January 4, 2013

ලිංගික අධ්‍යාපනය ගැන ළමුන් දැනුවත් කල යුතුය




 
මෙම විඩීයෝ පටය අප සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේය. අවුරුදු 6ත් 8ත් අතර කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග එක් වී කරන්නාවූ මෙම සංවාදය ලිංගිකත්වය යන්න කුමක්ද යන්න හා අපයෝජනය යන්න කුමක්ද යන්න ඉතා සරල බසින් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන කරුණු 3ක් ගැන සඳහන් වේ. 

1. ශරීරයේ කිසිවෙක් ස්පර්ශ නොකල යුතු ස්ථාන 3ක් වේ. එනම් පපුව, තට්ටම් හා  කකුල් අතර ප්‍රදේශය වේ. මේ කාරණාව ඔබේ දරුවාටත් තේරුම් කර දෙන්න

2. කිසිවෙක් මෙම ප්‍රදේශයන් ස්පර්ශ කලේ නම් වහාම කෑ ගහන්න. (මොකද කරන්නේ... එපා... ආදී වශයෙන් ඒ බව දරුවාට කියා දෙන්න)

3. වහාම ඔබේ විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙත දැනුම් දෙන්න. විශ්වාසවන්ත පුද්ගලයන් කවුරුද කියා අඳුන්වා දෙන්න. මව, පියා, ඔවුන් නොමැති අවස්ථාවේදී ඊළඟට විශ්වාසවන්ත පුද්ගලයා ආදී වශයෙන් කියා දෙන්න.

මෙම පාඩම ඔබේ දරුවා සමාජයේ සිදු වන අපයෝජනයන්ගෙන් බේරා ගනී. අදම මෙය අරඹන්න. වඩා වැඩදායි දරුවන් බිහි කරන්නට ඔබේ දරුවාට මේ පාඩම් කියාදී ඔබත් සහය දක්වන්න. 

15 comments:

  1. වැඩේ නම් වටිනවා. නමුත් තුන්වන ලෝකේ රටක් වෙච්ච අපිට මේ සියවසේදීවත් හරි හමන් ලිංගික අධ්‍යාපනයක් දෙනවනම් හොඳා. නමුත් අවුල තියෙන්නේ බට හිර රටවල් ඒ අයගේ සංස්කෘතිය හැම දේකින්ම පෝශනය කරගන්න කොට අපි තවම 1800 ගණන් වල තියෙන අර්ධ සිංහල ශ්‍රේශ්ට සංස්කෘතිය ගැන වරණනා කර කර කාලය නාස්ති කර කර ඉන්න එක. මේ ලින්ගික අධ්‍යාපනය හරි හැටි ඉගෙන්නුවේ නැත්තම් වෙන දේ ගැන පොස්ට් එකක් තියෙනවා බලන්න.

    ReplyDelete
  2. මගේ ඊළඟ පෝස්ට් එක මේක සම්බන්ධයෙන්.. විස්තරේ දිග වැඩි නිසා කොටස් දෙකකට කඩන්න සිද්ධ උනා... ( කොහොමත් මං වටේ යනවනේ මොනා හරි කියන්න ගියාම....)

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. අපි පුලුවන් තරම් මේ ගැන දැනුවත් කිරීම කරන්න ඕනෑ

      Delete
  3. පිරිමි ලමයකුගේ පපුවෙන් ඇල්ලුවත් වැරදිද?

    ReplyDelete
    Replies
    1. කොයි පපුවෙන්ද?

      Delete
  4. පාසල් අධ්‍යාපනයටත් මේදේ එකතු වෙනවනම් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. අනිවා කරන්න ඕනෑ. මේවා කියලා දෙන්නේ 11 වසරේදී නේද? ඒක පරක්කු වැඩියි මන් හිතන්නේ..

      Delete
  5. මුහුණුපොතෙන් ද මෙය බෙදා හදා ගන්නා බව දැක්කා.

    සිංහල උපසිරැසි සහිතව කියවන්න මෙතැනින් හැකියි:

    http://www.universalsubtitles.org/en/videos/l0rtTiCPhH3B/info/sex-education-for-your-children-must-share/

    ReplyDelete
    Replies
    1. එල එල. ඔය තියෙන්නේ මරුවට

      Delete
  6. ලංකාවෙ අම්මල තාත්තලටත් ලේසියෙන් ම ක්‍රියාවට නඟන්න පුළුවන් වැඩක්. ට්.වී එකේ ඔය නාට්‍ය පෙන්නන ටයිම් එකක් අතර තුරේ මේවගේ වීඩියෝ එකක් පෙන්නන්න පුළුවන්නම් ගොඩක් අම්මල තාත්තල බලයි...අටපට්ටම් අයියවත් මේක දැකල ඔය මෝඩ ආතල් අතරේ පෙන්නුවොත් හොඳා...

    ReplyDelete
    Replies
    1. ඕ මචන්... නිකන් මෝඩ ආතල් අස්සේන් මේ වගෙ වැදගත් පණිවුඩයක් යවන්න පුලුවන්නම් කොච්චර හොඳද? සින්හලෙන් හඬ කවලා බෙදන්න ඕනෑ

      Delete
  7. මේක කාලින අවශ්‍යතාවක්.... මේ ගැන දැනුවත් කිරීමක් නොවෙන්නෙ සංස්කෘතික සාධක මත...නමුත් යුගයේ අවශ්‍යතාවය මත කල යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔය ටික අපේ ලොක්කෝ තේරුම් ගන්නේ නැති එකනේ ප්‍රශ්ණේ මචන්

      Delete
  8. මේ වගේ දේවල් නගරවල ලමයිට විතරක් නෙමේ ඈත ගම් වල ඉන්න මිනිස්සුන්ට ත් දෙන්න ඔනේ.එක දෙක වසරේ ඉදන්ම මේක පටන් ගත්තොත් හොදයි

    ReplyDelete
  9. මෙවැනි අධ්‍යාපනයක් ළමුන්ට දීම අපේ රටේ කාලීන අවශ්‍යතාවයක්...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!