February 24, 2012

දිරාපත් වෙන්න කොච්චර කල් යයිද?

මෙන්න තියෙනවා පොඩි වගුවක් සමහර දේවල් දිරන්න ගත වෙන කාලයත් එක්ක සම්බන්ද වෙච්ච. සමහර දේවල් දිරන්න කලින් අපි මැරිලත් ඉවරයි. ඉතින් ඒක හින්දා යමක් විසි කරන්න කලියෙන් පොඩ්ඩක් හිතලා බලලා විසි කරන්න. එහෙම කියලා කෙහෙල් ලිලි එහෙම දානවා නෙමෙයි තැන තැන.

ද්‍රව්‍යය කාලය
කඩදාසි අත් පිස්න (ස්වියර්ට්) සති 2 ~ 3 ක්
කෙසෙල් ගෙඩි ලෙලි සති 2 ~ 3 ක්
කඩදාසි බෑග් මාස 1 ක්
පුවත් පත් මාස 1.5 ක්
ඇපල් ගෙඩියක මදය මාස 2 ක්
කාඩ්බෝඩ් මාස 2 ක්
කපු අත් මේස් මාස 3 ක්
දොඩම් පොත්ත මාස 6 ක්
තුනී ලෑලි අවුරුදු 1 ~ 3 ක්
වූල් මේස් අවුරුදු 1 ~ 5 ක්
කිරි පැකට් අවුරුදු 5 ක්
සිගරැට්ටුවක කොට අවුරුදු 10 ~ 12 ක්
වානේ ටින් අවුරුදු 50 ක්
ප්ලාස්ටික් කෝප්ප අවුරුදු 50 ක්
රබර් සෙරෙප්පු අවුරුදු 50 ~ 80 ක්
ප්ලාස්ටික් භාජන අවුරුදු 50 ~ 80 ක්
ඇලුමිනියම් ටින් අවුරුදු 200 ~ 500 ක්
ප්ලාස්ටික් බෝතල අවුරුදු 450 ක්
ළදරු නැපි(පැම්පර්) අවුරුදු 550 ක්
ප්ලාස්ටික් බෑග අවුරුදු 200 ~ 1000 ක්
වීදුරු අවුරුදු දශලක්ෂ 1 ~ 2 ක් 

25 comments:

  1. හුටා... මීට පස්සෙ පුළුස්සන්ඩ ඕනෙ ඔක්කොම එව්වා තැන තැන දාන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... හික්ස්

      Delete
    2. පිච්චුවම වෙන්නෙ වාතය දූෂණය වෙන එක...පොළවේ රැඳිලා තියෙනවට වඩා ඒකෙන් පරිසරයට වගේම සෞඛ්‍යයට වෙන හානිය වැඩියි..

      ඒක නිසා කළැයුතු හොඳම දේ භාවිතය අවම කිරීම...හා

      භාවිතා කරන ටික ප්‍රතිචක්‍රීයකරණය කිරීම..

      පිච්චීමෙන් ප්‍රශ්නය උග්‍ර වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ..

      Delete
    3. THumbs up Hari!
      Well said.
      This is a major issue.

      Delete
    4. ඇත්ත. පුච්චන එකෙක් වැඩේ කේස් වෙනවා

      Delete
    5. @ Gordonia ceylanica,

      මිනිස්සු කුණු ගිනි තියන එක අඩු කරන්න මොනාහරි කරන්න බැරිද බං..අපේ ගේ වටේ ඉන්න මෝඩ මිනිස්සුන්ගෙ වැඩේ පොලිතින් ප්ලාස්ටික්ම ගිනි තියන එක...

      Delete
    6. හරි කිව්වා වගේ බාවිතය අඩු කරන එක තමා කරන්න ඕන

      Delete
  2. අම්බානක වටින පෝස්ට් එකක් බිඟුස්...

    ReplyDelete
  3. හපෝයි. භයානකයිනේ. ඔය දිරන්නෙ නැතිදේවල් හොදයි ගොඩකිරීමේ කටයුතු වලට.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒවා ගන්න ඕනැ ඒ වගේ වැඩ වලට තමා.

      Delete
  4. වටිනව... සමහර පොඩි දේවල් දිරන්න මාර කාලයක්නෙ යන්නෙ(දොඩම් ලෙලි වගේ එව්ව)...

    ReplyDelete
  5. දැන් බලාගෙන ගියාම ප්ලාස්ටික් වලට වඩා වීදුරු භයානකයිනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ බං දිරන්ඩ කල් ගත උනාට වීදුරු වලින් පරිසරයට වෙන හානිය අඩුයි...

      Delete
    2. වීදුරුවලට කකුල් කැපෙනවනේ///

      Delete
  6. හිතුවේ නෑ වීදුරු දිරන්න අච්චර කාලයක් යනවා කියලා..

    ReplyDelete
  7. ප්ලාස්ටික් දිරන්න යන කාලය දැක්කම අනේ අපොයි කියලා හිතෙන තැනට මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ඕන නීති දාලා හරි!

    ReplyDelete
  8. මාර සීන් එක.. විදුරු දිරන්න ඔච්චර කල් ගන්නවද

    ReplyDelete
  9. හොද වෙලාවට මෙහෙම හරි දැනුවත්වුනේ
    ස්තූතියි යාලුවා

    ReplyDelete
  10. කුණු ටික පුච්චලා දාන්න ඕනා.
    ඒ වගේම ප්ලාස්ටික් වගේ දේවල් පාවිච්චි කරන එක අඩු කරන්ඩ ඕනා

    ReplyDelete
  11. හප්පා අදමයි මේ විස්තරේ දැනගත්තේ...පැම්පස් අඳින්නේ නෑ අද ඉදලා.....

    ReplyDelete
  12. වීදුරු කෑල්ලක් වෙන්න ඕනෙ ලබන ආත්මෙදිවත්....

    ReplyDelete
  13. ප්ලාස්ටික් කෝප්පයක් තරම්වත් මනුස්සයාට ආයුෂ නෑ වගේ.

    ReplyDelete
  14. සුබ නව වසරක් වේවා කථාව නම් ඇත්ත ඒත් අපේ බුරු පටවුන්ට ඕක තේරුම් ගන්න බැරි එකනේ වැඩේ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!