December 21, 2009

සිහි කෙරුවා නුඹෙ උනුහුමේ තිබුන බලේ

හිම ගුලි එක එක පොඩි කරලා
ලස්සන බෝලයක් වගේ වෙලා
අත්දෙක එහෙට මෙහෙට කරකවලා
විසි කෙරුවා බෝලය කන්දට දමලා

හිතුනත් බෝලය ආපහු එයි කියලා
ආවේ නෑ එය යලි පෙරලීලා
හෙව්වත් බෝලය හිමතුල කිමිදීලා
ඒ බෝලය සැඟවුනා මා පරදාලා

හිම කතරේ මා තනිවම සිටි ඒ වේලේ
සිහියට ආවේ නුඹෙ රුවමයි හිතට බොලේ
නුඹ නැති අඩුපාඩුව මට දැනුන වෙලේ
සිහි කෙරුවා නුඹෙ උනුහුමේ තිබුන බලේ

2 comments:

  1. හිම කතරේ මා තනිවම සිටි ඒ වේලේ
    සිහියට ආවේ නුඹෙ රුවමයි හිතට බොලේ
    නුඹ නැති අඩුපාඩුව මට දැනුන වෙලේ
    සිහි කෙරුවා නුඹෙ උනුහුමේ තිබුන බලේ

    සීත කාලේ හැමතිස්සෙම වගේ හිතට එන සිතුවිල්ලක් මේක.. ;-)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!