December 15, 2009

රෝද දෙක - වම් කණ


රෝද දෙක කියලා කියලා කියපු ගමන් සිතට එන්නේ අපේ "පුස්" හෝ "පුට්" බයිසිකලේය ( සමහරු "පුටාර්" කියාද කියනු මා අසා ඇත්තෙමි ). නමුත් කරත්තයටද ඇත්තේ රෝද දෙකකි. නමුත් මා ලියන්නට යන්නේ මොටර් බයිසිකලයක් ගැනය. බොහෝ දෙනා "බයික්" එක කියා මෙය හඳුන්වති. මෙය කාගේවත් නොව මගේම රෝද දෙක ගැන ලියවුනු කතාවකි. ඉස්සරලාම කියන්නම්කො මොකද්ද ඒකේ ජාතිය කියලා. "බජාජ්" පවුලේ "පල්සර් 180" වර්ගයේ රතු පැහැ මගේ මෝටාර් එක මම මිළදී ගත්තේ මීට වසර 3 කට කලින්ය. දැන් ඒකේ ඉස්සරහ "වම් කණ" කැඩිලා එල්ලිලා තියෙන්නේය. ඒ උනාට කන් හතරෙන්ම හොඳින්ම එළිය පත්තුවෙන්නේය. උගේ වම් කණ කැඩුනේ මගේ එක් වීර ක්‍රියාවක දායාදය ලෙසටය.


ඒ කෙසේද යත්:

දැනට මාස කිහිපයකට ඉහතදී මට ගම්පහට යෑමට සිදු විය. එසේ ගොස් නැවත පැමිණෙන විට වේලාව රාත්‍රී 11 ට පමණ වී තිබුනේය. මම නුවර පාර දිගේ ඇවිල්ල කැළණි පාලම පහු කරලා අස්සෙන් අස්සෙන් දාලා ආවා "බේස් ලයින්" එකට. දන්නවනේ ඉතින් "බේස් ලයින්" එක ගැන. කාකි ඇඳුම් නැත්නම් ඉතිං 100 තමා.

ඔන්න දැන් මං එනවා ඕක දිගේ වැඩි වේගයකුත් නෑ 60 ට විතර ඇති. එකපාරම කබ්බෙක් ගියා මාව "ඕවර් ටේක්" කරගෙන මගෙ කණ ගාවින්ම. ඔන්න කොල්ල "ෆෝම්" උනා. ඉතින් ඉන්න බෑ... ගත්තා අඩු ගියර් එකකට දාලා රේස් කරලා... ම්... ම්... බ්‍රෑම්... දැන් කොල්ලට පේනවා අරූ යනවා ලඟින්ම. ඌට තේරුනා මම "ගේමට" කියලා. මෙන්න ඌත් "පිකප්" කරන්න ගත්තා. මං යාන්තමට දැක්කා උගේ මෝටාර් එක 150 ඇන්ජිමක්.

ඉතින් මම දුන්නා උපරිමය...
යමං පුතා කියලා...

මෙන්න දැන් යනවා දෙන්නම සුං ගාලා. මට මීටරේ දිහා බලන්න ඕනැ උනත් මොන මීටර්ද... "කිසි කිසි" ගාලා යනවා මෝටාර් දෙක. දැන් අපි ඉන්නේ "බේස් ලයින්" එකේ අන්තිම "කලර් ලයිට්" එක ගාව. මෙතන හෙන වංගුවක් තියෙනවනේ. මට ඒක මතක තිබුනා. ඒත් අර බුවාට ඒකේ ගානක් නැති පාටයි. මමයි අර බුවයි දැන් කරට කර. මං දන්නවා තව මොහොතෙන් මම ඌට දෙනවා බැටේ.

ඔය අස්සෙම මම දැක්කා මොක්ද්දෝ කලු ගුලියක් පාර මැද තියෙනවා වගේ. කෝකටත් කියලා මම පොඩ්ඩක් "ඇක්ස්සලරේටර" අඩු කලා. හුටා... මෙන්න පොරක් කරුවලේම පාර පනිනවා. අපි දෙන්නම දුන්නා නලා පාරක් මෑන්ස්ට... මෑන්ස්ට මොකුත් හිතාගන්න බැරුව ගල්වෙලා වගේ පාර මැද හිට ගනිපි. මොන මගුලක්ද කියමින් මම ගත්තා මෑන්ස්ගේ ලඟින්ම කපලා. හපොයි.... චටස් කියලා මොකද්ද වදිනවා වගේ දැනුනා... මගේ වම් කකුල නිකං පිච්චුනා වගේ දැනුනා. "හැඬල්" එක "කන්ට්‍රෝල්" නැතිව ගියා.

මමයි අර බුවයි දැන් කරට කර. මං දන්නවා තව මොහොතෙන් මම ඌට දෙනවා බැටේ. ඔය අස්සෙම මම දැක්කා මොක්ද්දෝ කලු ගුලියක් පාර මැද තියෙනවා වගේ. කෝකටත් කියලා මම පොඩ්ඩක් "ඇක්ස්සලරේටර" අඩු කලා.

හුටා... මෙන්න පොරක් කරුවලේම පාර පනිනවා. අපි දෙන්නම දුන්නා නලා පාරක් මෑන්ස්ට... මෑන්ස්ට මොකුත් හිතාගන්න බැරුව ගල්වෙලා වගේ පාර මැද හිට ගනිපි. මොන මගුලක්ද කියමින් මම ගත්තා මෑන්ස්ගේ ලඟින්ම කපලා. හපොයි.... චටස් කියලා මොකද්ද වදිනවා වගේ දැනුනා... මගේ වම් කකුල නිකං පිච්චුනා වගේ දැනුනා. "හැඬල්" එක "කන්ට්‍රෝල්" නැතිව ගියා. දැං මෝටාර් එක යනවා දෙපැත්තට පැද්දි පැද්දී. මම "බ්‍රේක්" ගැහුවා උපරිමයෙන්. මොන "බ්‍රේක්" ද? පිටි පස්සේ රෝදෙ හිරවුනා. දැන්නම් බඩු "ෂුවර්" මං ඉවරයි. ඕනැ එකක් කියලා මම හයියෙන් අල්ල ගත්තා හැඬල් එක. ඔහොම තප්පරයක් විතර යන්න ඇති මයෙ හිතේ.
මට "බ්‍රේක් එක" අතඇරුනා. මගේ වෙලාවට එහෙම උනේ. නැත්තම් ඉතිං බඩුම තමා. මීළඟ තප්පරේ මට පොඩ්ඩක් "කන්ට්‍රොල්" එක ආවා. මම හිමීට පාරේ අයිනට කරලා නැවැත්තුවා. අර බුවා පේන්නත් නෑ.. මං හිතන්නේ මිනිහා ගෙදරම යන්න ඇති. මම බැලුවා මොකද උනේ කියලා. මගේ දණිහ ළඟ පොඩ්ඩක් දනවා වගේ හින්දා බැලුවා.

අප්පට සිරි! කකුල පැලිලා නේද? මෙන්න බොලේ ලේ ගලනවා. මං හැරිලා බැලුවා අර පාර මැද හිටපු මෑන්ස් දිහා. කවුරුවත් පේන්න හිටියේ නෑ. මම විතරයි පාරේ තනියම. මොනවා කරන්නද? කැක්කුම ඉන්න බෑ. ඕනැ එකක් මම මෙහෙමම යනවා කියලා හිතලා ගෙදරට පැද්දා. ගෙදර ඇවිල්ල බේත් දාගෙන පහුවදා මම මෝටාර් එක බලනකොට තමා දැක්කේ ඒකේ ඉස්සරහා වම් කන කැඩිලා තියෙනවා.

ඒත් එක්කම මට මතක් උනා ඊයේ රෑ වෙච්ච "සීන්" එක. මගෙ ඇඟේ හිරිගඩු පිපුනා ඒකට. බුදු අම්මෝ...! මං හිතාගත්තා අයේනම් රේස් යන්නේ නෑ ( රෑට ) කියලා.
ඔන්න ඔහොමයි උගේ වම් කණ කැඩුනේ.

මගේ තුවාලය හොඳ උනත් තවම උගේ වම් කණ කැඩිලාය. මගේ "මීටර්" එක 60 පනින විට මට ඔය කැඩිච්ච කණ පෙනුනොත් නිකම්ම වේගය අඩු වෙන්නේය. ඒ නිසාම මමද එය පිලිසතර නොකර තබා ගන්නට උත්සුක වන්නෙම්. (මුදල් අඩුපාඩුවක් නිසා නොව හඃ හඃ හා... )


7 comments:

  1. High speed යන්නේ ඇයි.....?? ජීවත් වුනා ඇති කියලා හිතුනද.......??

    යකෝ බයික් එකකට තියෙන්නේ රෝද දෙකයි...... ඒකෙන් කරන්න පුලුවන් වැඩ කරපන්......නහින්න යන්නේ නැතුව.........!!

    අනික බස් වලට වම් පැත්තෙන් ඉස්සර කරන්න එපා..... බස් වල ඩ්‍රයිවර්ට පේන්නේ නෑ ඔය පොඩි වාහන....... මම එහෙම නම් වම් පැත්තෙන් ඉස්සර කරන්න එනවා දැක්කොත්, ඇගටම කපනවා.......!! හික්..... හික්......!!

    ReplyDelete
  2. අනේ පව්.. අහිංසක බයිසිකලේ.. ඔයාගේ පණ්ඩිත වැඩ හින්දා දැන් කණත් ක‍ඩාගෙන.. කමක් නෑ ඉතිං හදන්නම එපා.. නැත්තං ආයේ හියියෙන් යයි..

    ReplyDelete
  3. ආ දීමන්ත මස්සිනා....
    පුලුවන්නම් කපපං බලන්න....
    හැප්පිලා මැරෙන්නද හදන්නේ මගේ රෝද දෙකේ..
    හඃ හඃ හා...............
    මම 110න් එහාට පැදලා නෑ කවදාවත්.

    /නිශාන්ත

    ReplyDelete
  4. bajaj wala race yanna epa kiyala neda kiyanne.mokak hari unoth controll yanawalu ne.?
    mamanam mootaar padinne ne.marutiyenam 85+ yanawa.thaththa lede demme nethoth.
    umbalata wageda mata licences wath nee.thaama 15i ne..
    :))))

    ReplyDelete
  5. "ඔන්න ඔහොමයි උගේ වම් කණ කැඩුනේ. "
    hik hik . .. .

    ReplyDelete
  6. 80 ට වැඩිය පදිනවනම් ස්පෙෂල් ලයිසන් එකක් ගන්න ඕනෑ..
    මට ඒක තියෙනවා...

    / නිශාන්ත...

    ReplyDelete
  7. නොදෝමකින් තොපි වගේ වල් කාලකන්නි....කොහොමද තොගේ කකුල තුවාල උනේ ඌරො?කොහේ වැදිලද?උඹ අර මැන්ස්ව හැප්පුවා නේද?

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!