ඔබ
සරල සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
එකම එක
තාත්වික මූලයක්
බව දනිමි.
ඔබ වර්ග සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
මූල දෙකක්
බවද දනිමි.
එනමුදු ඔබ
බහුපද සමීකරණයක්
බව
කියනු රිසියෙමි.
හුදෙක් මාගේ
ප්‍රයත්නයන්
අවකලනය වන කල්හි
නුඹේ සිතිවිලි
අනුකලනය
වනු දුටිමි.
මා සරල රේඛාවක්
වන කල්හි
ඔබ පරාවලයක වී
කිසිදා එක් නොවනා
අනන්තයට
යන බව කියමි.
මගේ අනුක්‍රමනය 0 වන විට මාද ශුන්‍ය කරා යන මුත් ඔබේ අනුක්‍රමනය 0 වන විට ඔබ අනන්තය කරා යන බවක් නම් හැඟේ !!
ReplyDeleteඅහ්... පරාවලය දෙවරක් අවකලනය කලානම් බඩු ගොඩ... හෙහ් හෙහ්...
ReplyDeleteනියමයි... ජීවිතය ගණිතයෙන්ම මොඩල් කල හැකි නේද...? හබැයි අතේ පත්තු කරගන්නේ නැතුව...
ඔබ වර්ගජ සමීකරණයක් යැයි මම සිතුවෙමි.
ReplyDeleteමූල දෙක හොයමින් මෙතෙක් සිටියෙමි.
ඒත් මට හමුවූයේ එකම මූලයක් පමණි.
මූල දෙක සමපාත වී ඇති බව මට වැටහිණ.
කතන්දරකාරයා
@ඉශාන්,
ReplyDeleteඕක වෙන්නේ 1/0 හා 0/1 කියන අවස්ථා දෙකෙදී නේද?
@තිස්ස,
හරියට හරි, එක පාරක් අවකලනය කලානම් x පද විතරයි, දෙවැනි පාර අවකලනය කලාම x වල බින්දු වෙනි බලන නේද....
@කතන්දර,
නියම අදහස මචං, මේක බහු පද වලටත් ගැලපෙනවා....
/බිඟුවා...!
mabu pada unata kamak nee ekama muula tiyenawanam prasne godane. eka paarama terum ganna puluwan.
ReplyDeleteමේ මොකක්ද මේ? :පී
ReplyDeleteබිඟුවෝ
ReplyDeleteමටනං මොනවත් තේරෙන්නෙ නෑ බං.ග්‍රීක් වගේ. හැබැයි ගොඩක් ලොකු කතන්දරයක් තියෙනව කියලනං තේරෙනවා. තව ලියපං මේ වගේම ඒවා.මට නොතේරුනාට තේරෙන එවුන් නැතෑ ඔන තරං.
සුභ දවසක්
අප්පට සිරි රැම්සෙගෙ , නඩරාසර් සර් ගෙ පොත් ඔක්කොම මෙතනනෙ... බිඟුවො උබ මෙ කවි ලියන්න එපා. තෙරෙන්න්නෙ ටික දෙනාටයි. හැබැයි සාහිත්‍ය සම්මානයක් වගෙ ඔනානම් දිගටම ලියහන්. කාටවත් නොතෙරෙන තරමට සම්මාන හම්බවෙනවා වැඩියි. ගණන් පොත් පත් ඔනා නම් මට කියන්න. මම නෙට් එකෙන්ම් අරන් දෙන්නම්
ReplyDeleteමගේ අප්පොච්චියේ....Maths කරන එකෙක් අඬගහන් එන්න වෙනවා මේකෙ තේරුම අහගන්න. කොහොම උනත් වැඩේ මරු.
ReplyDeleteඅහා...
ReplyDeleteමේකේ තේරුම මෙන්න මේ වගෙයි,
ඔබ තේරුම් ගැනීමට අමාරු කෙනෙකි. ඔබ එකම සිද්ධියට හෝ කාරණාවට කිහිප ආකාරයකින් ප්‍රිතිචාර දක්වන්නෙකි. ඔබේ පිළිතුර එකක් හෝ දෙකෙන් එකක් වුනා නම් මට තේරුම් ගැනීමට පහසුය. නමුත් ඔබ සැම විට වෙනස් වෙනස් පිළිතුරු, ප්‍රතිචාර දක්වන්නේය. මා ඔබ තේරුම් ගන්නට දරන උත්සාහයන් අඩුවන කල ඔබ මා අතරමං කිරිමට දරන උත්සාහයන් වැඩි වෙනවා දුටිමි. කෙටියෙන් කිවතොත් ඔබ සංකීර්ණ වස්තුවකි මා සරල වස්තුවක් වන විටදී.
/බිඟුවා...!
me mokadda mea... mat nikan mol wageyi...
ReplyDeleteoya tiyenne danna sinhalen... mama issaralaa post eka daana kalin oya ekak daala. kamak naa. mekanam terenawa.
ReplyDeleteමට නම් මේක තේරෙනවා. පැහැදිලි කරන්න එපා. එතකොට රසය නැතිවෙනවා
ReplyDeleteතැංකූ වේවා පැහැදිලි කරාට. අම්මපා ඇත්තටම සිරා තෙරුමක් තියෙනවනෙ. සමහර දේවල් පැහැදිලි කරා කියලා රසය අඩුවෙන්නෙ නෑ.
ReplyDeleteයකඩෝ........ හොඳ මීටරයක් හොයලා කුප්පියක් දා ගන්න ඕනෙ මේකට
ReplyDeleteඑල එල. තව කියපන් මචං. මට නම් ඕ.කේ මේක
ReplyDeleteඅපූරුයි!
ReplyDeleteඑල කවිය. මට ඒ ලෙවල් කාලෙ මතක් උනා.
ReplyDeleteපැහැදිලි කරාම තමයි මට නම් තේරුනේ.ලස්සනයි.ඒත් පැහැදිලි නොකරම අපිටත් තේරුම්ගන්න පුළුවන් කවිත් ලියන්න.
ReplyDelete@අනුරාධ, විජයබාහු, දනික, දසයා
ReplyDeleteස්තුතියි ඔන්න....
@කදුළුබිංදු,
හරි හරි...
ආයේත් මේ වගේ එකක් ලිව්වොත් පැහැදිළි කිරීමත් දාන්නම්කෝ.
meka kohomda?
http://bingunada.blogspot.com/2010/02/blog-post_10.html
/බිඟුවා...!