February 10, 2010

අකුණ

විදුවත් පලා
වියත් දැල පුරාවට
පබර කර තර දහරා
දෙරණ සිඹින කළ
කණෙරුන් මතට වන්
කෙසරිඳු නගන ගර්ජනා
වදන් මග අහුරා
මොහොතක්
සතිය විකල් කළ
අයුරු දැනේ කිම...!



පිංතූරය

8 comments:

  1. මේකේ මොකවත් මට තේරෙන්නේ නෑනේ.

    :(

    ReplyDelete
  2. bara vacana danne nethoooo

    ReplyDelete
  3. ෂා... ෂා.. මෙන්න මෙන්න වැඩක්. බිගුවා සිංහල සාහිත්‍ය පොලෙ ගහලා. මෙක රටටත් ගලප ගත්ත හැකි, නෙට් එකෙ දෙවල් වලටත් ගලප ගත්ත හැකි, ඇත්තටම ඔයාගෙ සිහිය විකල් වුනෙ රජතුමා කියන කරන දෙවල් හින්දද, නැත්තම තමුන්ගෙ බිරිදගෙ වැදුනු අකුනු පහරක් හින්දද...?

    ReplyDelete
  4. seems rava knows sinhala well.
    great :)

    ReplyDelete
  5. විදුවත් කියන්නේ වළාකුළු වලට
    වියත් දැල කියන්නේ අහසට
    පබර, කර, තර යන වචන් තුනම බබලන, ආලෝකමත් යන තේරුම තියෙන්නේ
    කණෙරුන් කියන්නේ ඇතුන්ට
    කෙසරිඳු කියන්නේ කේසර සිංහයාට
    වදන් මග කියන්නේ කණට

    දැන් ගලපා ගන්න පුළුවන්ද

    /බිඟුවා...!

    ReplyDelete
  6. ela ela
    dan hariyooooooo

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!