January 6, 2010

අපේ බබා - 4 වන මාසය

නොවැම්බර් 20 වැනිදා සිට දෙසැමබර් 20 වැනිදා දක්වා කාලය අපේ බබාගේ 4 වැනි මාසයේ කාල සීමාවයි. පහුගිය මාසයනම් මහත් භයංකාර වූ බව මම පැවසූවෙමි. ඒ භයංකාරත්වය අවසාන වනවාත් සමගම බිරිඳට බොහෝ පහසු කාලයක් එළඹුණේය. එය මට මහත් අස්වැසිල්ලක් විය. දැන් ඇයට වෙනදා තිබූ කෑම අරුවිය වෙනුවට ලොකුම ලොකු කෑම රුචියක් ඇති වී තිබුණි. උදා වමනය නැවතී තිබීමත් කෑම රුචිය නැවත පැමිණ තිබීමත් නිසා ඇය වෙනදාට වඩා ප්‍රීතියෙන් කල් ගෙවන්නට විය. වෙනදාට වඩා මා ඇය අසලින් තබා ගැනීමට වඩාත් ප්‍රිය කළාය. ඒ බව මට ඒත්තු ගියහෙයින් මමද හැකි තරමින් එය ඉටුකිරීමට උත්සුක උනෙමි.



අඃ... කියන්න අමතක උනානේ. මේ වනවිට මගේ බිරිඳ සිටියේ ඇගේ මහ ගෙදර ඇගේ අම්මලා සමගය. මට තනියම පිළියන්දල නිවසේ සිටින්නට සිදු විය. "කලේ පැන් ඇත, නැවුම් රස නැත" යන ගීතයේ නියමාරුත සක්සුදක් ලෙස මට තේරෙන්නට විය. නොවැම්බර් මාසය අවසානයේ මගේ බිරිඳගේ නංගී අපේ නිවසට පැමිණි අතර ඇය ආපසු ගියේ මගේ බිරිඳත් සමගය. එම නිසා මෙම කාලය මා හට එතරම් සුබ කාලයක් නොවීය. වෙනදා උදේට හම්බ වෙන කිරි කෝප්පයේ සිට රාත්‍රී හාද්ද දක්වා බොහෝ දේ මා හට නොලැබෙන්නට වූයෙන් එය මට තදින්ම දැනෙන්නට විය. නමුත් මට ඇයව නිවසේ තනිකර රැකියාවට යාමට වඩා ඇය මහ ගෙදර විසීම සැනසීමක් වූයෙන් මගේ පාළුව තනිකම මා තුලම සිරකර ගන්නට ඉටා ගත්තෙමි.

කෙසේ නමුත් මෙම මාසයේ සෑම සති අන්තයකම මම ඇයට පළතුරු සහ තවත් ඇය ප්‍රිය කරනා තෑගිද රැගෙන ඇය බැලීමට ගියෙමි. මා එනතුරා සෑම සතිඅන්තයකම ඇයට මග බලා සිටියාය. දිනක් ඇය මෙසේ කියන්නට විය.

"කෝ අනේ... තාම මගේ බඩ නෑනේ..."

"තව පොඩ්ඩක් ඉවසන්නකෝ... ඉක්මනටම එයා ලොකු වෙයි" කියලා මම කීවෙමි.

මෙන්න මේ විදියට හතරවෙනි මාසේ ගෙවිලා ගියා. දෙසැම්බර් මාසෙත් ආවා ඒ එක්කම, ඔන්න අවුරුද්දත් ඉවර වෙන්න යනවා...

අහඃ ආයෙත් කියන්න බැරි උනා...
ඔන්න මේ මාසේ ඉවර වෙනකොට නම් බිරිඳගේ බන්ඩි ගෙඩිය ටිකක් ලොකු වෙලා තිබුණා...
එයාටත් සතුටුයි,
මටත් සතුටුයි,
අපේ බන්ඩියටත් සතුටුයි.

පිංතූරය

9 comments:

  1. ඉතිං ඇයි වයිෆ් මෙච්චර කලින්ම ගෙදර ගියේ? ඉතුරු මාස 6ම උඹ තනියමද? හපොයි!!!

    ReplyDelete
  2. hapoy machan...
    umbata kela unnnda iita passe????
    he he

    ReplyDelete
  3. ෙම් ලිපිය අදයි දැක්ෙක්. ලිපිය කියවද්දි මට මතක් ෙවනවා අපි ඒ් දවස් ටික ෙගවපු හැටි.

    ReplyDelete
  4. එයා අම්මලා එක්ක ඉන්න එක උඹට පාළුවක් වුනත් ඒ කාලෙට අම්මලගේ කෑම කන්න එයාලා අසයි මචං . . .

    ReplyDelete
  5. මම ඉස් ඉස්සෙල්ලාමයි මේ බ්ලොග් එක හරහා යන්නේ... හරිම සංවේදී සටහන්... මේ පාලු වැලිකතරේ දිවිය ගෙවන මටත් ඔය "කළේ පැන් ඇත" සින්දුව මතක් වෙන වාර අනන්තයි... මගේ උන්දෑ හැතපුම් දහස් ගනනක් ඈත... ඔබට එසේ නොවේනේ... අපි ගැන හිතලා හිත හදාගන්න... මගෙ ලොක්කාටත් දැන් වයස දොලහයි... ඔබ මාව අවුරුදු දහතුනක් එපිටට ගෙනිච්චා... ඔබ තිදෙනාට ත්‍රිවිධ රත්නයේම පිහිටයි...

    ReplyDelete
  6. හයියෝ.. මැස්සා තනියෙන්ද මේ ටිකේ.. රැජින ඉතිං ඉතිං මාස ටිකේම එන්නේ නැද්ද? :0

    ReplyDelete
  7. මට නම් පට්ට හිනා මේක දැකලා.. :D
    වැරදියට හිතන්න එපා, බිඟු දෙපළගෙ ප්‍රීතිමත් බව මොන වගේ වෙන්න පුළුවන්ද කියලා කල්පනා වෙලා හිනා ගියේ.. :)

    අපි ඉතින් තාම නෝ ජොබ් + සිංගල්නේ... hence නෝ එක්ස්පීරියන්ස්...

    ReplyDelete
  8. @පිස්සා, මලී,
    පොඩ්ඩක් හිටපංකෝ මචංලා, මං කියන්නම් මොකද උනේ ඊට පස්සේ කියලා..

    @රන්දිල්,
    ආ.. එහෙනම් මම ලියන එක ගොඩාක් හොඳට ඔයාටත් තේරෙනවා ඇති නේද?

    @දුකා,
    හරියටම හරි. ඕකම තමා නෝනත් කිව්වේ...

    @තිස්ස,
    අනිවා. මට මේ සති කිහිපයට මෙහෙමනම් ඔයාට කොහොමද?

    @ශාකූන්තල,
    සිංගල්ද?

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!