December 23, 2009

ආප්ප ගැලවිල්ල හා අබ බැදිල්ල

මේ කතාවනම් වැඩිය පිරිමින්ට වැදගත් නැති එකක් වේවි. මොකද අපි ආප්ප උයන්නේ නැති හින්දා. ඒත් ඒක දැනගෙන හිටියතනම් කමක් නෑ මං හිතන්නේ.

මේ මෑතකදී, ඒ කියන්නේ දවස් දෙකකට විතර කලින් විවෘත කරපු ආප්ප කඩයකට කියා මම කන්න මොනවා හරි ගන්නම් කියලා. ඇත්තටම ආප්ප කඩයක් වුනත් ඒකෙ ඉඳි ආප්පත් තිබ්බා. මං ගියාම දැක්කා එතන අවුරුදු 30ක් විතර අක්කා කෙනෙක් ආප්ප දානවා. එතන හිටියා තව වයසක ආච්චි කෙනෙකුත් ඇවිල්ලා ආප්ප ගන්න ඇවිල්ලා. මම පස්සේ ආපු නිසා ආච්චිට තැන දීල මම පස්සේන් හිටියා. අර අක්කා ආප්ප හදනවා, ඒත් ආප්ප ලේසියෙන් ගැලවෙන්නේ නෑ. මාර ගේමක් දෙනවා ඒක ගලවන්න. මේක දිහා ආච්චී හොඳට බලාන උන්නා. දෙවැනි ආප්පෙත් එහෙමයි. පස්සේ ආච්චී මෙහෙම කිව්වා.

පිංතූරේ ගත්තේ මෙතනින්...

"පුතේ ඔය තාච්චියේ අබ පොඩ්ඩක් බැදලා ගන්න. එතකොට නියමෙට ආප්පෙ ගැලවෙනවා... ඕනැම ගැලවෙන්නේ නැති තාච්චියකට ඒක නියම බෙහෙත."

මෙහෙම කියපු ආච්චි අර කැඩිච්ච් ආප්පවලින් කිහිපයක් මිලදීගෙන යන්න ගියා. මම නම් ආප්ප ගත්තේ නෑ. ඉඳි ආප්ප ටිකක් අරගෙන මාත් ගියා. ඊට දවස් දෙකකට පස්සේ මම අයෙත් ගොඩ උනා අර අක්කගේ කඩේටම. මෙන්න බොලේ මෙයා දැන් "කිසි කිසි" ගාලා ආප්ප දානවා.

මං නිකමට වගේ අහුවා "අක්කේ අර ආච්චි කියපු අබ වැඩේ, ඒක වැඩ කලාද?" කියලා.

"අනේ ඔව්නේ මල්ලී.. ඉතින් අපි දන්නේ නෑනේ ඔය වගේ දේවල්. දැන් හොඳට ගැලවෙනවා.. මේ බලන්නකෝ"

කියමින් ඇය වැඩ දමා තවත් ආප්පයක් ගලවා පෙන්නුවාය. ඉතින් මම කියන්නෙත් ඔය ආප්ප ගැලවෙන්නේ නැති තාච්චි තියේ නම් ඉතින් අබ පොඩ්ඩක් බැදලා බලන්න කියන එකයි.

7 comments:

  1. මෙන්න බ්ලොග් ආටිකල්ස්!

    පොයින්ට් එකට බොහොම ස්තුතියි :P
    ඊලඟ පාර ට්‍රයි කරල බලන්නම්.

    ReplyDelete
  2. සිරා පොයින්ට් එක.
    අම්මට කියන්නම් මේ තියරි එක.

    ReplyDelete
  3. දන්නැති දෙයක් කිවිවට ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  4. ඉතින් අපි දන්නේ නෑනේ ඔය වගේ දේවල්..

    ආප්ප Indian da? (as ur picture) .. I thought its 100% SL.

    ReplyDelete
  5. පරණ හනමිට අදහස් කියලා අයින් කරන ඒවාෙය් වැදගත් කම

    ReplyDelete
  6. ශා.. අපේ ගෙදර ආප්ප හදන්නේ නැත්තේ ඔය ගැලවෙන්නේ නැති කේස් එක හින්දා.. මෙන්න බෙහෙත හම්බ උනා.. තැන්ක් යූ වෙරිමච්!! අර ආච්චි අම්මට පිං..!!

    ReplyDelete
  7. @malee_msg

    ඉතිං මට පිං නැද්ද?
    /නිශාන්ත

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!