අපේ බබා තවම ඉපදී නැත. ඔහු හෝ ඇය ඉපදීමට දින නියමව ඇත්තේ ලබන අවුරුද්දේ(2010) මැයි 20 වෙනිදාටය. උපදින්නේ පුතකුවුවත් දුවකුවුවත් අපි ඔහු හෝ ඇය එනතුරු මගබලා සිටින්නෙමු. මෙම ලිපිපෙල ලියවෙන්නේ නොවැම්බර් මාසයේ පටන්ය. නමුත් එය අගෝස්තු 20වෙනිදාට(8/20/2009) වන පළමු සතියේ අවසානයේ සිට සිදුවූ ආකාරය ලිවීමට අදහස් කෙලෙමි.
මුල් මාසෙයේනම් එනම් අගෝස්තු මාසයේනම් අපි කිසිවක් නොදැනසිටි නමුත් අපි දරුවකුගැන සිතමින් සිටියෙමු. මගේ බිරිඳ පැවසූයේ "අපි දැන් බැඳලා අවුරුද්දකුත් ගියා නේද? මමනම් ආසයි ඉතිං පොඩි එකෙක්ගේ කටහඬ අහන්නත්" කියාය. මේ අතරතුරේ මගේ නැන්දම්මාද ඔවැනිම වදන්පෙලක් බිරිඳට පවසා ඇත "මං පොඩි ළමයින්ට හරීම ආසයි" යනුවෙනි. අපේ අම්මාද ඉඳහිට ඔවැනි වචන මට එල්ල නොකළාම නොවේ. කෙලෙස හෝ මටද දරුවකුගේ ඇති මිහිරියාව හිමිහිට ඇතිවෙමින් තිබුණේය. මේ පිළිබඳව අපි දෙදෙනාම පසුගිය දිනකදී අදහස් කථාකළ අතර එකඟතාවයට පැමිණියේ අපිද දරුවකු හැදිය යුතුයැයි යන්නටය.
මෙහිදී අපිට පරහට හිටියේ අපේ අලුත් නිවස සෑදීමේ කටයුතුය. සමහර අයනම් කීවේ "ළමයි හදන අස්සේ ගෙවල් හදන්න හොඳ නෑ" යනුවෙනි. තවත් සමහරු "අත්තිවාරම් දැම්ම නම් කිසිම ප්‍රශ්ණයක් නෑ" යනුවෙන්ද "උලුවහු තියන්න තමා හොඳ නැත්තේ" යනුවෙන්ද පැවසුවෝය. මෙවැනි එක එක ආකාරයේ විවිධ මතිමතාන්තර අතර අපි තීරණය කලේ අත්තිවාරම වැඩ අහවරකොට දරුවන් හදන්නටය. කෙලෙස හෝ 2009 ජුනි මාසයේ අගභාගය වනවිට අපේ නිවසේ අත්තිවාරම් වැඩ කොටස ඉවර වී තිබුණි. දැන් එළඹ ඇත්තේ අපේ අරමුණ සඵල කරගැනීමේ කාලයයි. නමුත් අප සිතන සැනින් දරුවන් සැදිය නොහැකිබවද ඔහු හෝ ඇය එන්නේ ඔහුට හෝ ඇයට අවශ්‍ය කලෙකදී බවද නොදැන සිටි අපට මීළඟ මාස දෙකක කාලයක් ගෙවුනේ තරමක අපහසුවකිනි. මට වඩා අපහසුවකට පත්වූයේ මගේ බිරිඳය.
ජූලි මාසයද ගෙවී ගියේය. දරුවකු ගැන කිසිම සලකුණක් නැති නිසා බිරිඳට තරමක අපහසුවක් දැනෙන්නටවිය. මා ඇයට පැවසුවේ "අපිට හදිස්සිවූනාට එයාට නම් කිසිම හදිස්සියක් නෑ වගෙයි" කියාය. "ඔව් ඔව්, එයා එනවෙලාවක ඒවිනේ, අපි බලාන ඉම්මු" කියමින් ඇයද එයට එකඟවූවාය. දැන් ඇය වැඩ කරනාවිටදිත් බොහොම පරිස්සමින් වැඩකරන්නට වගබලාගත්තාය. නමුත් එලෙසකිරීම මා එතරම් ප්‍රිය නොකෙලෙමි. මම ඒ බව ඇයට නොපැවසුවත් ඇඟවෙන්නට ඇරියෙමි. එමනිසාම ඇය මා සමග සිටිනාවිටදී එලෙස නොකලාය. නමුත් ඇය නිවැරදිබව මා පසුව තේරුම්ගත්තෙමි. අප දරුවකුගැන බලාපොරොත්තුවෙන් සිටීනම් තරමකවත් සැලකිල්ලෙන් සිටිය යුතුය. මා කියන්නේ ගමන් බිමන් වලදී, ක්‍රීඩා කිරීමේදී ආදී ඇඟපත වෙහෙසෙන ආකාරයේ ක්‍රියාවන් ගැනය.
අපේ නව නිවසේ ඉදිකිරීම් කටයුතු ද මේ සමගම කරගෙන යන්නට විය. "මෙහෙම වෙන්නේ ගෙවල් හදන හින්දද දන්නේ නෑ නේද?" කියා වරෙක බිරිඳ පැවසුවාය. මින් මා තේරුම්ගත් දෙයක්නම් ඇය තරමක් ආතතියකට ලක්වී ඇතිබවයි. එමනිසා මා ඇගේ සිත සැහැල්ලුවන පරිදි වැඩකිරීමට උත්සුක උනෙමි. මට සිතෙනා අයුරට සැමියකු ලෙස කලයුතුව තිබුනේද එයමය. මට සිතෙනා අයුරට සැමියකු ලෙස කලයුතුව තිබුනේද එයමය. ඇයව සතුටින් තිබීමය. කෙලෙස හෝ අගෝස්තු මාසය ද එළඹුණේය.
adooo.. Jax... congrats macho!!!!!
ReplyDeleteසුබ පැතුවේ මටද, බබාටද, අම්මටද, නැත්නම් වෙනම කෙනෙකුටද
ReplyDelete/නිශාන්ත
අනික මේ ඉන්නේ අපේ බබානම් නෙමෙයි. මම නිකන් පින්තූරයක් දැම්මා විතරයි.
ReplyDeleteසමාවෙන්න
/නිශාන්ත
Oh sht....
ReplyDeletepodi printing mistake ekak bun.... mama wena kalpanaawaka hitiye... Jax kiyanne mata ehaa paththe inna eka.
Wish kare nam ubala dennatai..babaatai.. :D
එල... එල..
ReplyDeleteඒකට කමක් නෑ මචං
උඹ මේක කියවපු එකම ඇති මට.
උඹ කැමතිනම් ෆොල්ලොවෙර්ස්(Followers) කෙනෙක් වෙන්න මගේ...
හී හී...
/නිශාන්ත
wunaa wunaa :)
ReplyDeletebtw word verification ain karapanko bun
දැන් හරී.
ReplyDelete/නිශාන්ත
අතීතයට ගියෙමි!
ReplyDeleteකකා
කතන්දර කාරයාට,
ReplyDeleteඒ කියන්න්නේ "කතන්දර කාරයා" බැඳලා කියන එක නේද?
/නිශාන්ත
මමයි, බිරිදයි දෙන්නම ආස දුවලට ලැබුනෙත් දුවක්, දුවට දැන් අවුරුදු තුනකට ලගයි, ඔබලාටත් සුභපැතුම්, දරු සෙනෙහස පුදුමාකාරයි, ඒක ඔබලාට දැනට දැනෙනවාට වඩා වැඩියෙන් දැනේවි බබා ඉපදුනාට ප්ස්සෙ, අපේ දුව ගැන බලන්න මම ලියන "චූටි දුව" බ්ලොග් එක බලන්න
ReplyDelete@BEAUTIFUL SRI LANKA,
ReplyDeleteaha.. nice machan...
2010 මැයි 20 ? වෙලාව දන්නව නං කේන්දරේ හදන්න තිබුණා.
ReplyDeleteඅහා...
ReplyDeleteඑහෙනම් මාරයා වගේනේ...
තව මාස 2කින් කියන්නම්කෝ...