අපේ පුතා මෙළොව එළිය දකී
දිනය: 2010-05-17
මේ ඉන්නේ අපේ පුතා. වැඩිය මුකුත් ලියන්න නම් බෑ.
දැන් තියෙන්නේ පුතාට නමක් හොයන එකයි. ඔන්න සයිබරේ ඉන්න නැන්දලාට, මාමාලාට, අයියලාට, අක්කලාට, ආච්චිලාට, සීයලාට මෙකී නොකී සියළුදෙනාට පොඩි නෙමෙයි ලොකු වැඩක් තියෙනවා.
මෙන්න අකුරු
ස ර ල ව ශ ෂ හ ළ
කු ස ග ජ
අඃ අං
කෝ බලන්න කස්ටිය පුතාට නමක් කියන්න දැන්....
හදපිරි සුභ පැතුම් මචං . . . !!
ReplyDeleteනම් දාන්න නම් මට බැහැ බන්.. මම දාන නම් අහුබුදුත් අවුල් වෙන ඒවා.
ReplyDeleteකොහොම වුනත් පුතණ්ඩියා චණ්ඩි පාටයි. උඹටත් වැඩිය ලොකු වැඩක් කරන්න ශක්තිය පුතාට ලැබෙන්න ඕනෙ.
/ඇනොනිමසා...!
අපේ සුබපැතුම් බිඟු.
ReplyDeleteඑක පාර හිතට ආපු නම වස්සාන...!
අකුරු දිහා බලා ඉඳලා හිතුණ නම්:
ReplyDeleteකුසල්
සරල
ලහිරු
හසංග
ශසික
අනෙක් අයටත් වාරයක් දෙන්න එපැයි.
One simple thing to say ! Congrats.
ReplyDeleteතුණුරුවන්ගේ සරණත් සියලු දෙවි රැකවරනත් ලැබේවා...
ReplyDeleteමවත් දරුවාත් සණීපයෙන් සිටීම තරම් අලුත් තාත්තා කෙනෙකුට සතුටු විය හැකි කාරණයක් තවත් නැහැ...
පෙම්බර මා පුතණුවනේ...
නුඹ සිටි සුර ලොව කොතැනේ...
හෙල දෙරණට පුතු ආවේ...
පෙර මහ පින් කල බැවිනේ...
බාලොලි ලොලි බිලිඳු පුතේ...
බාසුරු වන් බුහුටි පුතේ...
පායන හිරු සදිසි පුතේ...
රට බාරයි නුඹට පුතේ...
පින්බර මාසේ පින්බර බිඟු කුමාරයට තෙරුවන් සරණ පතනව!!!!
ReplyDeleteබිඟු රැජිනටත් හැමෝටමත් තෙරුවණ් සරණයි!!!!!
නමක් නම් මතකෙට එන්නැහැ අයියේ..........
Ape unusum suba pathum aiya..
ReplyDeletewe are soooo happy about ur new family
(baba rajina wage neda...:):))
udeshi&isanka
ඔන්න අලුත උපන් පැටියට මගෙනුත් සුභ පැතුම් :D !!!!!
ReplyDeleteපුත් කුමරුවාටත් මව් රැජනටත් පිය රජුටත් අපෙන් සුභ පැතුම්. අම්මාත් බාබාත් සුවෙන් ඇතැයි සිතමි. සුවයම ප්‍රාර්ථනා කරමි
ReplyDelete@ Loku :
ReplyDelete"ලහිරු" හෙ හෙ මහෙත් තිබ්බෙ ඔය අකුරුමයි ආ න,ම තිබ්බා
සුභ පැතුම් හරිම අගෙයි පොඩ්ඩා
ReplyDeleteසංසිරිදු
සහන්
කුසල්
සුබම සුබ පැතුම්!
ReplyDeleteබබා දැක්ක ගමන් මුලින්ම කල්පනා වුනේ "සත්‍යජී" කියන
නම.ඒක හොඳද බලන්නකෝ.
සතුටුයි ..මචං ... ගොඩක්.
ReplyDeleteපැටියයි, බ්ඟු රැජිණයි හොඳ සනීපෙන් නේද.
මම හිතනවා උඹ වගේම , පැටියෙක් , රැජිණ උඹට තෑගි දෙන්න ඇති කියලා.
හුරතල් ලස්සන පැටියෙක්....
බලපං..කට ඇරගෙන බලන් ඉන්න අහිංසක කම.
රටට දැයට වැඩදායි...ගුණයහපත්..ධෛර්යය වන්ත..ණැනවත්..කඩවසම්..ආදරණීය හදවතක් තියෙන......පුතෙක් වෙන්න.... බිඟු පැවියට, හා හා පුරා කියලා මම ආශිර්වාද කරනවා...මුලු හදවතින්ම මගේ.
තාම හොඳ නමක් හිතට ආවේ නෑ.
අනික ආවට ගියාට හදන්නත් බෑ...නේ.
දෙන්නං කෝ - නිල් අහස - අංකල්ගෙන් , පුතාට ලස්සන නම් ට්කක් පස්සේ.
උණුසුම් සුභ පැතුම්...මචං...උඹට.
පැටියටයි, රැජිණටයි තෙරුවන් සරණයි. දළදා සම්ඳු පිහිටයි.
රැජිණටත් සුභ පැතුවා කියන්න අමතක කරන්න එපා.
එයාවත්, පැවියත් හොදින් බලා ගන්න....බිඟු.
මගෙන් සුබ පැතුම් බිගුවො....
ReplyDeleteපැටියටයි රැජිනටයි තෙරුවන් සරණයි !
අපි ඉතින් හොයමු නේද නමක්....බයවෙන්න එපා ලස්සන නම් ටිකක් හොයාගමු
Zසෝරෝ කියල දාමු...එතකොට ලන්කාවෙ නමක් නෙමෙ නිසා ලන්කාව පිටරටට තියෙන ණය කුට්ටියෙන් ඔය පුතා නිදහස්....
ReplyDeleteමොනවද කතා බිඟු.. සංතොශෙ බැහැ.. හිපො කලින් කියලා තිබුනා ලාවට දැක්කා. එ ත් නිල ආරංචිය දැනුයි දැක්කෙ.. මගෙ මුලු හදවතින්ම පිරිනමන සුභපැතුම මෙ වෙලාවෙ පිරිනමනවා. තාත්තයි අම්මායි දරුවටයි සතුට සැනසුමෙන් පිරි දිවියකට මෙන්න මගෙන් ආසිරි පැතුම්. සන්තොශයි අයියා..
ReplyDeleteහානේ ෂෝක් බිඟු පැංචෙක්!! සුභ පැතුම්!
ReplyDeleteමෙතන කවුරුත් මල්ලිලා නැද්ද?
ReplyDeleteගොඩාක් සතුටුයි අයියේ,මගෙන් සුභ පැතුම්, බිඟු පවුලටම තෙරුවන් සරණයි, නමක් කියන්නද?
ReplyDeleteසජිත්
සුභ පැතුම් බිඟුවෝ
ReplyDeleteඋණුසුම් සුභ පැතුම්!
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් මගෙනුත්! :)
ReplyDeleteසුභ පැතුම්! මෙතැන වැදගත්ම කාරණාව මේ ලාංකීය බ්ලොගවකාශය තුළ උපන් පළමු ළදරුවා වීම. ඔහු උපත ලබන තුරු ගමන මංගතව (online) නිරීක්ෂණය කළ පිරිස විශාලයි. එනයින්ම ඔහු "මංගත" යන නමට සුදුසුකම් ලබනවා! :-)
ReplyDeleteසුබපැතු සොයුර ! අම්මටත් පුතුටත් තෙරුවන් සරණයි.
ReplyDelete* සදීප
* සමින්ද
* සහන්
[කොල්ලාටයි, අම්මාටයි අප්පාටයි සුබ පැතුම්]
ReplyDeleteවජ්‍රපානි(ඉන්ද්‍ර, බුදුන්ගේ ආරක්ෂක-මහායාන බෝධිසත්ත්වයෙක්- දියමන්තියක්(වජ්‍රයක්)අතේ ඇති (පානි ),කෙටි කළ විට වජිර නැත්නම් පානි -. කැමති නම් දාපන්. [නමේ වැදගත්ම දේ පෞරුෂයක් තිබිම , අනිත් අයට පහසුවෙන් ඇහෙන්නත් ඕන. පවුලේ වාසගම හා රිද්මයක් තියෙන්නත් උවමනයි. අහුබුදුගෙ බොරු සමාස නම් වලට අහු වෙන්න එපා.]
කාමරේ රෑට ලයිට් නිමලා දාන්න, ඕනේම නම් ඇඳට (තොටිල්ලට ) පහතින් එළිය ඉතා අඩු ලයිට් එකක් දාන්න. මාස 6ක් අඳුරේ හිටපු නිසා එළිය කරදරයි. ඔන්න ලයිට් දාලා මේකා නිදා ගන්නේ නෑ කියලා කොල්ලට බැනලා අහුවෙනවා නෙමෙයි.
෴ ප්‍රංචි බිඟු පැටියට මගෙනුත් සුබ පැතුම් ෴
ReplyDelete"බ" තිබ්බ නම් බිඟු කියන නම ලස්සනයි෴
"මංගතව" haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeleteමගෙන් උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteසුබම සුබම සුබම සුබ පැතුම් බිඟුවා සහෝ..
ReplyDeleteමටත් අකුරු දැක්ක ගමන්ම මතක් වුන නම "සරල"
බිඟු, උණුසුම් සුබ පැතුම්..
ReplyDeletemagenuth unusum subha pathum...!!!
ReplyDeleteබිඟු පුතුට සුබ පතමි.
ReplyDeleteනම් දාන්න නම් නොදනිමි.
ඔබ තිදෙනාටම බුදු සරණයි !!!
මංගතව .... ? මාර නමක් නේ. ටැබ් ... අහුබුදු ගේ රාජකාරිය ගන්න පුළුවන් වෙයි ඔයාට
ReplyDeleteබිඟු අයියා මෙච්චර දවසක් බලන් හිටිය ඒ ලස්සනම දවස ආවා නේද... සුභ පැතුම් අයියේ....
ReplyDeleteපොඩ්ඩ සනීපෙන් ඉන්නව නේද හා..
පොඩි පැටියටත්, රැජිනටත් තුරුණුවන්ගෙ සරණත් සියළු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
නමක් දාන්න තරම් මම දක්ෂයෙක් නෙවෙයි අයියේ.. ඒත් ලස්සන නමක් දාන්න..
-සෝරෝ
උනුසුම් සුබපැතුම්.......වාසනාවන්ත අනාගතයකට.....
ReplyDeletehttp://babynames.lk/ mekata gihin namk gaththanam hari......mage hithe....ganapihitawannath onea therumak thiyennath onne...
ReplyDeleteගොඩාක් සතුටුයි මගෙන් සුභ පැතුම්...!!!!
ReplyDeleteබිඟු පවුලටම තෙරුවන් සරණයි...!!!
හශිත අයියා කියපුදේ හරි..එලියක් නොදල්වා තියන්න රෑට නැත්තන් ඇත්තටම අඬයි නිදා ගන්නේ නැතුව.
සුබපැතුම් ඔන්න මගේන
ReplyDeleteසුභ පැතුම්!
ReplyDeleteමගෙනුත් උණුසුම් සුබ පැතුම්...!!
ReplyDeleteසුබ පැතුම්
ReplyDeleteබිඟු . බ්ඟු රැජීණ හා බිඟු පුතුට තේරුවණ් සරණයි
වාව්..අන්තිමේ ඔන්න මෙච්චර කල් බලා හිටිය දේ ඉටු උනා...මගෙන් උණුසුම් උණුසුම් සුභ පැතුම් බිංඟුවෝ...
ReplyDeleteමේක නිකන් සංකරණ සංයෝජන සීන් එකක් නේ... මම ඔන්න දෙකක් දැම්මා විය හැකි බොහෝ ආකාර සලකලා බලලා...
ReplyDeleteහසල
වශිර
ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් .. සිංහලෙන්ම කිවුවොත් "වෙල් ඩන්".. සුබ පැතුම්....
සුබ පැතුම් !!
ReplyDeleteසමත්
රවිදු
ලසිත්
@වැම්පයර් : වශීර කියන එකේ තේරුම මොකක්ද?
පුංචිම පුංචි බිඟු මල්ලියාට උන්නැහේ අය්යාගෙන් සුබ පැතුම්...!
ReplyDeleteතෙරුවන් සරණයි.
පුංචි පවුලටම ජය වේවා.
උණුසුම් සුබ පැතුම් !
ReplyDeleteපුංචි මල්ලියාටයි, අම්මටයි, තාත්තටයි තෙරුවන් සරණයි !
A challenge ahead !
ReplyDeleteසහස්
ReplyDeleteසෙව්හස්
සංකල්ප
සනූජ
සදමිණ
සදහම්
සව්ම්‍ය
@හෂිත,
ReplyDelete/වජ්‍රපානි(ඉන්ද්‍ර, බුදුන්ගේ ආරක්ෂක-මහායාන බෝධිසත්ත්වයෙක්- දියමන්තියක්(වජ්‍රයක්)අතේ ඇති (පානි ),කෙටි කළ විට වජිර නැත්නම් පානි -. කැමති නම් දාපන්./
ථෙරවාදයෙහි 'ශක්‍රයා' හෙවත් සක් දෙවිඳු ලෙස හැඳින්වෙන්නේද මහායානයෙහි 'වජ්‍රපානි' සේ නම් කෙරෙන බෝධිසත්තයින්මය. මතක හැටියට ගෞතමයින් සමඟ වාදයට ආ සච්චක බමුණා දෙස ඔරවා බැලුවේ ඔහුය.
@බිඟුවා,
බෝධිසත්තයින්ගේ නම් අවශ්‍ය නම් කියන්න. විස්තර සමඟ සැපයිය හැකිය. :-)
- Taboo
සවන්
ReplyDeleteහර්ෂ
ශමින්ද්‍ර
දැන් මතක් වෙන්න්නෑ අප්පා...මතක් වෙන වෙන වෙලාවට දාන්නම්....අනේ බිඟු අයියේ සුදු බෝලයක් වගේ...එයාට නිදුක් නීරෝගි වසනාවන්ත ආනගතයක් පතනවා...නම දාපුවම අපිටත් කියන්න...මුලු පව්ලටම බුදු සරණයි...!!!
අගන
ReplyDeleteමගේ උණුසුම් සුභ පැතුම්..
ReplyDeleteසමීන්ද්‍ර
ReplyDeleteස්වර
රෂ්මික
සරල
ලයාන්
හංසක
හසලක
බිඟුවටයි රැජිනටයි දෙන්නටම උණුසුම් සුභ පැතුම්...
ReplyDeleteෂේනුක
ReplyDeleteහසංක
සමෝද්‍ය
විහඟ
සුභ පැතුම්
ReplyDeleteමගෙනුත් උණුසුම් සුභ පැතුම් බිඟු අයියේ....
ReplyDeleteතුන්දෙනාටම තුරුණුවන්ගේම සරණයි...!!!
නමට දාන්නකෝ මගේ නම....නරකද "හසිත-(තොල අග රැදි සිනහව)"
අපෙන් සුබ පතුම් අයියේ!!!!! නමක් කියන්නම්! Ryan.
ReplyDeleteවිශ්වයේ මේ පෘතුවියට එකතු වන බිඟු පැටියා සාදරයෙන් පිළිගනිමු! ලෝකයේ සිංහල කියවන ජනයාගේ සුබ පැතුම් ලබා උපන් ඔබට ජය,සතුට, සම්පත හා නිරෝගී බව පිරුණු අනාගතයකට ප්‍රාර්ථනා!
ReplyDeleteමගේ සුබ පැතුම්..!
ReplyDeleteසුවින් = රත්තරන්
රටට,දැයට,මවට,පියාට රත්තරන් මෙන් වටින පුතෙක් වෙන්න...!
අහ් අළුත් නම් ටිකක් හම්බවුණා...බලන්න හොදද කියල....
ReplyDeleteසංහිත
විස්වදිනු
සුවික්
සංසුක
විංසද
සස්රූත
රනුග
yako muuta tiyena dimand eka. pattamanea. mama nam dannanam danne nee.
ReplyDeletecongrats brovo. hasine nam tikath honday wage
බිඟු අයියාටත් බිඟු අක්කාටත් බිඟු පැටියාත් තුණුරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් යහපතක්ම වේවා....... නමක් දාන්න නම් දන්නේ නැහැ අයියේ. මේ තියෙන නම් වලින් දැන් පොතක් ගහන්න පුළුවන් නේ :)
ReplyDeleteබිඟුවටයි, බිඟු රැජිනටයි, බිඟු පැටියටයි මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!!
ReplyDeletecongrats machan. wish you all the best machan.
ReplyDeleteඔන්න මගෙනුත් සුබපැතුම් බිඟුවාට.
ReplyDeleteබිඟු බබාට නම් දෙන්න නම් මම කැමති නෑ. මම බබාට නම් හොයපු හැටි දන්නවා ඇතිනේ!
බබාට නමක්
ඔන්න මගෙනුත් සුබපැතුම් බිඟුවාට.
ReplyDeleteබිඟු බබාට නම් දෙන්න නම් මම කැමති නෑ. මම බබාට නම් හොයපු හැටි දන්නවා ඇතිනේ!
බබාට නමක්
hey ayya, oya nam mawa danneth nathuwa athi. namuth me muthu akkage blog eken dekke. harima pinvantha daruwek. oya puthata nirogiwa satutin lassana jiwithayak lebenna oni kiyala mama pathanawa.
ReplyDeletenamak - VanGiisha
eka rahatan wahanse kenekge namak . :) samukta nikaye, vangisa sanuktaya balanna :)) kavi walata upan hapan kamak ati uttamayek .
නිනුක
ReplyDeleteදිනුග
විදු
යුසත්
වෙතුම්
දිසර
ලතිල
විදුල
සෙතුන්
කෙමිත
හිරුත්
සෙතුක
සුබ පැතුම් බිඟුවෝ
ReplyDeleteආනේ ෂෝයි මල්ලි බබෙක්. එයා ටිකක් විතර ලොකු වුනාම මම එන්නම්කො එයත් එක්ක සෙල්ලම් කරන්න.
ReplyDelete@ටැබූ:
ReplyDeleteඔයා හරි ශක්‍රයා තමා පුරන්දරයන්ගෙ ඉන්ද්‍ර. මහායාන බෝධිසත්ත්ව නම් ඉතා ලස්සනයි. බීඟු ඒ ගැන සළකා බලන්න.
බොරු සමාස නම් වලින් ගැලවෙන්න.
මම ගොඩාක් පරක්කුයි වගේ. ඉඟියක් දැක්කේ හිපෝ නැන්දගෙන්. ඊට පස්සේ තමයි මේල් එක දැම්මේ. මගෙනුත් පුංචි බිඟු පවුලටම සුභම සුභ පැතුම් පිළිගන්න.
ReplyDeleteතාම පුංචි බිඟුවට නමක් නෑ කිවුවනේ ඔන්න මාත් නම් ටිකක් යෝජනා කරනවා. "දන්නෝ දනිති අග කෑල්ලෙ කතන්දරේ"
සසිනිඳු අනුරුද්ධ ;)
රන්දිනු "/ රනේෂ් " / රසාර "
ලංකේෂ "
වගීෂ් "
ශෂී "
ෂමිල "
හසින්ත " / හසිත "
ළහිරු "
කුසල් "
ස " (ආයිම ස අකුරක් දීල)
ගයාන් " / ගජබා "
ජනක "
අඃකිත "
අංජන "
" මේක අනුරුද්ධ කෑල්ල වෙනුවට ලිවුවේ. ඔන්න දීපු අකුරු සේරම වලින් එක ගානේ ලිවුවා.
සත්සර විකුම්
ReplyDeleteකිවිඳු ෂකිර
ශාහත් සේහස්න
දැනට නම් අවේ මේ නම් ටික විතරය් .... කොම උනත් ඔයාට යි ,
අලුත් පැටිය ටයි අම්මටයි ..... සුබ පැතුම්
හප්පචිචියේ......බිගු රැජින පැටවු දාලනෙ...හරිම හුරතල් කොලු පොඩ්ඩෙක් නේද? පොඩි එකාගෙ කුරුල්ලනම් පේන්න නෑ...ඔන්න දැන් බිගුව තාත්ත කෙනෙක් හොදද? පොඩි පැටියටයි පවුලටමයි බුදුසරණයි!
ReplyDeleteබිඟු අයියාටත්,අයියාගේ අක්කාටත් චූටි පුතාටත් තෙරුවන් සරණයි.
ReplyDeleteසත්නෙත්
රන්සිත්
ලතෙත්
ගගන
කවුද ඔය අතුරු දුන්නේ? කොහොමද අර අඃ, අං අකුරු දෙකෙන් නම් තියන්නේ?
ReplyDeleteමගේ සුභ පැතුම්.
රෂ්මි හරි රෂ්මන්ත හරි රසන්ත හරි කියල නම දාන්න
කතන්දරකාරයා
ශා.... සුබ පැතුම් අයියෙ. බබයි අම්මයි සනීපෙන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.ඔයාල තුන්දෙනාට හැම සතුටක්ම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මම.
ReplyDeleteමගේ උණුසුම් සුබ පැතුම්..අම්මටයි බබාටයි ත්‍රිවිද රත්නයේ පිහිටයි
ReplyDeleteසුවහස් ජීවන්ත
ReplyDeleteසිසුම් කුසල්ජිත්
මට මතකයට ආවෙ මෙච්චරයි ප්‍රමාද වැඩි නොවුනොත් පස්සෙ තව ටිකක් දෙන්නම්
සුබ පතනව බිඟු කැඳැල්ලටම... පොඩි එකාටත් අම්මටත් බිඟුවටත් තුණුරුවන් සරණයි
නම් දැමිල්ල ගැන නම් එකම එක අවවාදයක් දෙන්නම් බිඟුවො උපරිම නම් දෙකකට වඩා දාන්න නම් එපා..... ලොකු වුනාම ළමයගෙන් බැනුම් අහන්න වෙනව ෂුවර්... රටින් පිට යන්න හෝ වෙන මොනම දේකට හරි ෆොර්ම් එකක් පුරවන්න ගියාම තමයි අම්මල තාත්තලා ආදරේට දාන නම් වල රඟේ තේරෙන්නෙ.....ෆොර්ම් වල ඉඩ මදි වාසගමයි නම් ටිකයි එද්දි.....
මගේ උණුසුම් සුභපැතුම්. තෙරුවණ් සරණින් උතුම් දරුවකු වන්නට ලැබේවා!!! ලොවටම වැඩදායක දෙමාපියන්ට සලකන උතුම් දරුවකු වන්නට ලැබේවා!!!
ReplyDeleteඅපේ උණුසුම් සුබ පැතුම්
ReplyDeleteසුබ පැතුම් මගෙනුත්...
ReplyDeletehttp://videshasewa.com/babynames/
http://www.lankalinksystems.com/sri-lanka/sri-lankan/sri-lankan-names.htm
http://www.sinhalasongs.info/songs/boy-names.aspx
http://www.lanka.info/horescope/babyNamesExamples.html
ඔබ කුමන නමක් දැම්මත් "ස" යන්නෙන් පටන් ගන්න නමක් දමන්නේ නම් මැනවි.
ReplyDeleteමගෙනුත් උණුසුම් සුබ පැතුම්........
ReplyDeleteඋඹ ලියද්දි අපි දැක්ක පැටියමයි බිඟු. ගොඩක් ලියන්න බෑ දැන් ඒ තරමට හිතේ සතුට තෙරපෙනව. උඹව උඹේ බිඟු රැජිනව නොදැක්කට කතා නොකලට. උඹල දෙන්න අපේම උනා. දැං උඹලා තුන්දෙනාම අපේ. සංසාරේ කවද හරි අපි එකට ඉන්න ඇති. ඒක නිසා තමයි උඹ වගේ එකෙක් මෙහෙම හරි ඇසුරට ලැබුණෙ. රැජිනට උඹට උඹේ ජීවිතය උනු බිඟු පැටියට තෙරුවන් සරණයි.
ReplyDeleteඅළුතින් කැඳැල්ලට
ReplyDeleteඑක්වූ පුංචි කුමරුට
සුභ පැතුම් එක් කොට
පතමි නිති යස ඉසුරු ලැබුමට
බිඟු පවුලට තෙරුවන් සරණයි!!!!
ReplyDeleteස යන්න තෝරන්න... සයනෙන් නම් පටන් ගන්න අය බොහෝ වෙලාවට මානව හිතවාදියෝ..
බිඟු පවුලටම සියලුදෙවි රැකවරණය නොඅඩුව ලැබේවා කියා පතමි....... චෝ චුයීට් බිඟු සහෝගේ බිඟු පැටියා........ ලස්සනේබෑ ආඩලේ හිතනවා නේ......... :D
ReplyDeleteචූතිබබෝ මේක ඔයාට උම්මා........ :*
සෙනෙහස්
ReplyDeleteසහේෂ්
සුරන්
සින්ධූප
රශ්ම්ත
රුවංක
රෙසර
විමංස
වෛජන
ලෝචන
ශමල්ක
ෂෙහංස
හිරුක
කුලරූ
ගිම්සාර
ජයඳු
ඔන්න මචං..නම් ටිකක්..........
මිනි බිගු නදට මගේ සුභ පැතුම්...
ReplyDeleteරදීෂ කියල නම දාන්න
සුබ පැතුම් බිඟු....
ReplyDeleteකොන්ග්‍රැට්ස් මහත්තයටයි, නෝනටයි, පොඩ් මහත්තයටයි....
ReplyDeleteමම නම් යොජනා කරන්නෙ "චූටී මහත්තය" කියල. ඒ උනාට ඔයා කැමති නමක් දාන්න..
ඇස් වහ ටිකක් මතුර ගන්න...
ඕං ආයි නොකීවයි කියන්න එපා.
මගෙනුත් සුභපැතුම් !
ReplyDeleteමගේ සුභම සුභ පැතුම් සහෝදරය!
ReplyDeleteපුංචි හුරතල් බිඟු පැටියාටයි බිඟු අයියාගේ ආදරණිය බිඟු රැජිනටයි බිඟු අයියාටයි තෙරුවණ් සරණයි!!!
ReplyDeleteඅනේ ෂෝයි පැටියෙක්නේ..... හරිම ආසා හිතෙනවා.....
රටට දැයට වැඩදායක අම්මාට තාත්තාට ආඩම්බර වෙන්න පුලුවන් විදියේ හොද පුතෙක් වෙන්න කියලා සමනලීත් සතුටින් සුබපතනවා.....
හද පිරි සුබ පැතුම් මචෝ. මට උඹේ සතුට හිතාගන්න පුළුවන් මොකද මම ඔතන පාස් කරල ආපු නිසා.
ReplyDeleteඅනේ ඉතින් මම උඹලට ගැලපෙන විදිහට නම් තියන්න දන්නෙ නැහැ. මගෙ එකාටත් තිබ්බේ ඉංගිරිසි නමක්, වෙලාව බලල නෙමෙයි කියාගන්න ලේසි නමක්.
බිඟු පවුලට තෙරුවන් සරණයි!!!!
ReplyDeleteඅනෙ මටනම් නම් දාන්න තෙරෙන්නෑ මගේ නමත් දාලා තියෙන්නෙ පිට කෙනෙක් නෙවැ :P
මෙහෙම දෙයක් බ්ලොග් එකක පලවුන පලමු පාර නේද මෙක ?(වැරදීනම් නිවැරදි කරත්වා..!)
හරිම සංතෝසයි...!ඕන්නම් මම එන්නම් පොඩි එකා එක්ක සෙල්ලම් කරන්න :D
හද පිරි සුභ පැතුම්..!!!
ReplyDeleteනිදුක් නිරෝගී අනාගතයකට මගෙනුත් සුභ පැතුම් !!!
ReplyDeleteසුබ පැතුම් බිඟු සහෝ
ReplyDeleteනමක් දෙකක් ලියන්නං අහල තියෙන හින්දාම
1) ලංකිත
2) හසංග 3) හසළ 4) සවංග 5) හංස 6) කුසල් ( අකුරු සේරම ලිස්ට් එකෙන් )
මගෙනුත් සුභපැතුම් !
ReplyDelete"සදහම්" කියන නම ගැලපෙනවා හිතලා බලලා කැමතිනම් දාන්න!!
සුභ පැතුම් මචෝ.... :) නම් තියන්න නම් මම දන්නේ නෑ මචෝ... හැබැයි අර අහුබුදු තියෙන නම් තියලා නම් වැඩක් නෑ.... මෙලෝ රහක් නෑ ඒ නම්.....!! නමක් දාගෙන අපිටත් කියන්නකෝ... !! :)
ReplyDeleteසුබ පැතුම් මචන් . . අපේ බබා ලිපි පෙළ ඉදිරියටත් කියවන්න ලැබෙයි නේද ?
ReplyDeleteවිදුනෙත
ReplyDeleteවිදුනෙත්
බුදු අම්මෝ...
ReplyDeleteකස්ටියම නම් යෝජනා දාලා තියෙන්නේ...
ගොඩාක් පිං.....
ඔක්කොම කියෙව්වා...
නියමයි.
මේ නම් එකතු කරලා පොතක් ගනන්නත් පුළුවන් තමා...
හික්ස්...
හරිම ලස්සන අලුත් නම් තියෙන්නේ....
දැන් තමා අමාරුම වැඩේ කරන්න තියෙන්නේ..
මේ තියෙන නම් වලින් වඩාත් ගැලපෙන නම හොයා ගන්න එක....
ම්..ම්..ම්...
ඔයාලා අපිව මාර අමාරුවක තමා දැම්මේ...
අර මැරතන් එකේ වතුර ගැහිල්ලට දෙවැනි නෑනේ මේක...
හෆොයි.....
ආ කියන්න අමතක උනානේ...
තවත් අකුරු සෙට් එකක් දුන්නා...
ඔය තියෙන්නේ දිනයට, නැකතට හා ලග්නයට අදාල අකුරු විතරයිනේ.
නැකත කීවාම ඒකේත් තියෙනවා උප කොටස්.
ජන්ම, සම්පත්, ක්ෂේම, සාධක, මිත්‍ර, පරම මිත්‍ර, විපත්, ප්‍රත්‍යධාරී, වධ කියන ඒවා.
හෆොයි.
ඒකට අලුතේන් අකුරු වගයක් දුන්නා අපේ වෙද මහත්තයා. ඒ අකුරු වලටත් ගැලපෙන්න ඔයාලා නම් දීලා තියෙන හින්දා වැඩේ ලේසියි....
:D
මල් මාසෙ උපන් බිඟු පුතුට
ReplyDeleteසියලුම දෙවි දේවතා රැකවරණය ප‍්‍රාර්ථනා කරනවා.. :)
ඒ වගේම මව් පිය පදවියට අලුතින් නෑකම් කියන
බිඟු යුවලටත් ඉත සිතින් සුබ ප‍්‍රාර්ථනා කරනවා.. :)
තුන් දෙනාටම මගෙනුත් සුබ පැතුම්.
ReplyDeleteJayawewa Puthe.. Kalakarayaek Wenna Loku Wela...
ReplyDeleteතාත්තා වගේම මේ පුතංඩියත් හොඳ මනුස්සයෙක්+ උගතෙක්+ කලාකරුවෙක්+ බ්ලොග් ලියන්නෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)
ReplyDeleteසුබ පැතුම් අයියේ...!
ReplyDeleteසුබ අනාගතයක් පුතා...!!
පොඩි බබාටයි, අම්මටයි, තාත්තටයි උණුසුම් සුබ පැතුම්. මේ නම් දෙකත් බලන්නකො.
ReplyDeleteළහිරු
කුසල්
සරලව0ශ :)
ReplyDeleteතුන් දෙනාටම මගෙත් සුබ පැතුම්
ReplyDeleteමමත් එහෙනම් නමක් කිව්වා
ශමීෂ
අදයි දැක්කෙ.සුභ පැතුම්
ReplyDeleteමමත් දැක්කෙ අදයි මගෙන් හදපිරි සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteඅනේ සෑහෙන්න පරක්කු උනා. සමාවෙන්න ඕනා හොඳේ. රත්තරන් වගේ පුංචි පවුලට, හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteපොඩිඑකා ලොකුවුන කාලෙක තමන් ඉපදෙනවා දැකල ගොඩාක් සතුටුවෙයි...අපෙනුත් සුභපැතුමි!!!!!
ReplyDeleteඔන්න පැටියට මගෙනුත් උණුසුම් සුභ පැතුම!!!
ReplyDeletesupba pathumm machoo
ReplyDeletesorry wenna onne parakku wunaata
:P
sara
එලම කිරි
ReplyDeleteමගෙ හදපිරි සුබ පෑතුමන්
උණුසුම් සුබ පැතුම් :)
ReplyDelete