January 8, 2010

බෙලි කනකොට බඩ යනවා

මම අද රැකියාව අහවර කොරලා ගෙදර එන ගමන් පොඩි පළතුරු කඩයක් ළඟ නැවැත්තුවා මගේ නෝනට මොනවා හරි ගන්න කියලා හිතාගෙන. දන්නවනේ ඉතින් මගේ නෝනගේ තත්වේ දැන්. හඃ. හඃ...
ඔන්න ඉතින් මම පළතුරු වල ගනන් අහන්න ගත්තා.

ජනවාරි මාසේ මුල දී ඇඹුල් කිලෝව 80ට විතර නැගලනේ තිබ්බේ, දැන්නම් ඒක අඩු වෙලා. බැලුවහම කෙසෙල් එච්චර හොඳ ඒවා තිබුණේ නෑ. මම දැක්කා පෙට්ටියක දාලා තියෙන බෙලි ගෙඩි ටිකක්. ඔන්න මට ආවා ආසාවක් බෙලි කන්න.
අම්මට විතරද දොලදුක, පියාටත් හැදෙන්න පුළුවන්නේ කියලා මම අහුවා ගාන.

"රුපියල් 50ක් දෙන්නකෝ" කියලා කඩේ අක්කා කිව්වා.
යකෝ බෙලිවලට ගිය කලක් කියලා හිතාගෙන මං කිව්වා "හා දෙන්නකො එහෙනම්" කියලා රුපියල් 100ක් දුන්නා.

මෙන්න බොලේ මේ අක්කා ඔක්කොම බෙලි ටික දානවා උරේකට. අප්පට සිරි! මේ බෙලි ඔක්කොටම තමා 50 කියලා තියෙන්නේ. එතන බෙලි ගෙඩි 8ක් විතර තිබ්බා. හැබැයි සමහර ගෙඩිනම් පොඩ්ඩක් පොඩියි....

ඔන්න මං බෙලි අරගෙන ගෙදර ගිගින් නෝනට දුන්නා. ඒක ගත්ත ගමන් එයා පරණ කවියක් කිව්වා මෙහෙම...

බෙලි කනකොට බඩ යනවා
බඩ යනකොට බෙලි කනවා
තව යනකොට තව    කනවා
-----                  නවතිනවා

මේකේ අන්තිම පදේ හරියටම මතක නෑ.
දන්න කෙනෙක් කියා දෙන්නකෝ....

පිංතූරය

9 comments:

  1. අනෙ බිගුවො.... දැන් නම් කැමෙන් බිමෙන් පරිස්සන් කරන්න මොකද විෂබිජ කියන එ වත් හරිම අමුතුයි... පොඩි වැරැද්දක් උනොත් ජිවිතෙම එපා වෙයි. අතනින් මෙතනින් ගන්න කැම ගෙදර ගෙනල්ලා එයාට කවන්න යන්න එපා ... විහිලු වගෙ නෙමෙ හොදද කොලුවො...@$#@%#@%#$

    ReplyDelete
  2. ඒ උනාට රවා පළතුරු නම් කමක් නෑ කියලයි මම කියන්නේ.

    ReplyDelete
  3. බඩ යන එක එක

    ReplyDelete
  4. යකෝ අපේ ගහේම ගෙඩි ටික කඩාගෙන ගියත් උන් රුපියල් 100ක් දෙන්නේ නැහැ

    ReplyDelete
  5. @රවා,
    ඒ උනාට මං හිතන්නෙත් පළතුරුනම් කමක් නෑ කියලයි.
    උඹ කිව්වා වගේම මම විතරක් නෙමේ, නෝනත් දැන් හරි පරිස්සම්...
    ඉස්සරනම් දකින දකින විච්චූරණ කෑම ජාති කනවා...
    හපොයි දැන් කොත්තුවත් කන්නේ නෑ,

    @ම,
    ඇත්තද?
    බෙලි එච්චර ලාබද?
    නැත්නම් උඹට සල්ලි දෙන්නේ නැතුව අඩුවට ගෙනියනවද?


    /බිඟුවා...!

    ReplyDelete
  6. අනේ බෙලි.. මගේ ආආආආආආසම පලතුරු වලින් එකක්..!!
    හොදයි හොදයි සූටියා සූදු බබෙක් වෙයි.. ශෝක්!!!

    ReplyDelete
  7. අන්තිම පේළිය මළබද්ධය ද?

    ReplyDelete
  8. ekath galapenawaa niyameTa saakuu

    ReplyDelete
  9. @මලී,
    ඔයා ආසම කෑමද? බලාගෙන වැඩියෙන් කන්නේ හරිද....

    @ශාකූ,
    හරියට පදේනම් ගැලපෙනවා. හී.. හී...

    @ඇනෝනිමස්
    ස්තුතියි ආවට මේ පැත්තේ..

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!