මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..
සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...
කලේ පැන් ඇත නැවුම් රහ නැත...
පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්...///
- සුනිල් එදිරිසිංහ -
හිමිදිරි පාන්දර ඔරලෝසුව මොර දෙන්නට විය. වෙනදා මා කූද්දන්නේ මගේ ආදරණීය බිරින්දෑය. අද මම නිදි යහනේන් අවදි කරන්නට ඇය නොමැත. වැතිරගත් වනම සිටි මා ඔරලෝසුව දෙස කෝපයෙන් බලා
"අනේ අනේ උඹත් අද මට ඔච්චම් කරනවා නේද්" දැයි කියමින් එය පසෙකට විසි කරන්නේය. වෙනදා පාන්දර මා අවධිවන්නේ ඇයෙගේ ආදර වදන් වලින්ය.
"ආ... නැගිටින්න... දැන් හොඳටම එළිය වැටිලා... හම්... හම්... හනේ හනේ... තාම පොරවාගෙන නේද?..."
තවත් පොඩි වෙලාවක් කම්මැලිකමට එහාට මෙහාට පෙරලෙන මා ඇයවද අතින් අල්ලා නිදියහනට ඇදගන්නේ මගේ හිතේ පාන්දරම අවධිවන ආදර හැඟීමටය. එය නොවලක්වන ඇයද මොහොතකට මා සමග නිදියහනට ගොඩවන මොහොතින් බොරු තරහක් මවාගෙන මෙසේ කියන්නීය.
"මෙන්න වැඩක්... අද වැඩට යන්නේ නැද්ද? හපෝ තියෙන කම්මැළිකමක්... මං යනවා කුස්සියට"
මෙසේ කියමින් ඇය කුස්සියට වන්නේ මා වෙනුවෙන්ම සාදන උදෑසන කිරි කෝප්පය පිළියෙල කිරීමටය. මෙවැනි නොයෙකුත් චාටුබස්ද, ආදරබස්ද මා නිදියහනෙන් නැගිට්ටුවීමට තරම් වන්නේය. හනික නැගිටින මා මීළඟට සොයන්නේ ඇගේ ආදරය පිරුණු කිරි කෝප්පයයි. එයට ලොල් බැඳි මා හනිකට නිදියහනෙන් පැන කුස්සියට වැද ඉඟිමරමින් එහි රස බලන්නේ ඉමහත් ආදරයෙනි. මෙවන් පිරුණු ඇරඹුමක් මා හට ලබා දිය හැක්කේ මගේ බිඳෑට පමණමය.
නමුත් අද ඒ කිසිවක් නැත. මා තනිවමය.
හිරු උදාවට දොස් පවරමින් අදිමදි කරමින් මා නිදියහනෙන් නැගිට හිමිහිට කුස්සිය දෙසට ඇදෙන්නේ කිරි කෝප්පයක් පිළියෙල කිරීමට සිතාගෙනය. පළමුව වතුර උගුරක රහ බැලිය යුතුයැයි සිතා කලයෙන් වතුර කෝප්පයක් නවා බීමට කටට ගත්තද එහි රසය නැති වී ගොසින්ය. වෙනදා මේ වතුර කෝප්පය දෙන්නේ මගේ බිරිඳය. අද මොනවා වෙලාද මන්දාය...
වතුරේ නැවුම් රසය අඩු වෙලාය. බීමට තරම් නොවේය.
කුස්සියේ තියෙන දෙයක් උයාගෙන බඩ පුරවාගෙන රැකියාවට යා යුතුව ඇත්තේය. එහෙයින් හාල් හුන්ඩුවක් ගෙන සෝදා ගරා ලිපේ තබන්නේ සම්බෝලයක් සදා ගැනීමට සැරසෙන අතරතුරේය. අනේ අද ලිපට මොනවා වෙලාද මන්දාය. ලිපේ ගින්දර ඇවිල්ලේ නැත්තේය. අමාරුවෙන් අවුලාගත් ලිපේ තියෙන හාල් ටික වෙලාවකින් රොස් වෙන්නේය. බත පිච්චෙන ගඳ අතරින් කෙසේ හෝ ගින්දර අඩු කරමින් මුට්ටිය බිමට බාගෙන පිඟානකට බෙදා ගන්නේ සාදාගත් සම්බෝලයත් සමහ රස බැලීමටය.
අහෝ... වෙනදා මගේ බිරිඳ සාදන සම්බෝලය කොපමණ මිහිරිද? මා කන්නට ගත් බත් පතේ කිසිදු රසක් නැත්තේය. සම්බෝලයේ මිරිස් වැඩිද මන්දාය. නැත්නම් මගේ දිවට මොනවා හරි වෙලාද මන්දාය.
රැකියාවට ගොස් ආපසු ගෙදරට එන වෙනදා නිවසට ගොඩ වූ සැනෙන් පිරිසිදු වතුර වීදුරුවක් මගේ දිව පිනවන්නේය.
"කෝ දෙන්න.... හරිම මහන්සි පාටයි..."
කියමින් අතේ ඇති බඩු සියල්ල ගෙන නොයෙකුත් කෝලකම් කරමින් ගෙතුලට මා ගෙනයන්නීය. නිවසට වන් මා හට නිවස පුරා ඇති පිරුණු බවින් මගේ වෙහෙස දුරු වන්නේය.
ඒත් අද ඇය නැත. වෙනදා මාගේ දෙසවන් පිනවන කෝල වදන් අද නැත්තේය. සිනහ බව නැත්තේය. මගේ සවන් බිහිරි වී ඇති සැටියක්ය. කිසිවක් අසෙන්නේ නැත්තේය. ගහක කොලයක වැදෙනා සිහිල් පවන් රැල් අද නොමැත්තේය.
පුරුදු නිවහනත් මට අද නුපුරුදු වී ඇත්තේය. පාළුව සෑමතැනම ගැවස ගෙනය.
අද මගේ බිරිඳ මා ලඟ නොමැත. ඇය ගමේ ගොසින්ය. ඇය නෑ ගම් ගොසින්ය.
පිංතූරය
අයියා මේවා කියවද්දි මාර අදහස් හිතට එනවා.මටනම් බඳින්න තව ගොඩක් කල් තියෙනවා,එත් මගේ රත්තරං එක්ක ඔහොම ඉන්න මමත් ගොඩාක් හීන දකිනවා.ඒ හීන සැබෑ වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා.
ReplyDeleteනියමයි සහෝදරයා! ඔබ මේ ගීතය හා සහෘද වූ හැටි මනාවට විස්තර කරල තියෙනවා. දිගටම ලියන්න. සුබ පැතුම්!
ReplyDeleteමටත් ඔහොම සිහින මවපු කාලයක් තිබ්බා... :(
ReplyDeleteමොනව උනත් ගමේ ගිහිල්ල හින්ද ඉතින් අවුලක් නැහැනෙ. ආයෙ එනවනෙ... :)
හම්මෝ මම බයවුන තරමක්...ඔන්න මී මැස්සි ගියේ නැගම්ම නේද..?නැත්තන් දෙන්නත් එක්ක ඇරගෙන නෙමේනේ...මොකද මේ කම්මැලියා එක්ක ඉන්න බැහැ කියලා...මල පැනලා ගියාද දන්නැහැ..? හරි හරි කමක් නැහැ ආපු ගමන් කියන් ඔනේ අපිට ලිදේ අවුල..ලිපේ අවුල..දිවේ අවුල හරි කියලා..නැත්තන් ඉතින් කන්න වෙන්නේ දිගටම රොස් වෙච්ච බත් තමයි...
ReplyDeleteමේක කියෙව්වම.. අවුරුදු දෙක තුනක අනාගතයක් ගැන සිහිනයක් මැවුන..නියමෙට ලියල තියනව..
ReplyDeleteමම ආස සින්දුවක්..
ReplyDeleteලස්සනට ලියලාතියෙනව..බිගුවා පව් ;-/
බැඳපු හැමොටම .. හැමදාම ලැබෙන නමුත් විදින්න අමතක වෙන සුන්දරම අවස්ථාවක් තමයි ඔයා මුලින්ම විස්තර කළෙ.
ReplyDeleteදැන් ලගයි හිරු නැගෙන්න.. තව වරක් මා සිඹින්න..
මට ආදරෙ ඇයි එක වරක් වත් කියන්න...
මචන් මම ආසම කරන සිංදුව.මටත් ඕක මාරම සමීපයි.ගෑනි ගෙදර නැත්නම් ෆුල් empty .මාරයි නේද මචන්......
ReplyDeleteහෆ්ෆා බිගුවාට මාර අප්සට් එක වගේ .......!!
ReplyDelete@ගලා මල්ලී,
ReplyDeleteබඳින්න ඕනෙම නෑ ජීවිතේ වින්දනය ලබන්න.... මම කියන දේ වැරදි විදියට ගන්න එපා.
අපි ආදරය කරන්න ගත්ත වෙලාවේ ඉඳලාම ඒක විඳින්න ගන්න. ආදරයට මැරෙන්න ආදරය කරන්න. අපිට කවුරු අහිමි උනත් (එහෙම වෙන්න එපා ) ආදරය අහිමි වෙන්නෙ නෑ කවදාවත්ම.... ආදරය ආදරය දාලා යන්නේ නෑ කවදාවත්ම...
@මිගාර,
බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා ගියාට. :)
@ඉන්දික්,
ඔව් ඔව්... එයා ඉක්මනටම එයි. එයාටත් මාව නැතුව බෑනේ....
ඒත් මන් අහන්න හිටියේ "සිහින මවපු කාලයක් තිබ්බා" කිව්වේ මොකෝ... ???
@සසික,
බය වෙන්න එපා, මම රැජින ආව ගමන් කියන්නම්කෝ....
@ධනංජය,
බය වෙන්න එපා. ඔයාහේ සිහිනය එලෙසම ඉටුවේවි. එකම දේ ආදරට ආදරය කරන එක විතරයි.... :)
@එල්.ජී.
මාත් හරිම ආසා සින්දුවක් මේක... :)
@රවා,
ඔයානම් හැමදාම මේ පැත්තේ එනවනේ...
ඔයා ලියලා තියෙන සිංදුවත් හරිම ලස්සන එකක්...
@චින්තක, @දීමන්ත
අනේ ඔව් මචංලා,
නිකන් සොහොනක් වගේ... පට්ට පාළුයි.
මොනා කරන්නද?
/බිඟුවා...!
ඔන් මාත් කිෙයව්වා. මට හිතුන දෙයක් ලියලා තියන හින්ද අයිත් මම ඒක රපිට් කලෙ නැහැ....
ReplyDeleteආ ... මේ රැජින නෑ ගම් ගිහින්නෙ, බිඟුව පව් තනියම.
ReplyDelete@වැප්,
ReplyDeleteමං ඒත් බැලුවා කෝ මේ වැපා කියලා....
එල එල. උඹ කලිනුත් ඕක කියලා තියෙනවානේ (හිතුනු දේ කවුරුහරි ලියලානම් ආයේ ලියන්නෙන නෑ කියලා )
@සාරන්ග,
ඇත්තටම නෑගම්ම නෙමෙයි. දන්නවනේ රැජිණට පැටියෙක් හදන්නනේ ඉන්නේ..
ඉතින් අම්මා ළඟ ඉන්න ආසා හිතිලා ගිහිල්ලා....
/බිඟුවා...!
අනේ දුකේ බෑ බං උඹ ගැන . . .
ReplyDeleteඅපොයි මේක කියෙව්වම දැන්ම බඳින්න හිතෙනවා.
ReplyDeleteහෆ්ෆා, මුලින්ම කියවනකොට මට හිතුනේ "මෙයාටත් තට්ටු වෙලා වගේ කියලා" . බැලුවම එහෙම නෑනේ ! :D
ReplyDelete@තරිඳු,
ReplyDeleteහා.. හා.. බලාගෙන....
බදින්න ඕන කෙනා එනකන් ඉවසන්න ඔනෑ,
හදිස්සි වෙන්න එපා...
@ඉෂාන්,
ඕකනේ කියන්නේ...
උඹත් බලාන ඉන්නේ අපිට කෙල වෙනකන් තමා (හික්ස්.... )
/බිඟුවා...!