July 22, 2015

අංගීකාරය


නිමල් දවසක් සුනිල්ව මුණගැසීමට ගොසින් මෙසේ කියයි.

මචං මගේ පොඩි සම්බන්ධයක් තියෙනවා අර පල්ලියේ පාදිලියගේ ගෑණිත් එක්ක.ඒත් වැඩේ කියන්නේ පාදිලියා ගොඩාක් වෙලාවට ගෑණිත් එක්කමයි බං.
චිකේ බං... ඒක හරි නෑනේ
එහෙම එකක් නෑ බං. උඹට බැරිද පොඩි උදව්වක් කරන්න.
මොකක්ද කියපං. පුළුවන් නම් කරලා දෙන්නම්.
උඹට බැරිද ඉරිද හවසට පැයක් විතර ඌව කතාවට අල්ලගෙන ඉන්න?
අනේ මට බෑ බං.
අනේ මොකක්ද බං.. ප්ලීස්.. එක දවසක්... එකම එක දවසක්..
අනේ මංදා. එහෙනම් එක දවසයි...
එල මචං....


ඔන්න සුනිල් ඉරිදා හවස පල්ලියේදී පාදිලිතුමා එක්ක කතාවට සෙට් උනා. ඉතින් එතුමාව බිසී කරන්න මූ රටේ නැති දේවල් අහනවා. මුළදී වෙනසක් නොදැනුන පාදිලිතුමා හොඳට කතා කර කර හිටියා. එතුමාට තේරුණා මෙතැන මොකක් හරි අවුලක් කියලා. ඉතින් මෙහෙම ඇහුවා.


සුනිල් තව මොනවද දැන් ගන්න තියෙන්නේ. ඇත්තටම මොකද මෙච්චර දේවල් එකපාරටම අහන්න හිතුනේ.

සුනිල්ට ලැජ්ජා හිතුනා. සුනිල් ඇත්තම කිව්වා.

පාදිලිතුමා කතාව අහලා හිනා උනා. සුනිල්ට මාර අප්සෙට්. ඇයි කියලා අහපුවාම පාදිලිතුමා මෙහෙම කියලා පල්ලිය ඇතුළට ගියා.


මගේ නෝනා නැතිවෙලා දැනට අවුරුදු 2ක් වෙනවා සුනිල්....

19 comments:

  1. Replies
    1. එතකොට නිමල් යන්න ඇත්තේ කොහේ වෙන්න ඇත්ද?

      Delete
    2. ටියුබ් ලැයිට් නොවැ.දැන්නෙ වැටහුනෙ!

      Delete
  2. Replies
    1. එතකොට නිමල් යන්න ඇත්තේ කොහේ වෙන්න ඇත්ද?

      Delete
    2. ඕ... දැට්ස් ද රීසන්

      Delete
  3. හාහා... පට්ට‍යැ ...:D

    ReplyDelete
  4. සුනිල් පව්................. අනේ අහිංසකයා අහුවුණා..

    ReplyDelete
  5. හෙක් හෙක් බලන් ගියාම මා.ත් පස්ට ටියුබ් ලයිට් එකක් නෙව...පව් සුනිල
    ආයෙත් එන්නංකො

    ReplyDelete
  6. හයියෝ පවු අසරණ සුනිල

    ReplyDelete
  7. හොඳයි, හොඳයි දැනගත්තු එක​, පස්සේ කාලෙක​ උවමනා වෙන්න බැරි නෑ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!