December 28, 2009

ආයෙත් 110 ස්පර්ශ කළෙමි.

මොකක්ද මේ 110.
අහා… මේක මගේ උපරිම වේගයයි. පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් මම මගේ රෝද දෙක ආයෙත් පැද්දෙමි. මීට පෙර දෙවතාවක් මම එම වේගයට එය පැද ඇත්තෙමි. මගේ රෝද දෙක මිළදී ගෙන 3න් වන මාසයේදී මම පළමු වතාවට එය කළෙමි. දෙවන අවස්ථාව ඊට මාස කිහිපයට පසුව පැවති ද්වන්ධ තරඟයක් විය. තුන් වැනි වතාවටද මම බොහෝ එයම කළෙමි. මෙහි විශේෂත්වය නම් අවස්ථා තුනමටම මා යොදාගෙන තිබුණේ එකම මාවතක් වීමයි.

සෑම මසකදීම එක් වතාවක් හෝ මම ගමේ යෑම මගේ සිරිතකි. මගේ ගම (අඹන්පොල ) පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රිකයේය. වඩාත් නිවැරදිව දැක්වූවොතින් කුරුණෑගල සිට අනුරාධපුර යන ඇල්ල හරහා පාරේ එනම් අංක 57 මාර්ගයේ කුරුණෑගල සිට කිලෝමීටර් 50ක් පමණ දුරින්ය. මෙම මාර්ගයදී වාරියපොල නගරයේ සිට පාදෙණිය හන්දිය දක්වා මාර්ගය ඉතාම හොඳ අයුරින් නිමවා ඇත. බැලූ බැල්මට සැතපුම් 1/2ක් පමණ එක එල්ලේ කෙලින් දිවෙන මාර්ග කැබලි කිහිපයක්ම මෙහිදී ඔබටත් හමු වී ඇතිවාට කිසිදු සැකයක් නැත. මෙවැනි මාර්ගයක 60ට හෝ 70ට පැදීම සමහරවිට ගමන එපා කරවන්නට පිළිවන. එම නිසා ඔබ නොදැනුවත්ම 80, 90 ට මීටර් කටු කැරකීමට බොහෝ ඉඩ ඇත. නමුත් 100ක් හෝ 110ක් යනු හිතාමතාම රිය පැදවිය යුතු අගයකි.


එමෙන්ම මෙම ප්‍රදේශයේ අනතුරුද බහුලය. එම නිසා තැන් තැන්වල

“මෙය අනතුරු බහුල ප්‍රදේශයකි”,

“ප්‍රවේශමෙන් රිය පදවන්න” යනාදී වශයෙන් නොයෙකුත් ප්‍රදර්ශන පුවරුද දැකිය හැකිය. එහි තිබූ එක් පුවරුවක් මගේ මතකයේ රැදෙන්න විය.

වේගය පිනවයි
මරුවා කැඳවයි.

නමුත් මගේ සිත එය කියවූයේ මෙසේය.

වේගය පිනවයි.
මරුවන් දෙදෙනකු කැඳවයි.

මීට හේතුවවූයේ මා බොහෝවිට රෝද දෙකේ යන්නේ මගේ බිරිඳත් සමග වීමය. එම නිසා මා කිසිවිට මරුවන් දෙදෙනකු සිටිනවිට 80ට වඩා නොපදින්නට සිතා ගත්තෙමි. 110 යනු සැබැවින්ම මරුවාගේ වේගයකි. කොලුකමට 110 පිනවූවත් එය මාරාන්තික බව මට හොඳටම පැහැදිළිය. නමුත්….

27 comments:

  1. missuda yakooo....
    marennnda hadannee?
    110 ta mama car ekewath yannne naa

    ReplyDelete
  2. You are not alone. Think about your family. Don't do stupid thinks for nothing.

    - Taboo

    ReplyDelete
  3. if want 140 km/h you have to go "ADi seeya road"
    hambanthota to ebilipitiya i had tested with 3 friends the bell was rang around 120 km/h after that it is very difficult to contorl vehical Toyota AT190 1600cc car
    muthunayake

    ReplyDelete
  4. There are easiest ways to die than this one, so don’t try this one coz, if you survive your family members has to die.

    Sara

    ReplyDelete
  5. 110 ta giyaa madiwata uba phototh gattada??? . . . pissu wada karanna epa machan . . . podi kaaleka joliya wageda deevita . . .

    ReplyDelete
  6. නොදෝකින් කියන අපූරුව...
    තොපි 2න්නා මැරුනොත් නම් කමක් නෑ, ඔහොම ගිහින්..
    ඒත් අත පය 4ම කඩාගෙන රස්සාවක් වත් කරන්න බැරුව ගෙදර ඉන්න වුනොත්, තේරේවි කරපු ගොන්කම...

    ඔච්චරම හයියෙන් යන්න එපා බං....

    ReplyDelete
  7. නොදකින් ගල් ඉබ්බා...
    පව් යකෝ අනිත් මිනිස්සු.
    හිමීට පල.
    නැත්නම් තෝ යන පාර කියපිය.
    අපිට නොගිහින් ඉන්න

    ReplyDelete
  8. ඉතිං මොකටද ඔච්චර හයියෙන් ගියේ??? ඵලක් නැහැ නේද?ඇගේ ලේ ටිකයි ටැංකියේ තෙල් ටිකයි පුච්ච ගත්තා ඇරෙන්න?

    ReplyDelete
  9. මල්ලි මෝඩ වැඩ කරනව මදිවට පොර ටෝක්නුත් දෙනව නෙ.

    ඔය මලක් වාවාගෙනෙ ෆොටෝ එකක් අරන් ආතල් ගන්න පුලුවන් එකේ මේ වගෙ මෝඩ ආතල් වලට ගිහිල්ල ජීවිතේම පසු තැවිලි වෙන්න එපා. වාහන වල යනකොට ඇක්සිඩන්ට් වෙන්න පුලුවන් තමයි එහෙමයි කියල ඉල්ලෙගෙන කන එක මෝඩ කමක්. ප්‍රවේසමෙන් යන්න.

    ReplyDelete
  10. කතරගම දෙවියෝ මොනරා පිටේ යනවා, සමන් දෙවියො හරක පිටේ යනවා, තව කවුද මීයා පිටේ යන්වා, වශවර්ති මාරයා, උන්දෑ යන්නේ ඉතින් මොටර්සයීකලේ තමයී.

    ReplyDelete
  11. යකො අයියෙ... යනවනම් තනියම පලයන්... අපෙ මල් අක්කවත් එක්කන් එයගෙ ජිවිතෙට අනතුරක් වෙන විදියට කොහෙවත් යන්න එපා.

    අත්හදා බැලිම් ජිවිතයට තිබිය යුතුය. නමුත් එය තවත් අයෙකු ට අනතුරක් නොවන පරිදිය. තමුන්ගෙ ජිවිතයට අනතුරක් ඇත්නම් වඩාත් නිවැරදිව එය කල යුතුය. ඔබ එය නිවැරදිව කලෙත් මිනිස්සු ඔයට ගෞරව කරනු ඇත. එය වැරදුඋනොත් බලාපන් අර මොඩයා කරගත්තු දෙ... යනුවෙන් ගරහනු ඇත්.

    ReplyDelete
  12. ඇද්ද තොට අහගත්තා.....

    ReplyDelete
  13. මචෝ මේ උබේ හොදටම කියන්නේ.මමත් පදින්නේ ඔය රෝද 2 වහනයක්ම තමයි එත් මේ 25 වනදා මගේ යාළුවෙකුයි එයාගේ ගැනු ලමයයි ගෙදර යද්දි බස් එකක හැප්පිලා කොල්ලා එතනම මැරුණා.කෙල්ල තාමත් කොලඹ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබනවා.කෙල්ලටත් අවුරුදු ගානකට දෙපයින් නැගිටින්න වෙන එකක් නැහැ.මට නම් දැන් මේ රෝද දෙකෙන් 60ට තියා මේකට නගින්නත් එපා වෙලා තියෙන්නේ.ජිවිතේ ගැන මිට වඩා හිතපන්.
    බලපන් මේ ඉන්නේ මගේ යාළුවා.
    http://img705.imageshack.us/img705/7026/dsc00409p.jpg

    ReplyDelete
  14. මොරටුව - පානදුර අතර ගාලු පාරත් හොඳයි වැඩේට. අපි දවසක් car එකකින් ගියා 130kmph... ජෙට් එකක යනව වගේ...

    හැබැයි බයික් නං මාරම ආතල්... මට තාමත් මතකයි අඩි ගාණක් උඩින් පියාඹලා ගිහින් පාරේ මැද්දට වැටිලා... අතත් කඩාගෙන... මාස දෙකක් විතර අත එල්ලං හිටියා..... තාමත් තියෙනවා මාක් එක වැළමිටේ.....

    ආ..... කියන්න අමතක වුණා.... පිටගැස්මට ඉන්ජෙක්ෂන් එක ගහපු නර්ස් අක්කා හරිම ස්වීට්.... :P

    ReplyDelete
  15. යකෝ තොට පිස්සුද?

    ReplyDelete
  16. සිරාවට ඔහොම යන්න එපා අයියේ....
    තේරුමක් නෑ නේ බොරුවට අවධානමක් ගන්න එක...
    හදිස්සියක් නම් කමක් නෑ...

    ReplyDelete
  17. කොල්ලෙක් වුණාම අත්ත්‍රාසජනක දේවල් කොරලා ආතල් ගන්න කැමැතියි, ඒ නිසා අදටත් ලෝකයේ අනතුරු වලින් මිය යන වැඩි දෙනෙක් පිරිමි වන්නේ මේ නිසායි. ඔයාගේ මේ ක්‍රියා වලට එක් වෙන්න බැරි හේතු කාරණා තිබෙන නිසා මට "ෂා....ෂෝක්නේ" කියන්න බෑ. ඔයා යන්නේ රෝද හතරෙන් නොව රෝද දෙකකින් නිසා ඔයාට අත් විදින්න වෙන අනතුරුදායක බව වැඩියි, පොඩ්ඩ වැරදුණත් ගලක් වැදුණත් ඔයාගේ ජිවිතේ අනිත් පැත්තට හරවන්න පුළුවන්. රථ වහාන පදවන අය බොහෝ විට සුදුසු අවස්ථාවක් නිසා 120ක හෝ ඊට ආසන්න වේගයෙන් යන්න පුළුවන්, එවැන්නකට ඔයාව හැප්පුණොත් මට හිතා ගන්න බෑ සිදු විය හැකි සම්භාවිතා ගැන වුණත්.
    ඔයා බිරිඳව තියාගෙන ගියත් නොගියත් අනතුරකට භාජන වුණොත් දෙදෙනෙක් මැරෙනවාමයි, ඒ ඔබේ බිරිඳ, ඇය අනිවාර්යෙන්ම සෝ දුකින් විඳ විඳ මැරෙවි. ඒ වගේම ලංකාවේ සමාජ තත්වයේ අතුරුඵලයක් ලෙසින් "මේ නිශාන්තයාට වගක් තුගක් නෑනේ, කොලුකමට මෙලෝ සිහියක් නැතිව පියාඹලා විහින් නැහුණානේ" කියලා අපවාද කියන්න පුළුවන්, ඒවා ඔයාගේ බිරිඳට වගේම ඇයටත් වඩා ශෝක වන හිතවතුන්ට තවත් වේදනාවක් වෙනවා.

    සැමියෙක් විදිහට හිතන්න, තමුන්ගේ ආත්මාර්ථකාමී දේවල් වලට අනිත් අයට වගේම තමාටම දුක් දෙන්න එපා.

    නොවැම්බර් 28 වෙනිදා මම සාමන්‍ය පෙළ කරන අවුරුද්දේම, ඒ කියන්නේ විභාගයට මාසයක් පෙර අපේ ලොකු නැන්දාගේ පුතා, එනම් ම‍ගේ පන්තියේ මට වම් පැත්තේ හිටි එකම පාසැලේ හිටි කෙනා මියැදුණේ මාලඹේ පාරේ ගොන් කොලුකාරකමට වේගයෙන් පැදවු වෑන් කාරයෙක් නිසායි.

    ReplyDelete
  18. ඇත්තටම කියනවනම් මට බනින්න සභ්‍ය වචන මෙතන නෑ. මගේ සමීපතම මිත්‍රයෙක් පවා මේ අවුරුද්දෙ මාස 3 කට කලින් මිය ගියා බයිසිකල් අනතුරකින්. කරුණාකරලා ඔයාගෙ ජීවීතේ ගැන ආසාවක් නැත්තම් අඩුම ගානේ ඔයාට අනතුරක් වුනොත් දුක්වෙන අය ගැන හිතන්න. විශේෂයෙන්ම ලංකාවෙ පාරවල් වල දි.

    ReplyDelete
  19. යක්සයෝ ඔය වෙලාවට බයික් එක ගන්න වියදම් කරපු ගාන ගැනවත් හිතලා හිත පාලනය කරගන්නවා.පිස්ස.

    ReplyDelete
  20. බයික් එකකකින් වැටිලා, ලොරියක රෝද දෙකම ඔලුව උඩින් ගිහිල්ලා මියැදුනු අවාසනාවන්තයෙකුගේ සිරුර ලේ විලක් මත තියෙනවා දැකපු තවත් අවාසනාවන්තයෙක් මම. ඒ දෙයම උබටයි උබේ මායියාටයි වෙනවා දකින්න අකමැති නිසයි මම මෙහෙම කියන්නේ. හෙමින් පලයන්. මොනව හරි උනොත් උබලගෙ පන ටික "හක්" ගාලා යයි. ඊට පස්සේ පවුලේ උදවියට ජීවිත කාලයම අඩන්න වෙයි උබලා ගැන හිත හිතා. ඒ විතරක්ද? හරි හපන් කමක් කලා වගේ කියන ලස්සන.....

    ReplyDelete
  21. යකෝ තොට මැරෙන්න ඕනා නම් ඔහොම නැතුව වෙන විදිහකර මැරියන්...... උඹට බනින්න තියෙන වචන සෙට් එක බ්ලොග් එකක දාන්න බැරි විදිහට දරුණුයි....... ඒ නිසා ඔන්න මම මෙහෙම බනිනවා....... ****** ****** ***** ***** ****** දාන සෙල්ලමක් රෝද 4 කින් දාන්න ට්‍රයි කරපන් නිකන් නැහෙන්නේ නැතුව......!!

    ReplyDelete
  22. බුදු අම්මෝ.................

    ඇති ඇති..................


    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................
    මම ආයේ යන්නේ නෑ හයියෙන්....................

    ReplyDelete
  23. ආහ් හොද කොල්ලා අන්න එහෙම හැදියන්..... :) මේ පේනවනේ මම හෙමින් ගිහිල්ලත් ඇන ගන්නවා ..... :(

    http://www.elakiri.com/forum/showthread.php?t=350877

    http://www.elakiri.com/forum/showthread.php?t=149133

    ReplyDelete
  24. අම්මෝ දීමන්ත මම නම් ආයෙ යන්නේ නෑ 110ට.

    /බිඟුවා...!

    ReplyDelete
  25. @ඔක්කෝටම,

    අම්මෝ ආයේ නම් 110ට යන්නේ නෑ මම.

    දැන් අපි ගැන බලන්න තව කට්ටිය ඉන්නවා දැනෙනකොට මාර සතුටක් දැනෙන්නේ...

    සමහරුනම් 110ට වැඩියෙනුත් ගිහින් තියෙනවනේ...
    ඒ මොනවා උනත් මම ආයේ යන්නේ නෑ...


    /බිඟුවා...!

    ReplyDelete
  26. වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නවා නේද අයියේ? ඒක දැන ගන්න කලින්ද ඔහොම ගියේ?

    ReplyDelete
  27. මම තනියම ගියේ...
    නෝනත් එක්ක 80ට වඩා පැදලම නෑ...

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!