July 27, 2024

ක්‍රීඩා උත්සවයේ වගතුග - 1

එක කිරුළක් වෙනුවෙන් සටන් වදින්නා වූ කණ්ඩායම් සතරක් වෙත්. 

ඒ සඳහාම සංවිධානය කරන්නා වූ වෙන් වෙන් ඉසව්වන්ගෙන් පළමු අභියෝගය, අද දින එක් තීරණාත්මක සටනක් ලෙසින් මෙසේ අවසන් විය. ඒ සඳහා රැය දවල් නොබලා, කූසීත නොවී, මනා සිහියෙන් සිට මහත් කැපවීමෙන් නොයෙක් ආකරයෙන් පුහුණු පුරුදු වූ අපගේ සහෘද සිංහ කැල, අවිවාදයකින්  තොරවම අගය කළ යුතු වන්නේය. ඒ අතරම තිරය පිටුපස සිට නන් අයුරින් දිරිදුන් අපගේම සිංහ සහෘදයනි, මෙය ඔබගේම ජයග්‍රහණයයි. ඔබ නොසිටින තැන අපගේ ජයග්‍රහණයද නොසිටින්නේය. (හො.ම.ත.ග.යු.)

  

මෙය අප ලද පළමු ජයග්‍රහණයක් මෙන්ම අනෙක් සිගාලයන්ගේ සිත් නන් අයුරින්  සත්ත්‍රාසයට ලක් කිරීමක් යැයි පැවසූවොත් වැරදි නොමයැයි මට සිතේ. එසේම එම සිගාලයන් නෙයෙක් ආකරයෙන් අපගේ සමගිය බිඳිනටත්, අප දුර්වල කිරීමටත් පිඹුරුපත් අදිනවා සිකුරුමයි. අප ඒ සඳහා මනාව සූදානම් විය යුතු වන්නේය. ඒ සඳහා ඔබ සැමගේ ම නොමසුරු දායකත්වය ම අවැසි බව පුන පුනා කිව යුතු වන්නේය. 


අප ලද ජය වෙනකෙකු වෙත දෙන්නට ඔබ සූදානම්ද?




සැ.‍යු: මෙම ලියැමන හුදෙක් මගේ ක්‍රීඩා උත්සවයේ මිතුරන් උදෙසා ලියැවූවක් බවත් කිසිවෙකු රිද්දන අයුරින් කුරුටු ගෑවක් නොවන බව කරුණාවෙන් සලකන්න. 


June 24, 2023

ඊයේ මෙන්ම අද

 සියොත් කැල 

තුරු මුදුනේ සිට 

ගී ගැයුවාද මතක නෑ

නිසැකවම මට

අඳුර ගලන්නට පෙර

පාළු කුටියට

අදත් 

ඊයේ මෙන්ම... 




December 10, 2022

වන්නට ආදර්ශ භූමිකාවක්...


අහස්කුසේ එකදු තරුවක් නොමැතත් 

නෙත් යොමා බැලුවා මහත් කොට

වෙනදා පායන පහන් තරුව කෝයැයි සෙව්වත්

නොදැක සේයාවක් එයිනුත්

හිරිගඩු පුප්පාගෙන සීත සුළං හැමුවත්

දේඅත් දිගුකොට ඇඟමැළි කැඩුවා 

පිටවනු පිණිස අස්වද්දනට 

සිප්සතර සිසුනගේ

දිරිදෙන්නට, සවිදෙන්නට අනාවකට

ලං මවගේ දරුකැලකට තවත්

පසෙකලා අලසකම

වන්නට ආදර්ශ භූමිකාවක්

අවැසි බැවින් සැමටම ... 

 

December 9, 2022

ෂීථළයි අෆ්ෆා...

 ෂීථළයි අෆ්ෆා...

ඹෝළ ඝළ් වෙළා අඉයෝ........

December 2, 2022

මිහිරේ...

 ඔබේ නමින් කවි, සී පද 

ලියැවුනේම නැත

ඔබේ නමින් ගී පදවැල් 

ලියැවුනේම නැත

ඔබේ නමින් ගුණ ගී 

ගැයුනේම නැත

ඒත්,

ඔබේ නම සැමදාම

මගේ හදේ රැඳුනා කියා නම්

කිසිදු සැකයක් නෑ

මිහිරේ... 


December 20, 2021

ඔබ හිතන්නේ මිනීමරුවා කවුද?

 මේක පරණ පෝස්ටුවක්. ඔන්න ඔහේ දැම්මා. ටිකක් ප්‍රසිද්ධ සීන් එකකුත් එක්ක.

එක්තරා උසස් පාසලේ විද්යා ගුරුවරයා අධ්යයන වර්ෂයේ පළමු දිනයේ ඝාතනය කර ඇත. පොලිසිය සැකකරුවන් පාසලේ සාමාජිකයන් හතර දෙනෙකුට සැක කරයි -

උයන්පල්ලා, පුහුණුකරු, ගණිත ගුරුවරයා සහ විදුහල්පති.

කෙසේ වෙතත්, ඔවුන් සියල්ලන්ටම නිදහසට කාරණා ඇත:

 

උයන්පල්ලා පවසන්නේ ඔහු පඳුරු කපන බවයි

 පුහුණුකරු පවසන්නේ ඔහු පැසිපන්දු ක්රීඩා කළ බවයි

ගණිත ගුරුවරයා පවසන්නේ ඔහු වසර මැද පරීක්ෂණයක් පවත්වන බවයි

විදුහල්පතිතුමා කියනවා රැස්වීමක හිටියා කියලා

අපරාධය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට අපහසුවක් නොවීය

ඔබ හිතන්නේ මිනීමරුවා කවුද?

August 21, 2021

කෝ මා....

මේ ළඟදී මට පරණ යාළුවෙක් කතා කලා. ගොඩාක් කාලෙකට පස්සේ තමා සෙට් උනේ. සෙට් උනා කිව්වට මොකද මනෝභාවයෙන් තමා. සිම්පල් කිව්වොත් කෝල් එකකින් තමා. ඉතින් ඉස්සරලාම කෝවිඩ් සීන් එක තමා කතා කලේ. ඊට පස්සේ ඔය අනිත් ගොසිප් ටිකත් කතා කරලා එහෙම ඇහුවා මගේ බොල්ග් කලාව ගැන. ඇත්තටම කිව්වොත් ඒක බල්ලට ගිහින්... මං කිව්ව මචං ඒක ලියපු කාලයක් මතක නෑ... කියලා

මගේ යාළුවා මෙහෙම කිව්වා.. 

මචං කවදාවත් උඹ කවුද කියන එක උඹේ මනසින් ගැලවෙන්න දෙන්න එපා. ටික කාලයක් එහෙම වෙලා තිබ්බොත් උඹට උඹවම නැති වෙනවා බං. ඔරිජිනල් උඹ කවුද කියලා මතක තියා ගනින්. උඹේ පැෂන් එක වෙනස් කර ගන්න එපා. සමාජය උඹට වෙන එකෙක් වෙන්න කියයි.. ඒත් බලපං උඹට ඇත්තටම වෙනස් වෙන්න ඕනෑද කියලා......


මෙහෙම හෙන තෙලක් දීගෙන ගියා... ටික වෙලාවක් අහගෙන හිටිය මමත් පොඩ්ඩක් හිතලා බැලුවා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා.   

කොරෝනා බලපෑම හින්දා අපි ඔක්කොමලා වෙනස් වෙලා කියලා මටත් හිතුනා.

මිනිස්සු විතරක් නෙමෙයි, සත්තු ගහකොළ ඔක්කොටම ඒක බලපාලා කියලා හිතුනා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට පොඩ්ඩක් විතර ජීවිතය කියන්නේ මොකද්ද කියලාත් මතක් කරලා දුන්නා කියලත් හිතෙනවා. 


ඉස්සර නිවුස් බලනකොට අදත් මෙච්චර මැරිලා. අන්න අරූ කොරොනා තියාගෙන කොන්ඩෙ කපන්න ගිහින්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නෑ... ඔයවගේ කතා කියපු අය ගොඩාක් දැන් පොඩ්ඩක් හිතලා බලලා කතා කරනවා. මොකද බලපුවාම ඒයාලගේ ළඟම අයටත් කොරෝනා හැදිලා... 


ඉස්සර නිවුස් බලනකොට අදත් මෙච්චර මැරිලා. අන්න අරූ කොරොනා තියාගෙන කොන්ඩෙ කපන්න ගිහින්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නෑ... ඔයවගේ කතා කියපු අය ගොඩාක් දැන් පොඩ්ඩක් හිතලා බලලා කතා කරනවා. මොකද බලපුවාම ඒයාලගේ ළඟම අයටත් කොරෝනා හැදිලා... 


මේක තමා බුදු හාමුදුරුවෝ සරලව කියලා තියෙන්නෙත්.

බැදීමට සමානුපාතිකව වේදනාව වෙනස් වේ කියලා....


සමහරු නම් කියනවා මට හැදුනත් කමක් නෑ මගේ අම්මට හැදෙන්නේ නැතුව, මගේ දරුවට හැදෙන්නේ නැතිව කියලා.. ඒත් ඒක ඇත්තම නේමේ... තමන් මැරෙන්න තියෙන බය හරියට ඇත්තටම හිතා ගන්න බැරි තරම ලොකුයි. ඒක දැනෙන්නේ නැති තරම්, දැන ගන්න තරම්වත් අපිට හිතාගන්න බෑ. එච්චර ලොකුයි. අපිට හිතාගන්න පුලුවන් ඔය කියනවා වගේ දරුවාගේ වේදනාව වගේ එව්ව තමා. ඒකයි අපි එහෙම කියන්නේ කියලා මට හිතුනා. හිතලා බලන්න කාරණාවක් තියෙනවා ඒකේ.


ආයෙත් කතාවට ආවොත්, ඉතින් මං හිතුවා මාව පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මං ආස දේවල් ටිකක් කරන්න හිතුනා. ඒ හින්දා පොඩ්ඩක් ආයෙත් කුරුටු ගාන්නත් හිතුනා. අදට ඉවරයි. පරිස්සමින් ඉන්න හොඳේ... .


December 31, 2020

වසරක් ගෙවුනා නොදැනීම

 වසරක් ගෙවුනා නොදැනීම

කාලය පියඹා යන අපූරුව

සිතන්නට කාලය එළඹ ඇත

අතීතය ගැනත් අනාවක ගැනත්

එකවිට

කාලය ගෙවී යන අපූරුව

අපට අපවත් අමතක කරමින්ම... 

November 10, 2019

මොහොතක් ඉඩ දෙන්න

නිල්ල නෙලන ආකාසේ
ඈත දුර පියඹා යන්නට
පුළුන් වලා අස්සෙන්
සීතල ගත තවරා
මොහොතක් ඉඩ දෙන්න
මටත් මගේ සිතටත්
මගේ පාඩුවේ...

October 26, 2019

වෙනස් නොවන ලෙස ජීවත් වෙන අපි

අධික කාර්ය්‍ය බහුල ජීවිතයට මොහොතක් නිවාඩු දෙන්න හිතුනා. ඉස්සර තිබ්බ මගේ ෆැෂන් ඒක කෝ කියලා නිකමට බැලුවා. එදා එකට බොක්ක බෙදාගෙන, දුක සැප දෙකටම කර ගහගෙන හිටිය ඒ මිනිස්සු අද කෝ... පිස්සුවෙන් වගේ දුවනවා කියලා හිතුනා..

මේක තමා ඇත්ත කියලා මීට අවුරුදු 2500 ට විතර කලියෙන් අපේ බුදු හාමුදුරුවෝ කියලා තිබ්බට ගණන් ගත්තයැ. තාමත් නෑ. රුක්ක මූල ගතෝවා, ශුන්‍යගාර ගතෝවා කියලා කිව්වේ ඔන්න ඔය කරදරකාර ලෝකෙන් පොඩ්ඩක් එහාට ගිහින් උඹ ගැන පොඩ්ඩක් බලපං කියලානේ. ඇත්ත තමා. චිත්තක්ෂණ එකකින් ඇතිවෙලා නැතිවෙලා යන හිතකුයි, චිත්තක්ෂණ 17කින් ඇතිවෙලා නැතිවෙලා යන රූප ගොඩකුයි අල්ලාගෙන භවයේ ඒ කිව්වේ අකනිටාවේ ඉඳලා නරකාදිය දක්වා පිස්සෙක් වගේ දුවනවා. ඔය අතර තුරේ අටලෝ දහමට යටත්වෙලා අපි පිස්සෝ වගේ එකා පරයා එකා යන්න හදනවා..

අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

March 6, 2019

සිතේ ඇඳුණු සිත්තම්

සිතේ ඇඳුණු සිත්තම්
සායම් කරමින් ගෙත්තම්
හිමින් සීරුවේ වත්තම්
කරගෙන ගියේ පට්ටම්...

June 6, 2018

මීට අවුරුදු පහළොවකට කලියෙන් - දෙදාස් තුනේ හයයි හය

දෙදාස් තුනේ හයයි හය, ඒ කියන්නේ හරියටම අදට අවුරුදු පහළොවකට කලියෙන් අද වගේම දවසක, පේරාදෙණිය කැම්පස් එකේ දවල් දොළහ හමාරට විතර වෙච්ච ඒ අති සුන්දර සිද්ධියක් මට අද වාගේ මතකයි.

එතකොට මං කැම්පස් ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා. අලුතෙන් බැච් දෙකක් ආවා ළඟ ළඟම, ඒ හින්දා අපේ බැච එක ඉක්මනටම සුපර් සීනියර් තත්වයට පත් උනා.මේ බැච් එකේ හිටියා ඒක ගෑණු ළමයෙක් මගේ හිත ගියපු. එයාව දැක්ක දවසේ ඉඳලාම මොකද්දෝ මංදා අමුතුම හැඟීමකින් මගේ හිත පිරිලා තිබ්බේ. හරිම අහිංසක, සොඳුරු හරිම පිළිවෙල තියෙන ළමයෙක් එයා. මටත් නොදැනීම මගේ හිතේ මොනවාද ගැඟීම් ගොඩාක් ඇති වෙලා. ආරංචියේ හැටියට එයාට බෝයි කෙනෙක් ඉන්නවාලු. ඒක තමා රැග් කාලේ තිබ්බ කතාව. මං ඒක ගනන් ගත්තේ නෑ.. මගේ හීන ලෝකෙට වෙලා ඔහේ හිටියා.

ඉතින් ඔය කියන දවසේ මං හිටියේ අක්බාර් හොස්ටල් එකේ අර ළමයාව බලන්න යන්න හිතාන. අළුත්ම බැච් එකට දවල් දොළහ වෙනකල් ලෙක්චර් කියන්න දන්නවා. ඊට පස්සේ සමහරු පුස්තකාලේට යනවා, නැත්නම් හොස්ටල් එකට යනවා. ඉතින් ඔන්න මං දවල් දොළහ වෙනකොට ගියා එලායගේ ලෙක්චර්  හෝල් එකට දිහාට එයා ඉන්නවද බලන්න, ඒත් හිත ගැහි ගැහි තිබ්බේ. මට හිතුනා අද නම් මං තව පියවරක් ඉස්සරහට තියන්නම ඕනෑ කියලා.

අප්පට සිරි!

එයා ඒකේ නෑ. මාර සීන් එක, මාව පොඩ්ඩක් විතර කොර උනා වගේ එකක් උනා.
"ෂික්. මං වගේ හරකෙක්... තව ටිකක් කලින්නේ එන්න තිබ්බේ, මෝඩයා වගේ කැරකි කැරකි හිටියා හොස්ටල් ඒකේ.. ගොන් බූරුවා! බලපන් දැන් කොහේ කියලා හොයන්නද..."

සට සට ගාලා මට බනිනවා මගේ හිත. ඉවසාපන් පපුව! කියලා ගියා කෙලින්ම ලයිබ්‍රරිය පැත්තේ, ලාස්ට් චාන්ස් එක, එතන නැත්නම් අද දවස බඩුම තමා. පුස්තකාලේ කිට්ටු වෙනකොට ආයෙත් පපුව ඩිග් ඩිග් ගානවා,
මෙයා අද හොස්ටල් ගියාද දන්නේ නෑ, කතා කරන්න පුළුවන් වෙයිද, යාළුවෝ ගොඩාක් ඉඳීද, ලොකු වැඩක් කර කර ඉඳීද.. හේතු කාරණා කෝටියයි..

ඔන්න නොදැනීම මාව ලං උනා පුස්තකාලේ ගාවට. ඒකේ විශාල දොරෙන් ඇතුළට ගිය විදියවත් මට මතක නෑ... නිකන් රොබෝ කෙනෙක් වාගේ ගියා. ඊට පස්සේ අර මහ විශාල පොත් කබඩ් අස්සෙන් මගේ ඇස් දෙක දිව්වා පුළුවාන් තරම් හයියෙන් එයාගේ රූපේ හොයාගෙන.. ඒත් එයාව දැක්කේ නෑ. ඔන්න එක පාරම දැක්කා එයාගේ යාළුවා දෙව්මිණි ඉන්නවා මේසයකට වෙලා කාත් එක්කද වැඩක් කර කර. දෙව්මිණි මාව දැකලා හිනා උනා, ඒ හිනාව ඉවර වෙන්නත් කලින් එයා බැලුවා එයාගේ ඉස්සරහ හිටිය ගෑණු ළමයා දිහා ඇස්දෙක ලොකු කරගෙන. ඒත් එක්කම මගේ ඇස් දෙකක් ගියා ඒ දිහාවට මොකද ඒ ගෑණු ළමයා හිටියේ මට පිටපාලා. ඒ ගෑණු ළමයා හිමීට හැරිලා මං දිහා බැලුවා මට නිකං කරන්ට් එක වැදුනා වගේ උනා. පොඩ්ඩක් ස්ටක් උනා, කටේ කෙල හිඳුනා, පපුව නැවතුනාද කොහෙද, මොකක්ද විකාරයක් උනා මට. ඒත් එක්කම ඒ ගෑණු ළමයාගේ මුවින් මද සිනාවකට වඩා එකක් මතු උනා, ඒත් එක්කම මාව පියවි සිහියට ආවා.. මං ටික ටික කිට්ටු කලා ඒ මේසය ගාවට. ගිහින් මෙහෙම කිව්වා...

මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද?

එච්චරයි මට කියන්න පුළුවන් උනේ.. ඊට පස්සේ මං හිස්. මං බලාගෙන හිටියා එයා මොනවා හරි කියයි කියලා. එයා මුකුත් කීවේ නෑ පොත් ටික බෑග් එකට දාන්න ගත්තා. මං හිතාගත්තා එයා කතා කරන්න කෑමතියි කියලා. හැරුණා අනිත් පැත්තට ආවා සං ගාලා එළියට හරියට දුටුගැමුණු මහ රජ්ජුරුවෝ යුද්ධෙන් දින්නා වගේ. එන් ගමන් මං දැක්කා දෙව්මිණි ඇස් ලොකු කර කර ඉඟි කරනවා අරයට... ඊට පස්සේ මොනවා කුටු කුටු ගෑවා.

මං එලියට වෙලා හිටිය තප්පර ගණන මට දැනුනේ හරියට අවුරුද්දක් වගේ. ඔන්න අර ගෑණු ළමයා එලියට ආවා පුස්තකාල දොරෙන් හරියට සුරංගනාවියක් බිමට බහිනවා වගේ..
මගේ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා. දැන් මොකද්ද මං කරන්නේ...

මං හදිස්සි උනා වැඩිවත්ද? මෙයා මට කැමති වෙයිද? මොකක්දරි ලෙක්චර් එකක් ගැන අහන්නද...

දාහක් ප්‍රශ්ණ මට. කොහොමහරි හිත එකතු කරගෙන මං අහුවා වැඩක් කර කර නේද හිටියේ කියලා.. ඉතින් යන්නතන් අයිස් කුට්ටිය බින්ඳා හෙන අමාරුවෙන්... තව පොඩ්ඩක් කතා කරලා මං බැස්සා කෙලින්ම සබ්ජෙට් එකට හෙනම හෙන බයෙන්, මං හිතන්නේ මගේ ජීවිතේ අමාරුවෙන්ම කතා කරපු දවස වෙන්න ඕනෑ ඒක. හැබැයි එයත් මට කතා කරන්න ඕනෑ විදියටම ඉඩ හදලා දුන්නා කිසිම පැකිලීමකින් තොරවම හරියට මං කියන්න යන එකට එයත් කැමතියි වගේ... ඉතින් ඊට පස්සේ කතාව තව දුරටත් ගියා...

අන්තිමේදී එයාගේ කැමැත්ත මට හම්බ උනා. මට මුළු ලෝකයම හම්බ උනා වගේ දැනුනා. ආදරයෙන් මගේ හිත පිරිලා පුපුරලා යන්න වගේ උනා.. ඔන්න ඔහොමයි උනේ මීට අවුරුදු පහළොවකට කලියෙන්.. එදා

එහෙම පිරිච්ච හිත අදත් එහෙමම තියෙනවා කිසි වෙනසක් නැතිව. ඒකට මං හැමදාමත් එයාට ණයගැතියි කියලයි මට හිතෙන්නේ... අද යන්න ඕනෑ ඒක සමරන්න...
ම්ම්.. පරක්කු වැඩියි...
දැන්ම යන්න ඕනෑ.......


පසුව ලියමි.
අපි දෙන්නා අද වෝග් එක පැත්තේ ගිහින් පොඩි බඩ්ඩක් ගත්තා.
මේ තියෙන්නේ එහෙම ගිහින් මං අරන් දුන්න පුංචිම පුංචි තෑග්ග.



April 11, 2018

අලුත් අවුරුද්දට පොඩ්ඩක් කලියෙන්

ගෝලීයකරණ ප්‍රවේශයන් හරහා විචලනය වෙමින් පවතින සමාජීය හා සංස්කෘතික යාන්ත්‍රණයන් ඔස්සේ අධි ප්‍රවේගයකින් චලනය වන්නා වූ අපේ ජීවිතවලින් පහසුවෙන් අතපසුවන්නට මහත් සම්භාවිතාවයක් ඇත්තා වූ බොහෝ කරුණු මත්තෙන් එකක් වූ යහජීවනය යළි පණ පොවන්නටනම පමණක් නොවී යුතුකම් ඉටු කර සහෘර්ද කැලක් ලෙසින්, ඉඳහිට හෝ වේලාවට පැමිණෙන, බොරුවට හෝ සැරදමන, මුවින් නොබැන දහස්වර සිතින් බනින, අනන්‍යමය ගීත ස්වරයන්ට ලොල් වූ,"කලබලය/හදිස්සිය" යන්නේ අරුත් නොදන්නා, රජයේ හෝ බැංකුවේ සේවා කරන ලෙස සිතා සිටින, නිතරම සිනා මුවින් සිටින, අපේ රියැදුරු "මලිත්" මහතා බිඳකුදු කරදරකින් තොරවම අප ගෙනයන කාරිය ඇගයුම් කරන්නට සද්භාවයෙන් කරන්නා වූ ප්‍රයත්නයක්, යතාර්ථයක් කරන්නට නවම් ඇරයුම්, නව වසරට මොහොතක් මත්තෙන් ඔබටත්...

මේ තියෙන්නේ විකාරයක් වගේ පෙන්නේ එකපාරටම. ඇත්තටම කිව්වොත් ගොඩක් අයට එක පාරක් කියවලා තේරුම් ගන්න පොඩ්ඩක් විතර අමාරුයි, මොකද මේක හෙන දිග වාක්‍යයක්නේ. ඒ මොක උනත් කෙටියෙන් කිව්වාම මලිත් කියන ඩැයිවර්ට අලුත් අවුරුද්ද ලබන වෙලාවේ පොඩි තෑග්ගක් දෙන්න සපෝර්ට් එකක් දෙන්න කියලා නම් තේරුනා ගොඩක් අයට.
අනික මලිත්ගේ ගති ලක්ෂණ ටිකත් පොඩ්ඩක් පැහැදිලියි. ඇත්තටම මෑන්ස් පට්ට කූල් එකේ ඉන්නේ. මං දැකලාම නෑ තරහ ගිහින් තියෙනවා. වැඩිම උනොත් හෝන් එක ඔබයි පොඩ්ඩක් සැරෙන්..
ලොල්යැ...

හැබැයි එකක් කියන්න ඕනෑ, මැන්ස්ගේ පරිස්සම පට්ට. දන්නවනේ ඔය බස්කාරයෝ පාරේ යන හැටි. උන්ටම ගියපු රට මේක. සුක්කානමෙන් නෙමෙයි උන් එලවන්නේ හෝන් එකෙන්. අපි හැංගිලා ඉන්න ඕනෑ පාරෙන් එලියට ගිහින්. අනේ ඒකට අපේ කොල්ලා. කොල්ලා කිව්වට ඌට  බබාලත් ඉන්නව.
හෙක්ස්...

තව එකක්. මූ හිතාගෙන ඉන්නේ බස් ඩැයිවර් වැඩේ රජයේ සේවයක් හරි බැංකු සේවයේ හරි කියලා. ඒ මොකෝ දන්නවද. මලිතා ඒ නිවාඩු දවස්වලට එන්නේ නෑ කියහන්කෝ (මං හිතන්නේ මේ ඩැයුවර්ලා සෙට් එකම කරන වැඩක් වෙන්න ඇති.)
වෙලාවට එන්නේ නැති එකට නම් බස් එකේ යන අපිම තමා වග කියන්න ඕනෑ. මං දන්න තව ඩැයිවර්ලා ඉන්නවා අපි පරක්කු නම්, ඒ කියන්නේ වෙනදා ගන්න තැන නැත්නම් රුං ගාලා යනවා අපි නිවාඩු කියලා හිතලා. අනේ අපේ මලිත් නම් එනකම්ම ඉන්නවා. පව් හොඳ කොල්ලා. ඒකමයි කාරිය කියලා අපේ සෙට් එකත් පැද්දි පැද්දි එනවා. ඒකනම් හදාගන්න ඕනෑ කොලිටියක්. මොකද එකෙක් විනාඩි දෙක ගානේ පරක්කු උනොත් ඔක්කොමලා එනකොට විනාඩි 40ක් විතරම පරක්කු නොවැ. බඩුම තමා... ඉඳල හිටලා, ඒ කියන්නේ සතියට දවසක් නෙමෙයි හොඳේ, පරක්කු උනාට කමක් නෑ මං හිතන්නේ. ඒත් මොකටද අප්පා අනුන්ට කරදර කරන්නේ තමන්ගේ වැඩේ හරියට නොකර. අතේ ඇඟිලි පහ එක වාගේ නෑනේ...

දැන් දැන් සමාජේ බටහිර පන්නේට ගිහින්නේ. ඉතින් අල්ලපු ගෙදර නෙමෙයි, එකම කොම්පැණියේ අල්ලපු සීට් එකේ ඉන්න මිනිහා එක්කවත් හිනා වෙන්නේ කතා කරන්නේ නැති ලෝකයක් මේක. මිනිස්සුන්ට සමාජ සම්බන්ධ ඔක්කොම ඩිජිටල් වෙලා. ඔක්කොම ෆේෂ් බුක් එකෙන් තමා වෙන්නේ. පට්ට අතාත්වික ලෝකෙක ජීවත් වෙන්න පුරුදු වෙලා. ඉතින් හරි වැරැද්ද මොකද්ද කියන්න මං දන්නේ නෑ. ඒ කෝක උනත් එකිනෙකාට උදව් කරනගෙන සතුටින්, සමාදානයෙන් ජීවත් වෙන එක නම් හරි කියලා මං දන්නවා. ඉතින් ඒක කරන්න හොඳ වෙලාවක් මේ සිංහල අලුත් අවුරුද්ද.

ඕක අස්සෙ තමා හිතුනේ මලිත් කොල්ලට අවුරුද්දට පොඩි සප් එකක් දෙන්න. අපි ගොඩක් අයට අවුරුද්දට සැරයක් බෝනස් වගේ මොනවා හරි හම්බ වෙනවනේ. මේ ඩැයිවර් රස්සාවේ කොහෙද එහෙම එකක්. ඔව්වා ඔහොම යනකොට අසංකයා මගෙන් ඇහුවා අවුරුද්දට අරූට මොනවා හරි දෙනවද, කොහොමද වෙන්නේ කියලා. ඒකට සෙට් උනා චමරියයි, යචීයයි. ඉතින් අපි හිතුවා පොඩි කොලයක් දාමු කියලා. ඒකට ලියපු ලියමන තමා උඩ තියෙන්නේ.

අනේ කියලා වැඩක් නෑ බස් එකේ සෙට් එක සර සර ගාලා සල්ලි දුන්නා. අපි කස්ටිය 20කට වැඩිය ඉන්නවා. ඒ වගේම රුපියල් විසිදාහකට වැඩියෙන් එකතු උනා. ඒකෙන් පොඩි පණිවිඩයකුත් කියවෙනවා. අපේ බස් එකේ කස්ටිය වැඩිය කතා බහ නෑ, තමන්ගේ පාඩුවේ යන්නේ. ගොඩක් අය අලුත්, හවසට මහන්සියි, සෙට් වෙන්න කැමති උනත් පටන් ගන්න විදියකුත් එපැයි.. ඔය වගේ හේතු කාරණා ගොඩක් හින්දා සද්ද බද්ද නෑ.

ඒත් මෙන්න අර වැඩේ පටන් ගත්තා විතරයි කස්ටිය මාර ගැම්මට සප්. කොච්චරද කිව්වොත් බස් එකට අලුතෙන්ම සෙට් උන අයියා කෙනෙක් ඒ වෙලාවෙම සල්ලි දුන්නා ආයේ දෙපාරක් හිතුවේ නෑ. පට්ට පට පට. දර්ශි මේ හේතුවටම ලන්ච් වෙලාවේ බැංකු ගිහින් සල්ලි ගෙනාව. මොකද අතේ සල්ලි තියාගන්නේ නෑනේ ඔක්කොම කාඩ් සීන්නේ. ඒ කියන්නේ අපි තවමත් ශ්‍රී ලාංකික අපේ සංස්කෘතික සම්බන්ධකම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ආසාවේ බෑ ඒව්වා දකිනකොට නම්. ඉතින් ඔහොම ගිහින් දවස් දෙක තුනෙන්ම අපේ වැඩේ පට්ටම සාර්ථක විදියට අහවර කලා.

තව ඉතුරු වෙලා තියෙන්නේ ස්තුති කතාව විතරයි. වැඩක් කරල ඉවර නම් අන්තිමට ඉරක් ඇඳපන් කියලා මගෙ තාත්තා හැමදාම කියනවා. ඒ හින්දා ඒ ලියමනත් ලියන්න ඕනෑ හනිකට.
එහෙනම් අදට ගියා.
ටටා...

March 21, 2018

මගේ සිත්තරාවියේ...


සිහින් සුළං පොදක්
ගත දැවටෙන
හිමිදිරියේ
හද පොපියන
සුන්දර දසුනයි
මිහිරාවිය ...
නුඹ
ගතවෙන තත්පර 
එකිනෙක ගනිමින් 
සිත්මල
විකසිතවන්නට අරාඳිනා...
නොදකිනා මොහොතක්
ගෙනෙයි වේදනා
කොනිත්තමින්
හිමිහිට හිමිහිට
මටත් 
නොදැනෙන්න
මගේ සිත්තරාවියේ...

March 12, 2018

උදරයා

මිතුරන්ගෙන් වෙන්වීම දුකක් කියලා පොතේ තිබ්බට ඇත්තටම ඒක කොයි වගේද කියලා දැනෙන්නේ ඒ වගේ යාළුවෙක් ගියාම තමයි. මට අදත් එහෙම සීන් එකක් උනා.

මීට අවුරුදු නමයකට විතර ඉස්සර අපේ කොම්පැනියට ආවා කොල්ලෙක්. ඒ කාලේදීම අපි දැක්කා උගේ තියෙන මාර ලස්සන "කොලුගති" ටික.
කොහොමත් අපේ ටීම් එක පට්ටනේ. ලොල්යැ...

අලුත් පරණ බේදයක් නෑ. සෙට් වෙනවනම් කියාපු තැන. ඉතින් මූත් අපිට සෙට් උනා. අනේ කියන්න දුකේ බෑ, කොල්ලා කාලා බීලා ඉන්න ජොලි පොර. (ඔෆිස් වැඩ කොහොමත් සුපිරිම සුපිරිම!)

මට මතකයි මූත් එක්ක අපි කෙලිය පිස්සු. අම්මෝ මතක් වෙනකොටත් ඇඟේ මයිල් ගඟේ නටනවා වෙනවා. හා හා... 

මේකාගේ සරීරේ මහා විසාලයි. දවසක් අපි ෆූල් එකේ ඉන්නකොට මේකා පැන්නේ නැතෑ ජබොස් ගාලා දුවගෙන ඇවිත්. හරියට තල්මහෙක් පැන්නා වගේ. වතුර ඔක්කොම පිටාර ගියා. අර හෝටලේ ෆූල් බෝයි ඇවිල්ලා අඬන්න ගත්තා..
අනේ සර්.. මට කියන්න කොහොමද මේක කලේ කියලා. අපිට පැය ගාණක් යනවා සර් වතුර අස් කරන්න..
සර්ට බැරිද පාට් ටයිම් මේ විදියට වතුර අස කරලා දෙන්න...
හික්ස්.

ඉතින් ඔය විදියට කාලේ ගෙවිලා ගියා. තවත් දවසක් ඔන්න අපි ස්ටෙලා... කට කනේ හරියැ... ඉතින් ඔය අස්සේ අහසේ පියඹ පියඹ හිටිය උකුස්සෙක් අපි හිටපු තැනට කිට්ටුවෙන් ඇවිල්ලා වැහුවා.
මෙන්න මේ පාර මූ කියනවා

"මේ කපුටා හෙන වෙනස් විදියටනේ පියාඹන්නේ. ඒ මදිවට මේකගේ සද්දෙත් හෙන අමුතුයිනේ බං..."

අපිට එතකොටයි තේරුණේ මුගේ ලෙවෙල් එක. අපිට මැරෙන්න හිනා..
ආයෙත් හික්ස්.

අර කිව්වා වගේ මූ හේන පොලිටිකල් ඩයල් එක. මුගේ වයිපරේ හෙන බර බරේ බොනවට. ඉතින් මූ එක ගොඩදාපු හැටි පට්ට. ගේම කියන්නේ වයිපරේත් නීතීඥවරියක් කියහන්කෝ... ඉතින් නීති කතා බොරු. බොරු කියන්න පට්ටම බොරු. එහෙව් තියෙනකොට මූ කිව්වලු වයින් වල තියෙන ප්‍රයෝජන.
ඇත්තනේ..
වයින් හදන්නේ  මිදිවලින්නේ. මිදි නරක දෙයක්ද?
අනික වයින් බිව්වට වෙරි වෙනවද?
වෙරි උනත් කවුරුවත් කියනවද  බෙබා කියලා..
වයින් පොෂ්. කොහොමහරි මෑන්ස් ඇපෲවල් එක ගත්තා වයින් බොන්න.

ඉතින් කාලයා ඇවෑමෙන් වයින් වගේමනේ බියර් එහෙමත්.
අනික බියර් බීලා වෙරි වෙනවද?
වෙරි උනත් බෙබා කියනවද? නෑනේ...
අනික යාළුවන්ගේ බලේටමයි එතන තිබුනේ බියර් විතරමයි.... ඔහොම කොහොම කොහොම හරි බියර් ඇපෲවලුත් ගොඩ.

ඔය අස්සේ උගෙයි මගෙයි වයිපර්ලා සෙට්. දන්නවනේ ඉතින් කතා වෙන්නේ මොනවාද කියලා.. අපේ සායන් ඉවරයි. ඔතනදී තමා බොන සීන් එක හරියටම ගොඩ දාගෙන තියෙන්නේ... ඒ වෙනකොටත් මූ ගේම ගහලා ඉවරයි... හික්ස්.. අන්තිමට ෆුල් ඇපෲවල් බොන්න කෝන්දේසිත් එක්ක. ඕකනේ අප්පා අපිටත් ඕනෑ...
ආයෙත් හික්ස්...

ඉතින් මෙහෙම ලිව්වොත් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. ආයෙත් දවසක ලියන්නම් උගේ තවත් වීරක්‍රියා..
ආ විශේෂයෙන් උගේ උදරය/බඩ ගැන...

March 9, 2018

රටා තියලා ඇමදපු.......

රටා තියලා ඇමදපු මගෙ සිත් මලුවේ..
අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ..
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ..
තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ..

නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා..
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා..
අතරින් පතරට සුදු වන කෙස් දැකලා..
තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා..

රටා තියලා ඇමදපු.......

පණ තරමට පෙම් කල නුඹ කෝ කියලා..
අසයි සරදමට මිනිසුන් ඉදහිටලා..
අපේ මතක රැදවුන නැත් අතහැරලා..
යන්න හිතෙනවා මට ගම රට දාලා

රටා තියලා ඇමදපු.......

https://www.youtube.com/watch?v=IpHM8V2jfyY

February 28, 2018

සොඳුර ...

ඈතක ඈතක
සිතක ඇඳුණ එකම එක
සිත්තමක් යාන්තමට
ගෙනෙයි මතකයන්
අතීතයෙන් අනාවකට
මොහොතක් තනිවන්නට
සිතිජයෙන් ඔබ්බට පියඹන
විගඟුන් මෙන් පිය විහිදා
දෑස් දිගුකොට
අහස් කුසට පීරන්නට වූයෙම්
වළාවන්තුරේ
එකදු මතකයක්වත්
ගෙනේවියැයි සිත්මඩලට
සිතැතින්ම මුළාවී
නොනිමෙන ආසාවෙන්ම
නමුදු සොඳුර...

February 27, 2018

මගේ සිත්තරාවියේ...

සිහින් සුළං පොදක්
ගත දැවටෙන
හිමිදිරියේ
හද පොපියන
සුන්දර දසුනයි
මිහිරාවිය ...
නුඹ
ගතවෙන තත්පර එකිනෙක
ගනිමින් සිත්මල
විකසිතවන්නට අරාඳිනා
නොදකිනා මොහොතක්
ගෙනෙයි වේදනා
කොනිත්තමින්
හිමිහිට හිමිහිට
මටත් නොදැනෙන්න
මගේ සිත්තරාවියේ...

February 11, 2018

ඉංදියාවෙත් පැළයක් හිටෙව්වා

ගහක් හිටවනවා කියන්නේ ඇත්තටම හොඳ දෙයක්නේ.
ඉතිං මේ දවස්වල මං ඉන්නේ ඉන්දියාවේ හයිඩ්‍රබාඩ් කියන නගරේ. ඒකේ තියෙනවා ලෙමන් ට්‍රී (දෙහි ගහ) කියලා මහා විශාල හෝටලයක්. උන්ගේ තියෙනවා අපූරු ප්‍රතිපත්තියක්.
සෑම සෙනසුරාදාවකම එක පැලයක් හිටවන්න ඕනෑ තමන්ගේ හෝටලේ ගාඩන් එකේ.

මරුනේ!

ඉංදියාව පුරාම සාකා 43ක් තියෙනවාලු. ඒ හැම එකේම හැම සෙනසුරාදාම එක පැලය ගානේ හිටවනවා. ඒ කියන්නේ පැල 44 ක් එක සතියකට. අවුරුද්දකට පැල 2288 ක්! ලොකු ගාණක්...

මරුනේ!

ඒ පැලය හිටවන්නෙත් හෝටලේම එදාට ඉන්න ගෙස්ට් කෙනෙක්. පැලේ හිටවලා වතුර දාලා පින්තූරයක් අරගෙන පොඩි ෆන් එකක් ගන්න තියෙන්නේ. මේකෙන් ගෙස්ට උනත් පොඩි කික් එකක් තියෙනවනේ. ආයෙත් දවසක ආපුවාම තමන් හිටවාපු පැලේ දැක්කාම (තිබ්බොත්, මේක ඉංදියාවනේ... ඊළඟ සතියෙත් මෙතනමද දන්නේ නෑ පැලේ හිටවන්නේ... හිකෑස්... ) පොඩි කික්ස් එකක් එනවනේ..

ඉතිං මටත්  ඒ සත් ක්‍රියාවට සෙට් වෙන්න පුලුවන් උනා කියහන්කෝ. උදේට කාලා එහෙම ගිහින් හිටෙව්වා පැලේ. මේ තියෙන්නේ ඒ පැලේ දිනෙත් එක්කම. ර්‍ර්ට කලින් සතියේ මගේ ගජයා, කස්සා තමා වැඩේ කලේ. ඌත් මාත් එක්කම මේ හෝටලේනේ ඉන්නේ. මෙව්වා නම් පට්ටම සිරා වැඩ.

මුංගේ මේ වගේ අයිඩියා නම් අපි උස්සන්න ඕනෑ. මං කියන්නේ ඉඩම් තියෙන අපේ ගොයිලවත් මෙව්වා කරනවයැ. අපේ කොම්පැනි කාරයොවත්, ඉන්න මැති ඇමතිලාවත් මෙව්වට දිරි දෙනවද? ඉතින් අපි රටක් විදියට කොහොමද ඉස්සරහට යන්නේ.. මේ ගැනත් පොඩ්ඩක් හිතන්න කාලයක් මේක.

තව ටික කාලෙකින් ඉංදියාව ගොඩාක් ඉස්සරහට යන එක නම් ෂුවර්... 

ආ තව එකක් මේ පිංතූරේ ඉන්න හාදයා ආබාධිත කෙනෙක්. කන් ඇහෙන්නෙත් නෑ, කතා කරන්නත් බෑ. මේ හෝටලේ ඒ වගේ අය ගොඩාක් ඉන්නවා. ඒකත් මරු සීන් එක. ඒකට අපේ රටේ... ආඩම්බරේ බෑ....