March 4, 2010

අපේ බබා - 6 වන මාසය

කාලය ගෙවිලා ගියා පුදුම වේගයකින්. පසුගිය රසට ඉවීමේ මැතිවරණය නිසා කාර්යය බහුල මාසයක් ලෙස පසුගිය මාසය නම් කළ හැකිය. එම මැතිවරණය කිසිදු වංචාවකින් තොරව සිදුවූවත් ඡන්ද දායකයෝ විසින් ගෙන ගිය අන්තර් ක්‍රියාදාමයන් හමුවේ බිඟුලන්තයේ අනෙකුත් ක්‍රියාවන් තරමක අඩ පණ වී තිබූ බවද පවසා සිටිනු කැමැත්තෙමි. කෙසේ නමුදු ඔවුන්ගේ සහභාගීත්වයට මාගේ අවංක ස්තුතිය පුද කර සිටින අතර ජනවාරි 20 වැනිදා සිට පෙබරවාරි 20 වැනිදා දක්වා කාලයේ අපේ බබාගේ කතාව මෙලෙස ලියා තබනු කැමැත්තෙමි.



පෙබරවාරි 20 වැනිදාන් ගෙවී යන්නේ අපේ බබාගේ 6 මාසයයි. දැන් එයා ලොකු බබෙක්. මේ මාසේ ඉවර වෙන්න කලින් පිරිත් කියන්නත් තියෙනවා. මෙන්න මගේ නෝනට එක පාරම දළදා මාලිගාවේ යන්න ආසාවක් ඇති උනානේ. ජනවාරි මාසේ අන්තිමට වාගේ. ඔන්න දවසක් මම රැකියාව අහවර කරලා ගෙදර ආවා. සුපුරුදු විදියට අපි රෑ කෑම අරගෙන රූප පෙට්ටිය දා ගත්තා. වෙළඳ දැන්වීම් අස්සෙන් පුංචි පුංචි නාටක කෑලිත් යනවනේ. ඔහොම බල බල ඉන්නකොට මෙයා එක පාරම මගේ උරහිසට ඔළුව තියා ගත්තා පොඩ්ඩක් ඇල වෙන්න.

"එන්න, මෙතන තියා ගන්න" කියලා මම ඔඩොක්කුව හදලා කතා කළා.
"කමක් නෑ. මෙහෙම හොඳයි. නැත්නම් බඩ තැලෙනවනේ..."

කියලා බිරිඳ කියනකොට මට හිතුනේ එයා කොච්චර හිතනවාද බබා ගැන කියලා.
සමහර වෙලාවට එකම ඉරියව්වෙන් ඉන්නවා ගොඩාක් වෙලා. බඩ තද කරගෙන නිදියන්න නෑ. හිර ඇඳුම් ඇදින්නේ නෑ. අඩි උස සපත්තු දාන්නේ නෑ. කෑම බීම ගැන හරිම පරිස්සම්. හැම ඉරියව්වක්ම හරිම පරිස්සමින් කරන්නේ. පැය කිහිපයක් දඟලන්නේ නැති උනොත් හරියට කලබල වෙනවා.
අනේ අම්මා කෙනෙක් දරුවකුට තියෙන ආදරය නේද? කියලා මට හිතුනා.
උපදින්න කලින් ඉඳලාම ආදරය ලැබෙන්නේ අම්මාගෙන් කියලා මම කලින් ලිපියකත් ලියලා තියෙනවා.ඉතින් ඒ කතාව කොච්චර ඇත්තද කියලා ආයෙත් මට පසක් උනා.

ආ.. ඉතින් මගේ නෝනා මෙහෙම පොඩ්ඩක් ඇතිල්ලෙන්නේ මොනවා හරි කියන්න කියලා මට හිතුනත් මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. මොකද හැමදාම වගේ ඔය රූප පෙට්ටිය දා ගත්තාම එයා කම්මලිකමටයි ආසාවටයි පොඩ්ඩක් මගේ උරහිසේ හරි, උකුලේ හරි ඇල වෙනවා. (ගොඩාක් වෙලාවටනම් ආසාවට තමා ඒක කරන්නේ.)



මේ සෙනසුරාදා අපි මොකද කරන්නේ? එයා ඇහුවා.
ම්... මුකුත් නෑ. හොඳට නිදියනවා ඇරෙන්න... කියලා මම හිනාවෙවී කිව්වා.
මේ... ඒක නෙමේ.. අපි යමුද පන්සල්...
අහ්.. හරි හරි... ඒක හොඳයි.... කොහේ පන්සලටද යන්නේ අපී....
නුවර යමුද.... ෆැකල්ටිය පැත්තේත් ගිහින් එන්න පුළුවන්නේ.... කියලා ඔන්න මට අදහස දැම්මා හිමීටම.

ඉතින් මම කොහොම බෑ කියන්නද? ඔන්න මාත් එකඟවුනා නුවර දළදා මාලිගාවට යන්න. අපි දෙන්නා කෝච්චියේ නුවර ගිහින් දළදා මාලිගාවත් වැඳ පුදාගෙන ඉරිදා ආපහු ආවා කිසි කරදරයකින් තොරව. හැබැයි අපේ බබා නම් එකසිය ගානට දැඟලුවා. ඒත් බලන්නකො මාලිගාවේදී කිසිම සද්දයක් නෑනේ. අගේට ඉන්නවා. අපි දෙන්නම හරිම ආසා කරන තැනක් තමා මාළිගාව. කැම්පස් ඉන්න කාලේ මාස කිහිපයකට වරක් එනවාමයි.

මේ මාසේ තව වැදගත් දෙයක් විදියට කියන්න තියෙන්නේ මගේ නෝනා පටන් ගත්තා පොඩි පොඩි මල්, කුරුල්ලෝ මහන්න. අපේ බබාගේ කොට්ට කවරවලට. පුංචි පුංචි කුරුල්ලෝ, තාරාවෝ, මල් පොකුරු, හාවෝ.... ඔය නානාප්‍රකාර මෝස්තර දම දමා මහනවා හිටු කියලා. (ඔයාලා ළඟ ලස්සන පොඩි මෝස්තර තියෙනවානම් ඉතින් දෙන්න ඕනෑ හරිද... ) කොට්ටවලට් පුළුන් එකතු කරන වැඩේ නම් නැන්දම්මා බාර ගත්තා. ඒක හරිම ඇණ වැඩක්නේ...


අපේ බබා නම් දැන් චන්ඩියෙක්. හිටපු ගමන් දෙනවා හොඳ පා පහරවල් නෝනට ඉවසන්න බැරි වෙන්න. සමහර වෙලාවට නම් කිති වගේලු. බඩ ඇතුලේ එහෙ මෙහේ යනකොට එහෙම. සමහර වෙලාවට මට යාන්තමට බබාව අහුවෙනවා. අනේ ඒ "මගේ" කියලා දැනෙනකොට ඉවසන්න බෑ. අපේ දරුවා....


අපිට සෙනසුරාදා රෑ නවාතැන් පහසුකම් ඔක්කොම ඉන්දික කියලා මගේ හොඳම යාළුවෙක්ගෙන්. එයා ගැන ලියන්න අමතක උනානේ. එකත් හරි ඕං දැන්. :)

පිංතූරය

61 comments:

  1. අම්ම කෙනෙක්ගෙ ආදරේක තරම..... :) බබාටයි බබාගෙ අම්මටයි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.... සුබ පැතුම් බිගුවො...

    ReplyDelete
  2. ඔන්න බිඟු පවුලට අපේ සුභපැතුම්... බිඟු පැටියාව මතක් කලා කියන්න හරිද?

    ReplyDelete
  3. @විශ්මි.
    අප්පට සිරි. මේ ලියමනේ උණුසුම ගියෙත් නෑ මෙන්න විශ්මි ඇවිල්ලා.
    අනේ බොහොම ස්තුතියි.

    /බිඟුවා...!

    ReplyDelete
  4. මට නම වචන වලින් මෙවා කියන්න බැහැ... අම්මා.. මෙක දැකපු ගමන් මට සතුටු කදුලු ආවා... මගෙ අම්මා...

    ReplyDelete
  5. @කවි ද මන්දා
    මොකක්... මම කලින් පරිකතනය ගැන ලියන අතරේ ඔයා ඇවිල්ලා.
    දැන් කස්ටිය හරිම අවදානයෙන්නේ...
    හරිම සතුටුයි ඒකට නම්.

    ආ.. කවි... මම කියන්නකෝ ඔයා එහෙම කිව්ව කියලා... අදම කියන්නම්කෝ...

    /බිඟුවා...!

    ReplyDelete
  6. අ..ට සිරි... ඔයා චන්දෙ ඔපන් කරා නෙ අපහු කියන්න එපා හරි හරි.... මම දාන්නම් හොර චන්දෙ මෙදා පාර..

    ReplyDelete
  7. @රවා,
    අන්න රවා අර අක්කලා දෙන්නා ඉන්නවා ඔයාව අල්ලා ගන්න.
    මගෙන් නිමන්ති අක්කා ඇහුවා ඔයාට තද වෙනවද ඉක්මනට කියලා.
    මම් කිව්වා ඔව් ඔව්.. බලාගෙන... මේ දවස්වල තාත්තා එක්කත් වලි කියලා... හා හා...

    ආ.. මේ පැත්තේ ආවට නම ගොඩාක් ස්තුතියි රවා

    /බිඟුවා...!

    ReplyDelete
  8. බබාට කියන්න, මමත් මතක් කරා කියලා..

    ReplyDelete
  9. මගෙනුත් සුබ පැතුම්...!!!!!බිඟු පවුලටම

    දැන්තියනවා තව බේරගන්න දෙයක්
    @Dil
    කෝ මේ දිල් නැද්ද..?මේ දෙන්න මෙතන හොර චන්ද දාන්න කතා කරනවා මෙන්න.
    @biguwaa&rawaa
    අපිට ඇස් පේන්නේ නැහැ කියල වෙන්න ඇති මෙතන තෝරගත්තේ නේද? මල්ලිලා.
    අම්මේ කියන බොරු මම ඇහුවාම මට කිව්වේ රවාට බිංදුවක් වත් තරහ යන්නේ නැහැ කියලයි.[තරහා ගියත් ඉතින් මම බය නැහැ නේ..මල්ලී]
    @rawaa
    මම වැරැද්දක් කිව්වේ නැහැනේ.කියවලා බලන්නකෝ මම කියපුදේ විචාර බුද්ධියෙන් එතකොට තේරෙයිනේ.

    ReplyDelete
  10. @පිස්සා,
    හරි හරි.. මං කියඤ්ඤංකෝ..

    @නිමන්ති,
    සුබ පැතුමට තුති.
    මොකෝ දිල් හොයන්නේ.... තනියම එන්න බයද?

    @රවා,
    බලාගෙන... පේනවා නේද ස්පයිලා ඉන්නවා.

    /බිඟුවා...!

    ReplyDelete
  11. බිගුවා, උඹගෙ ලියුමෙ පොඩි එකාට තියෙන ආදරේ බෙරෙනවා බං. කවද හරි පොඩි පැට්ට මේ පෝස්ට් එක කියෙව්ව දවසට පොඩ්ඩ​ට තේරෙයි තාත්තා කොච්චර ආසාවෙන් එයා ගැන යාලුවන්ට කියලා තියෙනවද කියලා!

    http://cyberyaya.blogspot.com/2010/03/blog-post.html#comments

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  13. අඩේ බුද්ධි ගෙනාවේ මාර පොයින්ට් එකක් නෙ මචෝ...! ශහ් මරු කේස් එක..ඒ කාලේ එනකොට මෙව්වා තිබ්බොත් නියමයි.?
    මචෝ ඊලඟ මාසේ අම්මගේ centre of gravity ඒකියන්නේ ගුරුත්ව කෙන්ද්‍රය පොඩ්ඩක් ඉස්සරහට shift වෙනවා... ඔය හත් වෙනි මාසෙ වැටෙන මාසෙ කියන්නේ එකයි... ඊට ඕස්සෙ එයා ඕනැම වෙලාවක අපිට පොඩි sinal එකක් විතරක් දීලා එන්න රෙඩී වෙනවා... ගත්තු ගමන් දුවන්න පුලුවන් අම්මගේ බබාගේ අඩුම කුඩුම බෑග් එක, ෆුල් පෙට්‍රල් කාර් එක, නැන්දම්මා, මොබයිල් එක.. ඔන්න පු‍තෝ essentials ලැයිස්තුව... මම දෙපාරක් එකසිය ගානට රන් එක දුන්නා... උඹලට ත්‍රිවිධ රත්නයේම පිහිටයි....

    ReplyDelete
  14. @බුද්ධි,
    ම්...ම්...ම්... ඔව්මයි. ඒත් බ්ලොග්ස්පොට් එක තහනම් කලොත් එහෙම ඉවරයි ඔක්කොම.
    හික්ස්
    කියන්න බැරි උනා. මේ ලින්ක් එක නම් පට්ට පින්තූරේ.


    @ප්‍රියන්ත,
    ස්තුතියි, කොහොමද පුතා දැන්. ඔයාගෙන් මට කුප්පි ගන්න පුළුවන් නේද?

    @තිස්ස,
    අහා.. මේ කියන්නේ අත්දැකීම්. ගොඩාක් පිං මේවා කියලා දුන්නට.
    මම දැනගෙන හිටියේ නෑ 7 මාසෙට වැටෙන මාසේ කියන කතාව.
    එහෙනම් මම් මීළඟ මාසේ ලිපියට ඒ නම දාන්නම්කෝ.
    අනික මම කියන්නම් නෝනට යනකොට තනියම එහෙ මෙහේ යන්න එපා කියලා.

    /බිඟුවා...!

    ReplyDelete
  15. very nice.i just move to my past. it was so interesting. Congrats brother.

    ReplyDelete
  16. අනේ.................මම පරක්කුවෙලා හොදටම පරක්කු වෙලා...ඉස්සරවෙලාම සමාවෙන්න..ඔයාලගෙ පුංචි පවුලට සුබ පතන්න එන්න පරක්කු උනාට...

    තුන්දෙනාටම නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා...හදවතින්ම...කොච්චර සතුටක්ද .....අපේ බිගුලන්තෙට එන පුංචි පැටියා ගැන කිව්වම....:)

    අපරාදේ...දළදාව පැත්තේ ආව වෙලාවෙ අපේ ගෙදරටත් ගොඩවෙන්න තිබ්බනේ.....:(

    කමක් නෑ...පේනවද අම්ම කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මොන තරමක් ලෑස්තිවෙනවද කියලා...හැමදේකින්ම....පෙනෙන නොපෙනෙන හැමදේකින්ම ආරක්ෂා කරගෙන...

    ඔය අද්දැකීම ලබන්න තාමත් අපිට අවස්ථාවක් නොලැබුනත්.තේ සතුට හදවත් පුරාටම දැනුනා....

    රජිනව හොදින් බලා ගන්න...මේ ඔයාව රැජිනට හුගාක් ඕන කාලයක්....

    ( මට මගෙ රත්තරං අම්මව මතක් වෙලා ඇඬුනා..ඒයා ජීවත්වෙලා උන්නා නම් ලගට ගිහින් කකුල් අල්ලා " මගෙ රත්තරං අම්මා " කියලා වඳින්න තිබුනා දෙයියනේ " :(

    ReplyDelete
  17. nimanthi ට/ මේ පැත්තට එන්න පොඩ්ඩක් පරක්කු උනා නිමන්ති....අනික ඉතින් පහුගිය කාලෙ මෙයාල කුස්සියම ඉල්ලපු නිසා මම හිතන් උන්නෙ PC එක අත් ඇරල දාල කුස්සියට වෙලා උයනවා ඇති කියලා ;)

    ReplyDelete
  18. රයිටා මෙන්න මං ආවා...... දිල්... නිමන්ති.. වරහන් ඇතුලෙ අක්කෙ......... දැන් දුක් වින්දා ඇති.... දැන් යන්න ලැස්ති වෙනවාලා.....

    (රහසින් බිගුවට "බිගුවා චන්දෙ කාර්ඩ් ගත්තෙ කලින් වෙබ් ලිපිනයෙන්මද සුරක්ෂිතබාවය ටිකක් වැඩියි. ip ලිපිනයට වඩා දෙයක් ට්‍රෙස් කරනවා හොර චන්දෙ දාන්න අමාරුයි අපි මොකද දැන් කරන්නෙ... ඔයා ලිපිනය කිව්වොත් මම හොයන්නම් හොර චන්දෙ දාන විදිය ගැන...")


    රයිට්.. රයිට්... ඇදුම් බැග් එහෙම පැක් කරගන්න.... යන්න ලැස්ති වෙන්නලා....

    නිමන්ති අක්කට.. අක්කෙ මම රහත් වෙලා නැහැ මට තරහා යනවා.. හැබැයි තරහා ගියොත් ඔයා බය වෙන්න ඔනා....කිව්වම අහලා බය වෙනවකො.......

    ReplyDelete
  19. සුබ පැතුම් බිඟුවා.. සිරාවටම බුද්ධි කිවුවා වගේ මේක දැකපු දවසක පැටියට මොනවා හිතෙයිද? අම්මයි තාත්තයි දෙන්නගෙම ආදරේ එයා හොඳටම තේරුම් ගනියි. දිගටම ලියපන් මචන් උඹ මේ ලියන්නේ පොඩි එකාගේ ජීවිත කතාව.

    ReplyDelete
  20. oyalage punchi patiyata magenuth suba pathum..
    ammagei thathagei adare monatharamda kiyala apitath danenawa eka kiyewwama

    ReplyDelete
  21. අම්මගේ ආදරය කොච්චරද ලියලා මේ ලිපියෙන් මොනවට පැහැදිලි වෙනවද?
    I just went to my fast. we was so scared when first baby delivery. But it was nice.

    Congrats & best wishes.
    TC ur wife.

    ReplyDelete
  22. @දිල්,
    ගොඩාක් ස්තුතියි සුබ පැතුමට. ඔයා කිව්වා වගේම නුවර ආපු එකේ ඔයාලගේ ගෙදර එන්න තිබ්බා.
    ඒත් ඇවිල්ලා මට කුස්සියේ වැඩ කරන්න උනොත් කියලා මම බය උනා.
    ඔයා කිව්වා වගේම එයා හැම වෙලාවෙම මාව හොයනවා.

    @රවා,
    ඔව් ඔව්. මේකේ හොර ඡන්ද දාන්න අමාරු එකක්. මන් හිතන්නේ මැක් ඇඩ්‍රස් එක චෙක් කරනවා ඇති.
    ඒක හින්දා තමා මම නිමන්තිට කිව්වේ පුළුවන්නම් ඡන්ද දෙකක් දාන්න කියලා.
    මෙන්න ලිපිනය:

    @නිශාචරයා,
    ඔව්, මේක එක විදියකින් අපේ බබාගේ ජීවිත කතාව, උපදින්න කලින්ම ඉඳලා ලියන්න පටන් අරගෙන නේද?

    @චේජනා,
    අනේ ඇත්තමයි, මට නම් මේ දවස් නිකන් අමුතුයි වගේ. හිතේ තියෙන දේ ඔහේ ලියනවා.
    මේ ඒක නෙමෙයි, ඔයාටත් බබාලා ඉන්නවද?

    /බිඟුවා...!

    ReplyDelete
  23. රවා ට /

    පරිස්සමෙන් මල්ලී.... ;)

    ආ...තව දෙයක් අන්න මාරය මට මගුලක් කතා කරන්න යනවා. මම කිව්වා මම හොයන්නෙ කුස්සිය භාර ගන්න කැමති කොල්ලෙක් ව කියලා...මොකද කියන්නේ...මම කිව්වා හරි නේද ?

    ReplyDelete
  24. දිල් අක්කට

    ඔයා වැරදියි කිව්වා අක්කෙ... ඔයා ඔය විහිලුවට කිව්වට ඔයා කවුද කියලා මම දන්නවා දකිනවා (හදවතින්)...,ඔයා ඔතනදි නම් ගොඩක් පරිස්සම් වෙන්න ඔනා තැනක්.මට මනුස්සයෙක්ව අදුන ගද්දි වැරැද්දක් වෙන්නෙ බොහොම කලාතුරකින්..

    බිගු අයියා.. දිල් අක්කා... නිමන්ති අක්කා

    චන්දෙ ප්‍රතිපල ආවට පස්සෙ ගහගමුද.... නැත්නම් මෙතනම වලිය අදිමුද පස්සෙ වලිය වෙන තැනකට අරන් යන්න පුලුවන්.. මොකද කියන්නෙ....?

    ReplyDelete
  25. බිගු අයියා... මැක් ඇඩ්‍රස් එකනම් .චෙක් කරන්නෙ... හොර චන්දෙ දාන්න ක්‍රමයක් තියනවා...VMWARE කොහොමද ටිකිරි මොලෙ... හා හා...උත්සහා කරලා බලන්නද...? නැත්නම් අපි රට ගිය අයගෙ, මැරුනු අයගෙ චන්ද ටිකත් එකතු කරලා දාමුද..

    ReplyDelete
  26. රවා සතුටුයි මල්ලියො...ඇස් වලින් දැකලා නැති මගේ හිත කියෝපු එක ගැන...

    අපිට අපිව දැනෙන හින්දනෙ ඒ..නේද ?

    මම හිතන්නේ අපිට මීට වඩා සතුටු වෙන්න පුළුවන්. බිගුලන්තයේ පුංචි පැටියා තව මාස කීපයකින් ආවාම. හැබැයි ඉතින් ඔය ඡන්ද වෙට්ටපිත්තල වැඩ පොඩි එකාට එහෙම උගන්නනවා එහෙම නෙමේ...

    ඇත්තටම රවා වලිවලට මෙච්චර කැමති ඇයි ? ;)

    ReplyDelete
  27. අනේ යන යන හැම තැනම මම අන්තිම ... මොනව කරන්නද ... මගේම වැරැද්ද

    එත් කමක් නැහැ... මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  28. මචං, බබා සිංහල අවුරුදු නැත්නම් වෙසක් දවස් වලට වගේ නේද එන්න ඉන්නෙ ?? මම ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ මචං. සුබ පැතුම් දෙදරු පියෙකුගෙන් ....

    ReplyDelete
  29. @rawaa
    ඔයා ඔච්චරම රංඩුවෙන්න ආසා නම්..මාත් එන්නම්කෝ තනියට..හැබැයි මෙතන ඒකට හොද නැහැ.. අපි යමු චන්දේ තිබුන තැනට.මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ චන්ද කතා.

    ReplyDelete
  30. රයිට් බිගු අපි යනවා එතනට.... අපි ගියාට පස්සෙ මෙ සටහන් ටික අයින් කරලා එතනට දාන්න පුළුවන්නම් මොකද ලොකයා දකින්න ඔනා මෙ නපුරු සොදුරු සිතැත්තියො දෙන්නා එකතු වෙලා අහිංසක අපිට කරන්න යනදෙ....

    ReplyDelete
  31. @වැප්,
    දැන් ඉතින් කරන්න තව වැඩ තියෙනවනේ, ඒකට කමක් නෑ.
    කොහොමහරි ගොඩ වැදුනනේ. ඒක වැදගත්.

    @ටීඩී,
    ඔයා ලියලම නෑනේ හොඩාක් කාලේකින්,
    මැයි 20 කියලා තමා දින දුන්නේ.
    ඒවා ෂුවර් නෑ. තිස්ස කිව්වා වගේ හැම වෙලාවෙම රෙඩි වෙලා ඉන්න වෙනවා.

    @දිල්,
    පොඩි එකා මට එහා වෙයිද දන්නේ නෑ.
    හික්ස්, ඒ මගේ එකානේ....

    @රවා, දිල්, නිමන්ති,
    හරි හරි...
    වලි ඕනේ නම් යමු ඡන්ද පොලට. මෙතන බබාගේ තැනනේ.
    නැත්තම් බබා ලොකු උනාම කියාවි
    "හපොයි තාත්තේ තාත්තට ඉන්නේ මහා වලි යාලුවෝ ටිකක්නේ...."
    "මේ නැන්දිලාත් හරිම මුරණ්ඩු පාටයි නේද? "
    "මගේ පිටුවෙත් එයාලා රණ්ඩු වෙලානේ...."

    /බිඟුවා...!

    ReplyDelete
  32. සුබපැතුම් මචෝ.උඹලට හොඳක්ම වෙන්න ඕනෙ :)

    ReplyDelete
  33. He he... Congrats Bingu... sinhaline type karanna thaama purudu madi. eka nisa mee widiya hondai kiyala hithuna...Rajinawath mama ithaama aadaraye mathak kara kiyanna...

    Meyalage waliya num ithaama saruwata nagala yana bhawak peenawa.. :P ayeth chande patan ganna wage yanne.... meda pote nam kaantha paarshawaya dinanawa sure matath..

    @Dil & Nimanthi
    Mamath oyalata full support. mayala sadda dammata sadde witharai. Pus wedi wage kiyala mata hithenawa.

    @Dil
    Oyage kapuwata kiyanna mee blog eka kiyawala sudusu kenek hoyanna kiyala...

    ReplyDelete
  34. නියම ලිපි පෙළ . . .

    ReplyDelete
  35. @Raven & Madhu,
    ස්තුතියි සුබ පැතුම්වලට

    @හිපෝ,
    ඒකට කමක් නෑ. භාෂාව වැදගත් නෑ යමක් තේරෙන්න කියන්න හරි ලියන්න හරි පුළුවන්නම්.
    ඔයා ලියලා තියෙන එක සිංග්ලිෂ්නේ. අපි ගොඩාක් වෙලාවට ලියන්නේම මේ විදියටනේ.
    මම කියන්නම් රැජිණට ඔයාගේ පණිවිඩය.
    ඔයත් දැන් මහිලා සමිතිය වෙනුවෙන් හඞක් දාන්නයි නේද හදන්නේ.
    හරි හරි බලමුකෝ එහෙනම්...

    /බිඟුවා...!

    ReplyDelete
  36. @Bingu
    Ow ow... Nathuwa ithin oyala mahila sangamayata handa daannada? :P kussiya priyakarana oyala ithin samaharawita ekatath join wei da kiyalath poddak saka hithenawa...
    Mona wunnath uyanna sahabhaagi wena eka num hondai... Sadde adu karala iyuwanum thawath hondai :P
    (mata guti kanna num bariyooo)

    ReplyDelete
  37. බිඟුවෝ
    හැමදාම උඹේ ලිපිය දැක්කම තමයි මට ජීවත් වෙනව කියල දැනෙන්නේ. මී රැජිනව පිස්සමින් බලාගනිං. උඹල හැමෝටම නිදුක් නිරෝගී සුවය.
    සුභ දවසක්

    ReplyDelete
  38. @හිපෝ නැන්දේ..
    ඔයා ඒ උනාට පිළි ගන්නවනේ පිරිමි යසට උයනවා කියලා...

    @දයියා,
    ඒත් මම බැලුවා කෝ කියලා.
    දැන් සිංහල ලිපි වැඩි හින්දා හැම තැනම යන්න බෑ කියලා දන්නවා.
    ඒ අස්සේ ආවාට නම් ස්තුතියි දයියා...

    /බිඟුවා...!

    ReplyDelete
  39. අනේ වාසනාවන්. ඔය ඔක්කොම අත්දැකීම් අපටනම් හොඳයි. අනාගතේට අපට ලේසියි. මොකක් හරි අමතක උනොත්, දන්නෙ නැත්තන් පොඩ්ඩක් ඉන්න සුදූ බිඟුනද බලල කියන්නම් කියල කියන්න තමා තියෙන්නෙ. :-)

    ReplyDelete
  40. @තරිඳු
    සුදූ කිව්වේ කාටද හා...
    මෙන්න අහු උනා හොරේ.................

    /බිඟුවා...!

    ReplyDelete
  41. @ බින්ගු
    මේකයි බින්ගුවෝ... මම හරි ආසයි හෝටල් වලින් කන්න. ඉතින් ඒ කෑම උයන්නේ පිරිමි නේ. අනික අපිට වාසියක් වෙනවනම් ඉතින් බොරුවක් කියුවට කමක් නෑ. දැක්කනෙ දැන් පිරිමි කීදෙනෙක් කුස්සියට යන්න කැමැති වුනාද කියලා... හිඃ හිඃ...

    ReplyDelete
  42. ඔයා තාත්තා තෙනෙත් වෙන්න යනවා.
    උණුසුම් සුභ පැතුම්..ඔබ දෙපලටම.
    මීට වඩා වාසනාවක් කොයින්ද..ආදරණීය අම්මා..තාත්තෙක්ට.

    ඒත්, දෙමව්පියන්ගේ ආදරය, තේරුම් ගන්න පුලුවන්..දරුවෝ ඉන්නේ, කීයෙන් කීදෙනාද...

    ReplyDelete
  43. එන්න ටිකක් පරක්කු උනා සුභ පැතුම් අපෙන්

    ReplyDelete
  44. mage suba patum tundenatama

    ReplyDelete
  45. බබාටයි අම්මටයි තාත්තටයි තුන්දෙනාටම තෙරුවන් සරණයි කියලා සමනලීත් ප්‍රාර්තනා කරනවා....!!!

    ReplyDelete
  46. අනේ අහල පහලක හිටියා නම් පොඩ්‍ඩා වෙනුවෙන් මොනා හරි මහලවත් දෙන්න තිබ්බා.. කොහොම උනත් අම්මටයි බබාටයි ‍නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  47. බිඟු පවුලටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා !!!

    ReplyDelete
  48. අර ඇඩ් බලන අස්සෙ Drama බලන කෑල්ල මරු :D
    මී මැසි පවුලට ජය වේවා
    ___

    සරා

    ReplyDelete
  49. @හිපෝ,
    ඔයා හොටෙල් වලින් කන්නේ ආසාවට ව්ඩිය රසට උයන්න බරි හින්දා නේද?

    @නිල් අහස,
    එහෙම කියන්නම එපා. දරුවෝ එහෙම වෙන්න දෙමාපියනුත් යම් කොටසක් වග කියන්න ඕනේ...

    @ජීවිතය, සමනළී, ප්‍රෝග්‍රැමර්,
    ස්තුතියි සුබ පැතුම් වලට...

    @මලී,
    ඒකනේ...
    ඔයා මහන්න දස්සයනේ...
    ආ... ඔයා මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නේ නැද්ද?
    පියානේ සුවෙන් ඉන්න ඕනෑ.... හික්ස්

    @සරා,
    දැන් එහෙමනේ ඔය රූප පෙට්ටියේ වෙන්නේ..
    99% ඇඩ්... 1% කතාව....
    අපිත් ගොන් වගේ කට ඇරගෙන බලාන ඉන්නවා....

    /බිඟුවා...!

    ReplyDelete
  50. 99% ඇඩ්... 1% කතාව....

    that is ture :D

    ReplyDelete
  51. අඩේ මාර ආතල් බං තාත්තා කෙනෙක් වෙන එක.. මේ ලියන ඒවට හෙට අනිද්දට පට්ටම ගහන්න හිතෙනවා..

    ReplyDelete
  52. බිඟු මල්ලී,

    මුලින්ම මම ඔයාගෙ බ්ලොගයට ආවෙ අද. මේ ලිපිය හා comments කියෙව්වට පස්සෙ මයාට සුභ පතන්න හිතුනා. ජීවිතය කියන්නේ මේන්න මේකට. ඉතින් ඔයා බයවෙන්න එපා. ඔයාගෙ පළවෙනි පැටියා මුළු ලෝකෙටම ආදරය කරන ගොඩක් නිශ්ෂබ්ද කෙනෙක් වේයි. සාමාන්‍යෙයන් පළවෙනියා මෝඩයි කියලනේ කියන්නේ. එහෙම කියන අය දන්නෙ නැහැ ඒක මෝඩකම නෙවෙයි ආදරයයි කියලා. පළවෙනි දරුවා මුළු ලෝකෙටම ආදරය කරනවා. ඕන්නම් බලන්නකො තව අවුරුදු තුන හතරකින් මම කිව්වේ බොරුද කියලා. කිසිම බාහිර කරදරයකින් තොරව දරුවාව ලැබෙන්නට සුභ පතනවා... දොස්තරල, යාළුවො කියන දේවල් වගේම අම්මල, ආච්චිල කියන දේවලුත් ඉස් මුදුනින් පිළිගන්න හොඳේ. එයාල කියන ගොඩක් දේවල්වල ගොඩක් වටිනකම් තියෙනවා. ගොඩක් ලිව්වා. දැන් ඇති. දෙන්නගේම සිත්වල ඇති යහපත් ප්‍රාර්ථනා ඒ විදියටම සථල වේවා!

    ReplyDelete
  53. @ආගන්තුකයා,
    හා හා.. බලාගෙනයි...
    පට්ට ගහන්නේ....


    @තනෝජා අක්කා,
    අහා... නියමයි.
    සතුටුයි ඔයත් ඇවිල්ලා ගිය එකට.
    අපොයි ඔව් මේ දවස්වල නම් මගේ කන්දෙක ගොඩ වෙන්න තරම් උපදෙස් නම් හමබ් වෙනවා.
    ඔයා කියන එක හරිද මන්දා...
    අපේ අයියත් හරිම නිහඩ කෙනෙක්. ඒක දැන් තමා හොඳට තේරුම් ගියේ.


    /බිඟුවා...!

    ReplyDelete
  54. බිගුන්ලන්තයේ ඔටුන්න හිමි කුමාරයාට/කුමාරියට මගෙනුත් සුබපැතුම්...

    බිගු පැටියව මතක්කලා කියන්න...

    ~සුළග~

    ReplyDelete
  55. @සුළග,
    සතුටුයි ඔයත් ඇවිල්ලා ගිය එකට.

    ReplyDelete
  56. bingu maligawatama ape suba pathum sathutin piruna anagathayakata....

    udeshi&isanka

    ReplyDelete
  57. අහා.. උදේශිකා, ඔයා එහෙනම් කියවනවා වගේයි නේද?
    කෝ දැන් හබී...

    /බිඟුවා...!

    ReplyDelete
  58. ow ow aniwaryenma mama kiyawanawa.......
    realy nice, great work aiya
    give my loving regards 2 "Rajina n baba"
    hubby might come 2 germany next week
    hope 2 visit ur bee family wen v r back....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!