January 31, 2010

අපේ බබා - 5 වන මාසය

ජනවාරි 20 වැනිදා වන විට අපේ බබාට වයස මාස 5ක් වෙලා. කාලය ගත වෙන වේගය කෙතරම්ද කියලා මට සක්සුදක් ලෙස පැහැදිලි වුනා. දෙසැම්බර් මාසේ ඉවර වෙන්නේ මේ අවුරුද්දම ඉවර කරගෙනනේ. ඒ විතරක්නම් බැරියැ.. අපේ සාක්කුවටත් පොඩි (පොඩි කිව්වට පොඩිම නෑ) සද්දයකුත් දාගෙනනේ. ඉතින් දන්නවනේ නත්තලටත් පොඩි සාජ්ජයක් දානවනේ. ඒ උනාට ඒ මොනවත් අපේ බබා ලිපියට අදාල නැති හින්දා අපි අමතක කරලා දාමුකෝ නේද?

ඔන්න ඉතින් මේ මාසේ අපිට ටිකක් වැදගත් එකක්. මොකද දන්නවද? මාස පහේ විනිවිද බැලීම (පරිලෝකනය - ස්කෑන් එක) තිබුනනේ. ඔයාලා දන්නවද මේ ස්කෑන් එකේ වැදගත්කම?
ම්... ම්... දන්නේ නෑ නේද?
මම දන්නේත් නෑනේ...

අපේ අළුත් ගෙදර වැඩ හින්දා මට බිරිඳ බලන්න යන්න වෙන්නේ සති අන්තයේ විතරයි. අනික රස්සාව කරන්නත් ඕනෑනේ. ඉතින් ඔන්න ඔහොම මම තනියම කොලොම්තොටේ ඉන්නකොට බිරීඳ එයාගේ අම්මත් එක්ක ගියා අපේ දොස්තර මහත්තයා හමබ වෙන්න. මමත් හරිම ආසාවෙන් හිටියේ මේ ගමන යන්න. අනික බිරිඳත් හරිම ආසයි මගේ අතේ එල්ලිලා එහෙ මෙහ ඇවිදින්න. ඉතින් අපි සැලසුම් කරගෙන හිටියත් ඒකට මේ ගෙවල් හැදිල්ල ඇණයක් උනානේ.

උදේ බිරිඳ ගෙදරින් පිට වෙන්න කලින් මට දුරකතන ඇමතුමක් දුන්නාය.

මේ.... මම දැන් යන්න හදන්නේ... ඔයා වැඩියම කැමති කාටද?

මම ඕන කෙනෙකුට කැමතියි ළමයෝ... ඔයාට කාවද ඕනෑ...

ම්..ම්..ම්.. කෙල්ලේක් උනොත් මට ලේසියි, කොල්ලෙකුත් හොඳයි ඉතින්... අනේ මන්දා... ඉතින් කියන්නකෝ ඔයා කැමති කාටද? ඉක්මනට අනේ... කියන්න...කෝ.... පරක්කු වෙනවා

කියමින් ගැහැනු ගැට දමන්නට විය. ඇගේ මෙම කෝල කමට මා කවදත් ආදරේය. බොරුවට පරක්කු වෙනවා, අරහේ යන්න තියෙනවා, පස්සේ කියන්නම් ආදී නොයෙකුත් ප්‍රයෝගයන් මා ඇගේ හද කුටි සිර කර අගුලු දා යතුර මහ මුහුදට විසි කිරීමට තරම්ය....

ම්...ම්....ම්... කවුරු උනත් කමක් නෑ අනේ.. ඔය මගේ පැටියෙක්නේ... ඔයා ගිහින්ම කියන්නකෝ...

කියමින් මම පැන යන්නට උත්සාහ කලෙමි. මෙවන් අවස්ථාවකදී ඇගේ මුහුණ බොරු තරහකින් පිරී යන්නේය. ගස්සාගෙන මගේ ලඟින් ඉවතට යන්නේ "මං තරහයි.. ආයේ කතා කරන්න එපා... " යැයි නොකියා කියාය. මා ළඟ නැතත් මට ඇගේ මුහුණ සිහියට එන්නට විය.

මං යනවා.. මට පරක්කු වෙනවා... බුදු සරණයි කියමින් ඇය දුරකතනය විසන්ධි කලාය.

කෙසේ හෝ තව හෝරා කිහිපයකින් මගේ සිතේ ඇඳි සිතුවම සැබෑ වන්නේය. මම ඇගේ දුරකතන ඇමතුම එනතුරා ඇඟිලි ගනිමින් සිටියෙමි. මෙන්න දවල් 12ට විතර එක පාරම මා බලාපොරොත්තුව සිටි ඇමතුම ආවේය.

අනේ... ඔයා කැමති කෙනා නෙමයි නේ.. මම කැමති කෙනා ඉන්නේ.. හූ හූ...
කියමින් ඇය මට ඔච්චම් කරන්නට විය.
ඉතින් ඔයා කොහොමද දන්නේ මම කැමති කාටද කියලා...
මම ඔයා ගැන දන්නේ නැද්ද අනේ... දැන් අවුරුදු 6 ක් ගිහිල්ලත් ඉවරනේ.. හී.. හී...
අනේ ඉතින් කියන්නකෝ මොකද ඩොකා කිව්වේ...?
කියන්න බෑ... මොනවද දෙන්නේ මට...
ම්ම්ම්... හාදු දෙන්නම් ...
හරි එහෙනම් 100ක් 1000ක් ඕනෑ... හරිද ඔන්න බෑ කියන්න බෑ... (මේ හාදු 100ක් 1000ක් කතාවට අතීතයක් ඇත.)
හරි හරී....
ම්ම්ම්....

කියා යමක් ඇය පැවසුවාය. මට ඉහේ මලක් පිපුනා වගේය. මට කියන්නත් පොඩ්ඩක් ලැජ්ජයි වගේ. මම පොඩි පගේ නැටුමකුත් දැම්මා කාමරේට වෙලා. ඒ තරම්ම සතුටක් දැනෙන්නට විය.

නමුත් මෙම පරිලෝකනයේදී කියැවෙන යම් යම් දේ වෙනස් විය හැකි බැවින් පුතකුද දුවකුද යන්න අන් අයට දැන්ම කිමෙන් වලකින මෙන් බිරිඳගේ අම්මා ඇයට කියා ඇත. එම අවවාද මම අද සයිබර් අවකාශයේදීද රැකිය යුතු නිසා නොකියා සිටින්නෙමි. නමුත් ඉඟි කිහිපයක් දෙන්නෙමි.
: අපේ අම්මා එකදාස් ගනනට සතුටුය. නැන්දම්මාද එසේය. වැඩියෙන්ම සතුටු වන්නට සිටියේ අපේ කිරි අම්මාය.


ආ කියන්න අමතක උනා. ජනවාරි 6 වැනිදා අපේ බබා පළවෙනි වතාවට ඇතුලේ ඉන්නවා කියලා බිරිඳට පා පහරක් දීලා කියලා තිබුනනේ. දවසක් මටත් දැනුනා එයාගේ දැඟිලිල්ල... ආසාවේ බෑ....

32 comments:

  1. සුබ පැතුම් සහෝදරයා

    ReplyDelete
  2. ඔන්න අපෙනුත් සුභ පැතුම්..
    ටික දවසකට කලින් මමත් ඔය තත්වෙට මුහුණ දුන්නනෙ. මම නම් මුල ඉඳලම කීවෙ කවුරු උනත් කමක් නෑ අපේ දරුවෙක්නෙ කියලා.එත් බිරිඳ ඉතාම ආසාවෙන් හිටියෙ පුතෙකුට. ඉතින් එයගෙ බලාපොරොත්තුව ඉටු වුනා. පුතා ලැබිලා තාම දවස් 23යි.
    ලැබුන ප්‍රතිඵලය ගැන ඔයගෙ බිරිඳ සතුටින්නම් ඒ සතුටම ඇති ඔයට සතුටු වෙන්න.
    නැවතත් සුභ පතනවා...

    ReplyDelete
  3. @V
    ස්තුතියි මචං

    @ප්‍රියන්ත
    ඔව් ඔව් අපිට මතකයි බබාට නමක් හොයපු හැටි.
    අන්තිමට දැම්මේ මොකක්ද?
    ස්තුතියි මචං සුබ පැතුමට

    /බිඟුවා...!

    ReplyDelete
  4. මමත් සුභපතනවා උඹට..

    ReplyDelete
  5. හී හී මෙන්න මගෙනුත් එකසිය ගානට සුභ පැතුම්!!!!!!!!

    ReplyDelete
  6. @Nuwan & @සිතූ

    ස්තුතියි සුබ පැතුමට/පැතුම් එකසිය ගානට

    /බිඟුවා...!

    ReplyDelete
  7. wish you all the best from me as well

    ReplyDelete
  8. මගෙනුත් සුබ පැතුම් :)

    ReplyDelete
  9. සුභ පැතුම් අයියා.......!!!!!

    ReplyDelete
  10. හරි හරි බිගුවො එලියට පය තිබ්බ ගමන් කියපන් ඇඩ්‍රස් හොයන් අපි සෙට් එක එනවා, පව්ඩර් ටිකයි, ඔඩිකොලොන් ටිකයි අරන්..

    ReplyDelete
  11. අහ්! දැන්ම football සෙල්ලං කරනවද? ජූනියර් බිඟුවාට ලෝ සුපතළ ක්‍රීඩකයෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... මේක අවංකෙන්ම බොක්කෙන්ම නිර්ව්‍යාජ පැතුමක්! (විහිළු නෙවෙයි)

    ReplyDelete
  12. ඔබ දෙපළගේ ආලයේ මහිමයෙන් පිළිසිඳි ඒ කිරිකැටියා ඉතා ආරක්ෂිතවත් නීරෝගීවත් මෙළොව එළිය දැකීම අප සියල්ලන්ගේ ප්‍රාර්ථනයයි. එළඹෙන පිය පදවියට අපෙන් සුභ පැතුම්!

    ReplyDelete
  13. මමනම් නංගි බබාලටයි මල්ලි බබාලටයි දෙගොල්ලන්ටම කැමති

    ReplyDelete
  14. බිඟුවෝ උඹට දැනෙනවා නේද ජීවත් වෙනව කියල.පස්ස නොබලා ඔහේ දුවන අපිට ඔය වගේ වෙලාවට තමයි බං අපි ජීවත් වෙනව කියල දැනෙන්නේ.මගේත් සුන්දර අතීතය මතක් කලාට උඹට ස්තුතියි.උඹල දෙන්නටත් මෙළොව එළිය දැකීමට ඉන්න කිරිකැටියටත් නිදුක් නිරෝගී සුවය.
    දයියා

    ReplyDelete
  15. පුංචි බිගුවාට මගෙත් සුභ පැතුම්...!

    ReplyDelete
  16. පුංචි පුතාට මගෙන් සුභපැතුම්, හැබැයි දුවකුත් මරුම අත්දැකීමෙන් කියන්නෙ.

    ReplyDelete
  17. සුභ පැතුම් ....

    ReplyDelete
  18. දෙයියන්ගෙ පිහිටයි!!!!!!!!!!

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. ගොඩ.... අ‍ය ඇවිල්ලනේ....

    @ඉන්දරේ, ගලා, ආලෝක, ප්‍රභාත්, උදිත, විජයබාහු,BEAUTIFUL SRI LANKA

    ස්තුතියි ඔක්කෝලගේම සුභ පැතුම් වලට ඔන්න



    /බිඟුවා...!

    ReplyDelete
  21. @රවා,
    හරි හරි... කියන්නම් කියන්නම්... :)

    @ශාකූ,
    නියමයි මචං, මම පොඩි එකා ලොකු උනාම කියන්නම්කෝ මේ කියමන මේ විදියටම

    @චානක,
    උඹ නංගි බබා කියන්නේ කොහොමද අංකලයෝ, මට අවුරුදු 4 නේ බාල...
    :) හික්ස්...

    @දයියා,
    ඔව් ඒකනම් සියයට 100ක්ම ඇත්ත. ආතල් එකට වැඩිය වගකීම කියන එක දැනෙනවා නියමෙට.
    ආ... අනික උඹටත් දැන් බබාලා ගොඩාක් ඉන්නවා වගෙයි...

    /බිඟුවා...!

    ReplyDelete
  22. nice writeup, keep it up.

    ReplyDelete
  23. මෙන්න මේ මාසෙත් අම්මියටයි බබාටයි මගේ සුභ පැතුම්.. දෙන්නවම පරිස්සමෙන් බලා ගන්න.. මම නම් කැමති මල්ලි බබාලට..

    ReplyDelete
  24. @මලී,
    හරි හරි... ආයෙත් ස්තුතියි ඔන්න.
    ගොඩාක් අය කැමති මල්ලි බබාලටනේ...
    ඒ මොකද ඒ....

    /බිඟුවා...!

    ReplyDelete
  25. සුභ පැතුම්!!!!!!!

    ReplyDelete
  26. @ඉන්දික්,
    ස්තුතියි මචං

    /බිඟුවා...!

    ReplyDelete
  27. මගේ සිත අතීතයට ඇදී ගියා. තැන්ක් යූ වේවා!!!

    කතන්දරකාරයා

    ReplyDelete
  28. හපොයි මම මේක දැක්කේ දැන්නේ. මගෙනුත් සුභ පැතුම්. අපිත් එනව පැටියව බලන්න. අපිටත් කියන්න. මම පොල්ගස්ඕවිට. වැඩිය දුරත් නෑනෙ :D

    ReplyDelete
  29. ෂහ් මරු, හදපිරි උණුසුම් සුබ පැතුම්. අද තමයි ඉස් ඉස්සෙල්ලාම මේ පැත්තට ගොඩවැදුනෙ.
    මාත් දැන් බාප්ප කෙනෙක්. අපේ පොඩි මෑනුත් ඉපදෙන්න සතියකට කලින් නංගි බබෙක්. හැබැයි ඉපදෙද්දි මල්ලි බබෙක්...

    ReplyDelete
  30. @කතන්දර,
    ස්තුතියි මචං

    @තරිඳු,
    ළඟ පාතමනේ ඉන්නේ... එල එල..

    @මදුරංග,
    දුවෙක් නම් පුතෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩිලූ....
    ස්කෑන් එකෙන් හරියතම කියන්න පුලුවන් පුතෙල්නම් තමාලූ...

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!