December 2, 2009

එන්න මගේ පැලට එන්න...

ජීවිතයට අරුත        දෙන්න
කෙල්ලේ මගෙ සතුට   ගන්න
සුද්දියෙ මට      අඬගහන්න
බෑ මට තව         ඉවසන්න

කෙල්ලේ මගෙ හද  පෙලන්න
එන්න මගේ පැලට      එන්න
නිමක් නැතිව කවි    කියන්න
සිත පුබුදා        සිනාසෙන්න

කවි පද වැල්       ගලායන්න
හදවත තුල        දඟකරන්න
බිඳුණු සිතට සෙවණ   දෙන්න
සදාකල්ම ළඟ       රැදෙන්න

ඉන්නෙ ඇයිද තවත්    බලන්
උදයෙම හිත දෙකට    කරන්
බලා නොයිද නපුරු    සිතින්
දුවගෙනවිත් මාව       සිඹින්

1 comment:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!