February 27, 2018

මගේ සිත්තරාවියේ...

සිහින් සුළං පොදක්
ගත දැවටෙන
හිමිදිරියේ
හද පොපියන
සුන්දර දසුනයි
මිහිරාවිය ...
නුඹ
ගතවෙන තත්පර එකිනෙක
ගනිමින් සිත්මල
විකසිතවන්නට අරාඳිනා
නොදකිනා මොහොතක්
ගෙනෙයි වේදනා
කොනිත්තමින්
හිමිහිට හිමිහිට
මටත් නොදැනෙන්න
මගේ සිත්තරාවියේ...

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!