January 29, 2010

අද දුරුතු පෝයයි...

අද මගේ බිරිඳගේ නිවසෙන් පන්සලට දානය භාරගෙන තිබුණි. සෑම අවුරුද්දකම පළමු මස පෝය දිනයේ සිල් ගත් අය වෙනුවෙන් දවල් දානය බිරිඳගේ පවුලෙන් වීම දැන් බොහෝ කලක පටන් කරගෙන එන පුරුද්දකි. දවල් දානය අවසන් වී හවස අප සියලු දෙනා බෝධි පුජාව සඳහා පන්සලට ගියේ සුපුරුදු ලෙසිනි. පන්සලේ හාමුදුරුවෝ කියූ බණින් පොදක් ලියන්නට සිතුවෙමි.


සිරිත්-විරිත්:
අද අපේ හාමුදුරුවෝ  මේ ගැන කතා කලා. සිරිත් කියන්නේ අපි හුරු පුරුදු කල යුතු ක්‍රියාවන් බවත් විරිත් යනු අත්හල යුතු ක්‍රියාවන් බවත් පැවසුවා. අවංකව කියනවානම් මම අද තමා විරිත් යන්නේ තේරුම දැන ගත්තේ. ඒක නිසයි මම ඒක ගැන ලියන්න හිතුවේ. ඒත් මේ වචන දෙක නම් එකසිය ගානට මම පාවිච්චි කරලා තියෙනවා. චාරිත්‍ර-වාරිත්‍ර කියන එකේ තේරුමත් එහෙමයි කියලාත් කිව්වා.

පෝය: 
සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරට පත් වන්නේ මෙවන් පෝය දිනයකදීය. බුදු රදුන් මහා සංඝයා එකතු කොට ප්‍රථම ධර්ම සාකච්චාව පවත් වන්නේද මෙවන් පෝය දිනයකදීය. 

සංවාදය:
සිල් ගන්නා අයට දවල් දානය නැවැත්තීම: 
හේතුව: 
සිල් ගන්නා අයගේ දරුවන් පන්සලට නොපැමිණීම

මෙහිදී කියවුනු කරුණක් වුනේ තරුණ පරපුරේ අයගේ දෙමාපියන් පන්සලට එන බවත් සිල් සමාදන් වන බවත් ඔවුන්ගේ දරුවන් පන්සලේ පස්වත් නොපාගන බවත්ය. මෙය සැබෑවකි. සමහර දරුවන්ට තම දෙමාපියන් සිල් ගන්නවා යැයි පැවසීමද ලජ්ජාවට කරුණකි. නමුත් මෙය ආඩම්බර විය යුතු දෙයකි. කෙසේ වෙතත් සිල් ගත් අයට දානට නොදීම මෙයට පිලියමක් නොවන බව මගේ මතයයි. එසේ කර දරුවන් පන්සලට ගෙන ආ යුතුද? එසේ කිරීමෙන් සිල් ගත් අයට වන අපහසුව කෙතරම් විය හැකිද? පින්වත් දරුවෝ දෙමාපියන්ට සලකති. එමනිසා මෙය කල යුතු කරුණක් ලෙස මම නොදකිමි.



ප:ලි:


සමාවන්න:
මෙම අදහස ගෙන ආවේ දායකයින් වන අතර හාමුදුරුවෝ ඊට එකඟ නොවූහ. මට එම අදසහ ලිවීමට අතපසු වීම ගැන සමාව අයදිමි ( විශේෂයෙන් තරිඳුගෙන් සහ පිස්සගෙන් ). 

5 comments:

  1. මොන ගොන් කතාවක්ද ඒ ? සිල් ගන්න කට්ටියට දානේ නොදීම ? උන්නාන්සේගේ මොලේ කොලොප්පන්ද ? ධර්මයේ එක ගුනයක් තමා "එව බලව" කියන්නෙ. බුද්ධාගම නීති දාල බලෙන් පෙන්නන්න බෑ. තමන් විසින්ම ඇවිත් බලන්න ඕනෙ. අනික දැන් පන්සල් වල කෙරෙන විච්චූ‍ර්ණ නිසා තරුණ පරපුර පන්සල් වලින් ඈත් වෙන එක පුදුමයක් නෙමේ. මම සිව්රු ඇරල අවුරුදු 2 1/2 ක් විතර වෙනවා. මේ කාලෙටම මම පන්සලකට ගියේ 1 පාරයි. ඒකත් ගිය අප්‍රේල් වල දහම් පාසලේ අවුරුදු උත්සවයට. ඒ උනත් හැමදාම සිල් ගන්න ගොඩ දෙනෙක්ට වඩා මගේ බෞද්ධකම රැකිල තියෙනවා.

    ReplyDelete
  2. තරිදුත් එක්ක මාත් එකඟයි.. ඇත්තටම ඒක මහා හතර බීරි ගොන් කතාවක්නේ..
    හාමුදුරුවොන්ගේ අතින් පයින් යනවයැ කියලද?
    අනිච්චං දුක්ඛේ!!!

    ReplyDelete
  3. @තරිඳු, පිස්සා

    සමාවන්න:
    මෙම අදහස ගෙන ආවේ දායකයින් වන අතර හාමුදුරුවෝ ඊට එකඟ නොවූහ. මට එම අදසහ ලිවීමට අතපසු වීම ගැන සමාව අයදිමි.

    /බිඟුවා...!

    ReplyDelete
  4. ඒක තමා මාත් බැලුවේ...
    මොන විකාර වැඩක්ද ඒ...
    ඒත් දායකයෝ කරන්න ගිය වැඩේ නම් චාටර් හලෝ...
    :(

    ReplyDelete
  5. mmm...
    but it seems a good idea...
    :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!