May 7, 2013

කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?


නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..

ම්.. ම්... ඔය තියෙන්නේ නියමෙට...

පැත්ත බලනකොට ආලෝකයේ වේගයෙන් මූණ හරවන්න ඕනෑ. නැත්නම් කෙලින් වෙච්ච් එකේ ආතල් එකක් නෑනේ.. ඔව්, නෑ, බෑ වචනයක් ගානේ ඔලුව වන වනා කතා කරන්න ඕනෑ... එතකොට කට්ටිය එක්ක බොරුවට හරි හිනා වෙන්න ඕනෑ. දන්න අඳුරන අය එක්ක කතාව අඩු කරන්න ඕනෑ. බොරුවට ගාණ උස්සන්න ඕනෑ. එතකොටනේ අගේ තියෙන්නේ. ආ අමතක උනානේ... හොඳට සද්දේ ඇහෙන සපත්තු දෙකක් ගන්නත් ඕනෑ.. කස්ටියම බලයි මගේ දිහා. එතකොට යනවා තවත් හයියෙන්...


කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?

14 comments:

  1. හපොයි...බිඟු හාමිනේ ගැන නෙවී නේද?

    ReplyDelete
  2. අත්දැකීමක් වගේ ;)

    ReplyDelete
  3. ඔය නම් පැහැදිලි ඉරිසියාව... හි හි.....

    ( ඒ උනාට කියන කතාවේ ඇත්තක් නැතුව නෙවෙයි...)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹටත් ඉරිසියයි

      Delete
  4. Grate work here my site

    http://farmvill2cheat.blogspot.com/
    http://fbfunkatha.blogspot.com/

    ReplyDelete
  5. මාත් කෙලින් කරා කොන්ඩේ ඒ වුනාට ගමන නම් ඉක්මන් වුනේ නැහැ!

    ReplyDelete
    Replies
    1. උඹ කෙලින් කොරේ කොතන කොන්ඩෙද?

      Delete
  6. මගේ කොණ්ඩෙ නම් දගර ගැහිලා කැරකිලා ඇඹරිලා තියෙන්නෙ...මේ ඊයෙ පෙරේදා මගේ කොණ්ඩෙ කපපු චීනාට කොණ්ඩෙ කපාගන්න විදිය හිතා ගන්න බැරුව කොටටම කැපුවා. දැන් මම හාමුදුරු නමක් වගේ...අයියෝ සල්ලි...

    ReplyDelete
  7. සිරා ඕයි . . හිතලා බැලුවාම ඇත්ත තමා කතාව . . හික්z

    ReplyDelete
  8. මචන් අපේ පැත්තෙ කුඹුරක පඹයෙකුට වේකන්සියක් තියෙනව උඹට සෙට් කරල දෙන්නද?

    ReplyDelete
  9. උඹ හදන්නෙ අපි කෙල්ලෙක් දිහා බලල ආතල් එකක් ගන්න එකත් නැති කොරන්නද?

    ReplyDelete
  10. ඉරිසියා කරන්න එපා යකෝ.. උඹේ ගොඩේ ගෑනිට බැරි වුණා කියල, ඒකට අනික් උන් පලිද !!!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!