March 21, 2010

අපේ බබා - 7 වන මාසය

මෙන්න මේ මාසෙත් ඉක්මනටම ගෙවිලා ගියා. ඉස්සරනම් කාලය ගත වෙන්නේ හරිම හිමින්. ඒත් දැන් තටු ඇවිල්ලද මන්දා... පෙබරවාරි 20 වැනිදා ඉඳලා මාරිතු 20 කියන්නේ අපේ බබාගේ 7 වෙනි මාසය. මම කලි ලිපිය ලියලා හොඳ හුස්මක් ගත්තා විතරයි මෙන්න ඊළඟ මාසෙත් ඉවර වෙලා. හරි...

මේ ගෙවුනු මාසේ නම් බබාට වගේම අපිටත් ගොඩාක් වැදගත් වැඩ තිබ්බා. සුපුරුදු විදියට අපි දෙන්නා ගියා අපේ වෙදදුරා හමබ වෙන්න. අහා... මාර වැඩේනේ. අපි තෝරා ගෙන සිටියේ කුරුණෑගල මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාය.

මොකද රැජිණ තෝරාගෙන තිබුනේ කුරුණෑගල මහ රෝහල පරිශ්‍රයේ මල් වත්තයි. ඉතින් එයට අධිපති වෙද මැස්සා අපි විසින් තෝරා පත් කරගෙන තිබුණා. සුපුරුදු විදියට උදේම කාල වේලාව වෙන් කර ගැනීම උදෙසා බිඟු ඇමතුමක් දුන්නා මල් වත්තට. මෙන්න බොලේ වැඩේ. වෙද මැස්සා පලා ගොයින්. ගම්පහ මල් වත්තට. අලුත් වෙද මැස්සෙක් ඉන්නව කිව්වා. මොනා කරන්නද?
ආපහු ගම්පහ යන්නයෑ.. අලුත් වෙද මැස්සාව තෝරා පත් කරගෙන අපි ගියා.
අපේ පැටියගේ
"සද්දේ හොඳයි" කිව්වා. බර හරි කිව්වා.
ලොකු දෙයක්නම් කිව්වේ නෑ. ඉතින් ප්‍රශ්නයක් නැති හින්දා අපි සතුටෙන් ආපහු මී වදයට වැදුනා....

පහුවදා පිරිත් වැඩ සටහනක් තිබ්බා අපේ බිඟු පැටියා වෙනුවෙන්. ඔයාලා දන්නවා වගේම මාස 7 පිරෙන්න කලියෙන් පිරිත් කියනවනේ. සමහර පලාත් වල මාස 7 ට පස්සේ තාමා පිරිත් කියන්නේ. ඒත් අපේ ගමේ වැඩිහිටියෝ කිව්වා මෙහෙම.

"හරි විදිය නම් මාස 7 පිරෙන්න කලියෙන් පිරි කියන්න ඕනේ. මාස 7ට පස්සේ ඕනේ වෙලාවක බබා හම්බ වෙන්න පුලුවන්."
 නැත්නම් ඉස්පිරිතාලේ ඉඳගෙන තමා පිරිත් කියන්න වෙන්නේ.
අනික ඔය වරු පිරිත් නම් හරි යන්නේ නෑ. ඒකේ බොරුව කරන්නේ....
නිකන් වරු 3 අවිල්ලා පැය 2ක් විතර කියලා යනවා.
කරනවනම් හරියට කරපන්, නැත්නම් නිකන් ඉඳපන්...

ඔන්න ඔය වගේ 1000 කතා කියන්න ගත්තා. සමහර එව්වා නම පිළිගන්න පුලුවන්. වරු පිරිත් අම්මට ලේසියි. සර්වරාත්‍රික පිරිත් කියන්නේ දන්නවනේ.... ඉතින් කොහොම හරි ඔන්න සරවරාත්‍රික පිරිතක් කියන්න ලෑස්ති උනා...

උදේම මම තාත්තා එක්ක ගියා තල් පිති හොයන්න. සමහරු නම් ගන්නේ කෙහෙල් කඳන්. ඒත් ඒකට වැඩියෙන් මේක හොඳයි. මොකද කෙහෙල් ගහ අපරාදේනේ. තල් පිති ඕනේ මොකටද කියලා දන්නවනේ. පිරිත් මණ්ඩප්පේ පාදම හදා ගන්න. තල් පිත්තේ හිලක් හදලා කෝටු හිටවන්න පුලුවන්නේ. ඊට පස්සේ ගියා වැට මාර (ඇල්බීසියා ) කෝටු හොයන්න. අපි පාර දිගේ  යනකොට මෙන්න විදුලි බල මණ්ඩලෙන් ඇවිල්ලා පාර දිගේ ගස් කපනවා. ඒක නම් නියම වාසිය උනා. අපිට තිබුනේ කපාපු ගස්වලින් හොඳම ලී හොයා ගන්න විතරයි.

"වාසනාව... වාසනාව..." තාත්තා එහෙමත් කිව්වා...

ඊට පස්සේ තිබ්බේ ගොක් අතු හොයාගන්න. මල්පැල 5කට. ගස් කිහිපයටම නගින්න උනා. අද මම නැග්ගේ නෑ. තාත්තා තමා. මම අද සහායකගේ චරිතය. ඒවත් හරි. පස්සේ කඩෙන් ගන්න බඩු. නූල්, පහන් වැටි, සුවඳ කුඩු, සාම්බ්‍රානි, සූකිරි.... ඔය වගේ ලිස්ට් එකක්ම තිබ්බා.

ඔන්න ඔක්කොම බඩු ලෑස්ති කරගෙන පිරිත් මණ්ඩප්පය සූදානම් කලා. රාත්‍රී 7ට විතර පිරිත් පටන් ගත්තා. රැජිණ පිරිත් මණ්ඩප්පේ ඇතුලේ. කිව්වට පිලිගන්න... එයා එළි වෙනකන් ඇහැරිලා හිටියනේ.. පොඩ්ඩක්වත් නිදි නෑ.. වෙනදා අපේ බබ රෑට හරියට දඟලනවා. ඒත් එදා රෑ කිසිම කරදරයක් නෑ. පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා විතරමයි. මම නම් පොඩි නින්දක් දැම්මා.




ඉතින් ඔය විදියට තමා මේ මාසේ ගෙවිලා ගියේ. කට්ටිය අහලා තිබ්බනේ මොකද උනේ කියලා. මේකයි හේතුව උනේ සයිබර් යායට එන්න බැරි වීමට.

52 comments:

  1. දැන් ඉතින් හැම වෙලේම කල්පනාවෙන් ඉන්න ඕනෙ කාලෙ. අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  2. @විහඟි,
    ඔව් ඔව්... මේ ලඟදීත් පොඩි බඩේ අමාරුවක් හැදිලා අපි දෙන්නා බය උනානේ...

    /බිඟුවා...!

    ReplyDelete
  3. අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි!

    ReplyDelete
  4. තාත්තටයි අම්මටයි බබාටයි තුන්දෙනාටම තෙරුවන් සරණයි!

    ReplyDelete
  5. @වැප්,
    යාන්තම් ඇති මාවත් එක් කර ගත්ත එකට.
    මට අමතක උනා විහඟිගෙන් හ ඇනීගෙන් ඕක අහන්න...

    /බිඟුවා...!

    ReplyDelete
  6. බිඟුවාටත්, බිඟු රැජණටත් ලැබෙන්න ඉන්න බිඟු පැටියටත් රත්නත්තරයේ පිහිටයි !!!

    ReplyDelete
  7. @ චතුරංග රූපසිංහ,
    යාලුවා එතකොට ඔක්කොම හත්දෙනයි නේද?

    ReplyDelete
  8. @සන්සර,
    ඒකම තව විදියකින්. නියමයි...

    @චතූ,
    ඒකනේ.. සන්සර කිව්වා වගේ ඔක්කොමලා 7 දෙනෙක්නේ...
    හික්ස්...
    අහු උනා නේද කොප්ප ගහන්න ගිහිල්ලා...
    දැක්කනේ අපේ බිඟුලන්ත වැසියෝ අවදියෙන්...

    /බිඟුවා...!

    ReplyDelete
  9. බිගු පවුලට බුදු සරණයි.!

    ReplyDelete
  10. මේ කතාව යටින් හිටපු ප්‍රධාන නලුවා අපි අගය කල යුතුමයි... තමුන්ගේ දරුවාගේ දරුවා වෙනුවෙන් සිතින් ගතින් වෙහෙසෙන ඒ තාත්තට... සීයට... ඔහුගේ සිත මොනතරම් ආනන්දයකින් පිරී ඇද්ද... තම මුණුබුරා හෝ මිණිබිරිය වාසනාවන්තයයි ඔහු දැනටමත් උදම් අනයි...! වාසනාවන්... තම යුතුකම් එක් පරම්පරාවකට සීමා නොකොට ඊලඟ පරම්පරාවත් වෙනුවෙන් කැපවෙන ඒ උතුම් මනුෂ්‍යයාට... මගේ ගෞරවාචාරය....

    ReplyDelete
  11. හිත හොද උඹ වගේ කොල්ලෙකුට කවදාවත් වරදක් වෙන්නේ නැහැ යාලුවා...පුතෙක්ද දුවෙක්ද කියල බැලුවෙ නැද්ද තවම..

    ReplyDelete
  12. මාස 7 යි නෙද ? පොඩි බිගුවාත් ඉක්මනට එයි. අනේ වාසනාවන්.

    ReplyDelete
  13. @මිස්සක,
    ස්තුතියි. එක වචනෙන් ගොඩ දැම්මා නේද?
    කොල්ලා දස්සයා...

    @තිස්ස,
    අනිවා...
    තාත්තලා දෙන්නම එහෙම මහන්සි උනා. අගය කල යුතු අපේ තාත්තලා...

    @මචං,
    බැලුවේ නෑ. ඩොකා කිව්වා අහන්න කලියෙන්ම...

    @V,
    ඔව් ඔව්...
    කොය් වෙලේද දන්නේ නෑ

    /බිඟුවා...!

    ReplyDelete
  14. අනේ දැන් සමනලීට බිඟු පැටියා ගැන දැනගන්න හරිම ආසයි.... අයියාට කාලේ ඉක්මනින් ගෙවෙන්නා වාගේ දැනුනාට සමනලී ඊලග මාසේ පුංචි බිඟු පැටියා කොහොමද හොදින්ද කියලා දැනගන්න ඉවසිල්ලක් නැතිව ඉන්නේ....
    ඔය සුන්දර ආදරණිය මී වදේ හැමදාමත් සතුටින් පිරී ඉතිරී යන්න කියලා සමනලී ප්‍රාර්ථනා කරන්නම්.... බිඟු රැජිණ මේ සටහන් බලනවද? අක්කාවත් ආදරෙන් මතක් කලා කියන්නකෝ...

    ReplyDelete
  15. බිඟු මාලිගාවෙ සතුට පිරිල පිරිල ඉතිරෙන දවසත් ලඟම එනව එහෙනම්.... හා පැටික්කිත් හිතේ කහටක් නැතුව මුලු හා හදින්ම සුභ ප්‍රාර්තනා කරනව... තෙරුවන් සරණයි!!! බිඟු මාලිගාවටම...

    ReplyDelete
  16. ආ... ඔය දීල තියෙන්නෙ අප්ඩේට් ටික. උඔලා තුන් දෙනාටයි බබා වෙනුවෙං උඔලා ​​තෝරං ඉන්න දොස්තර මහත්තයටයි තෙරුවන් සරණයි!
    සයිබර් යායෙ මං ලගදි ආපු එකෙක් උනත්, උඔගේ බබාගේ කේස් එක මම සින්ඩියට එන්න කලිං ඉදලම ෆලෝ කලා. :D

    ReplyDelete
  17. සමාවෙන්න ඕන සුබපතන්න ප්‍රමාද උනාට.

    බිගුවටයි රැජිනටයි පැටියටයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ! පැටියව හොදින් බලාගන්න ඕනෙ බිගුවො....

    එයා එනකම් බිගුලන්තයේ නැන්දලා මාමලා ටික බලාඉන්නවා කියන්න....හුගාක් ආදරෙන්

    ReplyDelete
  18. තව මාස 2කායි. ඊට පස්සෙ බිඟු අඉයත් එක්දරු පියෙක්. ලේසි නෑ.
    මමනම් බලන් ඉන්නෙ බබා පැටියා අම්ම වගේ වෙයිද තාත්ත වගේ වෙයිද කියලා

    ReplyDelete
  19. බිගු පවුලටම සුභම සුභ අනාගතයක්.

    ReplyDelete
  20. @සමනලී,
    ඔව් ඔව්..
    රැජිණ මේ ලිපි ඔක්කොම කියවනවා. සමහර වෙලාවට මං වෙනුවෙන් ඔයාලගේ ලිපිත් කියවනවා.
    විශේෂයෙන් අපේ බිඟුලන්ත වැසියෙන්ගේ ලිපි...
    මම කියන්නම් ඔයා මතක් කල කියලා...

    @හා පැටික්කි,
    බිඟු මාලිගාව කියන වචනේ අද තමා මට හිතුනේ. මෙච්චර කල් මට ඒක ගානක් ගියේ නෑ.
    අහා මේක කියන්න ඕනේ...
    දැනුත් අපේ මාලිගාවේ සතුට පිරිලා තියෙන්නේ පැටික්කියේ...
    පැටියා ආවහම කොහොම වෙයිද කියලා මට බයත් හිතෙනවා...
    පළවෙනි පාරනේ...

    @බුද්ධි,
    හරි මට මතකයි...
    දවසක් මෙහෙම කෙනෙක් සෙට් උනා මං හිතෙන්නේ චැට් එකකින්.
    එයා බ්ලොග් ලියන්නේ නෑ ඒ දවස්වල. නමුත් කිව්ව මගේ බබාගේ ලිපි පෙල දිගටම කියවනවා කියලා.
    හරි නම් ඒ ඔය වෙන්න ඕනේ...
    ඒ උඹ නොවුනත් මචං හරිම සතුටුයි මගේ මේ ලිපි පෙල කියවන කෙනෙක් එදා ඉඳලා හිටිය එකට....
    දොස්තර මහත්තයටයි තෙරුවන් සරණයි!
    ඒක නම් ඇත්ත.... මේ වෙද මැස්සත් මාරු වෙයිද දන්නේ නෑ...

    @දිල්,
    ඒත් මං බැලුවා මොකෝ පරක්කු කියලා...
    පරක්කු වෙලා හරි ආව එකට නම් හෙන සතුටුයි...
    හරි හරි මං කියන්නම්...
    රැජිණගේ බඩට කිට්ටුවෙලා හිමින් කියන්නම්. බබාට ඇහුනාම එයා දෙනවා පා පහරක් මෙන්න මෙහෙම...
    සමහර වෙලාවට රැජිණට මුත්‍රා යන්න එනවා වගේලූ...

    @මකරා,
    මං හිතන්නේ අම්මා වගේ වෙයි කියලා.
    රැජිණ කැමති මං වගේ වෙනවා නම්. බලමුකෝ තව මාස 2 නේ...

    @නුවන්,
    ඔයාව කාලේකින් දැක්කේ....
    මොකද උනේ හැබෑටම???
    ලෝකාන්තේ ගියා කියලා ආරංචි උනා...

    /බිඟුවා...!

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. @සුළග,
    මේ ඉන්නේ ඇවිල්ලා....
    බොහොම ස්තුතියි...
    මේ දවස්වල අපි දෙන්නා කියන සිංදුවක් කියන්නද?
    සුළගක් වෙලා ඔබ සොයා එන්න ආසයි...

    ReplyDelete
  23. බිගු රාජධානියේ අනාගත උරුමක්කාරයාටත් පවුලේ හැමටත් තුණුරුවන් සරණයි...

    ~සුළග~

    ReplyDelete
  24. @සුළග,
    මොකද උනේ කලින් කමෙන්ට් එකට???

    /බිඟුවා...!

    ReplyDelete
  25. මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..

    අපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
    ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
    හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
    මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
    http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.html

    ReplyDelete
  26. දැන් ඉතින් බිඟු රැජිණව බලා ගන්නවෙයි වඩා පරිස්සමෙන්...... :) සුබපැතුම් බිඟු අයියෙ.......

    ReplyDelete
  27. @සන්සර,
    මෙහෙම එකකුත් තියෙනවා.
    මගේ ලිපියක් කොපි කරනවානම් කවුරු හරි මම හරිම කැමතියි.
    ඒ කියන්නේ මගේ ලියමන එක්කෝ රසවත්, නැත්නම් වදගත්...
    ඒ ගැන හිතලා මම සතුටු වෙනවා...

    @විශ්මි ,
    ඔව් ඔව්..
    මේ දවස්වල නිකන් පුන්චි බිබිලක් ආවත් ඉතින් වෙද බිඟුවෙක් හොයාන යනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  28. බිගුවෝ,
    මං ඒයා නෙමේ මං
    http://cyberyaya.blogspot.com/2010/03/blog-post.html

    ReplyDelete
  29. ඒ උනාට ඔය සතුටට "උවෑ උවෑ" පසුබිම් සංගීතෙ ආවම තමා හැඩ... සංගීත අධ්යක්ෂක කව්ද ඉතින්.... බිඟු මාලිගාවෙ පළමු ආදරණීයයා.... (චිත්තරපටි හැඩ වෙනව වගේ)
    මේව ඉතින් හා පැටික්කිගෙ අමුතු සිතුවිලි......
    අක්කි, පැංච, අයියා ඇතුලු හැමට තෙරුවන් සරණයි...

    ReplyDelete
  30. අහා.....
    නිරෝගී සුරතල් ලස්සන බිඟු පැටියෙක් ලැබෙන්න රත්නත්‍රයේ සරණ පතනවා බිඟුවෝ......
    බිඟු පැටියත් ඉපදිච්ච ගමන් බ්ලොග් කියවයි නේද?
    දැන් ‍රැජිණගේ බඩේ ඉඳනුත් ඇහෙනව ඇතිනෙ 'බ්ලොග්' ගැන... බිඟු පැටියා උපදින්නත් පලමු මෙතරම් ආශිර්වාද ලබන හැටි කවද හරි ලොකු වෙලා දකිනකොට බිඟු පැටියට ආඩම්බර හිතෙයි.....

    ReplyDelete
  31. @බුද්ධි,
    අහා...
    එහෙනම් ඒ ඔයා නෙමේ. කමක් නෑ ඒකට.
    මෙතනට මම යන එන තැනක්නේ...

    @හා පැටික්කි,
    ඔය තියෙන්නෙ නියම අදහස්...
    බිඟුලන්තයේ ප්‍රථම සිනමා නිර්මාණයට අදහසක් දෙන්න නේද හදන්නේ...
    හොඳයි හොඳයි...

    @මිස්සක,
    ආයේත් ආවද...
    ඒ ඇවිල්ලත් බොහොම කෙටියෙන්...
    පුහ්...

    @මල්,
    ඔයාවනම් ගොඩාක්ම කාලේකින්.
    පත්තරේට ගියාට පස්සේ ආඩම්බර වෙලාද මන්දා...
    හික්ස්...
    ඔව් ඔව්...මම කියා දෙනවා බිඟුලන්තයේ වගේම අනිත් තැන්වලත් වෙන දේවල් අපේ බබාට.

    /බිඟුවා...!

    ReplyDelete
  32. "සද්දේ හොඳයි" කිව්වා. බර හරි කිව්වා.

    ela ela...

    ReplyDelete
  33. හපොයි හතයි තමා මාර අප්සට් එක එත් දැන් මොනාකරන්නද?
    හී හී

    ReplyDelete
  34. සමා වෙන්ට ඔනෑ පරක්කු උනාට.. මොනවා කරන්ටද ඉතින් රස්සාවට ගෙහුන් එන්ටත් එපැයි..
    බිගු පැටියටයි,අම්මටයි,මහ බිගුවටයි, ගෙදර හැමෝටමයි
    සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවයි!

    ReplyDelete
  35. @මාරයා,
    ඒකට කමක් නෑ මාරයෝ..
    රාජ කාරිය දේවකාරියටත් වැඩිය ලොකුයි කියලා තියෙනවනේ...
    ඔන්න මගේ පැටියගේ හඳහනත් බලන්න වෙලාව ඉතුරු කොර ගන්න ඕනේ...
    හරියැ....

    @චතු,
    එ මොකෝ බන් ඒ අප්සෙට් එක...

    /බිඟුවා...!

    ReplyDelete
  36. බිගූ දෙයක් කියන්නම ඕන......
    ඔයා මේ කරන දේවලින් මට මතක් වෙන්නෙම අපේ අම්මා අප්පච්චිලත් අපි වෙනුවෙන් මේ වගේම ලැහැස්තිවෙන්න ඇති. මම ඉතින් පවුලට එකා යකානෙ..හිතද්දිත් ඇස්වලට කදුළු එනවා. .............

    අපි මේ බලාගෙන ඉන්නේ අපේම කෙනෙක් එනකම් වගේ....හරිම ආසවෙන්...

    ReplyDelete
  37. බිගූ....
    මාරයියගෙන ප්‍රශ්ණයක් අහමුකො....ඇත්තටම ඔය තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නෙ කොහෙද කියලා ? මාරයියා දන්නවා ඇති. එයා ඉතින් හැමතිස්සෙම දෙයියො එක්ක වැඩ කරන කෙනානෙ.....නේද?

    ReplyDelete
  38. මම අන්තිමයා වගේ...
    සුභ පතනවා හදවතින්ම.. ඔය 3න් දෙනාටම...

    ReplyDelete
  39. නෑ..නෑ..මමයි අන්තිමයා.

    අනේ..මචං තරහා වෙන්න එපා..පරක්කු උනාට.
    මේ දවස්වල මම ඉතිං .. මම හැම දේටම ප්‍රමාදයි නේ.

    පහුගිය දවස්වල හතේ හත. දැන් නම් යන්තං ‍shape.
    ‍බිස්නස්වල පොඩි progress එකක් තියෙනවා.නැත්නම් කොහොමද අවුරුදු කන්නේ.
    ඒ හන්දා ලාවට වැඩත් වැඩියි.

    උඹ..තමන්ගේ පවුලට ආදරය කරන විදිය දැක්කම.....ඉක්මනටම
    මටත් පවුල්-පංසල් වෙන්න හිතෙනවා ..බිඟු.

    බිඟු පැටියට..ලස්සනම, ලස්සන නමක් දාපන්.

    ඔය ආදරණීය පවුලට..මගේ උණුසුම් සුභාශිංසන.......

    ReplyDelete
  40. බිඟු රාජධානියට ත්‍රිවිධ රතනයේ පිහිට හා ආරක්ෂාව වැඩි වැඩියෙන් පතමු.

    ReplyDelete
  41. බිගු පවුලට බුදු සරණයි.!
    සියලු බලාපොරොත්තු ඒ අකාරයෙන්ම සඵල වේවා . . . !

    ReplyDelete
  42. සමාවෙන්න ඕන ප්‍රමාදය ගැන, මුලිකව රැකියාව හා බ්ලොග් ලිවීම කියවීම අතර සිරවීම නිසා! රැජිනටයි බිඟුවටයි ලැබෙන්න ඉන්න පැටියටයි තෙරුවන් සරණයි!

    ReplyDelete
  43. පොරොත්තුවක් පොරොත්තුවක්
    බිඟුවාගේ පොරොත්තුවක්...
    සත් මසක් කල් වරා සිටිනා
    බිඟුන් වෙනුවෙන් පොරොත්තුවක්...

    එනකල් මග බලාසිටින
    මිනිහෙකුගේ පොරොත්තුවක්...
    තවත් මිනිහෙක් එන තුරුම මග
    බලා සිටිනා පොරොත්තුවක්...

    පෙරුම් පුරනා බිඟුන් වෙනුවෙන්
    ආවඩන සුභ පොරොත්තුවක්...
    තවත් බිඟුවෙක් එතියි මග දැන්
    අපේ සිත් තුල පොරොත්තුවක්...

    ජයවේවා...

    ReplyDelete
  44. බිඟුවෝ
    මගේ පමාවට උඹමයි වග කියන්න ඔන. අපේ කෙනෙකුට බේතකට මි පැණි ටිකක් ඔන වෙලා. මම කිව්වා අරන් දෙන්නම් කියල. උඹ මී වදේ අයිතිකාරයා වගේම මගේ යාළුව නිසා මම හිතුව ඕනම මී වදේක බිඟුන්ගෙන් ගේමක් නෑ කියල. මොන අත දාල කෑල්ලක් කඩා ගත්ත ගමන් දුන්න නේද නැති වෙන්නම. අත ඉදිමිලා යතුරු වලට කොටන්නත් බැරි උනා. කමක් නෑ ගොන්කමට මොනවා කරන්නද
    වෙනද වගේම උඹේ ලිපිය කියවන කොට ඔන්න මම ආයෙත් ජීවත් වෙනවා කියල දැනෙනවා. සත්තමයි බිඟු අපේ පැටව් දෙන්න එනකන් අපි බලන් හිටිය වගේම තමයි උඹේ පැටිය එනකනුත් අපි දෙන්න බලන් ඉන්නෙ. ඒ තරමටම උඹ අපිට සමීප වෙලා.
    තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි. උඹේ මී රැජිනටත් එන්න ඉන්න වාසනාවන්ත බිඟු පැටියටත්. උඹ ඇතුළු හැමෝටම. උඹට හොඳ හුස්මක් ගන්න ඉඩ තියෙනවා දැන්. පස්සෙ ඒකටත් ඉඩ නැතිවෙයි. ඒත් කමක් නෑ. හුස්ම නොගෙන හරි රැකගනිං බිඟු මාලිගාවේ හැමෝම.
    තෙරුවන් සරණයි උඹලා හැමෝටම

    ReplyDelete
  45. @දිල්,
    මාරයා යන්න ගොහින්නේ... මම අදත් ගියා බලන්න. ඌ නෑනේ.. හිටියානම් අහන්න තිබ්බා නේද?
    ඔව් ඔව්... ඔයාගේ අම්මලාත් අපි වගේම බලාගෙන ඉන්න ඇති.

    @ජීවිතය,
    ඔයත් ආපු එක ගැන මම දහස්වාරයක් සතුටු වෙනවා මිසක් පරක්කු ඌනා කියලා දුක් වෙන්නේ නෑ මොහොතක්වත්...

    @අහස,
    ඔන්න බබා ඉපදුනාම මම අකුරු ටික දෙන්නම්. මට ලස්සන නමක් හදලා දෙන්න ඕනේ...
    ඔයා කියනකොට තමා මතක් උනේ අවුද්ද ළඟ එනවා කියලා...

    @ගල්මල්, දුකා,
    ගොඩාක් ස්තුතියි සුබ පැතුමට. මම පැටියට කියන්නම්කෝ ඔයාලා සුබ පැතුවයැ කියලා...

    අෂාන්,
    ඒකට කමක් නෑ. රස්සාව කොරගෙන ඉන්න ඕනෙනේ මොක කරන්නත්.
    ස්තුතියි...

    @දස්කොන්,
    නියමයිනේ මචං.
    ලස්සනට ලියලා තියෙන්නේ...

    @දයියා ,
    ඇයි යකෝ මට බනින්නේ.. ඔය හැම එකාම අපි වගෙ නෑනේ.. මිනිස්සු වගේම තමා බිඟුවොත්.
    හැබැයි මචං එක මැස්සෙක්ට හරි කරදරයක් නොවුනොත් අනින්නේ නෑ.
    අපේ මලයා මී මැසි පලනය කලා කාලේට කලියෙන්.
    මාත් පොඩ්ඩක් දන්නවා සීන් එක.
    ඒක නෙමෙයි උඹ කොහොන්ද මී වද කඩන්න ගියේ.
    කැලේකින්ද? කැලේ ඉන්න උන් නම් ටිකක් වසයි. හැම වෙලාවෙම වලියට.
    දැන් කොහොමද අත? එච්චර විස නෑ... දවස් දෙකෙන් ඔක්කොම හරි යනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  46. පැටියව ඉස්කෝලෙකට දාන විදිය ගැන දැන්ම ඉඳන්ම හිතල බැලුවොත් හොඳා. මොකද, ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒකනෙ. :D

    ReplyDelete
  47. අනිවාර්යෙන්ම.
    ලස්සනම...ලස්සන නමක් දාලා දෙන්නම්.
    නරකද බිඟු... අපි නම තියෙන වැඩේටත්, පොඩි තරඟයක් දැම්මොත්.

    මල් මල් වගේ ලස්සන නම් ටිකක්..හොයා ගන්න පුලුවන් වේවි.

    ReplyDelete
  48. අම්මටයි දරුවටයි තෙරුවන් සරණයි...එන්න පරක්කු උනාට සොරි වෙන්න ඔනා......දැනුයි දැක්කෙ.. නිදිමතට අකුරුත් පැටලෙවෙනවා..

    ReplyDelete
  49. තිදෙනාට ම තුන් සරණයි.., තුන්වරක් තුන කීයද? 9යි.
    එහෙනං ඕං 9 සරණයි...!

    ReplyDelete
  50. ගෙදර හැමෝටම බුදු සරණයි....!!!කියල මමත් ප්‍රාර්ථනා කරනවා..
    (මේ පාරත් අන්තිමයා මම වෙලා)

    ReplyDelete
  51. Goda dawasakin mee wadayata goda wune.
    Ape babage lipiya kiyewuwama santhosa hithuna..
    Onna dennatama magenuth subhama subha pathu...

    Ape babage idiri lipi kiyawanna maga balagena inna onna :)

    ReplyDelete
  52. අපෝ පිස්සුද.... එහෙම ආඩම්බර වෙනවද මේ ජීවිතේමල්?
    හුඟ කාලෙකින් තම බ්ලොග් කියවන්න වෙලාවක් ආවේ... මේ දිවි ගමන බොහොම සංකීර්ණයි නොවැ.... :-)
    ඉතින් බිඟු පැටියාට ආයෙමත් තෙරුවන් සරනයි කිව්වා ඕන්... ‍රැජිනටයි මුලු පවුලටමයිත් එක්ක....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!