January 20, 2010

වාස්තු විද්‍යාව


මා විසින් නව නිවසක් සෑදීම කටයුත්ත මීට ටික කලකට ඉහතදී ආරම්භ කල බව මීට පෙරද පවසා තිබේ. මෙම ලිපිය ලියැවෙන්නේ එම කටයුත්තේදී මා විසින් උගත් යම් වාස්තු විද්‍යාව රහස් කිහිපයක් පිළිබඳවය.

කොළඹ රටේ ඇත්තෝ වාස්තු විද්‍යාව කෙරෙහි එතරම් සැලකිල්ලක්, උනන්දුවක් නොදක්වති. එසේම විශ්වාසද නොකරති. නමුත් එහි යම් යම් සත්‍යතාවක් ඇතැයි මට හැඟේ. එ නිසා මා එය ඉගෙනීමට උත්සාහ වන්නට විය. මෙහි එන කරුණු බොහොමයක් මා පොත පතින් උගත් දෑය.

වාස්තු යනු සංස්කෘතික වචනයකි. යෝග, ආයුර්වේද හා ජෝතිෂ්‍යය වැනිම වාස්තු ද ඉන්දියාවේ උපත ලද්දක් ලෙස සැලකේ. මෙහිදී වාස්තු විද්‍යාව හා ජෝතිෂ්‍ය විද්‍යාව අතර අනොන්‍ය බැඳීමක් ඇති බව බොහෝ ප්‍රසිද්ධ කරුණකි. ඉතා ඈත අතීතයේදී මෙම විද්‍යාව සම්බන්ධව උපදේශකවරුන් 18 දෙනෙකු සිටි බවට "අග්නි පුරාණ" නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ.





එම 18 දෙනා මෙසේ දැක්විය හැකිය.
  1. භෘගු 
  2. අත්‍රි 
  3. වසිෂ්ට 
  4. විශ්වකර්ම 
  5. මය 
  6. නාරද 
  7. නග්නජිත් 
  8. විශාලාක්ෂ 
  9. පුරන්දර 
  10. බ්‍රහ්ම 
  11. කුමාර 
  12. නන්දිශ 
  13. ශෞනක 
  14. ගර්ග 
  15. වාසුදේව 
  16. අනීරුධ 
  17. ශුක්‍ර 
  18. බ්‍රහස්පති

එලෙසම වාස්තු විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් 3ට බෙදිය හැකිය.
  1. නිවාස සඳහා වාස්තු
  2. බාහිර ස්ථාන සඳහා වාස්තු
  3. පොදු/පූජණීය ස්ථාන සඳහා වාස්තු


මෙම ලිපි පෙල ලියැවෙනුයේ නිවාස සඳහා වාස්තු යන කොටස සම්බන්ධයෙනි.


පිංතූරය

17 comments:

  1. අහා...!
    අලුත් රස්සාවක් පටන් අරගෙන වගෙයි.... (විහිලුවට )

    නියමයි, නියමයි...
    මාත් මේක විස්වාස කරනවා... ඔයා ලියන්න දිගටම....

    ReplyDelete
  2. i also believe this

    ReplyDelete
  3. එළ එළ දිගටම කරගෙන යමු...

    ReplyDelete
  4. මමත් ගේ හදන්න පටන් ගත්තු කාලේ මාමා බල කරලා කියපු හින්දා එයා දීපු පොතක් බැලුවා. ඔය සබ්ජෙක්ට් එකට ගුරාලා වැඩි හින්දා එක එක පොත් වල තියෙන සමහර කාරනා පරස්පරයි. ක්‍රමවේදය නම් building code එකක් බලලා structure එකක් design කරනවා වගේ තමයි...කොහොමත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ නේද මී මැස්සෝ.

    ReplyDelete
  5. මමත් ගෘහණිර්මාන ශිල්පියෙක් විදිහට (ඇත්තෙන්ම මගේ වෘත්තිය ප්‍රමාන සමීක්ෂක) නිර්මාන රාශියක් කරලා තියෙනවා . . ඒත් පොඩි පොඩි ඉඩම් වලට නිවාස සැලසුම් කරද්දී නම් ඔය වාස්තු විද්‍යාව ට අනුකූල්ව අඳින්න ගියොත් හදාගන්න වෙන්නේ එක කාමරයක් වගේ දෙයක් විතරක් නිසා ඉංජිනේරුමය. . විද්‍යානුකූල පදනමක් තියෙන දේවල් හැර අනිත් ඒවා මම නම් බැහැර කරනවා . ..

    ReplyDelete
  6. දැං දිගටම වාස්තු විද්‍යාව ගැන ලියන්නද කල්පනාව ?? :s

    ReplyDelete
  7. ela.
    i like this case.

    ReplyDelete
  8. @විජයබාහු.
    ඒක හරි මචං, ඔය එක එක පොත්වල් එක එක විදියට තියෙනවා, ඒත් සමහර සිද්ධාන්ත ඔක්කොගෙම සමානයි. විස්තර කරල ලියනකොට වැරදියට ලියවෙන්න පුලුවන්, මොකද මේවගේ උපත ඉංදියාවෙනෙ, ඒ කියන්නේ සංස්කෘතවලින් තමා ලියලා තියෙන්නේ. ඉථින් වෙදෙ හරිනේ...

    @දුකා,
    ඔව් දුකා, ඔය කියන විදි‍යට මේක ගලපන්න බෑ, හේතුව ඉඩමේ ප්‍රමාණය, නමුත් වාස්තුවේදී කියලා තියෙනවා අපි සැලකිල්ලට ගන්න ඕනෑ ස්වාභාවික භූ ලක්ෂණ ගැන කියලා. ඒ කියන්නේ කඳු, ඇළ මාර්ග මිසක් 10 පර්චස් ඉඩම් කෑල්ලක් ගැන නෙමෙයි. අනික මේ කියන කතාවල පොඩි හරි සත්‍යතාවක් තියෙනවා කියලා මට හිතෙනවා. නැත්නම් මෙච්චර කල් ඕක පවතින්නෙත් නෑ...

    @ඉශාන්,
    ම්.. ම්... පොඩ්ඩක් මේ ගැනත් ලියනවා, මොකද මේ ගැන සිංහලෙන් ලියවුනු තැනුත් ටිකක් අඩුයිනේ. කාට හරි ආස හිතුනොත් ඉතින් කියවන්න බැරියෑ...


    /බිඟුවා...!

    ReplyDelete
  9. I too buiding my house these days..

    I had two issues related to 'Wasthu'.

    1. Is it bad to have three door frames (ulu wahu) in line

    2. Is it bad if you can see the back garden thro the house..when you enter from the front door

    Let me know if you find answers. :)

    Thanks

    ReplyDelete
  10. @කිරී,

    එහෙම එකක් තියෙනවා. එක දිගට උළුවහු 3ක් එන්න හොඳ නෑ කියලා. කතාව මෙහෙමයි,

    අපේ ගේ ඇතුළට එන ශක්තිය අපි නවතා ගත යුතුයි. අපි කාමර බෙදන්නෙත් ඒ හින්දයි. එක එක කාමර එක එක කාර්යයන්ට යොදා ගන්නෙත් ඒක නිසා. අපි කියනවා කුස්සිය තියෙන්න ඕනෑ ගිණිකොණ දිසාවේ කියලා. මේක වෙන්නේ ඉඩමක ශක්තිය ගලා යන්නේ ආකාරය අනුවයි. ඉතින් මෙම විද්‍යාවට අනුව ශක්තිය දොරවල් තුනක් පහු කරගෙන යනවා රැදෙන්නේ නැතුව....

    මම දකින දේ තමා ශක්තිය පිළිබඳ අනතුරු භාවය. ඒ කියන්නේ ගොඩනැගිල්ලේ ව්‍යුහය ගැන සැළකීමේදී මේය යම් බලපෑමක් කළ හැකිය. බිත්තිවලින් ලැබෙන ආධාරය අවම වීම ආදී කරුණු මෙයට අදාල වේ.

    කෙසේ නමුත් මගේ මතය නම් ඔබේ පිහිටීම වෙනස් කිරීම වඩාත් යහපත්ය. නැත්නම් සැමදා ඔබ තැවුලට පත් වන්නේ සිතේ පවතින මෙම සැක සංකා නිසා‍ය...

    /බිඟුවා...!

    ReplyDelete
  11. මේ ගැන දිගටම ලියන්න.මම නම් මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.නොදන්න දෙයක් ගැන කියවන්න ලැබෙන එකට මම කැමතියි.

    ReplyDelete
  12. @ප්‍රියන්ත
    කියවන්න කට්ටිය ඉන්නවානම් ලියන්නම් නැතිවෙන්න...
    හික්ස්....

    @කිරී,
    ඒක සුළු දෙයක්

    /බිඟුවා...!

    ReplyDelete
  13. බිඟුවො හැමදෙම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැහැ. එක මමත් ඉගෙන ගත්තා.

    ReplyDelete
  14. @රවා,
    ඒක හරි..
    මම හිතන්නේ හේතුව නම් විද්‍යාව එතරම දියුණු නෑ කියලායි..

    /බිඟුවා...!

    ReplyDelete
  15. නියම වැඩක්, මමත් මේගැන ඉගෙනගන්න ගොඩාක් කැමති. එත් කවුරුවත් වාස්තු උගන්වන්නෙ නෑනෙ. මට ඔයාගෙ ලිපිපෙල නම් හුගක් වටිනවා.

    ReplyDelete
  16. දොරවල් තුනක් එක දිගට එනවානම් එක ඩිසයින් එකක් නෙමෙය්. හුගාක් වාස්තු නොදන්න අය හරියට ෆීල්ඩ් එකෙ ඉන්නවා. දොරවල් තුන එක දිගට තිබ්බහම එහා මෙහා එලිය යන නිසා සතුන් හරහා ගමන් කිරීමට තියෙන ඉඩකඩ වැඩියි. එහා පැත්තෙ තනකොල කන්න මෙහා පැත්තෙ ඉන්න හරක් ගෙ මැද්දෙන් යනවා.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!