March 29, 2010

මෙන්න ජිල්මාට් එක - වමද දකුණද

දැක්කද ජිල්මාට් එක.
මේක ටිකක් තාර්කික වැඩක්. හැමෝටම තේරෙන එකක් නෑ.
කමක් නෑ. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා.
බැරිනම් ඒක අල්ලලා දාලා කලින් ලිපියට ගිහින් වමද දකුණද කියලා බලලා සතුටු වෙන්න.

මෙන්න මේකෙන් පුළුවන් ඔය කැරකෙන සප්‍රාණික පින්තූර(animated images) හැදිලා තියෙන්න මොනවා එකතු වෙලාද කියලා ඇතුල බලන්න.
http://www.evanolds.com/dl/GIFFrame.exe
පුංචි උනත් වැඩකාරයා...

අපේ අර පින්තූරය හැදිලා තිබුනේ පින්තූර 34 කින්.
මේ තියෙන්නේ ඒ පිංතූර 34 පිළිවෙලින්. (අපි ඒක 0 සිට 33 දක්වා කියලා නම් කරමු.)

0
Frame0 Frame1 Frame2 Frame3 Frame4 Frame5 Frame6 Frame7 Frame8 Frame9



10
Frame10 Frame11 Frame12 Frame13 Frame14 Frame15


16
Frame16


17
Frame17 Frame18 Frame19 Frame20 Frame21Frame22


22
Frame23


24
Frame24 Frame25 Frame26 Frame27


28
Frame28 Frame29 Frame30 Frame31


32
Frame32


33
Frame33




මේක ලෙහා ගන්න මෙන්න මේ විදියට කොටස් කරන්න පුළුවන්.

  • 0 සිට 9 දක්වා පිංතූර ටික
  • 10 සිට 15 දක්වා පිංතූර ටික
  • 16 පිංතූරය
  • 17 සිට 22 දක්වා පිංතූර ටික
  • 23 පිංතූරය 
  • 24 සිට 27 දක්වා පිංතූර ටික
  • 28 සිට 31 දක්වා පිංතූර ටික
  • 32 පිංතූරය 
  • 33 පිංතූරය 


හරි අපි දැන් බලමු කොහොමද ජිල්මාට් එක සිද්ධ වෙන්නේ කියලා


හිතාගන්න පුළුවන්ද කොහොමද මේක වෙන්නේ කියලා.
පොඩ්ඩක් පරිස්සමින් බලන්න දික් කරගෙන ඉන්න කකුලෙ හෙවනැල්ල දිහා...


හරි අපි පටන් ගනිමු අංක 10 ඉඳලා 15 දක්වා. ඔයාලට පේනවද දික් කරගෙන ඉන්න කකුලේ හෙවනැල්ල පටන් ගන්නවා.
මේ වෙලාවේ හෙවනැල්ල මෙහෙම වැටෙන්න ආලෝකය ඇයගේ පිටුපසින් හා ඇයගේ හිසට ආසන්නයෙන් ආ යුතුය.
හරි ඒක දැන් පැහැදිලියි නේද?

16 වැනි පිංතූරයේදී හරියටම ආලෝකය ඇගේ පිටු පසින් එන්නේ. ඒකයි හෙවනැල්ල හරියටම එක මත වැටෙන්නේ.
මෙන්න මේ අවස්ථාවේදී යම් කෙනෙකුට හිතන්න පුළුවන් මේ හෙවනැල්ල තියෙන්නේ පිටු පසට කියලාත්.
ඒ කියන්නේ ආලෝකය ඉස්සරහින් ආවහම වෙන දේ අනුව.

17 ඉඳලා 22 දක්වා පිංතූර ටිකත් දැන් පැහැදිළි ඇති ඔබට. ඒක 10 ඉඳලා 15 දක්වා පින්තූර වගේම අනිත් පැත්තට යන්න ගන්නවා.
වෙනස එච්චරයි.

23 පිංතූරයේදී ඇගේ කකුලේ හෙවනැල්ල උපරිම දිගක් ගන්නවා.
මෙන්න මෙතන ඉඳලා හොඳ පරිස්සමින් බලන්න ඕනෑ.
ඊළඟට තමා ජිල්මාට් එක සිද්ධ වෙන්නේ...

24 ඉඳලා 27 දක්වා පිංතූර ටිකේදී අර හෙවනැල්ල ටික ටික අඩු වෙනවා.
නමුත් හොඳට බලන්න ඒක වෙන්නේ කොහොමද කියලා.
ඔබ වඩාත් ඕනෑකමින් බැලුවොත් දැන් මෙය ඉන්නේ කකුල ඉස්සරහට දාගෙන කැරකෙන්නේ වාමාවර්ථව.

මෙපමණ වෙලාවක් දක්ෂිණාවර්ථව කැරකුනා. දැන් වාමාවර්ථව කැරකෙනවා.


28 ඉඳලා 31 දක්වා පිංතූර වල හෙවනැල්ල නෑ.
මේ වෙලාවට මෙයා කැරකැවෙන්නේ වාමාවර්ථව.

32 පින්තූරේදී ආයෙත් සමපාත වෙනවා.

33 පින්තූරෙදී එයා ඉන්නේ දක්ෂිනාවර්ථ කෝණයක.

0 ඉඳලා 9 දක්වා පිංතූර ටිකේදී ඉන්නේ දක්ෂිණාවර්ථ කෝණයක.


ඉතින් දැන් පැහැදිලිද අපි දකින දේ නෙමෙයි තියෙන්නේ කියන එක ගැන???



මං හිතනවා අඩුම තරමේ මේ පිංතූරේ හැදිලා තියෙන්න පින්තූර 34කින් කියන එකවත් තේරුන අය ඇතිනේ.
ඒක හින්දා මට සතුටුයි.
අනික මේක ටිකක් තාර්කික වැඩක්. හැමෝටම තේරෙන එකක් නෑ. මම ආයෙත් කියනවා.
තව එකක්. ඔය කැරකෙන පිංතූර පලන්න පුළුවන් කියලායි ඒක පලන්න ඕනේ යෙදුමකුයි අපි ඉගෙන ගත්තනේ.
ඒ ටිකම මදෑ නේද?


හරි...
දැන් නිකන් මටත් පිස්සු වගේ. ආයෙත් අර ලිපියට ගිහින් බලන්න ඔනේ දෙපැත්තටම කැර කෙනවද කියලා...




37 comments:

  1. හී හී. මම කිවුවනෙ.ඕකෙ ජිල්මාට් එක මමනම් කලින්ම දැනගෙන හිටියා. මම ඔය පින්තූරෙ ගොඩක් කාලෙකට කලින් ඊ මේල් එකක දැකලා පතුරු ගහල තිබ්බෙ.

    ReplyDelete
  2. මමත් ඔය රහස හොයාගත්තා !

    ReplyDelete
  3. මේක තමයි කතන්දරේ නේද...

    ReplyDelete
  4. ඒ කියන්නෙ මට පෙනුන හැටි හරි.... :D...... හපොයි මේ බිඟු අයිය හොයාගන්න ඒව.....

    ReplyDelete
  5. මටනම් කොල්ලෝ වමට කැරකෙනවා පෙනුනෙත් නෑ.මේ කියපු ඒවා තෙරුණෙත් නෑ.මඤ්ඤ වගේ දැන්නම්....

    ReplyDelete
  6. මඤ්ඤංදත් අහනවා...
    බිඟු අයිය හොයා ගන්නෙම මාර දේවල් තමා..

    ReplyDelete
  7. හික්...දැන් මිස්සකට කොහොමද පේන්නේ අහමුද ?

    අනේ මන්ද මට නම් අර කිව්වත් වගේ මඤඤං මඤඤං විතරක් නෙමේ අඤකොරොස් ජාතකේ වගේ :p

    ReplyDelete
  8. තිස්ස අයියා ... එයා පබාවත් රුවන්ති මංගලාවත් නෙමෙයි අයියා...
    Her Name is " The Spinning Dancer "

    ReplyDelete
  9. මෙහි නිර්මාතෘවරයා web designer Nobuyuki Kayahara, මහතා නේද...

    ReplyDelete
  10. @මකරා,
    මේක පරණ සීන් එකක් තමා. මුලදී හෙන මැජික් එක.

    @නදී,
    ඔයා දස්සයානේ...

    @සුළග,
    ඔව් ඔව්.. මේක තමා...

    @විශ්මි,
    ඒකනේ.. හොඳ ඇස් දෙකකුත් තියෙනවා එහෙනම්...

    @චමිදේවා ,
    එහෙනම් තියෙන්නේ කලින් ලිපිය බලන එක තමා..
    හික්ස්...
    වම් මොලේ වැඩ කරනවද කියලා ෂුවර්ද?

    /බිඟුවා...!

    ReplyDelete
  11. @මිස්සක,
    ඔව් ඔව් එහම එකක් තමා මේකත්...

    @දිල්,
    හික්ස්...
    ඔහොම තමා දිල් ජීවිතේ... හැමදාම මල් නෑ...

    @වත්,
    ඔව් ඔව්.. තිස්සට මේක කියන්නම ඕනේ...
    ඔයා දන්නවා එහනම් සීන් එක කලින්ම හා...


    /බිඟුවා...!

    ReplyDelete
  12. හා පැටික්කි ඊයෙ හොඳින් නිරීක්ෂණයෙන් දීපු උත්තරේ හරිනෙ ඒ කියන්නෙ...????
    හා පැටික්කිටත් එහෙනම් අබ ඇටේක විතර හරි මොළගෙඩියක් තියෙනව නේ.......???
    හා පැටික්කි ඒක දැන ගත්ත එකත් හොඳයි... හිහ්....

    ReplyDelete
  13. හෆොයි... කැරකෙන එක බලලා බාගෙට පිස්සු හැදුනා...දැන් මේක කියවලා ඉතුරු බාගෙත් සම්පූර්ණයි වගේ.... හිහ් හිහ්

    ReplyDelete
  14. @දිල්
    ඇයි දැන් මම වෙන විදිහකට බලන්න ඕනෙද..?

    ReplyDelete
  15. මේ Spinning Dancer කියන විකිපීඩියා පිටුවෙ මේ රූප පෙළයි, තව විස්තර ගොඩකුයි තියනවා. ඒකෙ හැටියට නම්, මොලේ වම දකුණ කතාව ඔප්පු වෙලා නෑ වගේ. මේක 2007-8 අවුරුදු වල තමයි ගොඩක් ව්‍යප්ත වෙලා ගිහිං තියෙන්නෙ.

    ReplyDelete
  16. දැක්ක නේද??මම හරිනේද ?
    බිඟුවෝ ඔන්න දැන් අර මගේ ඔලුවෙ එක පැත්තක් හරි වැඩකරන වා කියලා දැනගෙන සතුටු උන අයට සතුටු වෙන්න පුලුවන් මගේ මොලේ හොදට වැඩ කරනවා. තාමත් ඇල්ෂමයිර් නැහැ මට කියලා.
    ඒ නැවතෙන තැන මට දැනුනා. ඒක නේ මම කිව්වේ අර
    හා.. පස්සේ කියන්නම් කියලා. හොඳ සොයාගැනීමක් අන්තර් ජාලයෙන්,මම නම් මේක දැකලා තිබුනෙ නැහැ මීට කලින්..
    බිඟුවට බොහෝම ස්තූතියි!! ඔන්න මේ වගේ දෙයක් හොයලා දැම්මට.
    ආලෝකං භයං
    තාපය මහා භයං
    ආලෝක විද්‍යාව අරහං
    ක්ෂේශ්ත්‍රය අපි මරං
    තමා අන්තිමටම..!

    ReplyDelete
  17. දැන් මෙන්න මේකයි...කථාව මම ටිකක් මේක හොයා බලන්න හිතුවා..
    එක තැනක ඉඳගෙන බලන විදියට නෙවෙයි මේ අක්කා තව තැනක ඉඳගෙන බැලුවම කරකැවෙන්නේ..මේක සරල ඇනිමේශන් එකක්...මේක අහඹු ලෙස දකිද්දි අපිට පෙනෙන විදිහයි..මොල ක්‍රියාකාරීථ්වයතවැදගථ් වෙන්නේ..ඇනිමේශන් එක ථියෙන්නේ තාක්ශන භාවිතා කරලා රූපය හදපු හැති ගැන හිතද්දි...අපරාදෙ බින්දුව අයියා මේක කිවෙ...නැත්තම් කට්ටියත සතියක් විතර පොඩි මැජික් පාරක් දාන්න තිබ්බ.

    ReplyDelete
  18. Machan ela post eka....hadissiyata umbe singlish gadjet eka use karanath bari una..

    ReplyDelete
  19. ඈ.....ඒ සැරේ පැහැදිලි කිරීම බලලා, කෙල්ලගේ කැරකැවිල්ල දිහා බලන් ඉද්දි කැරකුනාට වඩා ඔලුව කැරකෙනවා වගේ......දැන්නම් වම දකුණත් මාරු වෙලා ෆුල් නන්නත්තාර වෙලා.

    ReplyDelete
  20. අනේ මන්දා බිඟුවෝ ඇත්තටම මටනං මඤ්ඤං වගේ. මගේ ඇස් නං දැං හොඳටම දුර්වල නිසාද මන්දා මේ කෙල්ලගෙ ඔක්කොම දැක්කා ඇඳුම දැක්කෙ නෑනෙ බං. මට මඤ්ඤං උන නිසා වෙන්න ඇති. උඹ මඤ්ඤං වෙන්නෙ නැතුව මේ දවස් වල හොඳ සිහි කල්පනාවෙන් ඉඳපං.

    ReplyDelete
  21. ආ මේක තමයි රූපවාහිනියෙ 7.30 ට යන e Brain ටෙලි නාට්‍යයෙ කොම්පියුටරේ දාල තියෙන්නේ. කලකට පස්සෙ ආපු යම්කිසි දැනුමක් දෙන ටෙලි නාට්‍යයක්.

    ReplyDelete
  22. මාර වැඩක් මේක . . .

    ReplyDelete
  23. ඒ ගෑනු උන්දැනම් දෙපැත්තටම කැරකෙනව වගේ මට පෙනුනෙ. මම මේ වෙලාවෙ බීලත් නෙවෙයි ඉන්නෙ. අනේ මන්ද.

    ReplyDelete
  24. @ nimanthi
    අපි ඔය කවිය කියන්නෙ
    ආලෝකන් අන්ධකාරං,
    තාපයනම් භයන්,
    Physics තියෙනකන්,
    කුමන සරසවි වරම්..... කියලා....

    ReplyDelete
  25. කොම්පියුටර් ජිල්මාට්

    ReplyDelete
  26. @පැටික්කි,
    ඒකනම් හරිම තමා...

    @නිමන්ති,
    ම්ම්.... වයස ගියාට ඇස් දෙක එලටම පේනවනේ...
    මට ඔයාට වඩා වසය හින්දා එච්ච පේන්නේ නෑ...
    හික්ස්...

    නිනූ,
    ඒකනම් ඇත්ත.
    කට්ටියට සතියක් විතර ඉන්න තිබුණා තමා.
    ඒත් මේ සමහරු අහලා තිබ්බා මොක්ක්ද ඇත්තටම වෙන්නේ කියලා..
    ඒක හින්දා තමා මේක දැම්මේ...

    @යසේල,
    එල එල..
    ඒකට කමක් නෑ...
    භාෂාව වැදගත් නෑ එච්චර....
    හික්ස්...

    @අනුරාධ,
    හී හී...
    අපොයි කොල්ලා ඉවරයිද?
    එහෙනම් මාත් ඉවරයි.
    පොලීසියෙන් අරගෙන යයිද දන්නේ නෑ...


    /බිඟුවා...!

    ReplyDelete
  27. @දයියා,
    උඹත් හොයන දේවල් කොල්ලෝ...

    @තරංග,
    ඔව් ඔව්.. මම මේක දැක්කා රූප පෙට්ටියේ....

    @හුටපටයා.
    හික්ස්...
    මොකද ඒ පාර... ඈ....

    @``` Outsider```
    ඇත්තමද කියන්නේ....

    @හෙළයා
    ඔව් ඔව්.. ජිල්මාට්

    /බිඟුවා...!

    ReplyDelete
  28. අම්මො මගේ ඔලුවත් කැරකෙනව මේක කියවන්න ගිහින්... :@
    මෙලොක දෙයක් තේරුනේ නෑ බං බිඟූ... :D

    ප:ලි - ඔන්න නම හදා ගත්ත මං :D

    දැන් හරි නේද... ??

    - සෝරෝ

    ReplyDelete
  29. @සොරො
    තවම profile එකේ නම හරියට නෑවාගේ

    /බිඟුවා...!

    ReplyDelete
  30. @හා පැටික්කි
    ඇත්තද ??
    මේ මම අහලා මතක තියන විදිය හෝ මට කියවෙන විදිය තමා..
    @බිඟුවා
    හ්ම්ම්ම්ම්ම් ඔව් ඔව් ළමයෝ... :-)

    ReplyDelete
  31. මටත් මඤ්ඤං වගේ . . .!

    ReplyDelete
  32. මටනං කොහොම බැලුවත් ඒ ගෑණු පරාණෙ කැරකෙනව පෙන්නෙ දකුණට. ඒ කියන්නෙ (වගුවට අනුව) මගේ මොළේ ඒ තරං හොඳ එකක් නෙවෙයි. ඒ හින්දා, වගුව බොරුවක් වෙන්න ඇති කියල හිතල හිත හදා ගත්තා :D

    ReplyDelete
  33. මම නම් ඕක කලින් දැකල තිබුනෙ නෑ. එත් හෙවනැල්ලෙ මොනව හරි අවුලක් තියනව කියලා මට ඒක බලද්දි තේරුනා. මං හිතපු දේ හරි නේන්නං :D

    ReplyDelete
  34. @දුකා,
    හුටා....

    @බංඩා,
    ඒ වැඩෙත් නරකම නෑ. මේ අදහස මගේ ලිපි‍යට දාන්න තිබ්බා මුලින්ම.
    මට ඒක මතක නැතුව ගියානේ...

    @ලිහිල්,
    කොල්ලා දස්සයා


    /බිඟුවා...!

    ReplyDelete
  35. @ බිඟු අයියා : ඔයා "සිංහලෙන් ලියන්න ආස නම් දකුණු පැත්තේ තියෙන සින්ග්ලිෂ් පෙට්ටියේ ලියලා මේකට දාන්න" කියල ලියල තියෙන්නෙ. දිග පොස්ට් එකක් දැම්මම දකුනු පත්තෙ තියන UCSC converter එක ගොඩක් උඩට යනවා. මම බැලුව කෝ මේ ඔයා කියන දකුණු පැත්තෙ තියන පෙට්ටිය කියල. බැලින්නම් ඒක දකුණෙ නෙමේ පට්ට උඩ තියෙන්නෙ. නරකද දැම්මොත් " "සිංහලෙන් ලියන්න ආස නම් page එකේ දකුණු පැත්තේ උඩ තියෙන සින්ග්ලිෂ් පෙට්ටියේ ලියලා මේකට දාන්න " කියල :D

    ReplyDelete
  36. ඔන්න දැම්මා...
    දැන් හරිනේ....

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!