May 20, 2010

අපේ පුතා මෙළොව එළිය දකී






අපේ පුතා මෙළොව එළිය දකී
දිනය: 2010-05-17

මේ ඉන්නේ අපේ පුතා. වැඩිය මුකුත් ලියන්න නම් බෑ. 
දැන් තියෙන්නේ පුතාට නමක් හොයන එකයි. ඔන්න සයිබරේ ඉන්න නැන්දලාට, මාමාලාට, අයියලාට, අක්කලාට, ආච්චිලාට, සීයලාට මෙකී නොකී සියළුදෙනාට පොඩි නෙමෙයි ලොකු වැඩක් තියෙනවා. 

මෙන්න අකුරු
ස ර ල ව ශ ෂ හ ළ
කු ස ග ජ
අඃ අං


කෝ බලන්න කස්ටිය පුතාට නමක් කියන්න දැන්....

123 comments:

  1. හදපිරි සුභ පැතුම් මචං . . . !!

    ReplyDelete
  2. නම් දාන්න නම් මට බැහැ බන්.. මම දාන නම් අහුබුදුත් අවුල් වෙන ඒවා.

    කොහොම වුනත් පුතණ්ඩියා චණ්ඩි පාටයි. උඹටත් වැඩිය ලොකු වැඩක් කරන්න ශක්තිය පුතාට ලැබෙන්න ඕනෙ.

    /ඇනොනිමසා...!

    ReplyDelete
  3. අපේ සුබපැතුම් බිඟු.

    එක පාර හිතට ආපු නම වස්සාන...!

    ReplyDelete
  4. අකුරු දිහා බලා ඉඳලා හිතුණ නම්:
    කුසල්
    සරල
    ලහිරු
    හසංග
    ශසික

    අනෙක් අයටත් වාරයක් දෙන්න එපැයි.

    ReplyDelete
  5. One simple thing to say ! Congrats.

    ReplyDelete
  6. තුණුරුවන්ගේ සරණත් සියලු දෙවි ‍රැකවරනත් ලැබේවා...
    මවත් දරුවාත් සණීපයෙන් සිටීම තරම් අලුත් තාත්තා කෙනෙකුට සතු‍ටු විය හැකි කාරණයක් තවත් නැහැ...

    පෙම්බර මා පුතණුවනේ...
    නුඹ සිටි සුර ලොව කොතැනේ...
    හෙල දෙරණට පුතු ආවේ...
    පෙර මහ පින් කල බැවිනේ...

    බාලොලි ලොලි බිලිඳු පුතේ...
    බාසුරු වන් බුහුටි පුතේ...
    පායන හිරු සදිසි පුතේ...
    රට බාරයි නුඹට පුතේ...

    ReplyDelete
  7. පින්බර මාසේ පින්බර බිඟු කුමාරයට තෙරුවන් සරණ පතනව!!!!
    බිඟු රැජිනටත් හැමෝටමත් තෙරුවණ් සරණයි!!!!!

    නමක් නම් මතකෙට එන්නැහැ අයියේ..........

    ReplyDelete
  8. Ape unusum suba pathum aiya..
    we are soooo happy about ur new family
    (baba rajina wage neda...:):))

    udeshi&isanka

    ReplyDelete
  9. ඔන්න අලුත උපන් පැටියට මගෙනුත් සුභ පැතුම් :D !!!!!

    ReplyDelete
  10. පුත් කුමරුවාටත් මව් රැජනටත් පිය රජුටත් අපෙන් සුභ පැතුම්. අම්මාත් බාබාත් සුවෙන් ඇතැයි සිතමි. සුවයම ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  11. @ Loku :
    "ලහිරු" හෙ හෙ මහෙත් තිබ්බෙ ඔය අකුරුමයි ආ න,ම තිබ්බා

    ReplyDelete
  12. සුභ පැතුම් හරිම අගෙයි පොඩ්ඩා

    සංසිරිදු
    සහන්
    කුසල්

    ReplyDelete
  13. සුබම සුබ පැතුම්!

    බබා දැක්ක ගමන් මුලින්ම කල්පනා වුනේ "සත්‍යජී" කියන
    නම.ඒක හොඳද බලන්නකෝ.

    ReplyDelete
  14. සතුටුයි ..මචං ... ගොඩක්.
    පැටියයි, බ්ඟු රැජිණයි හොඳ සනීපෙන් නේද.
    මම හිතනවා උඹ වගේම , පැටියෙක් , රැජිණ උඹට තෑගි දෙන්න ඇති කියලා.
    හුරතල් ලස්සන පැටියෙක්....
    බලපං..කට ඇරගෙන බලන් ඉන්න අහිංසක කම.

    රටට දැයට වැඩදායි...ගුණයහපත්..‍ධෛර්යය වන්ත..ණැනවත්..කඩවසම්..ආදරණීය හදවතක් තියෙන......පුතෙක් වෙන්න.... බිඟු පැවියට, හා හා පුරා කියලා මම ආශිර්වාද කරනවා...මුලු හදවතින්ම මගේ.

    තාම හොඳ නමක් හිතට ආවේ නෑ.
    අනික ආවට ගියාට හදන්නත් බෑ...නේ.
    දෙන්නං කෝ - නිල් අහස - අංකල්ගෙන් , පුතාට ලස්සන නම් ට්කක් පස්සේ.

    උණුසුම් සුභ පැතුම්...මචං...උඹට.
    පැටියටයි, රැජිණටයි තෙරුවන් සරණයි. දළදා සම්ඳු පිහිටයි.
    රැජිණටත් සුභ පැතුවා කියන්න අමතක කරන්න එපා.
    එයාවත්, පැවියත් හොදින් බලා ගන්න....බිඟු.

    ReplyDelete
  15. මගෙන් සුබ පැතුම් බිගුවො....

    පැටියටයි රැජිනටයි තෙරුවන් සරණයි !
    අපි ඉතින් හොයමු නේද නමක්....බයවෙන්න එපා ලස්සන නම් ටිකක් හොයාගමු

    ReplyDelete
  16. Zසෝරෝ කියල දාමු...එතකොට ලන්කාවෙ නමක් නෙමෙ නිසා ලන්කාව පිටරටට තියෙන ණය කුට්ටියෙන් ඔය පුතා නිදහස්....

    ReplyDelete
  17. මොනවද කතා බිඟු.. සංතොශෙ බැහැ.. හිපො කලින් කියලා තිබුනා ලාවට දැක්කා. එ ත් නිල ආරංචිය දැනුයි දැක්කෙ.. මගෙ මුලු හදවතින්ම පිරිනමන සුභපැතුම මෙ වෙලාවෙ පිරිනමනවා. තාත්තයි අම්මායි දරුවටයි සතුට සැනසුමෙන් පිරි දිවියකට මෙන්න මගෙන් ආසිරි පැතුම්. සන්තොශයි අයියා..

    ReplyDelete
  18. හානේ ෂෝක් බිඟු පැංචෙක්!! සුභ පැතුම්!

    ReplyDelete
  19. මෙතන කවුරුත් මල්ලිලා නැද්ද?

    ReplyDelete
  20. ගොඩාක් සතුටුයි අයියේ,මගෙන් සුභ පැතුම්, බිඟු පවුලටම තෙරුවන් සරණයි, නමක් කියන්නද?
    සජිත්

    ReplyDelete
  21. සුභ පැතුම් බිඟුවෝ

    ReplyDelete
  22. උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  23. උණුසුම් සුබ පැතුම් මගෙනුත්! :)

    ReplyDelete
  24. සුභ පැතුම්! මෙතැන වැදගත්ම කාරණාව මේ ලාංකීය බ්ලොගවකාශය තුළ උපන් පළමු ළදරුවා වීම. ඔහු උපත ලබන තුරු ගමන මංගතව (online) නිරීක්ෂණය කළ පිරිස විශාලයි. එනයින්ම ඔහු "මංගත" යන නමට සුදුසුකම් ලබනවා! :-)

    ReplyDelete
  25. සුබපැතු සොයුර ! අම්මටත් පුතුටත් තෙරුවන් සරණයි.

    * සදීප
    * සමින්ද
    * සහන්

    ReplyDelete
  26. [කොල්ලාටයි, අම්මාටයි අප්පාටයි සුබ පැතුම්]

    වජ්‍රපානි(ඉන්ද්‍ර, බුදුන්ගේ ආරක්ෂක-මහායාන බෝධිසත්ත්වයෙක්- දියමන්තියක්(වජ්‍රයක්)අතේ ඇති (පානි ),කෙටි කළ විට වජිර නැත්නම් පානි -. කැමති නම් දාපන්. [නමේ වැදගත්ම දේ පෞරුෂයක් තිබිම , අනිත් අයට පහසුවෙන් ඇහෙන්නත් ඕන. පවුලේ වාසගම හා රිද්මයක් තියෙන්නත් උවමනයි. අහුබුදුගෙ බොරු සමාස නම් වලට අහු වෙන්න එපා.]

    කාමරේ රෑට ලයිට් නිමලා දාන්න, ඕනේම නම් ඇඳට (තොටිල්ලට ) පහතින් එළිය ඉතා අඩු ලයිට් එකක් දාන්න. මාස 6ක් අඳුරේ හිටපු නිසා එළිය කරදරයි. ඔන්න ලයිට් දාලා මේකා නිදා ගන්නේ නෑ කියලා කොල්ලට බැනලා අහුවෙනවා නෙමෙයි.

    ReplyDelete
  27. ෴ ප්‍රංචි බිඟු පැටියට මගෙනුත් සුබ පැතුම් ෴
    "බ" තිබ්බ නම් බිඟු කියන නම ලස්සනයි෴

    ReplyDelete
  28. "මංගතව" haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  29. මගෙන් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  30. සුබම සුබම සුබම සුබ පැතුම් බිඟුවා සහෝ..

    මටත් අකුරු දැක්ක ගමන්ම මතක් වුන නම "සරල"

    ReplyDelete
  31. බිඟු, උණුසුම් සුබ පැතුම්..

    ReplyDelete
  32. magenuth unusum subha pathum...!!!

    ReplyDelete
  33. බිඟු පුතුට සුබ පතමි.

    නම් දාන්න නම් නොදනිමි.

    ඔබ තිදෙනාටම බුදු සරණයි !!!

    ReplyDelete
  34. මංගතව .... ? මාර නමක් නේ. ටැබ් ... අහුබුදු ගේ රාජකාරිය ගන්න පුළුවන් වෙයි ඔයාට

    ReplyDelete
  35. බිඟු අයියා මෙච්චර දවසක් බලන් හිටිය ඒ ලස්සනම දවස ආවා නේද... සුභ පැතුම් අයියේ....

    පොඩ්ඩ සනීපෙන් ඉන්නව නේද හා..

    පොඩි පැටියටත්, රැජිනටත් තුරුණුවන්ගෙ සරණත් සියළු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    නමක් දාන්න තරම් මම දක්ෂයෙක් නෙවෙයි අයියේ.. ඒත් ලස්සන නමක් දාන්න..

    -සෝරෝ

    ReplyDelete
  36. උනුසුම් සුබපැතුම්.......වාසනාවන්ත අනාගතයකට.....

    ReplyDelete
  37. http://babynames.lk/ mekata gihin namk gaththanam hari......mage hithe....ganapihitawannath onea therumak thiyennath onne...

    ReplyDelete
  38. ගොඩාක් සතුටුයි මගෙන් සුභ පැතුම්...!!!!
    බිඟු පවුලටම තෙරුවන් සරණයි...!!!
    හශිත අයියා කියපුදේ හරි..එලියක් නොදල්වා තියන්න රෑට නැත්තන් ඇත්තටම අඬයි නිදා ගන්නේ නැතුව.

    ReplyDelete
  39. සුබපැතුම් ඔන්න මගේන

    ReplyDelete
  40. සුභ පැතුම්!

    ReplyDelete
  41. මගෙනුත් උණුසුම් සුබ පැතුම්...!!

    ReplyDelete
  42. සුබ පැතුම්
    බිඟු . බ්ඟු රැජීණ හා බිඟු පුතුට තේරුවණ් සරණයි

    ReplyDelete
  43. වාව්..අන්තිමේ ඔන්න මෙච්චර කල් බලා හිටිය දේ ඉටු උනා...මගෙන් උණුසුම් උණුසුම් සුභ පැතුම් බිංඟුවෝ...

    ReplyDelete
  44. මේක නිකන් සංකරණ සංයෝජන සීන් එකක් නේ... මම ඔන්න දෙකක් දැම්මා විය හැකි බොහෝ ආකාර සලකලා බලලා...

    හසල
    වශිර

    ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් .. සිංහලෙන්ම කිවුවොත් "වෙල් ඩන්".. සුබ පැතුම්....

    ReplyDelete
  45. සුබ පැතුම් !!

    සමත්
    රවිදු
    ලසිත්

    @වැම්පයර් : වශීර කියන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
  46. පුංචිම පුංචි බිඟු මල්ලියාට උන්නැහේ අය්යාගෙන් සුබ පැතුම්...!
    තෙරුවන් සරණයි.
    පුංචි පවුලටම ජය වේවා.

    ReplyDelete
  47. උණුසුම් සුබ පැතුම් !
    පුංචි මල්ලියාටයි, අම්මටයි, තාත්තටයි තෙරුවන් සරණයි !

    ReplyDelete
  48. සහස්
    සෙව්හස්
    සංකල්ප
    සනූජ
    සදමිණ
    සදහම්
    සව්ම්‍ය

    ReplyDelete
  49. @හෂිත,

    /වජ්‍රපානි(ඉන්ද්‍ර, බුදුන්ගේ ආරක්ෂක-මහායාන බෝධිසත්ත්වයෙක්- දියමන්තියක්(වජ්‍රයක්)අතේ ඇති (පානි ),කෙටි කළ විට වජිර නැත්නම් පානි -. කැමති නම් දාපන්./

    ථෙරවාදයෙහි 'ශක්‍රයා' හෙවත් සක් දෙවිඳු ලෙස හැඳින්වෙන්නේද මහායානයෙහි 'වජ්‍රපානි' සේ නම් කෙරෙන බෝධිසත්තයින්මය. මතක හැටියට ගෞතමයින් සමඟ වාදයට ආ සච්චක බමුණා දෙස ඔරවා බැලුවේ ඔහුය.

    @බිඟුවා,

    බෝධිසත්තයින්ගේ නම් අවශ්‍ය නම් කියන්න. විස්තර සමඟ සැපයිය හැකිය. :-)

    - Taboo

    ReplyDelete
  50. සවන්
    හර්ෂ
    ශමින්ද්‍ර
    දැන් මතක් වෙන්න්නෑ අප්පා...මතක් වෙන වෙන වෙලාවට දාන්නම්....අනේ බිඟු අයියේ සුදු බෝලයක් වගේ...එයාට නිදුක් නීරෝගි වසනාවන්ත ආනගතයක් පතනවා...නම දාපුවම අපිටත් කියන්න...මුලු පව්ලටම බුදු සරණයි...!!!

    ReplyDelete
  51. මගේ උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  52. සමීන්ද්‍ර
    ස්වර
    රෂ්මික
    සරල
    ලයාන්
    හංසක
    හසලක

    ReplyDelete
  53. බිඟුවටයි රැජිනටයි දෙන්නටම උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  54. ෂේනුක
    හසංක
    සමෝද්‍ය
    විහඟ

    ReplyDelete
  55. මගෙනුත් උණුසුම් සුභ පැතුම් බිඟු අයියේ....
    තුන්දෙනාටම තුරුණුවන්ගේම සරණයි...!!!

    නමට දාන්නකෝ මගේ නම....නරකද "හසිත-(තොල අග රැදි සිනහව)"

    ReplyDelete
  56. අපෙන් සුබ පතුම් අයියේ!!!!! නමක් කියන්නම්! Ryan.

    ReplyDelete
  57. විශ්වයේ මේ පෘතුවියට එකතු වන බිඟු පැටියා සාදරයෙන් පිළිගනිමු! ලෝකයේ සිංහල කියවන ජනයාගේ සුබ පැතුම් ලබා උපන් ඔබට ජය,සතුට, සම්පත හා නිරෝගී බව පිරුණු අනාගතයකට ප්‍රාර්ථනා!

    ReplyDelete
  58. මගේ සුබ පැතුම්..!
    සුවින් = රත්තරන්
    රටට,දැයට,මවට,පියාට රත්තරන් මෙන් වටින පුතෙක් වෙන්න...!

    ReplyDelete
  59. අහ් අළුත් නම් ටිකක් හම්බවුණා...බලන්න හොදද කියල....

    සංහිත
    විස්වදිනු
    සුවික්
    සංසුක
    විංසද
    සස්රූත
    රනුග

    ReplyDelete
  60. yako muuta tiyena dimand eka. pattamanea. mama nam dannanam danne nee.

    congrats brovo. hasine nam tikath honday wage

    ReplyDelete
  61. බිඟු අයියාටත් බිඟු අක්කාටත් බිඟු පැටියාත් තුණුරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් යහපතක්ම වේවා....... නමක් දාන්න නම් දන්නේ නැහැ අයියේ. මේ තියෙන නම් වලින් දැන් පොතක් ගහන්න පුළුවන් නේ :)

    ReplyDelete
  62. බිඟුවටයි, බිඟු රැජිනටයි, බිඟු පැටියටයි මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!!

    ReplyDelete
  63. congrats machan. wish you all the best machan.

    ReplyDelete
  64. ඔන්න මගෙනුත් සුබපැතුම් බිඟුවාට.
    බිඟු බබාට නම් දෙන්න නම් මම කැමති නෑ. මම බබාට නම් හොයපු හැටි දන්නවා ඇතිනේ!

    බබාට නමක්

    ReplyDelete
  65. ඔන්න මගෙනුත් සුබපැතුම් බිඟුවාට.
    බිඟු බබාට නම් දෙන්න නම් මම කැමති නෑ. මම බබාට නම් හොයපු හැටි දන්නවා ඇතිනේ!

    බබාට නමක්

    ReplyDelete
  66. hey ayya, oya nam mawa danneth nathuwa athi. namuth me muthu akkage blog eken dekke. harima pinvantha daruwek. oya puthata nirogiwa satutin lassana jiwithayak lebenna oni kiyala mama pathanawa.

    namak - VanGiisha

    eka rahatan wahanse kenekge namak . :) samukta nikaye, vangisa sanuktaya balanna :)) kavi walata upan hapan kamak ati uttamayek .

    ReplyDelete
  67. නිනුක
    දිනුග
    විදු
    යුසත්
    වෙතුම්
    දිසර
    ලතිල
    විදුල
    සෙතුන්
    කෙමිත
    හිරුත්
    සෙතුක

    ReplyDelete
  68. සුබ පැතුම් බිඟුවෝ

    ReplyDelete
  69. ආනේ ෂෝයි මල්ලි බබෙක්. එයා ටිකක් විතර ලොකු වුනාම මම එන්නම්කො එයත් එක්ක සෙල්ලම් කරන්න.

    ReplyDelete
  70. @ටැබූ:
    ඔයා හරි ශක්‍රයා තමා පුරන්දරයන්ගෙ ඉන්ද්‍ර. මහායාන බෝධිසත්ත්ව නම් ඉතා ලස්සනයි. බීඟු ඒ ගැන සළකා බලන්න.

    බොරු සමාස නම් වලින් ගැලවෙන්න.

    ReplyDelete
  71. මම ගොඩාක් පරක්කුයි වගේ. ඉඟියක් දැක්කේ හිපෝ නැන්දගෙන්. ඊට පස්සේ තමයි මේල් එක දැම්මේ. මගෙනුත් පුංචි බිඟු පවුලටම සුභම සුභ පැතුම් පිළිගන්න.
    තාම පුංචි බිඟුවට නමක් නෑ කිවුවනේ ඔන්න මාත් නම් ටිකක් යෝජනා කරනවා. "දන්නෝ දනිති අග කෑල්ලෙ කතන්දරේ"

    සසිනිඳු අනුරුද්ධ ;)

    රන්දිනු "/ රනේෂ් " / රසාර "
    ලංකේෂ "
    වගීෂ් "
    ශෂී "
    ෂමිල "
    හසින්ත " / හසිත "
    ළහිරු "
    කුසල් "
    ස " (ආයිම ස අකුරක් දීල)
    ගයාන් " / ගජබා "
    ජනක "

    අඃකිත "
    අංජන "

    " මේක අනුරුද්ධ කෑල්ල වෙනුවට ලිවුවේ. ඔන්න දීපු අකුරු සේරම වලින් එක ගානේ ලිවුවා.

    ReplyDelete
  72. සත්සර විකුම්
    කිවිඳු ෂකිර
    ශාහත් සේහස්න

    දැනට නම් අවේ මේ නම් ටික විතරය් .... කොම උනත් ඔයාට යි ,
    අලුත් පැටිය ටයි අම්මටයි ..... සුබ පැතුම්

    ReplyDelete
  73. හප්පචිචි‍යේ......බිගු රැජින පැටවු දාලනෙ...හරිම හුරතල් කොලු පොඩ්ඩෙක් නේද? පොඩි එකාගෙ කුරුල්ලනම් පේන්න නෑ...ඔන්න දැන් බිගුව තාත්ත කෙනෙක් හොදද? පොඩි පැටියටයි පවුලටමයි බුදුසරණයි!

    ReplyDelete
  74. බිඟු අයියාටත්,අයියාගේ අක්කාටත් චූටි පුතාටත් තෙරුවන් සරණයි.

    සත්නෙත්
    රන්සිත්
    ලතෙත්
    ගගන

    ReplyDelete
  75. කවුද ඔය අතුරු දුන්නේ? කොහොමද අර අඃ, අං අකුරු දෙකෙන් නම් තියන්නේ?

    මගේ සුභ පැතුම්.

    රෂ්මි හරි රෂ්මන්ත හරි රසන්ත හරි කියල නම දාන්න

    කතන්දරකාරයා

    ReplyDelete
  76. ශා.... සුබ පැතුම් අයියෙ. බබයි අම්මයි සනීපෙන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.ඔයාල තුන්දෙනාට හැම සතුටක්ම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මම.

    ReplyDelete
  77. මගේ උණුසුම් සුබ පැතුම්..අම්මටයි බබාටයි ත්‍රිවිද රත්නයේ පිහිටයි

    ReplyDelete
  78. සුවහස් ජීවන්ත
    සිසුම් කුසල්ජිත්

    මට මතකයට ආවෙ මෙච්චරයි ප්‍රමාද වැඩි නොවුනොත් පස්සෙ තව ටිකක් දෙන්නම්

    සුබ පතනව බිඟු කැඳැල්ලටම... පොඩි එකාටත් අම්මටත් බිඟුවටත් තුණුරුවන් සරණයි

    නම් දැමිල්ල ගැන නම් එකම එක අවවාදයක් දෙන්නම් බිඟුවො උපරිම නම් දෙකකට වඩා දාන්න නම් එපා..... ලොකු වුනාම ළමයගෙන් බැනුම් අහන්න වෙනව ෂුවර්... රටින් පිට යන්න හෝ වෙන මොනම දේකට හරි ෆොර්ම් එකක් පුරවන්න ගියාම තමයි අම්මල තාත්තලා ආදරේට දාන නම් වල රඟේ තේරෙන්නෙ.....ෆොර්ම් වල ඉඩ මදි වාසගමයි නම් ටිකයි එද්දි.....

    ReplyDelete
  79. මගේ උණුසුම් සුභපැතුම්. තෙරුවණ් ස‍රණින් උතුම් දරුවකු වන්නට ලැබේවා!!! ලොවටම වැඩදායක දෙමාපියන්ට සලකන උතුම් දරුවකු වන්නට ලැබේවා!!!

    ReplyDelete
  80. අපේ උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
  81. සුබ පැතුම් මගෙනුත්...


    http://videshasewa.com/babynames/

    http://www.lankalinksystems.com/sri-lanka/sri-lankan/sri-lankan-names.htm

    http://www.sinhalasongs.info/songs/boy-names.aspx

    http://www.lanka.info/horescope/babyNamesExamples.html

    ReplyDelete
  82. ඔබ කුමන නමක් දැම්මත් "ස" යන්නෙන් පටන් ගන්න නමක් දමන්නේ නම් මැනවි.

    ReplyDelete
  83. මගෙනුත් උණුසුම් සුබ පැතුම්........

    ReplyDelete
  84. උඹ ලියද්දි අපි දැක්ක පැටියමයි බිඟු. ගොඩක් ලියන්න බෑ දැන් ඒ තරමට ‍හිතේ සතුට තෙරපෙනව. උඹව උඹේ බිඟු රැජිනව නොදැක්කට කතා නොකලට. උඹල දෙන්න අපේම උනා. දැං උඹලා තුන්දෙනාම අපේ. සංසාරේ කවද හරි අපි එකට ඉන්න ඇති. ඒක නිසා තමයි උඹ වගේ එකෙක් මෙහෙම හරි ඇසුරට ලැබුණෙ. රැජිනට උඹට උඹේ ජීවිතය උනු බිඟු පැටියට තෙරුවන් සරණයි.

    ReplyDelete
  85. අළුතින් කැඳැල්ලට
    එක්වූ පුංචි කුමරුට
    සුභ පැතුම් එක් කොට
    පතමි නිති යස ඉසුරු ලැබුමට

    ReplyDelete
  86. බිඟු පවුලට තෙරුවන් සරණයි!!!!

    ස යන්න තෝරන්න... සයනෙන් නම් පටන් ගන්න අය බොහෝ වෙලාවට මානව හිතවාදියෝ..

    ReplyDelete
  87. බිඟු පවුලටම සියලුදෙවි රැකවරණය නොඅඩුව ලැබේවා කියා පතමි....... චෝ චුයීට් බිඟු සහෝගේ බිඟු පැටියා........ ලස්සනේබෑ ආඩලේ හිතනවා නේ......... :D

    චූතිබබෝ මේක ඔයාට උම්මා........ :*

    ReplyDelete
  88. සෙනෙහස්
    සහේෂ්
    සුරන්
    සින්ධූප
    රශ්ම්ත
    රුවංක
    රෙසර
    විමංස
    වෛජන
    ලෝචන
    ශමල්ක
    ෂෙහංස
    හිරුක
    කුලරූ
    ගිම්සාර
    ජයඳු

    ඔන්න මචං..නම් ටිකක්..........

    ReplyDelete
  89. මිනි බිගු නදට මගේ සුභ පැතුම්...

    රදීෂ කියල නම දාන්න

    ReplyDelete
  90. සුබ පැතුම් බිඟු....

    ReplyDelete
  91. කොන්ග්‍රැට්ස් මහත්තයටයි, නෝනටයි, පොඩ් මහත්තයටයි....

    මම නම් යොජනා කරන්නෙ "චූටී මහත්තය" කියල. ඒ උනාට ඔයා කැමති නමක් දාන්න..

    ඇස් වහ ටිකක් මතුර ගන්න...

    ඕං ආයි නොකීවයි කියන්න එපා.

    ReplyDelete
  92. මගෙනුත් සුභපැතුම් !

    ReplyDelete
  93. මගේ සුභම සුභ පැතුම් සහෝදරය!

    ReplyDelete
  94. පුංචි හුරතල් බිඟු පැටියාටයි බිඟු අයියාගේ ආදරණිය බිඟු රැජිනටයි බිඟු අයියාටයි තෙරුවණ් සරණයි!!!
    අනේ ෂෝයි පැටියෙක්නේ..... හරිම ආසා හිතෙනවා.....

    රටට දැයට වැඩදායක අම්මාට තාත්තාට ආඩම්බර වෙන්න පුලුවන් විදියේ හොද පුතෙක් වෙන්න කියලා සමනලීත් සතුටින් සුබපතනවා.....

    ReplyDelete
  95. හද පිරි සුබ පැතුම් මචෝ. මට උඹේ සතුට හිතාගන්න පුළුවන් මොකද මම ඔතන පාස් කරල ආපු නිසා.
    අනේ ඉතින් මම උඹලට ගැලපෙන විදිහට නම් තියන්න දන්නෙ නැහැ. මගෙ එකාටත් තිබ්බේ ඉංගිරිසි නමක්, වෙලාව බලල නෙමෙයි කියාගන්න ලේසි නමක්.

    ReplyDelete
  96. බිඟු පවුලට තෙරුවන් සරණයි!!!!

    අනෙ මටනම් නම් දාන්න තෙරෙන්නෑ මගේ නමත් දාලා තියෙන්නෙ පිට කෙනෙක් නෙවැ :P

    මෙහෙම දෙයක් බ්ලොග් එකක පලවුන පලමු පාර නේද මෙක ?(වැරදීනම් නිවැරදි කරත්වා..!)

    හරිම සංතෝසයි...!ඕන්නම් මම එන්නම් පොඩි එකා එක්ක සෙල්ලම් කරන්න :D

    ReplyDelete
  97. හද පිරි සුභ පැතුම්..!!!

    ReplyDelete
  98. නිදුක් නිරෝගී අනාගතයකට මගෙනුත් සුභ පැතුම් !!!

    ReplyDelete
  99. සුබ පැතුම් බිඟු සහෝ

    නමක් දෙකක් ලියන්නං අහල තියෙන හින්දාම

    1) ලංකිත

    2) හසංග 3) හසළ 4) සවංග 5) හංස 6) කුසල් ( අකුරු සේරම ලිස්ට් එකෙන් )

    ReplyDelete
  100. මගෙනුත් සුභපැතුම් !
    "සදහම්" කියන නම ගැලපෙනවා හිතලා බලලා කැමතිනම් දාන්න!!

    ReplyDelete
  101. සුභ පැතුම් මචෝ.... :) නම් තියන්න නම් මම දන්නේ නෑ මචෝ... හැබැයි අර අහුබුදු තියෙන නම් තියලා නම් වැඩක් නෑ.... මෙලෝ රහක් නෑ ඒ නම්.....!! නමක් දාගෙන අපිටත් කියන්නකෝ... !! :)

    ReplyDelete
  102. සුබ පැතුම් මචන් . . අපේ බබා ලිපි පෙළ ඉදිරියටත් කියවන්න ලැබෙයි නේද ?

    ReplyDelete
  103. විදුනෙත
    විදුනෙත්

    ReplyDelete
  104. බුදු අම්මෝ...
    කස්ටියම නම් යෝජනා දාලා තියෙන්නේ...
    ගොඩාක් පිං.....

    ඔක්කොම කියෙව්වා...
    නියමයි.
    මේ නම් එකතු කරලා පොතක් ගනන්නත් පුළුවන් තමා...
    හික්ස්...
    හරිම ලස්සන අලුත් නම් තියෙන්නේ....

    දැන් තමා අමාරුම වැඩේ කරන්න තියෙන්නේ..
    මේ තියෙන නම් වලින් වඩාත් ගැලපෙන නම හොයා ගන්න එක....
    ම්..ම්..ම්...

    ඔයාලා අපිව මාර අමාරුවක තමා දැම්මේ...
    අර මැරතන් එකේ වතුර ගැහිල්ලට දෙවැනි නෑනේ මේක...
    හෆොයි.....

    ආ කියන්න අමතක උනානේ...
    තවත් අකුරු සෙට් එකක් දුන්නා...
    ඔය තියෙන්නේ දිනයට, නැකතට හා ලග්නයට අදාල අකුරු විතරයිනේ.

    නැකත කීවාම ඒකේත් තියෙනවා උප කොටස්.
    ජන්ම, සම්පත්, ක්ෂේම, සාධක, මිත්‍ර, පරම මිත්‍ර, විපත්, ප්‍රත්‍යධාරී, වධ කියන ඒවා.
    හෆොයි.
    ඒකට අලුතේන් අකුරු වගයක් දුන්නා අපේ වෙද මහත්තයා. ඒ අකුරු වලටත් ගැලපෙන්න ඔයාලා නම් දීලා තියෙන හින්දා වැඩේ ලේසියි....

    :D

    ReplyDelete
  105. මල් මාසෙ උපන් බිඟු පුතුට
    සියලුම දෙවි දේවතා රැකවරණය ප‍්‍රාර්ථනා කරනවා.. :)
    ඒ වගේම මව් පිය පදවියට අලුතින් නෑකම් කියන
    බිඟු යුවලටත් ඉත සිතින් සුබ ප‍්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
  106. තුන් දෙනාටම මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  107. Jayawewa Puthe.. Kalakarayaek Wenna Loku Wela...

    ReplyDelete
  108. තාත්තා වගේම මේ පුතංඩියත් හොඳ මනුස්සයෙක්+ උගතෙක්+ කලාකරුවෙක්+ බ්ලොග් ලියන්නෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  109. සුබ පැතුම් අයියේ...!
    සුබ අනාගතයක් පුතා...!!

    ReplyDelete
  110. පොඩි බබාටයි, අම්මටයි, තාත්තටයි උණුසුම් සුබ පැතුම්. මේ නම් දෙකත් බලන්නකො.

    ළහිරු
    කුසල්

    ReplyDelete
  111. සරලව0ශ :)

    ReplyDelete
  112. තුන් දෙනාටම මගෙත් සුබ පැතුම්
    මමත් එහෙනම් නමක් කිව්වා
    ශමීෂ

    ReplyDelete
  113. අදයි දැක්කෙ.සුභ පැතුම්

    ReplyDelete
  114. මමත් දැක්කෙ අදයි මගෙන් හදපිරි සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  115. අනේ සෑහෙන්න පරක්කු උනා. සමාවෙන්න ඕනා හොඳේ. රත්තරන් වගේ පුංචි පවුලට, හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  116. පොඩිඑකා ලොකුවුන කාලෙක තමන් ඉපදෙනවා දැකල ගොඩාක් සතුටුවෙයි...අපෙනුත් සුභපැතුමි!!!!!

    ReplyDelete
  117. ඔන්න පැටියට මගෙනුත් උණුසුම් සුභ පැතුම!!!

    ReplyDelete
  118. supba pathumm machoo
    sorry wenna onne parakku wunaata
    :P

    sara

    ReplyDelete
  119. එලම කිරි
    මගෙ හදපිරි සුබ පෑතුමන්

    ReplyDelete
  120. උණුසුම් සුබ පැතුම් :)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!