අගෝස්තු මාසය මුලදී අපට අපගේ නව නිවසේ වැඩ සඳහා වැඩිපුර කාලයක් යෙදවීමට සිදුවිය. මට වඩා එය කිරීමට සිදුවුනේ මගේ බිරිඳටය. මා දහවල් කාලයේදී රැකියාවට ගිය පසුව මේසන් බාසුන්නැහැලා සමග කටයුතු කලේ මගේ බිරිඳය. මගේ වාසනවට මෙන් ඇය රැකියාවෙන් ඉවත්වීම මට මහත් සහනයක් ගෙන දෙන්නත විය. නිවසක ඉදිකිරීම් කටයුතු සිදුවනවිට ඒ සඳහාම නියැලුණු කෙනෙකු සිටිය යුතුමය. නැතිනම් “බාස්ට” ඕනෑ ඕනෑ ආකාරයට එය නිමකරනවා ඇත. පසුව අපට වැඩ දෙගුණයක් වන්නේය. කෙසේ හෝ එය මට යන්තම් හෝ අස්වැසිල්ලක් වූයේ ඇයට දැන් දහවල් කාලයේ ඉටුකිරීමට වැඩ තිබීම නිසා ඇගේ තිබූ ආතතිය අඩුවූ බැවින්ය. මේ අයුරින් අගෝස්තු මාසයේ පළමු හා දෙවන සති දෙකම ගෙවීගියේය. නමුත් අගෝස්තු 13 වන දින ඇය ගැබ්ගෙන තිබූබව ඇය නොදැන සිටියාය. ඒ බව දැනගැනීමටද කිසිදු ලකුණක් අප සතු නොවීය. සුපුරුදු පරිදි මම සතියේ දින 5 රැකියාවට යන අතර ඇය නිවසේ කටයුතු කරමින් සිටියාය.
කෙසේ හෝ අගෝස්තු මාසය අහවරවී සැප්තැම්බර් මාසය එළඹුනේය. බිරිඳට මේ වනවිට සැකයක් පහල වී තිබුණි. එක දවසක අපි දෙදෙනා රාත්‍රී අහාරයෙන් පසුව රූපවාහිනියේ නාට්‍යයක් බලමින් සිටියෙමු. බිරිඳ එදා මට වඩාත් ලංව සිට නොයෙකුත් දේ තෙපලන්න්ට විය. සාමාන්‍යයෙන් ඇය වඩාත් ආදරයෙන් මුමුනන්නේ මොනවා හෝ වැදගත් යමක් කීමට බව මා දැන සිටියෙමි. නමුත් එදා මා සිටියේ තරමක මහන්සියෙනි. එම නිසාම මට එය නොහැඟුනේය. මා ගනන් නොගත් නිසාම එදා ඇය මට කිසිවක් නොකියා සඟවා තබාගත්තාය. කාන්තාවන් කොපමණ සුන්දරද යන්න මෙයින් මොනවට පැහැදිළි වේද? කොපමණ වැදගත්වුවත් සැමියා ඇසීමට සූදානම් නැත්නම් බිරිඳ එය කියන්නේ නැත. (මෙයට අහංකාරය කියාද කියනු ලබන අතර මේ ගති ගුණය ඇත්තේ ගැහැණුන්ටමය.)
පසුදා රාත්‍රියෙත් ඇය පෙරදා මෙන්ම මට බොහෝ ළංව ලෙංගතුව නොයෙකුත් දෑ පවසමින් සිටියාය. කිසිම දිනෙක ඇය යමක් එකවර පවසන්නේ නැතිබව දන්නා මා (මේ වාගේ සුන්දර හැසිරීම තමා මාව එදත් වෂී කලේ) මට එදා ඒ බව ක්ෂ්ණයෙන් තේරුණේය. ඒ සමඟම මා කලින්දා කල අඥාණ ක්‍රියාවද මට සිහියට නැගෙන්නටත් විය. ඇය යම්දෙයක් කීමට අර අඳිමින් සිටි හැටිත් මා ගනන් නොගත් හැටිත් ඇය එය නොකියා සිටි හැටිත් එකිනෙක මත සිහිවිය. ඒ නිසාම මගේ මුවඟට සිනහවක් ආවේය. එදා මෙන්ම ඇගේ ආඩම්බරකම තවම තියෙන හැටි, ආසයි මම අදත් ඒකට.
පසුදා රාත්‍රියෙත් ඇය පෙරදා මෙන්ම මට බොහෝ ළංව ලෙංගතුව නොයෙකුත් දෑ පවසමින් සිටියාය. කිසිම දිනෙක ඇය යමක් එකවර පවසන්නේ නැතිබව දන්නා මා (මේ වාගේ සුන්දර හැසිරීම තමා මාව එදත් වෂී කලේ) මට එදා ඒ බව ක්ෂ්ණයෙන් තේරුණේය. ඒ සමඟම මා කලින්දා කල අඥාණ ක්‍රියාවද මට සිහියට නැගෙන්නටත් විය. ඇය යම්දෙයක් කීමට අර අඳිමින් සිටි හැටිත් මා ගනන් නොගත් හැටිත් ඇය එය නොකියා සිටි හැටිත් එකිනෙක මත සිහිවිය. ඒ නිසාම මගේ මුවඟට සිනහවක් ආවේය. එදා මෙන්ම ඇගේ ආඩම්බරකම තවම තියෙන හැටි, ආසයි මම අදත් ඒකට. ඉතිං මම ඇයට අවස්ථාවක් ලබාදුන්නෙමි. “ඉතිං කියන්න මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ?…” මම ඇසුවෙමි. “එහෙම බෑ. ඔයා ගෙස් කරන්න හා…” ඇය මට කීවාය. මට කිසිවක් එකවර සිහියට ආවේ නැත. මට යන්තම් හෝ අදහසක් අවේ අපේ අලුත් ගේ ගැනය. නමුත් එහි අගය කලයුතු තරම් දෙයක් නැත. “අහ්! හරී මං දන්නවා… මගේ උපන්දිනය, මට ඒක අමතක වෙලා තිබ්බේ…” මම කීවෙමි.
මගේ උපන්දිනයද සැප්තැම්බර් මාසයේ දිනයක් බැවින් මා සිතුවේ එය කියාය. “නෑ.. .නෑ… ඒක නෙමෙයි, එකට කේක් හදන්න බඩු ගත්තේ ඔයත් එක්ක ගිහින්මනේ අනේ.. වෙන එකක්… පොඩි බඩ්ඩක්… හා කියන්න… ඔයා දන්නවා අනේ…” ඇය එහාට මෙහාට පැද්දෙමින් කීවාය. අනේ! මගේ මොලේ තරම. අපි පුන පුනා බලා සිටි දෙයක් කොහොම අමතක වෙන්නද? ඒ නිසා “අනේ ඇත්තද? මම ඇයව තුරුළු කරගන්නා අතරතුරේ කීවේමි. “තවම දන්නේ නෑ හරියටම, මටනම් ෂුවර්, ඒත් අපි යමු ඩොක් ලඟට” ඇය කීවාය. මගේ ඉහේ මලක් පිපුනා වගේය. මා තවත් ඇයව තුරුලු කර ගත්තෙමි. දැන් මේක හරියටම දැන ගන්නාතුරු මට ඉවසුම් නැත. නමුත් මෙය වැඩිපුර බලාපොරොත්තු තබාගත යුතු නැත යන්න එකවරම සිහියට ආවේ “බැරිවෙලාවත් එහෙම දෙයක් නොවුනොත් ගොඩාක් දුක් වෙන්න වෙයි නේද” යන්නත් සමගය. කෙසේ වෙතත් මට දැන් අමුත්තක් දැනී තිබේ. කොහොමද ඒක ලියන්නේ. ඒක ලියන්න තියා කියන්නත් බෑ. හරිම අමුතු දෙයක්
Nice writeup. Please go on writing as we will find your information very useful.
ReplyDeletethanx... :)
ReplyDeletelike your fish tank very much.congrats on the good news.hope you will have enough money to get through everything.believe me you'll need it.
ReplyDeleteNiroshan
thanx niroshan....
ReplyDelete