May 5, 2011

son සුන්

මේ කියන්න හදන්නේ අපි හදපු එක නාටකයක් ගැන. හීනා යන්නයි හැදුවේ. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා. මට නම් හිනා ගියේ නැ. හික්ස්...

ස්ථානය එක් දුම්රිය නැවතුමක්... එම නැවතුමේ ඉන්නවා තරමක වයසක අන්කල් බුවෙක්. බුවා බලාගෙන ඉන්නේ තමන්ගේ අණ්ඩපාල පුතා එනකන්. මේ අතර තවත් කිහිපදෙනෙක් ඉන්නවා ඩුමරිය එනක්න්. දන්නවනේ ලංකාවේ කෝච්චිනේ. හරියට තප්පරේට එනවා යනවා. ඒ හින්දා කස්ටියම බලාගෙන ඉන්නවා.... ඔය අතරේ පුතා දුවගෙන එනවා හති දාගෙන....

පුතා: හා ආ.. හා ආ...
පියා: කොහෙද යකෝ මේ ගාල කඩාගෙන දුවන්නේ... හරියට නිකන් බූල් හැලිච්ච බැල්ලියක් පස්සෙන් එළවනවා වගේනේ උඹ දුවන්නේ.
පුතා: තාත්තා දන්නේ නැනේ.. ඇද මං මාර වැඩක් කලානේ...
පියා: ඒ මොකද්ද බං ඒ... උඹ කරපු මාර වැඩේ.. පුතා: අද මං... බස් එකේ එන්නේ නැතුව බස් එක පස්සේන් දුවගෙන දුවගෙන ආවා. දැන් ඉතින් මට රුපියල් 20ක්ම ඉතුරුයි... හික්ස්...
පියා: අනේ මෝඩයා...
පුතා: ඇයි තාත්තේ... රුපියල් 20ක් ඉතුරු කරන එක මෝඩ වැඩක්ද? ඉතින් මම මේ බැලුම් බෝලෙකුත් ගත්තනේ... මේ බැලන්නකෝ ඇනේ ඒක ලස්සනයි...
පියා: නැ නැ.. බං... මං මෝඩයා කිව්වේ රුපියල් 20 ඉතුරු කර ගත්ත එකට නෙමෙයි. උඹට තිබ්බේ ත්‍රී වීල් එකක් පස්සේ එලවන්න.
එහෙම උනා නම් උඹට රුපියල් 200ක්ම ඉතුරු කර ගන්න තිබ්බනේ... අනේ...
පුතා: හැබැටම.. තාත්තගේ මොලේ තමා මොලේ... ඇලේ දාන්න වටින මොලේ...
පියා: ඒකනේ උඹලගේ අම්මට නැනේ අගේ මගේ මොලේ... ඒක නෙමෙයි කොල්ලෝ... අද කෝච්චිය පරක්කුනේ...
පුතා: ඒක හැමදාම පරක්කුනේ තත්තේ... කෝච්චිය පැමිණෙන ශබ්ද්දට පසුබිමෙන් ඇසෙයි... ඒ සමගම කෝච්චියේ ගාඩ්, තොප්පියක් හිස පැලඳ, විසිල් ඒකක් අතින් ගෙන අත් දිගට හැඳ අයෙක් කෝච්චියේ ආකාරය දක්වමින් පැමිණේ...


පුතා: එනවා එනවා...
පියා: කවුද බං.
පුතා: මැණිකේ එනවා.. මැණිකේ එනවා...
ගාඩ්: නගින්න නගින්න... අපි කඳු අස්සෙන් යනවා.. ගල් අස්සෙන් යනවා... කඳු උඩින් යනවා. ගල් උඩින් යනවා. නගින්න නගින්න.. ඉක්මන් කරන්න... ඒ මහත්තයා... මහත්තයාගේ එක නග්ග ගන්නකෝ... මොකද ඔය බලාගෙන ඉන්නේ...
පියා: මොකක් කිව්ව... මගේ එක නග්ග ගන්න.. (තරහෙන් යුතුව පියා පවසයී)
ගාඩ්: නැ නැ. ඔය මහත්තයගේ පොඩි එක නග්ග ගන්නකෝ...
පියා: මොකක් පොඩි එක... (තවත් තරහෙන් අසයී)
ගාඩ්: නැ නැ.. ඔය මහත්තයේ පොඩි එකා.. පොඩි එකා... ඒකාව නග්ග ගන්නකෝ... ඉක්මන් කරන්න...
පියා: ආ.. මගේ පොඩි එකා.. ඒක මිසක්...


සැවොම කෝච්චියට ගොඩ වෙයි... පසුබිමෙන් දුම්රිය පිටත් වෙන ශබ්දය ඇසෙයි..

ගාඩ්: ගන්න ගන්න.. හරි හරි... අපි කඳු අස්සෙන් යනවා.. ගල් අස්සෙන් යනවා... කඳු උඩින් යනවා. ගල් උඩින් යනවා. නගින්න නගින්න..


කෝච්චි පෙට්ටියට නැගගත් පිය පුතු දෙපලට දෙපැත්තෙන් එක් තරුණ යුවලක් සිටියි. තරුණයා දිගු ඩෙනිම් කලිසමක් සහ ටී-ෂර්ටයක් හැඳ අව් කණ්ණාඩිය පැලැඳ ජැන්ඩියට සිටි අතර කෙල්ලන් ලොල් බවක් මුහුණෙන් දිස්වන්නට විය. තරුණිය තරමක ලජ්ජාශීලී බවක් සහිතව පොත් මිටියක්ද අතින් රැගෙන සිටි අතර එම තරුණයා සහ තරුණිය එකිනෙකා අඳුනන බවක් දිස්වන්නට විය. මේ අතර අර තරුණයාට එම තරුණිය අසලට යැමේ අවශ්‍යතාවක් ඇති වී පියාට මෙසේ කියන්නට විය.

ජන්තු: අංකල් පොඩ්ඩක් එහාට වෙන්නකෝ..
පියා: අංකල්... කවුද බොල උඹේ අංකල්...
පුතා: මේ අපේ තාත්තට අංකල් කියන්නෙපා හරිද?...
ජන්තු: ආ.. නැ නැ.. මේ අය්යේ පොඩ්ඩාක් එහාට වෙනවද?
පියා: ආන්න එහෙම එනවා හරිද?...
ජන්තු: ආ සූකිරී... කොහොමද මගේ සූකිරී කැටේ...
සූකිරි: ආ ජන්තූ.. කොහොමද.... (ඇය කතා කරන්නේ ඇදලා පැදලාය)
ජන්තූ: ඔයා අර අරහේ ගිහිල්ලා එන ගමන්ද? සූකුරි: කොර කොරහෙද අනේ...
ජන්තු: අර අරහේ.. ගඟ අද්දර. මම දැක්කා ඔයා අරයත් එක්ක එහේ ඉඳලා එනවා
සූකිරි: ආ ඔව් ඔව්.. ඔයා මාව දැක්කද? (විස්මයෙන් සහ ලජ්ජාවෙන් යුතුව)
ජන්තු: මම විතරක් නෙමෙයි එතන හිටිය සෙට් එකම දැක්කා ඔයා එනවා අරයා එක්ක කිචි බිචිය දාගෙන... මේ ඒක නෙමෙයි.. ඔයට මතකද අර පෛතගරසය කියපු කතාව...
සූකිරි: කවුද අනේ පෛතගරසය කියන්නේ?
ජන්තු: අනේ අර අපේ ගණිතය, මට ඒකව පේන්න බැ.
සූකිරි: අනේ අපේ සක්විති රාජපක්ෂ සර්.... මං හරී... කැමතියි එයාට
ජන්තු: ඒ බව පේනවා ඇඹරෙන හැටි දැක්කාම... මැන්ස් නියමෙට තෙල් බෙදනවා... කියලා වැඩක් නැ. මේ ඒක නෙමෙයි... මතකද මිනිහ කිව්ව අර දෙක එළියට ගන්න කියපු එක...
සූකිරි: අනේ මට මතක නැනේ...
ජන්තු: අනේ අර දෙක දෙක.. කාටත් පොදු දෙක... පොදු සාධක දෙක.
සූකිරි: ආ... මතකයි... මතකයි...
ජන්තු: සර් කියපු ගමන් මම ගත්ත දෙක එළියට. උඩ දෙකයි යට දෙකයි කපලා දැම්ම සුටස් ගාලා...
සූකිරි: අම්මෝ... ඔයා හරි දරුණුයිනේ...අපි නම් එක ස්ටෙප් එකකට එක වැඩයි කලේ
ජන්තු: ඔව් ඉතින් ඔයාලට අපිට වගේ සට සට ගාල වැඩ බැනේ....
සූකිරි: ඔයා හරි බ්‍රයිට් කේස් එකක්නේ. ඔයා මට කැමැතිද?
ජන්තූ: මොකක් කිව්වේ...
සූකිරි: ඔයා මට කැමැතිද?
ජන්තු: ඇත්තමට...  I got totally Encapsulated. And dinosaurs are going on the Highway. Baa, baa, black sheep,Have you any wool? Yes sir, yes sir, Three bags full. Twinkle, twinkle, little star, How I wonder what you are.
සූකිරි: අම්මෝ.. ඔයට කඩ්ඩත් පුලුවන්නේ.. ඒ උනාට මං නම් කැමති සංගීතයට.
ජන්තු: මාත් කැමති සංගීතයට. මං වැඩියෙන්ම කැමති රාගයට. පුදුම ආසාවක්නේ තියෙන්නේ...
සූකිරි: මං ආසයි බට නලා පිඹින්න..
ජන්තු: අම්මෝ.... බට නලා පිඹින්න එපා.. ගැණු ළමයින්ගේ බඩ එනවා....

එනපොට හොඳ නැති බව දුටු පියා තරහෙන් පිපිරි පිපිරි ජන්තුට බනින්නට විය...

පියා: මොනවද අයිසේ මේ කියන කතා. බට නලා පිඹින්න.. බඩ එනවා.. මේ ළමයි ඉන්න තැනක කියන කතාද ඕවා... පළයව් දෙන්නම මෙතනින්... ආවා මෙතන නලා පිඹින්න... පුම්ඹනවා තොගේ නලාව....
පුතා: ඒ කොහොමද තාත්තේ බට නලා පිම්ඹාම බඩ එන්නේ....
පියා: දැම්ම ඒක උඹට තේරෙන්නේ නැ කොල්ලෝ...
පුතා: තාත්තේ බැලුම්බෝල පිම්ඹාමත් බඩ එනවද?
පියා: නැ නැ.. බැලුම් පිම්ඹුවේ නැත්තම් තමා පුතේ බඩ එන්නේ.. ඒක හින්දා දිගටම පුම්බාපන්...
පුතා: අර කවුද තාත්තේ අර එන්නේ...

අත් දිග කමිසයක් හා කලිසමක් හැඳි කඩවසම් තරුණයෙක් එහා කෝච්චි පෙට්ටියේ සිට පැමිණේ. ඔහුගේ ටයි පටියක්ද පැළඳ සිටිඅ අතර ලැප්ටොප් බැගයක් කරේ දවටාගෙන කිසියම් දෙයක් විකුණන අයුරක් දිස්වන්නට විය. කෙසේ නමුත් ඔහු පොහොසත් වෙළෙන්ඳෙක් බව පෙනෙන්නට විය.

*********************
 මතු බැඳේ...
*********************

April 6, 2011

කොල්ලෝ විතරද 100 යන්නේ?

මම මේ පහුගිය දවසක ඔන්න එනවා පිළියන්දල පැත්තේ ඉඳලා. කන්තෝරු යන්න පොඩ්ඩක් පරක්කුවගේ හින්දා මගේ පල්සර් එකේ නැගලා ටිකක් වේගෙන් පැද්දා. වෙලාව 7.30 විතර හින්දා ටිකක් නෙමෙයි ගොඩාක් වාහන තදබදය තියෙනවා. ඒත් ඉතින් බයික් වලට මොන ටැපික්ද හා. එහෙන් මෙහෙන් දලා රුන් ගාලා ඉගිලෙනවා. මෙන්න මෙහෙම මම පැදගෙන යනකොට එක පාරම මගේ කණ ගාවින් ස්කූටියක් ගියා රුන් ගාලා. මමත් ගියේ 70ට 80ට විතර. ඒ කියන්නේ මේ ගිය කෙනා අඩුම ගානේ 90ට 100ටවත් යන්න ඕනැ. මම බැලුවා මොකාද යකෝ මට ගේම කෝල් කරන්නේ කියලා. අනික මේ ස්කූටියක්....

ඉතින් ඔන්න මමත් ගත්තා ඇඟට. දැම්මා 3ර්ඩ් එකට, දුන්නා උපරිම rpm එක. මෙන්න යනවා ගිඩි ගිඩි ගාලා. එහෙන් මෙහෙන් වෙට්ටු දාලා ගත්තා අර ස්කූටිය කිට්ටුවටම. මෙන්න මේක ඒ පාර ගේමට එනවා. ඒකත් යන්න ගත්තා සිරි සිරි ගාලා. ඒවා කොහෙද මගේ පුල්සර් එකත් එක්ක. ඔය වාහන තදබදය අස්සේ වැඩ කිඩ දාගෙන මම ඉස්සර කලා අර ස්කූටිය. ඒ වෙනකොටත් 80 පැනලා එලවන්න ඇති. ඒවා බලන්නත් වෙලාවක් තිබ්බේ නැ. වාහන එනවා මූණටම. ඉතින් කොහොම කොහොම හරි මම ස්කූටියට ඩොට වෙන්න ඇරලා ගියා. මෙන්න ඉතින් සුපුරුදු විදියට වට රවුම. ඉතින් බාප්පලා කියන විදියටනේ එතන වැඩේ. ඔන්න මම නැවැත්තුවා.

මෙන්න ටිකකින් අර ස්කූටිය එනවා අස්සෙන් අස්සෙන්. ඇවිල්ලා ඇන්නේ නැතැයි මගේ වම් පැත්තේ කණ්ණාඩියේ ඩෝං ගාලා. මට මල....
ගර්...ර්....

මම වයිසර් එක උස්සලා දෙකක් කතා කරන්න හදනකොටම අරක පැදගෙන ගිය කෙනත් වයිසර් එක උස්සලා කතා කරන්න හැදුවා. මෙන්න බලනකොටනේ දැක්කේ. අප්පට සිරි ගජ් කිව්වලු, මේ ස්කුටියේ ඇවිල්ලා තියෙන්නේ කෙල්ලෙක්නේ. යකෝ මම මේ දැක්කමයි මෙහෙම කුලප්පුවකින් බයික් එලවන කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ල මගේ මූණ බලාගෙන මෙහෙම කිව්වනේ...

අනේ සොරි...

ඉතින් කොහොමද දෙයියනේ මම කට ඇරලා බනින්නේ.... ඉතින් මම හිනාවෙලා මෙහෙම කිව්වා...

අහා... ටිකක් හිමින් යන්න...
වැදුනොත් ඉවරයි....

මෙහෙම කිව්වා විතරයි බාප්පා විසිල් එක ගැහුවා. මෙන්න ආවට වඩා වේගෙන් මෙයා විද්දා. එයා පස්සේන් එලවන එක පැත්තක දාලා මගේ ගමන යන්න ගියා...

April 5, 2011

එක් මහ මූසල රැයක්

නුඹ නැතිව එක් රැයක්
පුතු නැතිව තව රැයක්
සිනා පොදක් හසරැල්ලක්
කිසිත් නොමැති මූසල රැයක්
සීත සිසිල් සුළං පොදක්
විඩා දුරුවන සොඳුරු වදනක්
සිත සනාහලන අකුරු පෙළක්
නොදැනෙන එක් මහ මූසල රැයක්
පිය තෙපුල් සොඳුරු වදන්
සිනා සමග කඳුළු නුවන්
එහෙන් මෙහෙන් දණ ගාමින්
කොහෙවත් නැති මූසල රැයක්
රැට හොරෙන් ඉඟියක් වී
සුළැඟිල්ලේ කොනකින් වී
ආදරයෙන් මුසපත් වී
නොගෙවන මහ මූසල රැයක්...

April 4, 2011

ගෙනාවේ දිනපුවාම දාන්න හින්දා

ගෙනාපු රතිඤ්ඤා
ටික පත්තු කෙරුවා
මොනා කරන්නද
අවුරුදු වෙනකල්
ඕවා තියා ගන්නත් බැනේ
ඉස්සරලා ඕවර 20
යනකොට නම් හිතුනා
මේවා කොහොමත්
අවුරුද්දට ගෙනාපුවා කියලා
ඒත් 250 පැනපු ගමන්
දැම්මා සෙට් එකක්ම
ගිඩි ගිඩි ගාලා....
ඊට පස්සේ
අන්න බොලේ
දෙකක්ම ගියා
සට සට ගාලා
දැම්මා ආයෙත් සෙට් එකක්ම
මෙන්න බොලේ
ටිකකින් මේකලා කෙලින්න ගත්තා....
අන්තිමේ ඉතින්
කවුරු දිනුවත්
මේවා ගෙනාවේ දිනපුවාම දාන්න හින්දා
ඔන්න ඔහේ ඔක්කොම
දැම්මා ඩෝං පටෝරින් කියලා....