April 4, 2011

ගෙනාවේ දිනපුවාම දාන්න හින්දා

ගෙනාපු රතිඤ්ඤා
ටික පත්තු කෙරුවා
මොනා කරන්නද
අවුරුදු වෙනකල්
ඕවා තියා ගන්නත් බැනේ
ඉස්සරලා ඕවර 20
යනකොට නම් හිතුනා
මේවා කොහොමත්
අවුරුද්දට ගෙනාපුවා කියලා
ඒත් 250 පැනපු ගමන්
දැම්මා සෙට් එකක්ම
ගිඩි ගිඩි ගාලා....
ඊට පස්සේ
අන්න බොලේ
දෙකක්ම ගියා
සට සට ගාලා
දැම්මා ආයෙත් සෙට් එකක්ම
මෙන්න බොලේ
ටිකකින් මේකලා කෙලින්න ගත්තා....
අන්තිමේ ඉතින්
කවුරු දිනුවත්
මේවා ගෙනාවේ දිනපුවාම දාන්න හින්දා
ඔන්න ඔහේ ඔක්කොම
දැම්මා ඩෝං පටෝරින් කියලා....

13 comments:

  1. නැව ගිලුනත් බෑං චූන්...

    ReplyDelete
  2. අපේ හොස්ටල් එකෙත් ඔහොම වැඩක් උනේ. කට්ටිය මැච් එක දිනන්නත් කලින්ම බොන්න පටන්ගත්තා. රතිඤ්ඤා ගොඩක් ගෙනත් තිබ්බා දාන්න කියලා. අන්තිමේදි ඉන්දියාව දිනපුවාම පත්තු කරලා දැම්මා ලංකාව ෆයිනල් එකට තේරුන සතුටට.

    ReplyDelete
  3. @මධුරංග,
    හික්ස්....
    මම ඉතින් බොන්නේ නැනේ...

    ReplyDelete
  4. ලොල්ය... අපරාදෙ තවත් අහිංසක මිනිහෙක්ට පාන් කල්ලක් කන්න තිබුනු සල්ලි... :/

    ReplyDelete
  5. අහා...
    ඕව්මනේ....
    බට්... පාන් පට්ට ගනන්නේ මචන්....

    ReplyDelete
  6. @බිගු :
    මාත් බොන්නේ නැත. මා කීවේ හොස්ටල් එකේ උන්දලා කල කී දේ නෙව.

    ReplyDelete
  7. පැරදී ගෙන එනකොට මාත් ගිහින් නිදාගත්තා. රති‍ඤ්ඤා පත්තු වෙන කොට නින්දෙන් ඇහැරිලා ඇවිත් බැලුවා වැරදිලාවත් අපි දිනලද කියලා... කුජීතයි බොල.......

    ReplyDelete
  8. ඇත්ත ගොඩක් දෙනෙක්ගේ බලාපොරොත්තු බිද වැටුනා..
    මම ඉතින් ලංකාවේ නෙමෙයිනෙ ඉන්නෙ.. මැච් එක දිවා රාත්‍රී උනාට අපිට දිවා දවසේ තමයි මැච් එක බලන්න වෙන්නේ.. ඉතින් එදා නිවාඩුත් දාලා ගෙදර හිටියේ...:(

    ReplyDelete
  9. මේ පැත්තෙත් මැච් එක ඉවර උනාට පස්සෙ පත්තුකළා. ආයි මොකටද ඕව තියාගන ඉන්නෙ.

    ReplyDelete
  10. @Anonymous ,
    ඒක නම් හෙන ෆන්...
    හිකැස්....

    @Dinesh,
    අප්පට සිරි ගජ කිව්වලු...

    @Praසන්ன,
    අන්න ඒකමයි මාත් හිතුවේ....
    හික්ස්...

    ReplyDelete
  11. @මධුරංග,

    නමුත් මම බොන්නෙකි ඉස්සර...

    ReplyDelete
  12. අපි ගෙනාපුවත් මුල් wicket දෙකේදී පත්තු කලා ඉතිරිවා තාම තියෙනවා.

    ඉතිරිවා පත්තු කලේ නෑ වැරදිලාවත් වටේ පිටේ උන් පැනලා ගැහුවොත් අපි support කලේ ඉන්දියාවට කියලා..

    ReplyDelete
  13. මමනම් ඔය රතිඤ්ඤා පත්තු කරන්න බයයි නෙ. අපේ ගෙදරට රතිඤ්ඤා ගෙනාවෙ අපි යුද්දෙ දිනපු වෙලාවෙ විතරයි. ආ පස්සෙ අයියගෙ වෙඩිමටත් ගෙනාවා.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!