April 24, 2010

පඤ්චාංගය - කරණය-II

කරණ 11 ක් සියල්ල දැක්විය හැකි බව ඉහතදී මා විසින් සඳහන් කරන ලදී. ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන  ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ. ඒ වෙනුවෙන් කියැවුනු කවි කිහිපයක් මෙලෙස දක්වමි.


එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
ජලවක කුකුළු පස එළු කරණ
සත ගව අට සිංහ නව සුකර කරණ
දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ

එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ
පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

අට්වක ඌරු දියවක ගජ කරණවණු
තියවක කුකුළු ජලවක දිවි කරණවණු
පස එළු කරණ සැටවක ගජ කරණවණු
සතවක සිංහ අටවක සුකරයි දණු

නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ
තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ
අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ

5 comments:

  1. මට මඥ්ඥං වගේ

    ReplyDelete
  2. හරියටම

    එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
    ජලවක කුකුළු පස දිවි සය එළු කරණ
    සත ගව අට සිංහ නව සුකර කරණ
    දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ

    එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
    දොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
    තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ
    පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

    අව එක ඌරු දියවක ගජ කරණවණු
    තියවක කුකුළු ජලවක දිවි කරණවණු
    විසෙනිය එළු සැටවක ගව කරණවණු
    සතවක සිංහ අටවක සුකරයි දණු

    නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
    දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ
    තුදුස් සිංහ අමාව සුකරයි දැණ
    අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ

    ReplyDelete
  3. එකසිහ දෙකඌරු තියවක ගජකරණ ජලවක කුකුලු පසඑළු සය දිවි කරණ වියයුතුයි නේද?

    ReplyDelete
  4. පට්ට කෙබර කෙලින එකෙක්..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!