January 9, 2010

මී රැජිණට ගේමක් කෝල් කරපු ගල් බමරෙක්

අදනම් කියන්න යන්නේ මී රැජිණට ගේමක් කෝල් කරපු ගල් බමරෙක් ගැනයි.

ගිය සතියේ සෙනසුරාදා මී රැජිණ ගියා බොරැල්ලට පොඩි වැඩකට. ගිහිල්ලා ආපහු එනකොට ආවේ බස් එකේ. ඔයාලා දන්නවනේ රැජිණට දැන් පැටියෙක් හම්බ වෙන්න කියලා. ඉතින් රැජිණ සාමාන්‍යය බස් එකකට නගින්නේ නැතුව ඒ.සී. බස් එකකට නගින්න තමා ඉඳලා තියෙන්නේ. මොකද කියලා ඔයලා දන්නවනේ.

ඇය බොරැල්ලෙන් පිටව 120 බස් පාරටවිත් බණ්ඩාරගම - කොළඹ බසයක් එනතුරු සිටියාය. පළමු බසයේ සෙනඟ බොහෝ සෙයින් ද ඇය ගොද වූවොත් ඉඳගෙන සිටින අයෙක් ආසනය දෙන්නට වන සෙයින්ද ඇය එම බසය මග හැරියාය. දෙවනුවට පැමිණි බසයේ මගීන් සිටගෙන නොසිටි බැවින් ඇය එම බසයට ගොඩ වූවාය. එවිටම කොන්දා සුපුරුදු විදියටම

"ඔය බොරලැස්ගමුව බහින එක්කෙනා සීට් එක දෙන්න..." කියමින් ඇයට අසුනක් ඉල්ලා දීමට ඉදිරිපත් විය. නමුත් මේ බොරැලැස්ගමුව බහින මගියා සිටියේ තරමක් ඈත අසුනක බැවින්

"ඔය ඉස්සර මහත්තයෙක් සීට් එකක් දෙන්න" ආයෙත් කියන්නට විය.

මේ සමගම අසල සිටි එක් නාඹර ඹමරෙක්

"චඃ... මොනාද මංදා... සෙනඟ ඉන්න බස්.... "

කියමින් මොනවදෝ මුමුණමින් තරහෙන් පිපිරි පිපිරි ඇයට අසුන පිළි ගැන්නුවා ( ද නැත්නම් දමලා ගැහුවද මන්දා...)
මෙය ඇසුන රැජිනට මදක් අපහසුවක් විය. ඇය බස් රියේ සහායකයා දෙසට හැරී අසරණව වචනයෙන් නොව හැගීම් වලින් දුක පවසන්නට වූවාය. (මගෙත් කරුමෙක මහත! මන් හිටියානම්.... )

ඇයට බසයෙන් බැසයාමට තරම් වූවාය. මෙම බසය මාතර දක්වා යන්නේ නැත. ඇනුරාධපුර දක්වා යන්නේද නැත. නුවර දක්වා යන්නේද නැත. යන්නේ බණ්ඩාරගම දක්වාය. සාමාන්‍යය දුරකි. නමුත් නියම් පිරිමි වන අපිට හිටගෙන ඔය කී ඕනෑම දුරක් යා හැකියය. කිසිදු විභාගයකින් තොරව බඩදරු අම්මෙකුට ආසනය පිදිය හැකිය.
(දිනක් මා නුවර සිට කුරුණෑගල දක්වා සිටගෙන ගියේ මමත් රැජිණත් එකට සිටි අසුන අම්මා කෙනෙකුට පුද කරමිනි. මෙය පැවසුයේ මා ගැන වර්ණනා කිරීමට නොව අර නාඹරයාගේ සවුත්තු වැඩේ හා සැසඳීම උදෙසාය. )

මීට වඩා මේ පිළිබඳව ලීවොත් ලියන්න වන්නේ තිත්ත කුණුහරුප ටිකක්ය. එම නිසා මම නවතිමි.

අඃ! කියන්න අමතක උනා අර ඹමරා පිළියන්දලින් බසයෙන් පිට වූ අතර කොළඹ සිට පිළියන්දලට තරම් දුරක්වත් ඔහුට සිටගෙන ඉන්න බැරිද?

පිංතූරය

27 comments:

  1. ඔහොම තමා මී මැස්සයියේ දැන් කාලෙ.මුන්ට අමතකයි උන් ආවෙත් ගෑණියෙක්ගේ බඩේ ඉඳල කියල. සමහර පිරිමින්ට වඩා හපන් ගෑණු.

    ReplyDelete
  2. මට මාව පාලනය කරගන්න බැරි වෙනතරම් තරහක් යන තැනක් මෙතන. දවසක් බස් එකක අවජාතක බල්ලෙක් එක්ක ගහ ගන්න ගියා. පස්සෙ කොන්දායි කට්ටියයි පැනලා මම ගුටිකන එකෙන් බෙරගත්තෙ. අක්කා කෙනෙක් නැගලා බස් එකට මැද හරියක් එනකන් ආවා කස්ටියම නිදි කොන්දා පිටිපස්සෙ ඉන්න එකෙක් ව කුද්දලා කියන්න ගියාම මෙකා කොන්දගෙ ඇගට පනින්න ආවා. අපිට එතොකොට තෙරුනා මෙකා බොරුවට නිදි වගෙ ඉදලා තියන්නෙ කියලා. මගෙ ඇග වෙව්ලුවා එ වෙලාවෙ.. මාර තරහක් ගියෙ අර දරුවෙකුත් දරාගෙන ඉන්න නොදන්න අක්ක වෙනුවෙන්. හැබැයි එතන මිනිස්සු අන්තිමට මං දිහැ බැලුවෙ පිස්සෙක් දිහැ බලනව වගෙ... මම මිගොමුවෙන් බැහැලා තව බස් එකක් ගත්තා.

    ReplyDelete
  3. samahara hu... putaalaata mataka nee un aawe koheda kiyaawath...

    ReplyDelete
  4. සමාවෙන්න මම ඔකේ දෙපැත්තක් දකිනවා?
    ගැබිණි මාතවකට දුරද ලගද බලන්නේ නැතිව අනිවා සිට් එකක් දේනන ඔනා

    හැබැයි සමහර අම්මලා බස් වලට නගිනව, හිතලා මතලම බස් එකට නගින්නේ මගින්, එත් අතේ ඉන්න දරැවගේ කකුල් බිම ගැවෙනවා. ඔය වෙලාවට ඉතින් මටත් ඇත්ටම කේන්ති යනවා. එත් එහෙම අවස්තාවලදිත් මං නම් සිට් දිලා තියනවා. තවදෙයක් ඉදගත්ත සිට් එකට අනික් සිට් එක හිස් උනොත් මෙ අම්මලා එම සිට් එකේ අර දරවාව තියනවා ඇරෙන්න, සිට් එක දිපු මනුස්යා දිහා ඇහැක් ඇරලා බලන්න් නැහැ

    ReplyDelete
  5. Rava, ithin umba seat eka dunna nam iwarai ne?

    Machan meka kiwwata tharaha wenna epa. Namuth mama oka dakinne samanya hengeem walata yata wechcha post ekak widihata witharai.

    Porawal tika talks denna patan ganna kalin ithuru tikath ahala imu. Mage malli ipadenna innakota mata wayasa awurudu 7. E kale api pansal gihin bodhi poojawak karala enakota sehena re wuna. Bellanwila indan api hitapu gedarata maha durak ne (peya baagen - winadi 45n enna puluwan). Eda api thun dena negga wela weth oya wagema siddiyak wuna. Kawuruwath ammata seat ekak dunne ne. Hebei eda mage thaththa karapu eka deyak mama dekka. Konda issaraha inna ekek negittanna yana kota thaththa athin alla la kiwwa epa kiyala, katawath notherena widihata.

    Eda mata oka gena echchara wetaheemak thibbe ne. Passe denumak therumak thiyena kaalekata awahama mama ammagen oya gena ahuwa, tharaha hithune nedda kiyala. Amma dunne hari sarala uththarayak. Amma hitapu thaththwe witharai amma danne, anith minissunge prashna gena eya danne ne, eka hinda ehema minissungen balaporoththu wenneth ne kiyala.

    Api hemadama yuthukam gena kathakaranne apita avashya wenakota. Umba ehema nowenna puluwan, namuth hemathissema yuthukama gena prashna athi wenne kaata hari mokawath beri wunahama. (Ammala thaaththalata hondata salli thiyenwanam api ahnne ne ne puthala yuthukam kara da kiyala?)

    Umba inna thaththwe hetiyata umbata tharaha yana eka saamanya deyak. Namuth thamange deyak udesa anith minissu udaw wenna one kiyala hithana eka mata therena widihata weradi balaporoththuwak.

    Kiyapu de gena tharaha ganna epa. Puluwannam prashne gena depaththenma hithapan. Eka minihekuta amaru kamak thiyenawa kiyana eka anith minihekuta e minihage jeevitheta prashnayak karaganna one ne ne?

    ReplyDelete
  6. @වැප් මාත් ඔය සීන් එක නං දැකලා තියනවා, වයස 6,7 ළමයි වඩාෙගන නගිනවා. එ්ව නං ෙහාඳ වැඩ නෙවෙයි

    ReplyDelete
  7. අප්පා මට කියන්න අමතක උනානෙ මම කරපු වැඩක්. මේක උනේ මම මහණ වෙලා හිටපු කාලේ. මම ගෙදර ඇවිත් ආපහු නුවර යනවා. වෑතරින් 120 බස් එකකට නැග්ග. හිස් බස් එකක්. මම ඉතින් හාමුදුරු සීට් එකේ වාඩි උනා. කැස්බෑව හරියට යනකොට සීට් ඔක්කොම පිරෙන්න සෙනග. බබෙක් හම්බවෙන්න හිටපු අක්ක කෙනෙක් නැග්ග. එකෙක්වත් සීට් එක දෙන්නෙ නෑ. මම මොකෝ කරන්නෙ ? සීට් එක දීල මට නැගිටල යන්න බෑනෙ. අන්තිමට මම නැගිටල ඒ අක්කට සීට් එක දීල බස් එකෙන් බැස්ස.

    ReplyDelete
  8. ඕවා ඔහොම තමයි.. මේ ලංකාවනේ..:-)

    ReplyDelete
  9. @ Anonymous, uba uththara deela thiyenne post eke thiyana seen ekata adalawa newei

    ReplyDelete
  10. ado palaweni Anonymous!

    umba kiayanna vidiyata umbalage tathtaa udau illane neththe eya udau nokara hindaa wenna puluwan

    but machan, api okkoma minissu, saththu nemei. ekinek udak karagena inna one...

    ube oya P adahas ayin karagena minihek wagei hitapan.

    nethnam ubata budu saranayi.

    meeta porak.

    ReplyDelete
  11. බිගුවෝ ඔවා ගනන් ගන්න එපා මොකද අර පිළියන්දලින් බැහැපු හාදයත් ගබ්බරද දන්නැහැනේ.
    එක නෙමේ ඇයි දන්නැහැ මී මැස්සි අර ගැබණි මාතාවන්ට වෙන්කරපු ෂිට් එකට ගියේ නැත්තේ.

    ReplyDelete
  12. අනිවා... එකට පේන්න බඩ නොතිබුනාට ගැබ්බර වෙන්නැති.

    ReplyDelete
  13. ලැජ්ජා නැති කොස් ඇට මීයෙක්!

    ReplyDelete
  14. 'but machan, api okkoma minissu, saththu nemei. ekinek udak karagena inna one'
    Ai machan, thaniyema jeevath wenna konda pana nedda?

    ReplyDelete
  15. ඔය කියන "තරුණයට" වෙන මුකුත් ලෙඩක් තියනවද කියලා කවුද දන්නේ ;) !!??

    ReplyDelete
  16. මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මම ගොඩාක් දවසට ගැබිණි මාතාවන්ට, සීයලට, ආච්චිලට ඕනෙම කෙනෙකුට මගේ සීට් එක දෙන කෙනෙක්.
    ඒත් මම ඒකෙ දෙපැත්තක් දකිනවා. සමහර ඒවගේ අය හැසිරෙනහැටි හරිම වැරදියි. මම දැකපු සිද්ධියක් මම කියන්නම්.

    දවසක් කුරුණෑගල බස් එකකට යක්කලින් ළමයෙක් වඩාගෙන අම්ම කෙනෙක් නැග්ග. කෙනෙක් ටක්ගාල නැගිටල සීට් එක දුන්න. ඒ අම්ම නිට්ටඹුවෙන් බැහැල ගියේ සීට් එක දීපු මනුස්සය දිහා බලන්නෙවත් නැතුව.එතකොටම වෙන මිනිහෙක් ඒ සීට් එකේ ඉඳගත්ත.

    "මල්ලි මම මම බහින්නෙ කුරුණෑගලින්.කොළඹින් මේ බස් එකට නැග්ගෙ බස් දෙකක් යනකල් ඉඳල, හිටන් යන්න බැරි නිසා.ඒත් බලන්නකො මට වෙච්චි වැඩේ"

    ඒ මනුස්සයට ආයෙ කාටවත් සීට් එකක් දෙන්න හිතෙයිද?

    යක්කලින් නිට්ටඹුවට යන්න ඕනෙතරම් කෙටි දුර බස් තියෙනව වාඩි වෙලා යන්න පුලුවන්. විනාඩි 15-20 දුරක් තියෙන්නෙ. එහෙම තියෙද්දි එයා නැග්ගෙ සෙනඟ ඉන්න දිගුදුර බස් එකකට. බැහැල යද්දි තමන්ට සීට් එක දීපු මිනිහට ආපහු ඒක දෙන්නවත් එයාට මතක නැහැ.(වෙන්කරපු ආසන වලට යන්න එයාල හිතන්නෙවත් නැහැ.)අර මනුස්සය ඒක නිසා පැය 2 හිටන් යන්න ඕනෙ.

    ඔයවගේ සිද්ධි ඕනෙතරම් දැකල තියෙන නිසා, මම කොච්චර සීට් දුන්නත්, සීට් නොදෙන කිසිම කෙනෙකුට මම බනින්නෙ නැහැ. මොකද ඒ කෙනා ඉන්න තත්වෙ අපි දන්නෙ නැහැනෙ...

    ReplyDelete
  17. @ඔක්කෝටම
    ඔව් ඔව්, මාත් කියන්නේ මේකේ දෙපැත්තක් තියෙනවා.

    මං කියන්නෙත් බඩදරු අම්මා කෙනෙක්නම් මොක උනත් අසුන දෙන්න ඕනෑ. මොකද එ‍යාට හිටගෙන යන්න අමාරු හින්දා. පොඩි බබෙක් (නැතුව ලොකු ලමයෙක් නෙමෙයී වඩාගෙන අම්මා කෙනෙක් නැග්ගොත් ඒත් සමානය.
    නමුත් ලොකු ලමයි වඩාගෙන නැග්ගොත් ඒක අනිවා නැත. (ඒ වෙනුවට බබාව ඔබට තබා ගත හැක.)

    අසුන හම්බ උන කෙනා අඩුම තරමින් සිනහවකින් සංග්‍රහ කළ යුතුය. නැවත බසින විටදී අසුන දුන් කෙනා තාම සිටීනම් ඔහුට නැවත එය දිය යුතුය. තම අසළ අසුන හිස් වූවොත් එය අර පුද්ගලයා වෙනුවෙන් පිදිය යුතුය. කෙටියෙන් කීවොත් කළඟුණ සැළකිය යිතුය.

    කෙසේ වෙතත් සමගියෙන් සිටීම වැදගත්ය. තනිව සිටීම ගැනනම් මා එකඟ නැත.

    අසුන නුදුන්නාට බැණි‍ය යුතු නොවේ. ඔබ කියනා සේ ඔහුගේ තත්වය අපි දන්නේ නැති බැවිණි. නමුත් බසයක සි‍යල්ල්න්ටම අසනීප විය හැකිද එක විට.

    /බිඟුවා...!

    ReplyDelete
  18. කතාව ඇත්ත බිඟුවො..ගැබිණි නෙවේ කෙනෙක් මැරිලා වැටුණත් සීට් එකෙන් නැගිටින්නැති මිනිස්සු අද ඉන්නේ..මෙහෙම දෙයකුත් තියනවා නොකියම බෑ..
    සමහර ගෑනු මනුස්සයෝ හිතන් ඉන්නේ ගැබිණි මාතවන්ට සීට් දෙන්න එයාලට බැදීමක් නෑ කියලා..
    මං ගියා දවසක් රත්නපුරේ..ක්ලිනික් එකක් ඉවර වෙලා බස් එකට නැග්ගා අම්මලා බර ගානක්..මාත් දණිපණි ගාලා උස්සන් හිටපු බෑග් තඩිය ළග හිටපු කෙනාට දීල නැගිට්ටා..තව දෙන්නෙක් විතර නැගිටලා දුන්නා ආසන..තව අම්මලා දෙන්නෙක් නැගිටං බලං ඉන්නවා සීට් හම්බෙනකන්..කොන්දා කෑ මොර දෙනවා "ඔය සීට් එකක් දෙන්න කවුරුත් නෑද.."
    බස් එකේ හිටපු හොද පණ තියන ගැහැණු එක්කෙනෙක්වත් නැගිට්ටෙ නෑ..දැක්කේ නෑ වගේ ඉන්නවා..මුන්ට බඩවුනාමවත් තේරෙයිද දන්නෑ

    ReplyDelete
  19. ඔහොම පොරවල් ඉන්නවා බං . .. මොනා කරන්නද . . . අතේ ඇඟිලි පහම එක වගේද . . නෑ නේ . .

    ReplyDelete
  20. @සුපුන්, @දුකා
    හරියට හරි කතාව, උන්ට තේරෙයි දවසක...

    /බිඟුවා...!

    ReplyDelete
  21. Yuthukama gena hithanawa nam me prashna ne. Mama nam seat ekak denakota Dura yana kenekda? Langa bahina kenekda ? kiyala sekayak thiyaganne ne.

    Mokada, dura yana kenek nam, Aniwaryayen mama seat eka diya yuthuyi. Langa bahina kenek nam, mata newatha wadiwenna puluwan!

    Depaththenma awankawa yuthukam ituwenawa nam mahansiya thibunath mahansi ne wage thamayi. Api hamoma duppath minissune..ekayi bas wala yanne. Aathmartha

    ReplyDelete
  22. Samaharu hithanne salli deela ticket ekak gaththama indagena yana eka ayithiwasikamaak kiyala. A waraprasadaya parithyaga karala eetath wada sathutak ganna puluwan kiyana eka samaharunta jeewitheta denila ne...

    ReplyDelete
  23. oslo wala innawa meta wada hoda minissu manussakama danna hamuune nadda..?? mata hamu una jar sita bekkasthuwa yana dhumriyakadi ude pasal welawedi..mama meka wena thanakath liwwa ayeth liyanne kawuru unath mata asunak dhunna ohuta gawrawayak wenna...!!
    ape rate ada bus ekakadi iskole yana lamayek wath aduma gane bag ekak wath ganne nahane kagewath bomba bayatama newe thamange pahasuwata..

    ReplyDelete
  24. oslo wala innawa meta wada hoda minissu manussakama danna hamuune nadda..?? mata hamu una jar sita bekkasthuwa yana dhumriyakadi ude pasal welawedi..mama meka wena thanakath liwwa ayeth liyanne kawuru unath mata asunak dhunna ohuta gawrawayak wenna...!!
    ape rate ada bus ekakadi iskole yana lamayek wath aduma gane bag ekak wath ganne nahane kagewath bomba bayatama newe thamange pahasuwata..

    ReplyDelete
  25. @කමලිකා,
    ඔයා කියන කතාවක් ඇත්ත.
    මොකද මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ..
    ජාතියෙ වැරැද්දද මන්දා...

    ඔයා කොහෙද ඔස්ලෝද ඉන්නේ?


    /බිඟුවා...!

    ReplyDelete
  26. බිඟුවට ඉන්නෙ මී රැජිණක්ද? මම හිතුවෙ බිඟු රැජිණක් කියලනෙ. (ගණං ගන්න එපා විහිළුවක්.)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!