෙනා අද සිදු කරන්නේද මෙයයි. කුකුළා හැඬලීමට මත්තෙන් නිවසෙන් කාර්යාලය බලා පිටත් වෙයි. තමන්ගේ ආදරණීය පුතා දුව තවමත් සුව නින්දේය. ඔවුන් දෙස බැලීමටවත් අවකාශ නැත. මොහොතක් හෝ ප්රමාද වුවහොත් පාන්දර බසය තමා හැර යනු ඇත. එවිට ලොක්කාගෙන් බැනුම් අහන්නට වන්නේ අද ප්රමාද නිසා නොව ඊයේ වැඩ තවමත් අවසන් නොමැති නිසාය. එමනිසා පාන්දරින්ම නිවසින් යා යුතුව ඇත. සවස 4ට හෝ 5ට කාර්යාලයේ කටයුතු අවසාන වුවද නිවස බලා ගමන් යැමට උත්සුක නොවන්නෝ අද සමාජයේ බොහෝය. සමහරුන්ට අද අවසන් කිරීමට නියමිත කටයුතු තවමත් අවසන් නොමැත. එම නිසා ගෙදර යා නොහැකිය. තවත් සමහරුන් හෙට තිබෙන වැඩද අද කරන්නට උත්සහ ගන්නේය. එම වැඩක හෙට කල යුත්තක් වන බව මනාව පැහැදිළිව තිබියදී ඔහේ වැඩ කරන්නේය. හෙට උදේ සිට එම වැඩය අරඹන්නේ නම් පැය 2කින් එය අවසන් වනු ඇත. නමුත් හවස ඇති මහන්සිය හා තෙහෙට්ටුව නිසා ඔහුට අද පැය 2කින් නිම කර හත නොහැකි වේ.
ඔබේ පවුල තරම් ඔබේ සේවාදායකයා කිසිදා වටින්නේ නැත. ඔබේ ජීවිතයේදී ඔබ අසාර්ථකවූවොත් ඔබේ සේවාදායකයා හෝ ඔබේ ප්රධානියා ඔබට උදව් කරන්නේ නැත. නමුත් ඔබේ පවුලේ අය ඒ සඳහා ඉදිරිපත් වනු නොඅනුමානය. ඔබේ පවුලේ සහ කාර්යාලයේ වටිනාකම් සසඳා බලන්න. ඔබට අසනීප වූ විට කාර්යාලයෙන් නිවාඩු හැරෙන්නට කිසිවක් ලැබෙන්නේ නැත. එයද සමහරවිට නොලැබී යන්නටද ඉඩකඩ නැතුවාම නොවේ. නමුත් ඔබ අසනීප වූ විට පවුලේ අය ඔබ වෙනුවෙන් ඔවුන්ගේඅන් කටයුතු පසෙක දමා කටයුතු කරන්නේය. ඔබ වෙනුවෙන් ඔවුන්ගේ වැඩ අතපසු කරගන්නේය. ඔබ වෙනුවෙන් කැපවී සිටින්නේය. එනම් ඔවුන්ට ඔබව අගනා වස්තුවක් බැවිනි. ඔබ වටිනා වස්තුවක් බැවිනි. නමුත් කාර්යාල ප්රධානියාට ඔබව එසේ වටින්නේ නැත්තේය. තවමත් රස්සාවට ආවේ නෑ කියමින් සිතමින් ඔබගෙන් වැඩ ගැනීමට පමණක්ම සිතන්නේය. ඔබට වටිනාකමක් දෙන අය වෙනුවෙන් ඔබත් වටිනාකමක් දෙන්න.
ඔබ සවස නිවසට එන තුරා දොරකඩට වී මග බලනා අය සිටිනා බව සිතන්න. ඔබේ මිනිත්තුවක හෝ ප්රමාදය ඔවුන්ට මහමෙරක් සේ දැනෙනු ඇත. ඔවුන් වෙනුවෙන්ද ඔබත් යමක් කරන්න. ඔබටත් යමක් කර ගන්න. ඔබේ විනෝදය සැපය සතුට වෙනුවෙන්ද යමක් කර ගන්න. පවුලේ අය හෝ මිතුරු මිතුරියන් සමග හෝ විනෝද වන්න. විනෝදය පිනිස රැකියාස්ථානය යොදා නොගන්න. එම නිසා වේලාවට කාර්යාලය හැර යන්න. නැත්නම් කාර්යාලය ඔබව හැර යන බව සිහියට ගන්න.

February 1, 2011
අලුත් සල්ලි
මෙන්න අලුත් සල්ලි. හැබැයි හැම එකේම එකම විදිය. බලන්න හොඳට. ඉස්සරහා පැත්තේ කුරුල්ලයි සමනළයයි. පස්ස පැත්තේ නැට්ටුවයි. බෙරකාරයයි. මට හිතෙන්නේ මේ නටන්නේ අපි කියලා. බෙරේ ගහන්නේ බලවත් අය කියලා. අපි නවටනවා, උන් ගහන ගහන පදේට. දැනට වෙන්නෙත් ඒක. ඉස්සරහාටත් වෙනසක් නැ.
නරක සමනළයා එක්ක නපුරු කුරුල්ලා. කිසි වෙනසක් නැ. තව එකක්. මෙතන රුපියල් 10 කොලේ නැ. අලුතෙන් 5000 ඇවිල්ලා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
| පසු පස පෙනුම | ඉදිරිපස පෙනුම |
|---|---|
|
|
![]() |
|
|
![]() |
|
|
![]() |
|
|
![]() |
|
|
![]() |
|
|
November 26, 2010
එන්නද එපාද?
එන්නද එපාද?
මේ කියලා තියෙන්නේ හොරෙන් එන්න කියලද? නැත්නම් එන්න එපා කියලද? මට හරියටම තේරුනේ නැ. ඒ කොහොම උනත් මේ දැන්වීම තිබුණේ ප්රසිද්ධ බෙහෙත් ශාලාවක.
කොහොමද අපේ සිංහල....
මේ කියලා තියෙන්නේ හොරෙන් එන්න කියලද? නැත්නම් එන්න එපා කියලද? මට හරියටම තේරුනේ නැ. ඒ කොහොම උනත් මේ දැන්වීම තිබුණේ ප්රසිද්ධ බෙහෙත් ශාලාවක.
කොහොමද අපේ සිංහල....
October 25, 2010
දුන්නා ලේ බිඳු මෙන්න මෙහෙමා
පහුගිය සතියේ සිකුරාදා අපි ගියා කළුතර බෝධියට. මමයි බිරිඳයි පුතයි. අපි තුන්දෙනා එක්ක තව නෑදෑ පිරිසකුත් හිටියා. පෝය දවස හින්දා සිල්ගත්ත උපාසක උපාසිකාවන් වගේම බෝධිය වඳින්නත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඒත් එක්කම එදා අයිටීඑන්(ITN) එකෙන් පෝදා වැඩසටහනකුත් සංවිධානය කරලා තිබ්බා.
අපි සුපුරුදු විදියට මල් පූජා කරලා, පහන් පත්තු කරලා හඳුන්කූරු දල්වලා එහෙම පන්සිල් අරගෙන බොදු සිරිත් විරිත් අනුව සිටියා. ඒත් එක්කම මම දැක්කා ලේ දං දීමේ වැඩසටහනක් තියෙනවා. අපි ආවේ අර නෑදෑ කට්ටියක් එක්ක නිසා මන් ඇහුවා කවුරුවත් ඉන්නවද ලේ දෙන්න කැමති කියලා. මොකද මම විතරක් නම් අනිත් අයට පරක්කු වුනොත් එහෙම හරි නෑනේ කියලා හිතුන හින්දා.
අනේ බලනකොට එක නංගී කෙනෙක් හරිම ආසාවෙන් ඔව් කිව්වා. මටත් ෆිට්. අවාසනාවට බිරිඳට ලේ දෙන්න විදියක් නෑ. එයාට තියෙන අසනීප තත්වයක් හින්දා. ඉතින් ඔන්න ඔහොම සෙට් වෙච්ච පාර මමයි අර නංගියි දෙන්නම ලේ දීලා අපේ ඔක්කොටම පිං සිද්ධ වේවා කියලා හිතාගෙන ගෙදර ආවා.
ලේ ගන්න තැන හිටිය නර්ස් නෝනා නම් හරිම ලස්සනයි.
මා වැනි බිලින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිඳු මාමා නැන්දා
අනේ පොඩි බිලින්දා
යන්නේ කෙලෙස කැන්දා
අපි ඉන්න හින්දා
දුවයි මරුවා හෙට අනින්දා

October 13, 2010
ඔවුන්ගෙන් පළමුවැන්නා නැවතත් හිරු දකී
ඔවුන්ගෙන් පළමුවැන්නා නැවතත් හිරු දකී.
July 30, 2010
කුමුදු පින්තු මහතාට නිවන් සැප ලැබේවා!
දැන් ඔක්කොමලා වගේ මේ සෝචනීය සිද්ධිය දන්නවා.
ඒත් මගේ යුතුකමක් විදියට නොදන්න අයට දැන ගන්න එක්ක මේ ලිපිය දානවා.
මම ඔහුව බ්ලෝග් තුලදී මෙන්ම විකිපීඩියාව තුලදීත් දන්නා කෙනෙක්.
කුමුදු පින්තු මහතාට නිවන් සුව ප්රාර්ථනා කරමි.
ඒත් මගේ යුතුකමක් විදියට නොදන්න අයට දැන ගන්න එක්ක මේ ලිපිය දානවා.
මම ඔහුව බ්ලෝග් තුලදී මෙන්ම විකිපීඩියාව තුලදීත් දන්නා කෙනෙක්.
කුමුදු පින්තු මහතාට නිවන් සුව ප්රාර්ථනා කරමි.
Subscribe to:
Posts (Atom)