February 7, 2010

කියනු රිසියෙමි

ඔබ
සරල සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
එකම එක
තාත්වික මූලයක්
බව දනිමි.
ඔබ වර්ග සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
මූල දෙකක්
බවද දනිමි.

එනමුදු ඔබ
බහුපද සමීකරණයක්
බව
කියනු රිසියෙමි.

හුදෙක් මාගේ
ප්‍රයත්නයන්
අවකලනය වන කල්හි
නුඹේ සිතිවිලි
අනුකලනය
වනු දුටිමි.

මා සරල රේඛාවක්
වන කල්හි
ඔබ පරාවලයක වී
කිසිදා එක් නොවනා
අනන්ත‍යට
යන බව කියමි.

20 comments:

  1. මගේ අනුක්‍රමනය 0 වන විට මාද ශුන්‍ය කරා යන මුත් ඔබේ අනුක්‍රමනය 0 වන විට ඔබ අනන්තය කරා යන බවක් නම් හැඟේ !!

    ReplyDelete
  2. අහ්... පරාවලය දෙවරක් අවකලනය කලානම් බඩු ගොඩ... හෙහ් හෙහ්...
    නියමයි... ජීවිතය ගණිතයෙන්ම මොඩල් කල හැකි නේද...? හබැයි අතේ පත්තු කරගන්නේ නැතුව...

    ReplyDelete
  3. ඔබ වර්ගජ සමීකරණයක් යැයි මම සිතුවෙමි.
    මූල දෙක හොයමින් මෙතෙක් සිටියෙමි.
    ඒත් මට හමුවූයේ එකම මූලයක් පමණි.
    මූල දෙක සමපාත වී ඇති බව මට වැටහිණ.

    කතන්දරකාරයා

    ReplyDelete
  4. @ඉශාන්,
    ඕක වෙන්නේ 1/0 හා 0/1 කියන අවස්ථා දෙකෙදී නේද?

    @තිස්ස,
    හරියට හරි, එක පාරක් අවකලනය කලානම් x පද විතරයි, දෙවැනි පාර අවකලනය කලාම x වල බින්දු වෙනි බලන නේද....

    @කතන්දර,
    නියම අදහස මචං, මේක බහු පද වලටත් ගැලපෙනවා....

    /බිඟුවා...!

    ReplyDelete
  5. mabu pada unata kamak nee ekama muula tiyenawanam prasne godane. eka paarama terum ganna puluwan.

    ReplyDelete
  6. මේ මොකක්ද මේ? :පී

    ReplyDelete
  7. බිඟුවෝ
    මටනං මොනවත් තේරෙන්නෙ නෑ බං.ග්‍රීක් වගේ. හැබැයි ගොඩක් ලොකු කතන්දරයක් තියෙනව කියලනං තේරෙනවා. තව ලියපං මේ වගේම ඒවා.මට නොතේරුනාට තේරෙන එවුන් නැතෑ ඔන තරං.
    සුභ දවසක්

    ReplyDelete
  8. අප්පට සිරි රැම්සෙගෙ , නඩරාසර් සර් ගෙ පොත් ඔක්කොම මෙතනනෙ... බිඟුවො උබ මෙ කවි ලියන්න එපා. තෙරෙන්න්නෙ ටික දෙනාටයි. හැබැයි සාහිත්‍ය සම්මානයක් වගෙ ඔනානම් දිගටම ලියහන්. කාටවත් නොතෙරෙන තරමට සම්මාන හම්බවෙනවා වැඩියි. ගණන් පොත් පත් ඔනා නම් මට කියන්න. මම නෙට් එකෙන්ම් අරන් දෙන්නම්

    ReplyDelete
  9. මගේ අප්පොච්චියේ....Maths කරන එකෙක් අඬගහන් එන්න වෙනවා මේකෙ තේරුම අහගන්න. කොහොම උනත් වැඩේ මරු.

    ReplyDelete
  10. අහා...
    මේකේ තේරුම මෙන්න මේ වගෙයි,

    ඔබ තේරුම් ගැනීමට අමාරු කෙනෙකි. ඔබ එකම සිද්ධියට හෝ කාරණාවට කිහිප ආකාරයකින් ප්‍රිතිචාර දක්වන්නෙකි. ඔබේ පිළිතුර එකක් හෝ දෙකෙන් එකක් වුනා නම් මට තේරුම් ගැනීමට පහසුය. නමුත් ඔබ සැම විට වෙනස් වෙනස් පිළිතුරු, ප්‍රතිචාර දක්වන්නේය. මා ඔබ තේරුම් ගන්නට දරන උත්සාහයන් අඩුවන කල ඔබ මා අතරමං කිරිමට දරන උත්සාහයන් වැඩි වෙනවා දුටිමි. කෙටියෙන් කිවතොත් ඔබ සංකීර්ණ වස්තුවකි මා සරල වස්තුවක් වන විටදී.

    /බිඟුවා...!

    ReplyDelete
  11. me mokadda mea... mat nikan mol wageyi...

    ReplyDelete
  12. oya tiyenne danna sinhalen... mama issaralaa post eka daana kalin oya ekak daala. kamak naa. mekanam terenawa.

    ReplyDelete
  13. මට නම් මේක තේරෙනවා. පැහැදිලි කරන්න එපා. එතකොට රසය නැතිවෙනවා

    ReplyDelete
  14. තැංකූ වේවා පැහැදිලි කරාට. අම්මපා ඇත්තටම සිරා තෙරුමක් තියෙනවනෙ. සමහර දේවල් පැහැදිලි කරා කියලා රසය අඩුවෙන්නෙ නෑ.

    ReplyDelete
  15. යකඩෝ........ හොඳ මීටරයක් හොයලා කුප්පියක් දා ගන්න ඕනෙ මේකට

    ReplyDelete
  16. එල එල. තව කියපන් මචං. මට නම් ඕ.කේ මේක

    ReplyDelete
  17. එල කවිය. මට ඒ ලෙවල් කාලෙ මතක් උනා.

    ReplyDelete
  18. පැහැදිලි කරාම තමයි මට නම් තේරුනේ.ලස්සනයි.ඒත් පැහැදිලි නොකරම අපිටත් තේරුම්ගන්න පුළුවන් කවිත් ලියන්න.

    ReplyDelete
  19. @අනුරාධ, විජයබාහු, දනික, දසයා
    ස්තුතියි ඔන්න....

    @කදුළුබිංදු,
    හරි හරි...
    ආයේත් මේ වගේ එකක් ලිව්වොත් පැහැදිළි කිරීමත් දාන්නම්කෝ.

    meka kohomda?
    http://bingunada.blogspot.com/2010/02/blog-post_10.html


    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!